මම අද ඔයාලට කාලෙකට පාරක් එන, හොඳ හිතට සැහැල්ලුවක් ගේන ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. “ටුවරිස්ට් ෆැමිලි” තමයි නම. මේක 2025 ආපු කොමඩි ඩ්‍රාමා එකක්. අභිෂාන් ජීවින්ත් කියලා කෙනෙක් තමයි මේක ලියලා ඩිරෙක්ට් කරලා තියෙන්නේ. මෑන්ගෙ පළවෙනි ෆිල්ම් එක මේ. මිලියන් ඩොලර් ස්ටූඩියෝස් එක්ක MRP එන්ටර්ටේන්මන්ට් තමයි ප්‍රොඩියුස් කරලා තියෙන්නේ.
කතාවේ ප්‍රධාන චරිත කරන්නේ අපි කවුරුත් දන්න ශශිකුමාර් එක්ක සිම්රන්. මතකනේ සිම්රන්ව? ඒ කාලේ ඉඳන්ම සුපිරි නිළියක්නේ. එයාලත් එක්ක තව ගොඩක් දෙනෙක් මේකෙ ඉන්නවා.
දැන් කතාව මොකක්ද කිව්වොත්, අපේ රටේ තිබ්බ ආර්ථික අවුලෙන් පස්සේ, යාපනේ දෙමළ පවුලක් – ඒ කියන්නේ තාත්තා (දාස්), අම්මා (වසන්ති) සහ එයාලගේ පුතාලා දෙන්නා (නිතූෂන්, මුල්ලි) – හොඳ අනාගතයක් හොයාගෙන ඉන්දියාවට යන හැටි තමයි පෙන්නන්නේ. එයාලා වල්ලිපුරම් හරහා රාමේෂ්වරම්වලට එන්නේ වසන්තිගේ අයියා (යෝගි බාබු), ප්‍රකාශ්ගේ උදව්වෙන්.
ඔන්න ඉතින් ඉන්දියාවට ගොඩ බැස්ස ගමන්ම පොලිස් කට්ටියක් අල්ලගන්නවා. කොහොම හරි පොලීසියෙන් ගැලවුනත් එතන ඉදල තමයි සැබෑම ජීවන අරගලය ඇරඹෙන්නෙ. ඒ මොකද කියනව නම් එයාලා නීති විරෝධීව සංක්‍රමණය වුනු ශ්‍රී ලාංකිකයින් නිසා. වෙනත් රටක්, වෙනස් සංස්කෘතියක්, එකම භාෂාව වුනත් වෙනස්ම ශෛලියක්. කොහෙ ගියත් කට නිසා මාට්ටු වීමේ අවධානම ඉහලම පරිසරයක්.
කොහොම හරි නිවසක කුලියට නැවතිලා ජොබ් එකක් හොයන් ජීවිතෙ ගෙවන්න තමයි මේ අයට ඕනේ. ඇත්තටම ලස්සන පවුලක් මෙයාලා. පොඩි කොලුවා තමයි මේකෙ හොඳටම කරන්නේ. හැමෝගෙන්ම මෙයාල ලාංකිකයින් බව හංඟගෙන ඉන්න පුළුවන් වෙයිද මේ අයට? මේ අතර බෝම්බ පිපිරීමකටත් පොළීසියෙන් පිරිසක්ව හොය හොය ඉන්න තත්වෙක තමයි මෙයාලත් මෙහෙම ජීවිතෙ ගෙවන්නේ.
ඔයාල මේක බලලම ඉන්නකො.
ඉතින් , “ටුවරිස්ට් ෆැමිලි” කියන්නේ නිකම්ම හිනාවෙන කතාවක් විතරක් නෙවෙයි. පවුලක තියෙන බැඳීම, අනුන් වෙනුවෙන් කරන උදව්, මනුස්සකම වගේ දේවල් ලස්සනට පෙන්නන ෆිල්ම් එකක්. අපේ රටේ ප්‍රශ්නත් එක්ක සම්බන්ධ නිසා අපිටත් ගොඩක් දැනෙන කතාවක් මේක. බලන්න චාන්ස් එකක් ලැබුණොත් අනිවා බලන්න.
මේ වෙනවිට කෝටි 100 හඹා යන මේ ෆිල්ම් එක මේ වෙනවිටත් ලීක් වෙලා තියෙන්නෙ HD කොපියක්ම. ඒ කොපියට තමයි මේ උපසිරැසිය කරල තියෙන්නේ. ඉතිං ඉංග්‍රීසි උපසිරැසියක් නොතිබුන නිසාත්, රටවල් දෙකක දෙමළ තියෙන නිසාත්, මමද දමිළ පුද්ගලයෙක් නොවන නිසාත්, අඩුපාඩු සහ වැරදීම් වෙල තියෙනව නම් ඉංග්‍රීසි උපසිරැසියක් ආවම බලලා හදල අප්ඩේට් කරන්නම්.
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න