අරුල් කියන්නෙ නීඩාමංගලම් වල ජීවත් වෙන තරුණයෙක්.. නෑදෑයෝ එක්ක ඇති වෙන ප්‍රශ්නයක් නිසා එයාගෙ පවුලේ හැමෝටම ගෙදර දාල මැඩ්රාස් වලට යන්න වෙනවා..හරියටම අවුරුදු 22කට පස්සේ අරුලගේ ඥාති සහෝදරියගේ කසාදෙට එයාට එන්න වෙනවා.. හැබැයි එයා එන්නෙත් පොඩ්ඩක් අකමැත්තෙන්.. ඔතනදි අරුල්ට මුණගැහෙනව අරුල් එක්ක ඉස්සර ඉදන්ම එකට හිටපු අරුල්ව හොදටම දන්න කෙනෙක්… හැබැයි අරුල්ට නම් එයාව පොඩ්ඩක් වත් මතක නෑ අනික අරුල් මෙයාට කැමතිත් නෑ…හැබැයි මේ පුද්ගලයා හිතන්නේඅරුල් එයාව අදුනනව කියලා.. ඔහොම ගිහින් හදිස්සියේ අරුල්ට සිද්ද වෙනවා මේ අමුත්තගේ ගෙදර රෑ නවතින්න.. අරුල් පස්සේ තේරුම් ගන්නවා මේ පුද්ගලයා හොද කෙනෙක් කියලා.. හැබැයි ඉතින් එයාව මතක නැති එකට අරුල්ට හොදටම අවුල් යනවා.. ඔතනින් තමයි මේ ලස්සන ෆිලුම පටන් ගන්නේ..
චුට්ටක් ඉවසීමෙන් නිදහසේ ලොකු බර ස්ටෝරි නැති ෆිල්ම් බලන්න ආස අයට නම් රජ භාණ්ඩයක් මේක..ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මේ ලස්සන ෆිලුම බලන්න කියලා
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
96, 2018 දී අපි කවුරුත් ආසාවෙන් බලපු චිත්‍රපටයක්. ඔන්න ඉතින් ඒ චිත්‍රපටයම චිත්‍රපට අධ්‍යක්ෂක C. Prem Kumar මහතා විසින්ම නැවතත් තෙලිඟු රීමේක් එකක් විදිහට ඉදිරිපත් කෙරෙනව. පාසල් ප්‍රේමයක අරුම පුදුම මතකයන් රැසක් එක් වුනු ලස්සන ෆිලුමක්.
“K රාමචන්ද්‍රා කියල කොල්ලෙක්එ
ලියෙ ඔයාව මුනගැහෙන්න ඇවිත් ඉන්නව.”
ඒ මොහොතෙන් පස්සෙ සිදුවුනු දේවල්,
කාලයක් තිස්සෙ මගේ ජීවිතේට
වෙන්න ඕන කියල හිතපු දේවල්ම තමයි.
මගේ රාම් මාව හොයාගෙන ඇවිත් තියනව.
ඒ මොහොතෙ මගේ ජීවිතේ වෙනස් වුනා.
“K. රාමචන්ද්‍රා.”
මට අඩියක් තියාගන්න බැරිවුනා.
ඒ නම ඇහුව ගමන්
මගේ ඇඟම පන නැතිවුනා වගේ.
එක පාරක් බැලුවද? දෙවනි පාරත් බැලුවද? තුන්වෙනි පාරත් බැලුවද? කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති පාසල් කාලයේ මතක නැවත සිහියට නැගෙන ලස්සන රූප පෙලකින් මිනිත්තු 151ක් පුරාවට අඬමින් හිනාවෙමින් නරඹන්න. රීමේක් කිව්වම කවුරුත් හිතනවනෙ අයියො බැලුවනෙ කියල ඒත් තෙලිඟුවෙන් බලද්දි වෙනම අත්දැකීමක් තියෙයි. එහෙනම් ඔයාලම බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න