Gene Stupnitsky Archives - SinhalaSub https://sinhalasub.lk/director/gene-stupnitsky/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 20 Aug 2023 09:34:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Gene Stupnitsky Archives - SinhalaSub https://sinhalasub.lk/director/gene-stupnitsky/ 32 32 No Hard Feelings (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/no-hard-feelings-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/no-hard-feelings-2023-sinhala-subtitles/#respond Wed, 16 Aug 2023 15:29:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50900 No Hard Feelings Sinhala Sub No Hard Feelings Sinhala Subtitles No Hard Feelings (2023) Sinhala Sub No Hard Feelings (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් එනකල් නොයිවසිල්ලෙක් බලාගෙන හිටපු ජෙනිෆර් ලෝරන්ස්ගේ අළුත්ම ෆිල්ම් එක, No Hard Feelings. ජෙනිෆර් ලෝරන්ස් කිව්වහම නොදන්න කෙනෙක් නෑනෙ, ඔව් එයා තමයි The Hunger […]

The post No Hard Feelings (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
No Hard Feelings Sinhala Sub
No Hard Feelings Sinhala Subtitles
No Hard Feelings (2023) Sinhala Sub
No Hard Feelings (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් එනකල් නොයිවසිල්ලෙක් බලාගෙන හිටපු ජෙනිෆර් ලෝරන්ස්ගේ අළුත්ම ෆිල්ම් එක, No Hard Feelings. ජෙනිෆර් ලෝරන්ස් කිව්වහම නොදන්න කෙනෙක් නෑනෙ, ඔව් එයා තමයි The Hunger Games (2012), Red Sparrow (2018), Passengers (2016), Mother!(2017) වගේ සෑහෙන්න ජනප්‍රියට පත් චිත්‍රපට වල රඟපෑවේ. ඒ වගේම තමයි මේකත් කොමඩි ෆිල්ම් බලන්න ආස කවුරු හරි ඉන්නවා නම් අනිවා බැලුවට පාඩුවක් නම් වෙන්නෑ. මේක අධ්‍යක්ශනය කරන්නේ Good Boys (2019) ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරපු Gene Stupnitsky විසින්. මේ ෆිල්ම් එක තියටර් වලට නිකුත් වුණේ ජූනි 23 වෙනිදා Sony Pictures ආයතනය හරහා. ෆිල්ම් එක නිශ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 45 වැය වෙලා තියෙනව වගේම ඇමරිකානු ඩොලර් මිලියන 85 මේ ෆිල්ම් එකෙන් උපය ගන්න හැකි වෙලා තියෙනවා. තව මේකට රංගනයෙන් දායක වෙනවා Andrew Barth Feldman/ Laura Benanti/ Natalie Morales/ Matthew Broderick/ Ebon Moss-Bachrach වැනි අය.

චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත්, මැඩී කියන්නෙ සල්ලි අමාරුකම් මැද අමාරුවෙන් ජීවත් වෙන සෙල්ලක්කාර චරිතයක්. එයාට තමන්ගෙ දේපල බදු ගෙවාගන්න බැරි වුණ නිසා ඒකට හිලව් වෙන්න නිළධාරියෙක් ඇවිත් එයාගෙ කාර් එක අරන් යනවා. මැඩී රස්සාව විදිහට කලේ ඌබර් ඩ්‍රයිවින් දැං කාර් එකක් නැතුව ඒකත් කරගන්න විදිහක් නැති වෙනවා. ඉතිං දැං මැඩී තමන්ගෙ ගෙදර බේරගන්න බදු ගෙවන්න ඕන නිසා කාර් එකක් හොය හොයා ඉද්දි දැන්වීමක් දකිනවා, සල්ලිකාර ගෙදරක දෙමව්පියෝ දෙන්නෙක් තමන්ගෙ ලැජ්ජශීලී පුතාගෙ ලැජ්ජාව නැති කරලා එයාගෙ හිත ධෛර්‍යමත් කරන්න කෙල්ලෙක්ව හොයනවා ඒ වෙනුවට ඔවුන් ඒ කෙල්ලට කාර් එකක් නොමිලේ දෙනව කියලා. හැබැයි වැඩේ කියන්නෙ කොල්ලට වයස 19 මැඩීට වයස 32යි. ඉතිං දෙමව්පියෝ කැමති වෙයිද මැඩීට මේ වැඩේ බාරදෙන්න? මැඩීට හැකිවෙයිද ඒ වගේ වයසක් තියාගෙන ඒ කොල්ලට ලං වෙන්න? ඒවා දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා, මැඩීගෙ මේ සෙල්ලක්කාර වැඩ නිසා කොච්චර ප්‍රශ්න ඇතිවෙනවද කියලා දැනගන්න.

එහෙනම් මෙතන ඉඳං ෆිල්ම් එක බලන එක ඔයාලට බාරයි, තව එකක් මේක අවුරුදු 18 වැඩි කට්ටියට විතරයි බලන්න කියලා නිර්දේශ කරන්නේ. මොකද මේකෙ නිරුවත් දර්ශන අඩංගු වෙන නිසා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Bimsara Yashan (ඔලිව) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post No Hard Feelings (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/no-hard-feelings-2023-sinhala-subtitles/feed/ 0