සුභ දවසක් හැමෝටම!!
වැඩිපුර කියන්න දෙයක් නෑ. නම කිවුව ගමන් හැමෝම වගේ දන්නවා. කෙටි මතක් කිරීමක් කරන්නම්. තිරගත වුණේ 2001 වර්ෂයේ. අධ්‍යක්ෂණය , තිරරචනය සහ සම නීෂ්පාදනය Steven Spielberg විසින්. Spielberg ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පාදක කරගෙන තියෙන්නේ Brian Aldiss රචනා කළ “Super-Toys Last All Summer Long” නමැති පුවත්පත් කෙටි කතාවක්. 74 වෙනි ඇකඩමි සම්මාන උළෙලේදී ඔස්කාර්සම්මාන දෙකකට ඇතුළුව සම්මාන 66කට නිර්දේශිතයි. ඒත් දිනාගෙන තියෙන්නේ සම්මාන 16ක්. ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය Haley Joel Osment ,Jude Law , Frances O’Connor යන අයයි. නිෂ්පාදන වියදම මෙන් දෙගුණයකටත් වඩා බොක්ස් ඔෆිස් ආදායම් ලබලාතියනවා. දෙලක්ෂයකට අධික ප්‍රේක්ෂක මනාපවලින් ලැබුණු IMDb අගය 7.1ක්. Science-Fiction චිත්‍රපට අතරින් වැඩි කතා බහට ලක්වුණ චිත්‍රපටයක්.
කතාව මෙහෙමයි. මේ කතා කරන්නේ අනාගතය ගැන; කාර්මීකරණය , නාගරීකරණය නිසා විනාශ වුණ ලෝකයක් ගැන. ලෝකයේ සම්පත් සීමිතයි. ඒහේතුවෙන්ම ජනගහනය පාලනය කරන්නත් සිද්ධ වෙලා. ඒ නිසා මිනිස් වර්ගයාගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න මිනිස්සු රොබෝවරුන් හෙවත් මැකාවරුන්නිෂ්පාදනය කරනවා. මැකා කියන්නේ මැකැනිකල් හෙවත් යාන්ත්‍රික බවයි. ඒත් පසු කාලයකදී මේ රෝබෝවරුන්ට විරුද්ධව ජනමතයක් ගොඩනැගෙනවා. මිනිස්සුරෝබෝවරුන්ව ප්‍රතික්ෂේප කරනවා. ඒත් රොබෝවරුන් නැතුවත් බැහැ. කෘතීම බව, කෘතීම බුද්ධිය පිළිකුල් කරන යුගයක සයිබර්ට්‍රොනික්ස් ආයතනයකෘතීම බුද්ධියේ උපරිමයට ළඟා වෙමින් ආදරය දැක්විය හැකි රොබෝ දරුවෙක් නිර්මාණය කරනවා. ඒ තමයි ඩේවිඩ්. ඩේවිඩ්ව පරික්ෂා කරන්න භාර කරන්නේ රෝගීතත්වයේ ඔත්පලව පසුවන දරුවෙක් ඉන්න මොනිකා සහ හෙන්රි යුවලට. ඩේවිඩ් කේතනය කෙරෙන්නේ ආදරය දක්වන්න. ඩේවිඩ්ගේ ක්‍රියාපටිපාටියේ තියෙන්නේආදරය විතරයි. ඒත් මනුෂ්‍යයන් එහෙමද ? ඊර්ෂ්‍යාව,වෛරය , භීතිය හැමදෙයක්ම පිරුණු මනුෂ්‍යයන් ළඟ ඩේවිඩ්ගේ ඉරණම මොකක්ද ? ඒ සියල්ල ඔබට දැනගන්න නම් මෙක බලන්න කියලා ආරාධනා කරනවා… දිගටම රැඳෙන්න සිංහලසබ්.නෙට් වෙබ් අඩවිය සමඟ.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ අදිත ප්‍රවීන් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ප්‍රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්‍යාව මූලික කරගත්ත. මේ ඉතා බලවත් ලුවිස් රජතුමාට, හැමදේම තිබුණා, සදාකාලිකවම රජකිරීම හැරෙන්න. ඒ නිසා, ඔහු ආරම්භ කලා ගවේෂණයක්, ඇට්ලන්ටිස් කියන සැඟවුණු නගරය හොයන්න, ඒ මඟින් ස්වභාවධර්ම නීති වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්. මේ අතරේ, කන්‍යාරාමයක හැදී වැඩෙන ලස්සන තරුණ කාන්තාවක්, මේ සිද්ධි දාමය එක්ක සම්බන්ධ වෙනවා. මේ රජතුමාගේ අරමුණ හරි යාවිද? සදාකාලිකවම ජීවත් වීමේ රජතුමාගේ ආශාවට සිදුවන්නේ කුමක්ද?
මේ කතාව ඇතුලත් වෙන්නේ, 2022 වසරේ මුල් භාගයේ නිකුත් කෙරුණු, වැඩි ප්‍රේක්‍ෂක අවධානයක් දිනා නොගත්ත, සැඟවුණු චිත්‍රපටියක. ඒ The King’s Daughter චිත්‍රපටිය. ඇත්තටම ප්‍රංශයේ රජ මාලිගාවක තිර ගත කෙරුණු චිත්‍රපටියක් මේක. ඒ නිසාම, නලු නිලියන්ට සංචාරකයන් නැතුව රූපගත කිරීම් කරන්න, රාත්‍රියේ තමයි හැමදේම කරන්න වෙලා තියෙන්නේ. උදේ පහ වෙනකල් රූපගත කිරීම් කලාලු.
Sean McNamara විසින් අධ්‍යක්‍ෂණය කරපු චිත්‍රපටියක් මේ. ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් වුනු Vonda N. McIntyre ගේ The Moon and the Sun නවකතාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටියක්. නිෂ්පාදන කණ්ඩායම් කීපයක සහභාගීත්වයෙන් සිදුකෙරුණු චිත්‍රපටිය, බෙදාහැරීම් කටයුතු කරලා තියෙන්නේ Gravitas Ventures සමාගමෙන්. රඟපෑමෙන් දායක වෙලා තියෙනවා, Kaya Scodelario (මේරි ජෝසප්), Pierce Brosnan (ලුවිස් රජතුමා), Benjamin Walker (ඊව්ස්), Fan Bingbing (දිය කිඳුරිය) ඇතුළු පිරිසක්.
උපුටාගැනීම :- Zoom.lk වෙබ් අඩවිෙයන්
]]>