ආයුබෝවන්, සෑහෙන කාලයකින් හමුවෙන්නෙ. මලයාලම් theatre එක නම් මේ කාලෙ ගින්දර වගේ දිව්වට ඇත්තටම පහුගිය කාලෙ දෙන්න තරම් හොඳ මලයාලියක් මට නම් OTT release උනේ නෑ.ඉතිං ඒ අතර මට ටිකක් හරි දැනුන හරිම සරල කතා පුවතකට තමයි මේ උප සිරැසිය ගෙන එන්නෙ. ඉදිරි සතියෙ ඉඳල OTT flat forms ඉතා උණුසුම් වෙන්න නියමිතයි. ඒ නිසා කේරළය සහ මලයාලි ඇහැට කණට හුරු කර ගන්න මේක බලල ඉන්න.
සයිජු කුරුප්ව දන්නෙ දුෂ්ඨ සටකපට චරිත වලට එහෙමත් නැත්තම් විකට චරිත වලට. මෙතනදි ඔහු ප්‍රධාන නළුවා හැටියට රඟපාන්නෙ ඉතා අහිංසක, ලැජ්ජාශීලී, බොළඳ චරිතයක්. ඔහු සමග තන්වි රාම්, අර්ජුන් අශෝකන්, බිනු පාපු වැනි නළුවන් රඟපානවා. සම්සු ශයිබා තමයි අධ්‍යක්ෂනය කලේ.
කතාව පැත්තට යොමු උනොත් අර මම කිව්ව තරුණයා අභිලාශ් පාසල් කාලෙ ඉඳන්ම තමාගෙ ප්‍රේමය ප්‍රකාශ කල නොහැකිව ලත වෙනවා. අද නෙමෙයි හෙට, පස්සෙ කිය කිය කල් දාන මේක කියා ගන්න ආයෙත් එයාට අවස්ථාවක් එන කොට එයාලට සෑහෙන වයසක් ගිහින් ඒත් තාම එයාට ඒක කියා ගන්න බෑ. එයාගෙ හොඳම යාළුවන්ගෙ පවා උපකාර ලැබෙද්දි හිටපු එකම ප්‍රතිවාදියා ප්‍රතික්ශේප වෙද්දි පවා ඔහු කියා ගන්න බැරුව ලත වෙනවා. ඉතිං කවද හරි මේක කියයිද? වැඩේ ඉටු වෙයිද? මේක බලල තීරණය කරන්න.
ඉතිං ඉදිරි සතිවල ඉතා උණුසුම් ප්‍රබල උප සිරැසි කිහිපයක් ඔබ බලාපොරොත්තු වෙනවනේ. ඒවට ලෑස්ති වෙන්නත් ඕනෙ. ඒ නිසා නවතින්නම්
නැවත හමු වෙමු
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar Mammootty සමග Parvathy Thiruvothu ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා
ෆිල්ම් එක දිහාට ගියොත් කුට්ටන් (මම්මූට්ටි)කියන්නෙ හිටපු පොලිස් නිලධාරියෙක් , භාරතී (පාර්වතී) කියන්නෙ කුට්ටන්ගෙ නංගි, කිචූ කියන්නෙ කුට්ටන්ගෙ පුතා,ප්‍රදාන වශයෙන් මේ තුන්දෙනා තමයි කතාවෙ ඉන්නෙ , කුට්ටන්ගෙ නෝනා නැතිවෙලා, එයා පුතා එක්ක හරිම නිශ්ෂබ්ද ජීවිතයක් ගෙවන්නෙ, මෙයාලට තියෙන්නෙ හරිම අමුතු හැසිරීම්…කුට්ටන් කියන්නෙ තමන්ගෙ ජීවිතේ ගැන බයෙන් ඉන්න මනුස්සයෙක්..Triller ෆිල්ම් ගැන ඉතින් මුකුත් වැඩිය කියන්නත් බෑ….. puzhu එහෙමත් නැත්නම් පනුවො…මොකක් වෙයිද……මෙතනින් නවතින්නම්..කතාව ඔයාලට බාරයි..ඔයාලම බලන්නකෝ…
]]>