Hakan Yonat Archives - SinhalaSub https://sinhalasub.lk/director/hakan-yonat/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:29:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hakan Yonat Archives - SinhalaSub https://sinhalasub.lk/director/hakan-yonat/ 32 32 Sadece Sen (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sadece-sen-2014-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sadece-sen-2014-sinhala-subtitles/#respond Thu, 14 Sep 2023 13:38:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54083 Sadece Sen Sinhala Sub Sadece Sen Sinhala Subtitles Sadece Sen (2014) Sinhala Sub Sadece Sen (2014) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ආදරය ගැන නා නා ප්‍රකාර චිත්‍රපටි අපි බලල තියෙනවනෙ. සැබෑ ආදරයේ සංකේත වන කැපකිරීම, පරිත්‍යාගය ගැන කියවෙන, හදවතට වදින ( හරියටම කිව්වොත් බොක්කටම වදින ), ලස්සනම ලස්සන තුර්කි සලරුවක් තමයි අද ඔයාල වෙනුවෙන් අරගෙන […]

The post Sadece Sen (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sadece Sen Sinhala Sub
Sadece Sen Sinhala Subtitles
Sadece Sen (2014) Sinhala Sub
Sadece Sen (2014) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආදරය ගැන නා නා ප්‍රකාර චිත්‍රපටි අපි බලල තියෙනවනෙ. සැබෑ ආදරයේ සංකේත වන කැපකිරීම, පරිත්‍යාගය ගැන කියවෙන, හදවතට වදින ( හරියටම කිව්වොත් බොක්කටම වදින ), ලස්සනම ලස්සන තුර්කි සලරුවක් තමයි අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ. ඒ තමයි 2014 මාර්තු 14 දින මුලින්ම තුර්කියේදී තිරගත කිරීම ඇරැඹුණු Sadece Sen. ජාත්‍යන්තර ඉංග්‍රීසි පිටපත වුනේ Only You. භාෂාවත් තු ර් කි. 7.3/10 ක IMDb අගයකුත්, 75% ක Rotten Tomatoes අගයකුත් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. පැය 1 යි විනාඩි 45 ක ධාවන කාලයක් සහිත මෙය Action, Drama, Romance වර්ගයේ චිත්‍රපටයක්. දකුණු කොරියානු චිත්‍රපටයක් වුනු Always [2011] ඇසුරෙන් තමයි මේක නිපදවලා තියෙන්නෙ. ඒ වගේම 2016 නිකුත්වුනු Do lafzon ki kahani හින්දි චිත්‍රපටයත් මේකෙ රීමේක් එකක්. අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Hakan Yonat විසින්. රංගනයෙන් එකතු වෙනවා Belçim Bilgin (හසාල්) සහ Ibrahim Celikkol (අලි).

අලි හිටපු දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක්. බොහොම අඳුරු අතීතයකට හිමිකම් කියන ඔහු දැන් ඒ වැරදි වැඩ වලින් ඈත්වෙලා, තමන්ගෙ පාඩුවේ, සාමකාමී, බොහොම නිහඬ ජීවිතයක් ගත කරනවා. දවල්ට වතුර බෝතල් ඩිලිවරි කරන රෑට පාකින් ලොට් එකක වැඩ කරනවා. එතනදි ඔහුට හඳුනාගන්න ලැබෙනවා, හසාල් කියල අන්ධ තරුණියක්. හසාල්ගෙ අම්මා, තාත්තා මැරිලා. එයාට කාත් කවුරුවත් නෑ. මුලින් සුලුවෙන් පටන්ගන්න මේ දෙන්නගෙ ආශ්‍රය පසුව ආදරයක් බවට පත්වෙනවා. ආදරයේ හිරු කිරණ වැදී, අලිගෙ අඳුරු ජීවිතය යලි ආලෝකමත් වීගෙන එනකොට අලිට දැනගන්න ලැබෙනවා, හසාල්ගෙ ඇස් නොපෙනී යාමටත්, ඇගේ දෙමව්පියන්ගේ මරණ වලටත් හේතුවූ අනතුරට හේතුව තමා කියලා. තමන්ගෙන් වුනු වැරැද්ද තරමක් දුරට හෝ නිවැරදි කරන්න අලිට දැන් තියෙන්නෙ එක අවස්ථාවක් පමණයි. ඒ තමයි ඇගේ පෙනීම ලබා දීම. එම සැත්කමට අවශ්‍ය වන විශාල මුදල සොයාගැනීමට, ඔහුගේ අඳුරු ජීවිතයට නැවතත් පය තබන්න අලි තීරණය කරනවා. ඒ අනුව ඔහු මාරක, පාතාල සටන් වළල්ලට අවතීර්ණ වෙනවා. අලිගෙ අතීත ජීවිතය කෙසේ වීද? ඔහු පාතාලයෙන් පණ පිටින් එයිද? තමන්ගේ මේ අවාසනාවන්ත ජීවිතයට හේතුව අලි බව දැනගත්තම හසාල් මොනා කරාවිද? මේ ලස්සන තු ර් කි නිර්මාණය නරඹන්න ආරාධනා කරමින් නවතින්නම්. මේකෙ 18+ දර්ශනය නොමැති බවත් කියන්න ඕනෙ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sadece Sen (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sadece-sen-2014-sinhala-subtitles/feed/ 0