සුභ දවසක් ඔයාල හැමෝටම
ඔන්න ඉතින් හිමින් හිමින් සබ් ගහලා 150 කඩයිමටත් ආව එහෙනම්.. ඉතින් මේ වෙනකම් මගෙත් එක්ක හිටපු අයව මතක් නොකර බෑනේ.. විශේෂයෙන්ම, ඕන දේකට මට පණ උනත් දෙන්න ඉන්න සමිත අයියා, උචිනි අක්කා, ඉඳුවර මල්ලි, රොෂේන් සහෝදරයා, කවිෂ්ක සහෝදරයා ගොඩක් ආදරෙන් මතක් කරනවා.. ආදරෙයි මගෙ උන් ටිකට ඒවගේම පීටර් අයියා සහ අශේන් අයියාවත් මතක් නොකරම බෑ.. ස්තුතියි ඔයාලටත්
ඒවගේම සිනෙරූ පවුලේ සියළුම දෙනාවත් ආදරෙන් මතක් කරනවා.. එතකොට හැමදාම කමෙන්ට් එකකින් ඩවුන්ලෝඩ් එකකින් මාව දිරිමත් කරන ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි.. ආදරෙයි
KINGDOM (2025) “ යුද්ධයක ආරම්භය ”
2025 ජූලි 31 වෙනිදා ලොව පුරා තිරගත වීම ඇරබුණු මේ චිත්‍රපටය තෙළිගු භාෂාව මූලික කරගෙන නිකුත් වූවක්.. මේක අයත් වෙන්නෙ Action Spy Thriller කියන ශානරයට.. මේ ෆිල්ම් එක ගැන අපේ ලංකාවේ නම් ගොඩක් දෙනෙක් කලින්ම දැනගත්තා.. මොකද මේ චිත්‍රපටයේ බොහොමයක් සිදුවීම් රූපගත කරේ ලංකාවේ බෝගම්බර බන්ධනාගරය, ගාලු කොටුව, වික්ටෝරියා ඩෑම් එක වගේ සුන්දර ස්ථාන ආශ්‍රිතව.. ඉතින් ඔයාලට අපේ රටේ සුන්දරත්වයත් තෙළිගු අධ්‍යක්ෂකවරයෙක්ගෙ කෝණයෙන් දැක ගන්න පුළුවන් මේකෙන්… ඇත්තටම ශ්‍රී ලංකා යුධ හමුදාව සම්බන්ද කොටස් පෙන්නද්දී නම් මාර ගැම්මක් ආවේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නෙ Vijay Deverakonda විසින්.. කොල්ලගේ ඇක්ටින් සුපිරි මට්ටමේ තිබ්බ.. කාලෙකින් පොරගෙ හොද ඇක්ෂන් ටිකක් දැක්ක
ඒවගේම මේකෙ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් අය ආදරේ කරන Anirudh Ravichander විසින්..
අධ්‍යක්ෂණය සහ රචනය – Gowtam Tinnanuri
ධාවන කාලය – මිනිත්තු 160
භාෂාව – තෙලුගු
රංගනය
Vijay Deverakonda සූරී ලෙසින්
Satyadev සිවා ලෙසින්
Bhagyashri Borse ඩොක්ටර් මධු ලෙසින්
කතාව පැත්තට ගියොත්,
සූරී කියන්නෙ ඉන්දියාවේ සාමන්‍ය පොලිස් කොස්තාපල් වරයෙක්.. මෙයා තමන්ගේ පොඩි කාලේ අතුරුදහන් වෙච්ච අයියව හොයන ගමන් ඉන්නේ.. සූරී පොලිස් නිලධාරියෙක් එක්ක දාගන්න එක්තරා ප්‍රශ්නයක් නිසා මෙයාව හයිලයිට් වෙන්න ගන්නවා.. ඊටපස්සේ පොලිසියේ ඉහළ නිලධාරියෙක් සුරිගේ ගෙ අයියව සූරිට මුණගස්වන පොරොන්දුව පිට, සූරිව ලොකු මෙහෙයුමකට බඳවා ගන්නවා.. හැබැයි මෙහෙයුම තියෙන්නේ ඉන්දියාවේ නෙවෙයි.. ලංකාවේ.. ඉතින් කොල්ලා ලංකාවට එනවා.. ලංකාවේ ඩිවී කියන දුපතේ, එක්තරා ගෝත්‍රික මිනිස්සු වගයක්ව ප්‍රාණ ඇපේට වගේ තියගන ඉන්නව යාපනේ ඉන්න බලවත්තු පිරිසක් විසින්.. මෙයාල කරන්නේ ඒ මිනිස්සු ලව්වා මුහුද මගින් හොර ජාවාරම් කරවන එක.. ඉතින් සූරීව යවන්නේ මේවා අල්ලගන්න.. ඉතින් එතනදී තමයි සූරි දැනගන්නේ මේ ගෝත්‍රික පිරිසේ නායකයා විදියට ඉන්නේ සූරිගේ අයියා කියලා..
ඔන්න ඔතනින් තමයි මේ ෆිලුම පටන් ගන්නෙ.. මරු Climax එකක් තියෙනවා මේකෙ
මේ ටයිප් ෆිල්ම් වලට ආස අය බලන්න ගිහින් එන්නම්
හැමෝටම ජය
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Jersey (2022) Sinhala Subtitles
]]>සුභ දවසක් හැමෝටම!!
” ඔබේ සිහිනය හඹායන්න
කෙතරම් කටුක වුවත්..
කෙතරම් බාධා මැද වුවත්..
සමහරුන් අවලාද නගාවි..
සමහරුන් ඔබව ප්‍රතික්ෂේප කරාවි..
ඒත් අත්නොහරින්න..
හඹායන්න ඔබේ සිහිනය
ඔබ තවත් ප්‍රමාද නැත “
ක්‍රිකට්..අපි පුංචි කාලෙ ඉදම්ම මේ වෙනකම්ම අත්නොහැරපු ක්‍රීඩාවක්.මැච් බලන එකයි ක්‍රිකට් ගහන එකයි නොකරන කොල්ලෙක් හොයා ගන්න එකනම් අද කාලෙ දුර්ලභ දෙයක්.ඒ තරමටම ක්‍රිකට් අපේ ජීවිතේට ලං වෙලා.
සමහර අය ඉන්නව ක්‍රිකට් තමන්ගෙ ජීවිතේ අරමුණ කරගෙන.ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක , ඒ හරහා දිගුගමනක් ඇවිත් ජාතික කණ්ඩායම නියෝජනය කරන එක, මේ දේවල් ලේසි නෑ.. ලොකු කට්ටක් කන්න ඕනි වගේම දේශපාලන බලපෑම්, සල්ලි බලය වගේ දේවල් වල මැදිහත් වීම් එක්ක දක්ෂතාවයට තැනක් නැති වී තිබීමත් මහත් ව්‍යසනයක්.
හිතන්න..නොයෙකුත් අපහසුතා එක්ක,පවුලෙන් වෙන බලපෑම් එක්ක යම් අවස්ථාවක් ඒවි ක්‍රිකට් සිහිනය අතරමග නවතන්න වෙන..ඒත් ප්‍රකෘති මානසිකත්වයකින් ජීවත් විය හැකිද ?..
හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු… 2019 අවුරුද්දේ අප්‍රේල් 19 වෙනිදායින් තිරගත කිරීම ආරම්භ කල මේ තෙලිඟු සලරුව ඉතා සාර්ථක අන්දමින් ලොවපුරා තිරගත වුනා.ඒ වගේම Blockbuster වුනු ෆිල්ම් එකක් විදියට 2019 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට අතුරින් දකුණු ඉන්දියාවේ ඉහළම Box Office ආදායමක් ලබා ගත් චිත්‍රපට අතර 10 වන ස්ථානයේත් මේ වන විට පසු වෙනවා.
සාමාන්‍යයෙන් තෙලිඟු සිනමාපටයකට ලේසියෙන් නොලැබෙන විදියෙ 8.5/10 ක IMDB අගයකුත් මේ සඳහා හිමි වී තිබෙනවා.Drama / Sport වර්ගයට අයත් මේ චිත්‍රපටය Gowtam Tinnanuri ගේ අධ්‍යක්ෂණයක්..ඒ වගේම Anirudh Ravichanderගේ සංගීතයෙන්..Suresh Naga Vamshi ගේ නිශ්පාදනයෙන් නිම වී තිබෙනවා.
චිත්‍රපටයේ රංගනදායකත්වයන් ගැන කතා කලොත් ප්‍රධාන නලුවාගේ කාර්යභාරය ඉටු කරන්නේ තෙලිඟු සිනමාවේ Natural Star ලෙසින් හඳුන්වන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම විශිෂ්ඨ ගනයේ රංගන කුසලතාවයකට හිමිකම් කියන Nani විසින්.ප්‍රධාන නිලිය ලෙසින් එක් වන්නේ තෙලිඟු සිනමාවට තවමත් කෝඩුකාර වගේම පලමු වතාවට ප්‍රධාන නිලියක් ලෙසින් තෙලිඟු සිනමාවට එක්වන හුරුබුහුටි හැඩකාරිය Shraddha Srinath විසින්..මීට අමතරව Sathyaraj,Sampath Raj වගේ අපට නිතර හමුවන නලු නිලියන් රැසක් මීට එක් වී තිබෙනවා..
ඉතින් නානිගෙ ලොකු රසිකයෙක් විදියට මම මෙහි නානිගෙ රංගනය ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි..මේ චිත්‍රපටය තිරගත වුනු දිනයේම ඔයාල දකින්න ඇති තෙලිඟු සිනමාවේ තවත් සුපිරි නලිවෙක් වෙන අල්ලු අර්ජුන් පවා සමාජ ජාල හරහා නානිගේ රංගනය පැසසුමට ලක් කරල තිබ්බා.විජේ දේවරකොන්ඩා වගේ නැගී එන නලුවො ඇතුලු ගොඩක් අය මේ ගැන සඳහන් කරල තිබ්බා..ඉතින් මාත් දකින විදියට නානිගෙ වෙනස්ම වගේම රංගනදිවියේ හොඳම රංගනය මේ චිත්‍රපටය හරහා ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි.
හරි මං පොඩ්ඩක් මතක් කරන්නම් කතාව ගැන..කතාව පටන් ගන්නකොටම තරුණයෙක් පොත් සාප්පුවකට ගිහින් ” jersey ” විදියට නම සඳහන් පොතක් ගන්නවා..එතකොට ඒ පොතම ගන්න එන ගෑනු ලමයෙක්ට ඒ පොත ගන්න බැරි වෙනවා..මොකද අර තරුණයා අරන් තිබ්බේ අවසාන කොපිය නිසා..ඒත් කොහොමහරි එයා ඒ ගෑනු ලමයට පොත දීල කියනවා ඒ පොතේ සඳහන් වෙන්නේ
තමන්ගෙ තාත්තා ගැන කියලා..එතනින් මේ කතාව අතීතයට දිව යනවා..
අර්ජුන්..රංජි කුසලාන ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය කලඹපු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක්..
මෙතැන් පටන් ඔහුගේ කතාව බලන්න ඔබට අවසරයි..
ඉතින් මං උඩදි කියපු කරුණු කොහොමද මේ කතාවට ගැලපෙන්නේ කියනවනම් අර්ජුන් හඹා යන ක්‍රිකට් සිහිනයත් මල් පලසකින් යන ගමනක් නෙමෙයි..ඒත් ජීවිතේ හීන හඹා යන්න ඔබට ඔහු කියාදෙවි.
එහෙනම් ආරාධනා කරනවා හැමෝටම අනිවාරෙන්ම නරඹන්න මේ තෙලිඟු සලරුවත් ඔබට එය බොහො පාඩම් කියාදේවි…
ගිහින් එන්නම් එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවනතුරු ඔබට ජය
ප්‍රමාද නැත
හඹා යන්න ඔබේ සිහිනය
~ ජයගන්න ජීවිතය..ජයගන්න ලෝකය ~
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න