සුභ දවසක් හැමෝටම!!
ඔන්න එහෙනම් උණු උණුවෙන්ම අද උදේ ආව ෆිල්ම් එකක් අරන් ආව හැමෝටම… ඒක තමයි ගොඩක් ආසාවෙන් හැමෝම බලාගෙන හිටපු 2018 නිකුත් උන MEG කතා මාලාවෙ දෙවනි දිගහැරුම..
වැඩි කතා නැතුව යමු ෆිලුම දිහාට!
2023 ජූනි 4 වෙනිදා ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරපු මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ Science Fiction Action කියන කැටගරි එකට.. ඇමරිකන් ඩොලර් මිලියන 129–139 ත් අතර ගානක් යොදාගෙන නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඇමරිකන් ඩොලර් මිලියන 320.6ක් වැනි ඉහළ ආදායමක් ගන්න සමත් වෙලා තියෙනව..ඒවගේම IMDB අගය ගැන කතා කරනව නම් ඒකත් 5.5 ක් වැනි අගයක් තමයි අරන් තියෙන්නෙ..මේක අධ්‍යක්ෂණය කරන්නෙ Ben Wheatley කියන අධ්‍යක්ෂකවරයා… හැබැයි මෙයා නම් නෙවෙයි පලවෙනි කතාව අධ්‍යක්ෂණය කරේ… ඒත් පලවෙනි එක වගේම සුපිරියක් දීලා තියෙනව ඔන්න,සුපුරුදු පරිදි බෙදාහැරීම Warner Bros. Pictures අරන් තියෙනව…
ඒවගේම සුපුරුදු පරිදි රංගනයෙන් අපි කවුරුත් ආදරේ කරන සුපිරි හොලිවුඩ් නළු Jason Statham ප්‍රධාන චරිතයෙන් දායක වෙනව.. එයාගෙ ඇක්ටින් ගැන මං අමුතුවෙන් අටුවා ටීකා කියන්න ඕන නෑනේ.. නම ඇහුවම පොර ඉන්න ඕනම ෆිල්ම් එකක් බලන්න හිතෙනව ඕනම හොලිවුඩ් රසිකයෙක්ට..
අනික් කාස්ට් එක පහලින්…?
කතාව නම් කියන්න යන්නෙ නෑ මොකද මේ වගේ කතා කුතුහලය තියාගෙන තමයි බලන්න ඕන…
අදට ගිහින් එන්නම් එහෙනම්, හැමෝටම බුදුසරණයි!.. ජේසුපිහිටයි!.. සිංහලසබ්.නෙට් එක්කම ඉන්න!
The Meg (2018) මේ තමයි මේ කතාවේ පලවෙනි කොටස. පහල පින්තූරය ක්ලික් කරලා එකටත් යන්න පුලුවන් ඔයාටල.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
තාත්තා කියන්නෙ අම්මට නොදෙවෙනි පවුලෙ බර කරට අරන් තමන් ගැනවත් හිතන්නෙ නැතුව පවුලෙ සතුට ගැන හිතන කෙනෙක්.ඉතිං මේ තාත්තා කෙනෙක්ගෙ ආදරේ ගැන කියැවෙන ලස්සන චිත්‍රපටයක් තමා Ride On කියන්නේ. මේ කතාවෙ ප්‍රධාන චරිතෙ නැත්තං තාත්තගෙ චරිතෙට පණ පොවන්නෙ අපි කවුරුත් අදුරන ජැකී චෑන්.ජැකී චෑන් ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. චිත්‍රපට ක්‍රියාදාම නලුවන්ගෙන් ඉස්සරහින්ම ඉන්න කෙනෙක් තමා ජැකී චෑන් කියන්නෙ. ඔහුගේ මෑතකදි නිකුත් වුන චිත්‍රපට පසුබෑමකට ලක් වුනත් මේ චිත්‍රපටය ඔහුව ආයෙත් පරණ ජැකී විදිහට ඔසවා තබනවා නිසැකයි.
Adventure / Comedy කාන්ඩෙට අයත් වෙන මේ චිත්‍රපටය Imdb අගය 6.5 ක් වගේම කුනු තක්කාලි 54% ලබා ගන්න සමත් වෙලා තියනවා. 2023 අප්‍රේල් 07 තමා නිකුත් වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටය පැය 2 යි විනාඩි 6 ක කාලයක් දිවෙනවා. Larry Yang තමා අද්‍යක්ශක විදිහට කටයුතු කරල තියෙන්නෙ. Liu Haocun , Guo Qilin , Wu Jing අනිත් චරිත වලට දායක වෙනවා.
කතාව පැත්තට හැරුනොත් තමන්ගෙ පුතා වගේ අශ්වයෙක් බලාගන්න Stunt man කෙනෙක්ට එයාගෙ අශ්වයා සමාගමකින් පවරගන්නවා කියලා උසාවියෙන් නියෝගයක් එනවා. මෙයාගෙ දුප්පත්කම නිසා නීතිඥයෙක් ගන්න සල්ලි නැති වෙනවා. ඒ නිසා මෙයා උදව් ඉල්ලන්නේ අවුරුදු 6 ක් නොදැක වෙන්වෙලා හිටිය එයාගෙම දුවගෙන්. සල්ලි නැති නිසා තමන්ගෙ දුවගෙන් උදව් ඉල්ලනකොට දුවගෙ ප්‍රතිචාරෙ කොහොම වෙන්න ඇද්ද? ඇයි මෙයාලා මෙහෙම වෙන් වුනේ? උත්තර හොයාගන්න මේක බලන්නම ඕන.