Elizabeth Banks Archives - SinhalaSub https://sinhalasub.lk/director/elizabeth-banks/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Aug 2023 09:31:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Elizabeth Banks Archives - SinhalaSub https://sinhalasub.lk/director/elizabeth-banks/ 32 32 Charlie’s Angels (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/charlies-angels-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/charlies-angels-2019-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 09:31:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51393 Charlie’s Angels Sinhala Sub Charlie’s Angels Sinhala Subtitles Charlie’s Angels (2019) Sinhala Sub Charlie’s Angels (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ චිත්‍රපටය තමයි Charlie’s Angels (2019). සුප්‍රකට චාලිගේ සුරදූතිකාවන්ගේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම විදියටයි මෙය තිරගත වෙන්නේ. මීට පෙර Charlie’s Angels (2000), Charlie’s Angels: Full Throttle (2003) නමින් චිත්‍රපට දෙකක් තිරගත වී තිබෙනවා ඔබට […]

The post Charlie’s Angels (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Charlie’s Angels Sinhala Sub
Charlie’s Angels Sinhala Subtitles
Charlie’s Angels (2019) Sinhala Sub
Charlie’s Angels (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ චිත්‍රපටය තමයි Charlie’s Angels (2019). සුප්‍රකට චාලිගේ සුරදූතිකාවන්ගේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම විදියටයි මෙය තිරගත වෙන්නේ. මීට පෙර Charlie’s Angels (2000), Charlie’s Angels: Full Throttle (2003) නමින් චිත්‍රපට දෙකක් තිරගත වී තිබෙනවා ඔබට මතක ඇති. ක්‍රියාදාම සහ කොමඩි කියන කාණ්ඩ යටතට වැටෙන මෙය තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ Elizabeth Banks. චිත්‍රපටය සඳහා ප්‍රධාන වශයෙන් රංගන දායකත්වය සපයන්නේ සුප්‍රකට Twilight චිත්‍රපටමාලාවේ බෙලාගේ චරිතයට දායකත්වය සැපයූ Kristen Stewart, ඊට අමතරව ඇලඩින් චිත්‍රපටයෙන් අප හඳුනන Naomi Scott ඒ වගේම Ella Balinska, Elizabeth Banks, Djimon Hounsou, Sam Claflin, Patrick Stewart යන සිනමා තරු. ඒ වගේම චිත්‍රපටයේ ඇති ලස්සන ගීත කීපයක් සඳහා Ariana Grande, Mieley Cyrus, Lana Del Rey සහභාගී වෙලා තියෙනවා. 2019 නොවැම්බර් 15 එක්සත් ජනපදයේදී තිරගත වීම ආරම්භ කළ මෙය ලොව පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 71 ක ආදායමක් ලබාගෙන තියෙනවා. විචාරකයින්ගෙන් හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා. ගොඩක්ම ඉතින් ස්ත්‍රීවාදය පෙන්නුම්කරනවා කියලා තමයි බැනුම් අහලා තියෙන්නේ.

කතාව දිහාට හැරුනොත්, ආරම්භ වෙන්නේ ජොනී කියන මංකොල්ලකාරයත් එක්ක මුකුළු කරන සුරදූතිකාවකගේ ජවනිකාවකින්. වෙන මොකටවත් නෙවෙයි මංකොල්ලකාරයාව අල්ලගන්න. මේ සුරදූතිකාවන් විශේෂ පුහුණුවක් ලැබූ නියෝජිතවරියන්. වැඩකරන්නේ ටවුන්සෙන්ඩ් කියලා පුද්ගලික රහස්පරීක්ෂක ආයතනයකට. මෙයාලව මෙහෙයවන්නේ චාලී. මේ සුරදූතිකාවන් චාලිව දැකලා නැහැ. මෙයාලා වැඩ කරන්නේ බොස්ලී කියන නිළය දරන අය යටතේ. ඉතින් මේ බොස්ලිලා සෑහෙන පිරිසක් චාලි යටතේ වැඩ කරනවා.

බලශක්තිය සම්බන්ධව පර්යේෂණ කරන ආයතනයක් කැලිස්ටෝ නමින් උපකරණයක් නිපදනවා. මේකෙන් කරන්නේ විද්‍යුත් චුම්භක බලය පාවිච්චි කරලා පිරිසිදු බලශක්තිය නිපදවීමක්. ඒක බලශක්තිය සම්බන්ධව ලෝකයේ පෙරළියක් කරන්න පුළුවන් උපකරණයක් කියලා තමයි කියන්නේ. මේ උපකරණය නිර්මාණය කරපු ප්‍රධාන ඉංජිනේරුවරිය තමයි එලේනා හාෆ්ලින්. එයාට තේරෙනවා මේ උපකරණයේ දෝෂයක් තියෙනවා කියලා. ඉතින් එයා මේ ගැන ආයතනයේ ඉහළට දැනුම් දෙන්න උත්සහ කලත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මෙයාගේ වාර්තාවත් යට ගහලා. ඉතින් අහම්බෙන් වගේ හම්බෙන් ටවුන්සෙන්ඩ් ඒජන්සියේ සම්බන්ධතාවයක් හරහා, මෙයා මේ ගැන ලොවට එළි කරන්නයි සූදානම් වෙන්නේ. ඒත් මේ උපකරණය ආයුධයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් නිසා අපරාධකාරයින්ට අවශ්‍ය වෙනවා එලේනාව මරලා දාන්න. එලේනවත් බේරගෙන මේ උපකරණය තමන් අතට ගන්න තමයි සුරදූතිකාවන් උත්සහ කරන්නේ. බලමු එයලාට ඒක කරන්න පුළුවන්ද කියලා. මේ අපරාධකාරයින් ඇත්තටම කවුද?. කතාව පටන්ගද්දි අල්ලගත්ත මංකොල්ලකාර ජොනී කවුද. මේ බොස්ලිලා විශ්වාස කරන්න පුළුවන්ද? කවුද චාලි කියන්නේ. එලේනාගේ ජීවිතේ බේරෙයිද? මේ හැම එකකටම උත්තර ලැබෙයි චිත්‍රපටය නැරඹුවාම. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න. ඒ වගේම අදහස් කමෙන්ට් කරන්නත්…

Charlie’s Angels (2000)

Charlie’s Angels: Full Throttle (2003)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Charlie’s Angels (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/charlies-angels-2019-sinhala-subtitles/feed/ 0
Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/cocaine-bear-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/cocaine-bear-2023-sinhala-subtitles/#respond Sat, 18 Mar 2023 00:10:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38071 Cocaine Bear Sinhala Sub Cocaine Bear Sinhala Subtitles Cocaine Bear (2023) Sinhala Sub Cocaine Bear (2023) Sinhala Subtitles

The post Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Cocaine Bear Sinhala Sub
Cocaine Bear Sinhala Subtitles
Cocaine Bear (2023) Sinhala Sub
Cocaine Bear (2023) Sinhala Subtitles

The post Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/cocaine-bear-2023-sinhala-subtitles/feed/ 0