හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා
අදත් මම අරගෙන එන්නෙ අලුතෙන්ම සිනමා ශාලා වලට නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , උපසිරැසියනම් දැනට නිකුත් කරන්නෙ කැම් කොපියක.. හොඳ කොපි ආවම අප්ඩේට් කරන්නම් දුල්කර් සල්මාන්ගෙ WAYFARER FILMS කියන නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරපු LOKAH CHAPTER 1 : CHANDRA කියන ෆිල්ම් එක තමයි අද අරගෙන එන්නෙ. මේ වෙද්දි ඉන්දියාවෙ විවිධ භාශා වලින් සිනමා කර්මාන්ත කිහිපයකම UNIVERSE කිහිපයක්ම තියෙනවා , ඔන්න පලවෙනි වතාවට මලයාලම් සිනමාවෙනුත් සිනමා යුනිවර්ස් එකක් ඇවිල්ලා , ඒ වගේම මේක තමයි දකුණු ඉන්දියාවෙ ප්‍රධාන නිලියක් සුපිරි වීරයෙකුට රඟපාන පලමු ෆිල්ම් එක. මේක හඳුන්වන්නෙ WAYFARER CINEMATIC UNIVERSE කියලා , ඉතින් මේකෙ පලවෙනි චිත්‍රපටිය තමයි මේ විදිහට පහුගිය අගෝස්තු 28 වෙනිදා සිනමාශාලා වලට නිකුත් උනේ , හැමෝම දන්න විදිහට මේක සුපිරි වීර ෆිල්ම් එකක් , සුපිරි වීරයො කිව්වට මේවා අපි ඔය දන්න මෝහිනී , මහසෝනා , රීරියකා , කලුකුමාරයා , ඔඩ්ඩි මස්සිනා , නිට්ටෑවා වගේ දේශීය කතා අනුසාරයෙන් හදපු සුපිරි වීර කතාවක් , ඉතින් මෙතනදි කේරලයේ ජනප්‍රවාද වල එන මේ වගේ කතා බොහෝමයක් සුලු වෙනස්වීම් සමග කතාවට ඇතුලත් කරලා තියෙනවා , ඒවා තමයි යක්ශි , එහෙම නැත්නම් වැම්පයර් , එහෙමට් නැත්නම් කල්ලියන්කාට්ටු නීලී , කඩමට්ටතු කාතනාර් , ඔඩියන් , කුට්ටිචාතන් , වගේ කතා , මේවත් ටිකක් හොයාගෙන කියවන්න
ඉතින් අපේ ප්‍රධාන චරිතය චන්ද්‍රාට පණපොවන්නෙ සුන්දර මලයාලම් නිලි කල්‍යාණි ප්‍රියදර්ශන් , ඇයගෙන් යක්ශි හා නීලී වගේ කතා නිරූපනය වෙනවා , මීට අමතරව අපේ තරුණ වැඩ්ඩා නස්ලන් කේ. ගෆූර් , සමග තවත් නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ආ කියන්න ඕන මේකෙ මලයාලම් ප්‍රධාන නලුවො බර සෙට් එකක් කැමියෝ වලට ඉන්නවා , ඉතින් ඒ කියන්නේ ඒ චරිත ගැන තමයි මීලග කොටස් වලින් කියන්නෙ. කතාව අධ්‍යක්ශණය DOMINIC ARUN , සංගීතය JAKES BEJOY ගෙන් , ලිපිය ලියන කොට ආදායම දින 7 කින් ලොව පුරා කෝටි 100 ක් ඉක්මවලා ගිහිල්ලා , ඒකත් නිකන් නෙවෙයි සමහර දින වල ආදායම දවසට කෝටි 20 ට වැඩියි , මීට කලින් කෝටි 20 ක් දවසට හොයලා තිබ්බෙ මෝහන්ලාල්ගෙ ෆිල්ම් කිහිපයක දින වල විතරයි , ඉතින් ඒකත් විශේෂයි ,
කතාව පැත්තට ගියොත් බැංගලෝර් හී ෆ්ලැට් එකක ජීවත් වෙන අපේ සනී ( නස්ලන් ) යාලුවො එක්ක ආතල් එකේ ඉන්න පොරක් , එයාලගෙ ෆ්ලැට් එක ඉස්සරහා ෆ්ලැට් එකට ලස්සන කෙල්ලෙක් එනවා , ඒ තමයි චන්ද්‍රා , මුලින් ටිකක් මේ කොල්ලො චන්ද්‍රා පස්සෙන් ගියත් පස්සෙ ටිකක් අමුතුයි කියලා පස්සෙ මුන්ට තේරෙනවා , මේ අතරෙ බැංගලෝරයේ මිනිස්සුත් අතුරුදහන් වෙනවා , පොලිසියත් මේ ගැන විමසිල්ලෙන් ඉන්නෙ , ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි
ලැප් එක කැඩිලා හින්දා සබ් කරන එක නවත්තලා තියෙන්නෙ , මේකත් ආසාවට ෆෝන් එකෙන් කරේ , ඉතින් ෆෝන් එකෙන් කරන්න බැරි වැඩ සේරම කරලා ටයිම් ලයින් ටික හදලා උදව් කරපු ඉදුවර නිසල් සහෝටත් උචිනි අක්කටත් ශාන් සසංග සහෝටත් සමිත අයියටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
කතාව පටන්ගන්නෙ මෙහෙමයි , කැලයක් මැද්දෙ මාලු අල්ලන්න යන කොල්ලො 4 දෙනෙක් ඉන්නවා , ඒ යද්දි කැලේ මැද වන දේවතාවුන්ගෙන් ආශිර්වාදගන්න කෙනෙක් නැවතුන වෙලාවක එතන බිම වැටිලා තිබුන ෆෝන් එකක් දකිනවා , ඒ ෆෝන් එක අයිති ප්‍රසිද්ධ නලු රවී වර්මන්ට , ඒත් එක්කම එතන තිබුන ලේ පැල්ලමක් ගැන හොයද්දි එයාලා දකිනවා ගහක එල්ලලා තියෙන මලසිරුරක්…ඉතින් මේ මිනීමරුමෙන් පටන් ගන්න කතාව තවත් ඝාතන කිහිපයක් සමඟ දාම ඝාතකයෙක් වටා ගෙතීගෙන යනවා..ඇත්තටම මේ මිනීමරුම් කරන්නේ කවුද? මෙහෙම මිනිමැරුම් කරන්න හේතුව මොකද්ද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න..
Thriller කතාවක් නිසා මීටවඩා දෙයක් කියන්න බෑ , ඔයාලට බලන්න ආරාධනා කරමින් අදට අපි සමුගන්නවා…
]]>ආයුබෝවන්, අදත් මලයාලි උපසිරැසියක් ඔබ වෙත ගෙන එනවා. සුන්දර ඉඩුක්කි කඳුකරයේ රූ ගත කරන ලද තවත් ලස්සන පවුලේ කතාවක් තමයි මේක. ලොකු ලොකු තරු නැතත් ප්‍රසිද්ධ දක්ෂ නළු නිළියන් කීප පොළක්ම රැගත් මේ කතාවත් බලන්න ඕනෙ කතාවක්.
විජයරාඝවන් කියන්නෙ මලයාලි සිනමාවෙ ඉන්න දක්ෂතම වැඩි හිටි නළුවෙක්. මෑතක තිර ගත වූ Kishkindha Kaandam, චිත්‍රපටයෙ සියළු දේ අමතක වෙන අර මුරණ්ඩු තාත්ත වගේම මේකෙත් ටිකක් මුරණ්ඩු තාත්ත කෙනෙක්ගෙ චරිතයකින් ඔබ හමු වෙනවා. ඒත් ප්‍රධාන චරිත තුන ඔහුගෙ පුත්‍රයින් තුන් දෙනා. දිලීෂ් පෝතන්, කලාභවන් ශාජෝන් සහ හේමන්ත් මෙනන්. ඊට අමතරව ලේනා කුමාර්, කානි කුස්රුති, සරීන් ශිහාබ් වැනි නිළියන් මෙහි රඟපානවා. කුළුඳුලේ මේක අධ්‍යක්ශණය කරන්නෙ සරත් චන්ද්‍රන්.
ඉතිං මේකෙ පියා විශාල දේපලක් හිමි මුරණ්ඩු පුද්ගලයෙක්. වැඩිමහල් පුත්‍රයින් දෙන්නා ගෙන් කෙනෙක් රජයේ සැලකිය යුතු රැකියාවක් කරන අතර අනිත් කෙනා පොලිස් පරීක්ෂක වරයෙක්. බඩ පිස්සා උගත් කමක් තිබුනට තාම හරි හමන් රැකියාවක් නෑ. ලොකු ඩබල එකතු වෙලා බිස්නස් කරල අන්තයටම වැටිල ඉන්න වෙලාවක තාත්තගෙ උදව් බලා පොරොත්තු වෙනවා. පොඩි එකත් තමුන්ගෙ බාප්පගෙ දුවගෙ කසාදෙට තාත්තගෙන් මුදල් ටිකක් ඉල්ලනවා. මේ සේරම එකම දවසෙ වෙද්දි සිදු වෙන හිතපු නැති දෙයකින් තමයි කතාව ගලා ගෙන යන්නෙ. ඉතින් මේකත් බලන්නකෝ
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ඔන්න ගොඩක් අය ඉල්ලපු තවත් මලයාලමකට උපසිරැසියක් අපි අරන් ආව..
2025 පෙබරවාරි 14 වෙනිදා නිකුත් වුණු මේ ෆිලුම අයත් වෙන්නෙ Sports / Action කියන කැටගරියට.. ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම් නළු Antony Varghese විසින්.. RDX එහෙම බලපු කෙනෙක් නම් මෙයාව අමතක වෙන්න විදිහක්ම නෑ..
අධ්‍යක්ෂණය – Govind Vishnu
භාෂාව – මලයාලම්
ධාවන කාලය – මිනිත්තු 150
රංගනය Antony Varghese Mo Ismail Lijomol Jose Vijayaraghavan Saiju Kurup
කතාව පැත්තට ගියොත්,
අබූ කියන්නෙ කිසිම වැඩක් පලක් නොකර ගෙදරට වෙලා ඉන්න පොරක්.. මෙයාගෙ වයිෆ් තමයි මෙයාටත් කන්න දෙන්නේ.. ඒවගේම මෙයාට පොඩි දුවෙකුත් ඉන්නව.. අබූ ඉදල හිටලා වැඩකට යනවා, ඒ තමයි විවිධ උත්සව වලට ප්‍රසිද්ද නළු නිලියෝ වගේ අය ආවම එයාලට ආරක්ෂාව සපයන්න යන එක.. පොර යන තැන කචල් දාගන්න පොරක්.. ඔන්න දවසක් කොචි නගරයේ උත්සවේකට එන ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙක්ට ආරක්ෂාව සපයන්න මෙයාට බාරවෙනව.. එතන සිද්ද වෙන පොඩි සිද්දියක් නිසා අබූ, ඒ බොක්සිං ක්‍රීඩකයට එක පහරින් සිහිය නැතිව බිම වැටෙන්න ගහනවා මේක දකින හැමෝම ෆුල් හොල්මන්.. ඊටපස්සේ තමයි ඒ ක්‍රීඩකයා අබූට තරගයකට එන්න කියලා අභියෝග කරන්නේ..
නිකමෙක් වගේ ගෙදර හිටියට අබූ කියන්නෙ නිකමෙක් නෙවෙයි.. එහෙනම් මැරයෙක් ද? හැමෝටම ආදරෙන් බලන්න කියලා ආරාධනා කරනවා
Daveed Sinhala Sub
Daveed Sinhala Subtitles
Daveed 2025 Sinhala Sub
Daveed (2025) Sinhala Sub
Daveed (2025) Sinhala Subtitles
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සංරක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. එහි සිටින තුන් වැන්නා ඔහුගේ පියා. හිටපු හමුදා භටයෙකු වන ඔහු ටිකක් දැඩි ගති ගුණ ඇති අමතක වීමේ රෝගයකින් පෙලෙන තැනැත්තෙක්. කලකට පෙර ඔහුගේ නිවසේ සිදුවන යම් සිදුවීම් කිහිපයක් ඔහු මතකයට නගා ගන්න උත්සාහ කරනවා. එය අභිරහසක්. ඒ ඇත්තටම එයට ඔහුගේ සම්බන්ධයක් තිබේද බලන්න. ඒ අතරම අළුත් ලේලිත් මේ අභිරහස් හොයන්න අත පොවනවා. මාමා ලේලි අතර ගැටුම් කෙසේ වෙයිද? අභිරහස් එලි වෙයිද?
මේ කට්ටිය ඉන්නෙ වනාන්තරයාක් අසලනේ. ඒ නිසා මේ කතාවට වඳුරෙකුත් සම්බන්ධයි. ඉතිං බලන්න අමතක වීම මේ පවුලට කොහොම බලපායිද කියල.
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
අපි හැමෝටම වගේ සුන්දර O/L, A/L දිවි වලින් එකක් හෝ අනිවාරෙන්ම තිබිලා තියෙනවානේ. ඒ වගේම මේකෙ යන්නෙ ඒ වගේම කැම්පස් දිවිය ගැන. රැග් එකේ පටන් මැරයො වෙනකම්ම තියෙනවා. ලස්සන ආදර කථා. ගහ මරා ගැනීම් අතරෙන් දිවෙද්දි එක පාරටම නොහිතන තැන් වලින් ඉතා මධුර ගී රාශියක් Hesham Abdul විසින් මුසු කර තිබෙනවා. ගීත රාශියක් අඩංගු චිත්‍රපටයක් කියලා අපි හැමෝම දන්නා කාරනයක්නේ. විවිධ භාෂා වල ගීත රාශියක් මෙහි අන්තර්ගත වෙනවා වගේම, එක ගීතයක් වත් එකපාර ඉවර කරන්නෙ නම් නෑ. තැන් තැන් වල බෙදලා තියෙන්නෙ හැම එකම. කලින් කීවා වගේම ගීත යම් යම් සිද්ධීන් අතරින් අත් හරින නිසා, ගීත වලට උපසිරැසි නොකරම ඉන්න බැරි වුනා. ඒ නිසා ගීතත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඒවගේම මේ චිත්‍රපටය චෙන්නයි වල, KCG තාක්ෂණික විද්‍යාලයේ තමයි රඟපාලා තියෙන්නේ.
චිත්‍රපටය ඇරඹෙන්නේම රට වටින් කැම්පසය කරා ඇදෙන ශිෂ්‍ය පිරිසකගෙන්. මේ ඔවුන්ගේ පළවෙනි දවස. දැන් අදුන කියාගෙන,කැම්පස් එකට යන ඔවුන්ට සීනියර් කෙනෙක් විසින් අදාල ස්ථාන පෙන්වලා දෙනවා වගේම, අවසානයේ “සීක්‍රට් ඇලී” නම් වූ ස්ථානයක, දොර මංකඩක් පෙන්වලා කියනවා ” මේ දොරෙන් එහා පැත්තෙ තියෙන දේ බලන්න නම් ඔයලගෙ කැම්පස් දිවියේ අවසාන දිනය වෙනකම්ම ඉන්න වෙනවා, එදාට විතරයි මේ දොර ඇරෙන්නෙ කියලා” එයා එහෙම කිව්වම බලන් ඉන්න අපිටත් ඒ දොර එහා පැත්තෙ තියෙන දේ මොකක්ද කියලා බලන්න කුතුහලයක් එනවා.
මේ කැම්පස් එකේදි තමයි අරුන් නීලකන්ඩන්ට දර්ශනාව මුණ ගැහෙන්නේ. ඉතිං මොවුන්ගේ ආදරය කැම්පස් එක පුරාම දිවෙන එකක් වෙනවා.හැමෝටම තියේවි ඒ වෙන විට කුතුහලයක් කෝ කල්‍යානි කියලා… මොකද මේ වන විට දර්ශනා මුළු චිත්‍රපටයම ආක්‍රමණය කොටහමාර නිසා.ඒත් ඔයාලම ඒ ගැන බලන්න. මං එයා කවුද කියලවත් නොකියා ඉන්නම්. එයත් ලේසි නෑ. චිත්‍රපටිය ගිල ගන්නම සමත් වෙන චරිතයක් ඒකත්.
තරහ යන හිනා යන රැගින්, යාළුවො අතර වලි, සෙමෙස්ටර්ස් එක්සෑම්ස්, ආදර කථා, වෙන් වීම්, එක් වීම් වගේම දැඩි බල මිතුරු කම්, ඒ හා සමානවම ඉමෝෂනල් සිද්ධීන් රාශියක් මෙහි අන්තර්ගතයි. මම කියනවට වැඩිය ඔයාලම බලන්නකො. ඒ අය එක්ක ඔයාලත් වසර 4ක් ගත කරලා, සීක්‍රට් ඇළී එකේ දොර විවර කරගෙන බලන්න එහෙනම් මොනාද තියෙන්නෙ කියලා. ටයිම් ලයින් ගහලා දීලා, සින්ක් කරන එකටත් උදව් කරපු ලහිරු අයියටත් මේ ගමන්ට ස්තුතිය පුදකරනවා!
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය