Alisa Fredericks Archives - SinhalaSub https://sinhalasub.lk/director/alisa-fredericks/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 03 Nov 2024 05:07:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Alisa Fredericks Archives - SinhalaSub https://sinhalasub.lk/director/alisa-fredericks/ 32 32 Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/caddo-lake-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/caddo-lake-2024-sinhala-subtitles/#respond Sun, 03 Nov 2024 03:04:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80041 Caddo Lake Sinhala Sub Caddo Lake Sinhala Subtitles Caddo Lake (2024) Sinhala Sub Caddo Lake (2024) Sinhala Subtitles ඇමෙරිකාවෙ ටෙක්සාස් සහ ලුයීසියානා ප්‍රාන්ත මායිම් අතර පිහිටි වර්ග කිලෝමීටර් 102.8 ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කැඩෝ විල පසුබිම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් මේ කැඩෝ විලේ යම් යම් අමුතු දේවල් වෙනවා. එක ළමයෙක් ඉස්කෝලෙදි […]

The post Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Caddo Lake Sinhala Sub
Caddo Lake Sinhala Subtitles
Caddo Lake (2024) Sinhala Sub
Caddo Lake (2024) Sinhala Subtitles

ඇමෙරිකාවෙ ටෙක්සාස් සහ ලුයීසියානා ප්‍රාන්ත මායිම් අතර පිහිටි වර්ග කිලෝමීටර් 102.8 ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කැඩෝ විල පසුබිම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් මේ කැඩෝ විලේ යම් යම් අමුතු දේවල් වෙනවා. එක ළමයෙක් ඉස්කෝලෙදි කියනවා එයා විලේ වෘකයන් දැක්ක කියල. නමුත් ටීචර් කියනවා ඒක කීයටවත් වෙන්න බෑ, මොකද දැන් ඒ පළාතේ වෘකයෝ ජීවත් වෙන්නෙ නෑ කියලා. කතාවෙ ප්‍රධාන චරිතය වෙන එලීගේ මිතුරිය, ක්ලෙයාර් කියනවා එයාටත් වෙලාවකට විලෙන් අමුතු සද්ද ඇහෙනවා කියලා. එලීගේ නංගි ඇනා බෙකට් විලෙන් අහුලන් එනවා විශාල සලබයන් වගයක්. වැඩිහිටියො කියන්නෙ උන් දැන් නෑ, වඳ වෙලා ගිහින් කියලා. මේ අතරෙ තමයි විල අසබඩ ජීවත්වෙන අවුරුදු 8 ක් වයසැති ඇනා බෙනට් කැඩෝ විලේදි අතුරුදහන් වෙන්නෙ. එහෙම හිතන්නෙ ඒ සමගම ඔවුන්ගෙ ඩිංගි බෝට්ටුවත් නැතිවෙලා හින්දා. ඇය කලිනුත් එක පාරක් බෝට්ටුවෙන් විලට ගිහින් තියෙනවා. කොහොම වුනත් අක්කර 26810 ක විශාලත්වයකින් යුතු, අතු දිය පාරවල් සහ දූපත් රාශියකින් සමන්විත කැඩෝ විලේ ඇයව සෙවීම ලේසි පහසු වැඩක් නෙමේ. ඇත්තටම ඇයට මොකද වුනේ? මීට වඩා නම් කියන්න යන්නෑ රජෝ! කැඩෝ විලේ මම අතරමන් වුනා වගේ ඔයාලත් අතරමන් නොවුනොත් ෆිල්ම් එකෙන් වැඩක් නෑ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ, ආවාට ගියාට නම් මේ චිත්‍රපටය බලන්න එපා. වෙන්නෙ මොකද ඔයාලට හිතාගන්න බැරිවෙයි. සියලු වැඩ අත්හැර බලන්න. නැත්නම් ඔට්ටුයි ඔයාලට රිවයින්ඩ් කරලා නැවත බලන්න වෙනවා.

සිතුම් සහෝදරයා මට දාපු කමෙන්ට් එකක් නිසා තමයි මමත් මේක ඉක්මනට බැලුවෙ. බලපුවාම ෆිලුම පට්ට. ඉතින් ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක්වත්, අසභ්‍ය වචනයක්වත් නෑ. පවුලේ සියලු දෙනාට එකට ඉඳන් බලන්න පුලුවන්.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/caddo-lake-2024-sinhala-subtitles/feed/ 0
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/are-you-there-god-its-me-margaret-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/are-you-there-god-its-me-margaret-2023-sinhala-subtitles/#respond Fri, 30 Jun 2023 00:55:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42454 Are You There God? It’s Me, Margaret. Sinhala Sub Are You There God? It’s Me, Margaret. Sinhala Subtitles Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Sub Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles මම අද අරගෙන ආවේ, ඇමරිකාවේ ජනප්‍රිය නවකතාවක් ඇසු‍රෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මුලින්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටියේ […]

The post Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Are You There God? It’s Me, Margaret. Sinhala Sub
Are You There God? It’s Me, Margaret. Sinhala Subtitles
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Sub
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles

මම අද අරගෙන ආවේ, ඇමරිකාවේ ජනප්‍රිය නවකතාවක් ඇසු‍රෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මුලින්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටියේ එක අරමුණක් තමයි කාන්තා ලිංගික අධ්‍යාපනය. ඒ කියන්නේ කුණුහරුප නෙමෙයි. වැඩිවියට පා තබන ගැහැණු දරුවන්ගේ ශරීර‍යේ සිදුවෙන වෙනස් කම්, එයාලාට දැනෙන විදිය මේ චිත්‍රපටියෙන් කතා ‍කෙරෙනවා. අපේ රටේ ති‍‍යෙන සංස්කෘතිය හෝ වෙන සමාජ කතිකාවත් නිසා, මේවා ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්නේ නෑ. හැබැයි, ඒක කතා කළ යුතු මාතෘකාවක් කියන එකයි ම‍ගේ මතය. මේ චිත්‍රපටිය, ඒ ගැන ඉතා සංය‍මයෙන් කතා ‍කරනවා.

අනිත් එක තමයි ආගම. දරු‍වෙක්ට තමන්‍‍ගේ ආගම තෝරගන්න නිදහස ගැනත් ‍මේ චිත්‍රපටියේ කතා කෙ‍රෙනවා. ඒවාත් අපේ සමහර අයට ඇලජික් නිසා, දැනගෙන බලන්න.

මේ චිත්‍රපටිය නිර්මාණය ‍වෙන්නේ 1970 දී Judy Blume රචනා කරන ලද Are You There God? It’s Me, Margaret. නම් නවකතාව පදනම් කරගෙන. මේ පොතත් ඉතා විශේෂ එකක්. මේ පොත 1970 ඉඳලා අද දක්වා එක දිගට මුද්‍රණය වෙන එකක්. අදටත් එහි ජනප්‍රියත්වය නොනැසී පවතිනවා. ඒ නිසා, ඒ නමින්ම චිත්‍රපටියත් නම් කරන්න, හැමෝම තීරනය කරලා ති‍යෙනවා.

චිත්‍රපටියේ තිර පිටපත ඉහත කියපු පොත ඇසුරෙන් නිර්මාණය කරලා, අධ්‍යක්ෂණය කලේ Kelly Fremon Craig. ලොව පුරා බෙදාහැරීම භාර අරගෙන තියෙන්නේ Lionsgate සමාගම. රඟපෑමෙන් දායක ‍වෙනවා Abby Ryder Fortson (මාග්‍රට්), Rachel McAdams (බාබරා), Elle Graham (නැන්සි), Kathy Bates (සිල්වියා) ඇතුළු පිරිසක්. මේකෙදී වි‍ශේෂ ගෞරවයක් දෙන්න ඕනේ ළමා නිළියන්ට. ඔවුන්ගේ දක්‍ෂ රඟපෑම නිසා, චිත්‍රපටිය වර්ණවත් වෙලා තියෙනවා.

Web ratings ගැනත් වචනයක් කියන්න ඕනේ. මේ ලිපිය ලියන මො‍හොත වෙනකොට, IMDb 7.5, Rotten Tomatoes 99%, Google Users 86% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

කතාව ගැනත් ‍කෙටියෙන්ම ‍කියන්නම්. මාග්‍රට් කියන්නේ යුදෙව් ආගමික පියෙකුට සහ ක්‍රිස්තියානි ආගමික මවකට දාව උපන් දියණියක්. ඇය‍ගේ ආගම තෝරගන්න, ඇයටම ඉඩ දෙන්න දෙමාපියන් තීරණය කරනවා. ඒ අතරේම, මාග්‍රට් කියන්නෙ නව යොවුන් වියට පා තබන ගැහැණු දරුවෙක්. ඇයගේ සිරු‍රේ ඇතිවෙන සහ ඇතිවෙන්න යන වෙනස් කම් වලට මුහුණ දෙන්න ඇය සූදානම් වෙනවා. මේ කතා‍වේ තියෙන්නේ, ඇය‍ ආගම තෝරගන්‍නේ කොහොමද? ඇයගේ වෙනස්කම් වලට මුහුණ දෙන්නෙ කොහොමද? වගේ දේවල්. චිත්‍රපටිය බලලාම ඉන්නකෝ.

හැමදාම වගේ කියන්‍නේ, මේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක, අපිට කියන්න. ඒවායින් අපි තවත් දිරිමත් වෙනවා. එහෙනම්, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නිලුෂ හේමාල් අලහකෝන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/are-you-there-god-its-me-margaret-2023-sinhala-subtitles/feed/ 0