සුභ දවසක් ඔයාලා හැමෝටම
ඔන්න තවත් අලුතෙන්ම ආපු තෙලුගු ෆිලුමකට සබක් අරගෙනයි සයිට පැත්තට ගොඩ වුනේ..
2025 ජූලි 4 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Survival Action Drama කියන ශානරයට.. පොඩ්ඩක් ඉස්සර කාලේ තෙලුගු වයිබ් එක අරන් තිබ්බ ෆිලුමක්.. කතා තේමාව 2017 ආපු නානිගේ Middle Class Abbayi ෆිල්ම් එක ලගින් යන ගතියකුත් තිබ්බ..
ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ ජනප්‍රිය තෙලුගු නළු Nithiin.. නිතින් කොල්ලට නම් අමාරු කාලයක් මේ ගෙවෙන්නේ මොකද කරපු කිසිම ෆිල්ම් එකක් ලොකුවට සාර්ථක වෙන්නෑ
හැබැයි මේ ෆිලුම නම් එහෙම අහක් කරන්නත් බෑ.. සාමන්යෙන් ස්ටෝරි එක හොද මට්ටමේ තිබුනා.. IMDB අගය නම් හුගක් අඩු අගයක් අරන් තියෙන්නේ.. මේකෙ තිබ්බ අතාත්වික දර්ශන ඒකට හේතුවක් වෙන්න ඇති කියලයි මං හිතන්නේ.. කොච්චර අතාත්වික උනත් ඇක්ෂන් නම් තිබ්බ ඇති වෙන්න.. තෙලුගු ෆිල්ම් වලින් ඉතින් එච්චර තාත්වික බවක් බලාපොරොත්තු වෙන්නත් බෑ නේ… බලන්න.. මුල ඉදන්ම කුතුහලයෙන් බලන්න පුළුවන් කමක් තියෙනවා මේකෙ.. සෙට් වගේ නම් බලන්න
අධ්‍යක්ෂණය සහ රචනය – Venu Sriram
ධාවන කාලය – මිනිත්තු 154
භාෂාව – තෙලුගු
රංගනය – Nithiin, Laya, Sapthami Gowda, Varsha Bollamma
කතාව පැත්තට ගියොත්,
ජෙයි කියන්නෙ ගොඩක් දක්ෂ දුනු ශිල්පියෙක්, මෙයාගේ හීනේ තමයි 2025 ලෝක ශුරතාවයෙන් ඉන්දියාවට රන් පදක්කමක් දිනලා දෙන එක.. හැබැයි මෙයාට ඒක කරන්න නම් අමාරුයි කියලා මෙයාගේ පුහුණකරු කියනවා.. ඒකට හේතුව මෙයාගේ හිත මොකක්දෝ දෙයකට කනස්සල්ලෙන් ඉන්නේ.. එතකොට ඉලක්කේ වරදිනවා.. ඒ කනස්සල්ලෙන් ඉන්නේ, පොඩි කාලේ ඉදන් අම්මත් නැතුව මෙයාව හදාගත්තු අක්කා ගැන.. ජෙයිගේ තාත්තා, එයාගේ අක්කව හදිස්සියේ කසාද බන්දල දෙන්නෙ, අක්කගේ තිබ්බ ආදර සම්බන්දයකට ඔහු අකමැති නිසා.. ඉතින් අක්කා ගෙදරින් පිට වෙන්නෙ හැමෝම එක්ක කේන්තියෙන්.. ජෙයි අවුරුදු 20 කට පස්සේ තමන්ගේ අක්කව හොයාගෙන යද්දී එයාලට කරදරයක්.. එක්තරා පුද්ගලයෙක්ගේ පිරිසක් එයාලව මරන්න එනවා.. ඒකටත් ලොකු හේතුවක් තියෙනවා.. ජෙයිගේ අක්කා එක්තරා අසාධාරණයට ලක් වෙච්ච පිරිසකට යුක්තිය ඉටු කරලා දෙනවා කියන පොරොන්දුව ඉෂ්ට කරන්න යද්දී තමයි මේ කරදර ඇති වෙන්නෙ.. ඉතින් ජෙයි මේ හැමදේම වෙනුවෙන් පෙනී හිටිනවා..
ඉතුරු ටික ඔයාලම බලන්නකෝ..
මේ ටයිප් ෆිල්ම් සෙට් අය බලන්න
ගිහින් එන්නම් හැමෝටම ජය..
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Selfie (2022) Sinhala Subtitles
]]>
ආයුබෝවන් ඔයාල හැමෝටම!
ඔන්න අද අරගෙන ආවෙ ගොඩක් අය ඉල්ලන ෆිලුමක්.. ඒ තමයි Ooru Peru Bhairavakona කියන අද උදේ OTT රිලීස් වෙච්ච තෙලිගු ෆිලුම..සුපුරුදු විදිහට වැඩේ බාරදුන්නු සමිත අයියටයි, කවරෙ හදල දීපු උචිනි අක්කටයි ස්තූති කරගෙනම හෑල්ල දිහාට යංකො..
මේ සුපිරි තෙලිගු සිනමා සිත්තම නිකුත් වෙන්නෙ 2024 පෙබරවාරි 16 වෙනිදා.. මේක අයත් වෙන්නෙ fantasy / Horror / thriller / Action කියන කැටගරි එකට.. ටිකක් වෙනස් විදිහෙ අමුතු තේමාවක් ඔස්සෙ තමයි කතාව ගලාගෙන යන්නෙ නම්..
ඔයාලට මතකද 2023 ආපු Virupaksha කියන තෙලිගුව.. අන්න ඒ වගේ ස්ටෝරි එකක් තමයි මේකෙත් තියෙන්නෙ.. ආත්ම එක්ක තමයි මුළු කතාවම යන්නෙ.. මිස් කරගන්නෙ නැතුව බලන්න කියල අනිවා කියනව.. මොකද පට්ට ස්ටෝරි එකක් තියෙන්නෙ..
මේක අධ්‍යක්ෂණය කරන්නෙ Vi Anand කියන අධ්‍යක්ෂකවරයා.. ඒවගේම ගොඩක් දෙනෙක් මේක බලන්න පෙලබෙන්නෙ කවුරුත් ආදරේ කරන දක්ෂ නළුවා Sundeep Kishan ඉන්න එකනේ.. මේක මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු දෙවනි ෆිලුම..
මොකද අපේ දනුෂ්ගෙ Captain Miller 2024 ටැමිල් ෆිලුමෙත් මෙයා හිටියනෙ.. ඒවගේම ඔන්න ඊලගට දනුෂ්ගෙම මේ අවුරුද්දෙ එන්න තියෙන Raayan 2024 ෆිලුමෙත් මෙයා ඉන්නව කියල නිළ වශයෙන් දැනුම් දීල තියෙනව.. ඒකත් කට්ටියට හොද ආරංචියක් වෙයි..
අවංකවම මට නම් සන්දීප්ගෙ Michael 2023 ෆිලුමට වඩා නම් මේක සෙට්.. ඒක අනවශ්‍ය විදිහට ඇක්ෂන් දාල නිකන් KGF ලයිට් වර්ශන් කරන්න ගිහින් තිබ්බනෙ.. මේක නම් හොද ත්‍රිලර් ගතියට ගැම්මක් එක්ක තිබුනා..
ඊටපස්සෙ මේකෙ ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් දෙනෙක් තලපතිගේ Bigil 2019 ෆිලුම හරහා ගයාත්‍රි විදිහට අදුනගත්තු අර චූටි කෙල්ල, Varsha Bollamma..මෙයාගෙත් හරිම ලස්සන රංගනයක් ෆිලුම පුරාවමට තිබුණා.. ඒවගේම තෙලිගු සිනමාවෙ ගොඩක් ෆිල්ම්ස් වල විකට චරිතය විදිහට ඉන්න ක්‍රිෂෝර් මේකෙත් මරු කොමඩි ටිකක් දෙනව.. ඔයාලම බලන්නකො මේ සුපිරිය එහෙනම්..
Cast
Sundeep Kishan as Basavalingam
Kavya Thapar as “Agraharam” Geetha
Varsha Bollamma as Bhoomi
Vennela Kishore as Doctor Narappa
Harsha Chemudu as John
P. Ravi Shankar as Rajappa
Vadivukkarasi as Pedamma
විස්තරේ ගැන කියනව නම්,
බසවා කියන තරුණයා එයාගෙ යාළුවා එක්ක ආභරණ වගයක් මංකොල්ල කාල වාහනේකින් පැනල යන ගමන් ඉන්නෙ.. පොලිසියත් මෙයාල පස්සෙන් පන්නනව.. ඔහොම යනකොට මෙයාලට මගදි අනතුරක් වෙලා පාරෙ වැටිල ඉන්න තරුණියක්ව හම්බෙනව..
මෙයා මේ තරුණියව වාහනේට දාගෙන කැලෑ පාරකින් එක්තරා ගමකට යනව දොස්තර කෙනෙක් හොයාගෙන.. ඒ ගම තමයි “බයිරවකෝනා” කියන්නෙ.. හරිම අත්භූත ගමක්.. ගමට යනකොටම එක්කෙනෙක් කියනව, “ගමට ඇතුල් උනොත් ආයෙ පිටවීමක් නෑ කියල”
ඒත් බසවා ඒව කනකට නොගෙන ඇතුලට යනව.. දොස්තර කෙනෙක් හොයාගෙන අර තරුණියට බෙහෙත් කරන්න බාරදීල මෙයාල පොඩ්ඩක් එළියට යනව..
බසවා නොදන්න කාරණේ තමයි මේ අනතුර උනා කියල වාහනේට දාගත්තු කෙල්ල හොරකම් කරන කෙල්ලෙක් කියනඑක වගේම එයා අනතුරක් උනා වගේ බොරුවට රගපෑව කියන එක…බසවා ආපහු ඇවිත් බලනකොට මෙයාගෙ වාහනෙයි අර ආභරණ ටිකයි සේරම අර තරුණිය අරන් ගිහින්.. හැබැයි මග යන අතරතුරදි මේ ගමේ ඉන්න එක්තරා පිරිසක් මේ තරුණියගෙන්
මේ වාහනෙයි ආභරණ ටිකයි අරගන්නව..
ඒ ආභරණ අරගත්ත පිරිස කවුරු වෙන්න ඇතිද.? අවතාර වෙන්න බැරිද.? එතකොට ඇයි මේ බසවා ආභරණ හොරකම් කරන්නෙ.? ඒකට හේතුව මොකක්ද.? එතකොට මේ ගමේ තියෙන අභිරහස මොකක්ද.?
ඇත්තටම මේක අවතාර වලින් පිරිච්ච ගමක්ද.?
මේ සේරටම උත්තර දැනගන්න මේ සුපිරිය ඔයාලටම බලන්න කියල ආදරෙන් ආරාධනා කරනව.. මං මේ ෆිලුමෙ තිබ්බ මට ෆීල් වෙච්ච, මටම කියාපු දෙබසකින්, විස්තරේ ඉවර කරන්නම්..
– සමාව දෙන්න බැරි අයට, ආදරේ කරන්න අයිතියක් නෑ..
– ආදරේ කරන්න දන්නෙ නැති අයට, සත්‍ය දැනගන්න අයිතියක් නෑ..
ගිහින් එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසුපිහිටයි!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
96, 2018 දී අපි කවුරුත් ආසාවෙන් බලපු චිත්‍රපටයක්. ඔන්න ඉතින් ඒ චිත්‍රපටයම චිත්‍රපට අධ්‍යක්ෂක C. Prem Kumar මහතා විසින්ම නැවතත් තෙලිඟු රීමේක් එකක් විදිහට ඉදිරිපත් කෙරෙනව. පාසල් ප්‍රේමයක අරුම පුදුම මතකයන් රැසක් එක් වුනු ලස්සන ෆිලුමක්.
“K රාමචන්ද්‍රා කියල කොල්ලෙක්එ
ලියෙ ඔයාව මුනගැහෙන්න ඇවිත් ඉන්නව.”
ඒ මොහොතෙන් පස්සෙ සිදුවුනු දේවල්,
කාලයක් තිස්සෙ මගේ ජීවිතේට
වෙන්න ඕන කියල හිතපු දේවල්ම තමයි.
මගේ රාම් මාව හොයාගෙන ඇවිත් තියනව.
ඒ මොහොතෙ මගේ ජීවිතේ වෙනස් වුනා.
“K. රාමචන්ද්‍රා.”
මට අඩියක් තියාගන්න බැරිවුනා.
ඒ නම ඇහුව ගමන්
මගේ ඇඟම පන නැතිවුනා වගේ.
එක පාරක් බැලුවද? දෙවනි පාරත් බැලුවද? තුන්වෙනි පාරත් බැලුවද? කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති පාසල් කාලයේ මතක නැවත සිහියට නැගෙන ලස්සන රූප පෙලකින් මිනිත්තු 151ක් පුරාවට අඬමින් හිනාවෙමින් නරඹන්න. රීමේක් කිව්වම කවුරුත් හිතනවනෙ අයියො බැලුවනෙ කියල ඒත් තෙලිඟුවෙන් බලද්දි වෙනම අත්දැකීමක් තියෙයි. එහෙනම් ඔයාලම බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න