සුභ දවසක් හැමොටම!!
Russell Crowe කියන්නේ නිකං කටුස්සෙක් වගේ ලස්සනට හැඟීම් සහ චරිත මාරු කළ හැකි අතිශය දක්ෂ නළුවෙක් බව මා කිව යුතු නැහැ නේද? ඉතිං එවැන්නෙකු Paul Haggis වැනි අදියුරුවකුගේ මානයේ කිනම් වූ චරිතයක් රඟපායිද? මා නම් කියන්නේ මෙය නම් බැලිය යුතුම චිත්‍රපටියක් බවයි. ඇයගේ ආදරය සහ තම පවුල වෙනුවෙන් මිනිසෙකුට කළ නොහැක්කේ කුමක්ද? Film එක ඇරඹි මොහොතේ පටන් ආසනයේ කෙරවලට වී අයාගත් මුව ඇතිව බැලිය හැකි මෙහි කථාව සැකැවින් මෙසේය.
ලාරා බ්‍රෙනන් යනු පාසැල් ගුරුවරයෙකු වන ජෝන් බ්‍රෙනන් ගේ ආදරණීය සොඳුරියයි. ඇය නොකළ මිනීමැරුමකට සිරගත වන්නීය. සියළු සාක්ෂි ඇයට විරුද්ධව ගොනු වෙයි. ජෝන් ඇයව බේරා ගැනීමට හැකි උපරිමයෙන් උත්සහ දැරුවත් එය සපල නොවේ. ඔවුනගේ පුතුනුවන් මවගේ වෙන්වීමෙන් මහත් කම්පනයට පත්වේ. ජෝන් තමුන්ගේ ආදරය සහ පවුල රැක ගැන්ම වෙනුවෙන් සමාජ වගකීම් පසෙක තබයි. හේ ඇයව සිරෙන් මුදා ගැනීමේ මෙහෙයුම අරඹයි. එම වික්‍රමය ඔබත් නරඹන්න.
මෙය 2008 වසරේදී තිරගත වූ ප්‍රංශ බයිස්කෝපයක් වන Pour Elle (Anything for Her) හි අනුසාරයෙන් තනන ලද්දක් වුවද පෝල් හගිස් (Paul Haggis) ගේ අපූර්ව අදියුරුවම මෙය එවැන්නක් බව අමතක කරලයි. සුරූපී එළිසබෙත් බෑන්ක්ස් ගේ රංගනය ගැනත් නොකීවොත් හොඳ නැහැ නොවැ. ඒ වගේම තමයි Liam Neeson රඟන කුඩා කොටස ඔහු ඒ තුල පවා ඔහුගේ ලකුණ තැබීමට සමත් වෙයි. ඉතිං හැමෝම මෙය බලලා සතුටු වෙන්න කියා ඉල්ලා සිටිනවා. කුඩා සිප ගැනීම් දසුන් කිහිපයක් හැරුණු කොට ළමයෙකු සමඟ නොබැලිය හැකි දසුන් මෙහි අඩංගුව නැහැ. ඒ නිසා පවුල පිටින්ම බලන්නත් පුළුවන්.
ඔබ විවාහක නම් මෙය පෙන්වා ඔබත් මේ තරම් ම සොඳුරියට ආදරය බව පවසන්න
කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වා.මු. නිලන්ත පියසිරි සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
ඔයාලට අපි අරන් ආවේ අද අලුතින්ම නිකුත්වුණ හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි Insidious සෙට් එකේ අලුත්ම එක.
Insidious කියන්නේ Leigh Whannell සහ James Wan මූලිකව නිර්මාණය වුණ හොරර් කැටගරියේ ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්.මේ සීරිස් එකට ෆිල්ම් 5ක් ඇතුළත් වෙනවා. නම් වශයෙන් කීවොත් Insidious, Chapter 2, Chapter 3, The Last Key, and The Red Door.
එතකොට Insidious:The Red Door කියන්නේ අද අපි අරගෙන ආව අලුත්ම ෆිල්ම් එක.
ඩොලර් මිලියන 42.5ක් වගේ කුඩා බජට් එකකින් මේ වෙනකොට ඩොලර් මිලියන 700කට අධික ආදායමක් ලබාගන්න මේ ෆිල්ම් සෙට් එක සමත් වෙලා තියනවා. ඒවගේම සීරිස් එකේ වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපටිය බවට මේ වෙනකොට Insidious:The Red Door පත්වෙලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 174.4ක් උපයලා.
මේක හොරර් මූවි එකක් නිසා කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ..මොකද එතකොට ෆිල්ම් එකේ රසයට බදාවක් වෙන්න පුලුවන්නේ… ඉතින් ඔයාලම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් බලන්නකෝ.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම්!!
මේකත් සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේකෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Patrick Wilson එයා ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයාට අමතරව මේකේ Rose Byrne, Ty Simpkins, Barbara Hershey, Lin Shaye හා තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. IMDB දර්ශකයේ 7.0 වගේ ඉහල අගයක් ලබාගත්ත මේ Horror, Thriller චිත්‍රපටය නිෂ්පාදනයට ඩොලර් මිලියන 5 වියදම් වෙලා තියනවා. ආදායම සටහන් වෙන්නේ ඩොලර් මිලියන 155+ ලෙසයි. ආරම්භක සති අන්තයේ ආදායම ඩොලර් මිලියන 40 කට අධිකයි. එදා මෙදාතුර හොලිවුඩ් සිනමාවේ මුල් සති අන්ත ආදායම් ලේඛනයේ 10 වැනි තැන තමයි මේක පසු වෙන්නේ.
වැල් වටාරම් ඈති කතාවට බහින්නම්, දැන් ගොඩක් උදවිය Insidious (2010) චිත්‍රපටිය ගැන හොයනවා ඈති. බලපු අයත් ඇති. ඒක ඉක්මනටම ලැබේවි අප අඩවියෙන්. පහුගිය එකේ උන්න ජෝෂ් ලැම්බර්ට්ම තමා මේ කතාවෙත් කතා නායකයා වෙන්නේ. නමුත් මුල් එක නොබැලුවට අවුලක් නැහැ මේකේ මුල් කොටස නොබැලුව අයට වුනත් බලන්න හැකි වෙන්න හදන්න අධ්‍යක්ෂකවරුන් සමත් වෙලා තියනවා. මුලින් දකින්නේ පොඩි ළමයෙක් ගැන සිදුවීමක්. වර්තාමානයට ආවහම ඒ මුලින් දකින එලීස් මියගිහින්, සැකකරුවා වෙන්නේ ජෝෂ්. පොඩි කාලේ වගේම ආයෙත් ජෝෂ් අමුතු වෙලා. නමුත් කාලෙකට පස්සේ ජෝෂ් නැවතත් අමනුෂ්‍ය ලෝකයට යන්නේ කොමා තත්වයක ඉන්න තමන්ගේ පුතා හොයාගෙන නැවත ගෙන්න. ඔහු සාර්ථක වෙනවා.. නමුත් ඒ එන්නේ ජෝෂ්ගේ ආත්මය නෙමෙයි. දැන් තමයි කතාව පටන් ගන්නේ.
තවත් කතාව කියන්න යන්නේ නැහැ පැය 1 මිනිත්තු 45 පුරා දිවෙන මේ සුපිරි භයානක චිත්‍රපට නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම කියන්න ඕනේ හිත ගැස්සෙනවා නම් රෑ 9න් 10 පස්සේ බලන්න එපා බොහොම තාත්විකව තියනවා ඒකයි අවුල…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සමීර කරුණාරත්න සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
මේක අධ්‍යක්ෂනණය කරලා තියෙන්නෙ සුපිරි හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂක james wan මොහු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ The conjuring බයිස්කොප් එක අධ්‍යක්ෂනය කලෙත් මොහුම තමයි මේ බයිස්කොප් එකට IMDB මීටරයෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා ඒ 6.7ක් එහෙනම් අපි මේ පම්පොරි ගැහිල්ල නවත්තලා දලා කතාව ගැන පොඩ්ඩක් බලමුකො.
රේනි සහා ජෝෂ් කියන්නෙ සතුටින් ජිවත් වෙන කුඩා පවුලක් ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටිනවා ඔවුන් අලුත් නිවාසයකට යනවා නමුත් ඔවුන්ට එම නිවසේ සතුටින් සිටින්නට ඉඩ කඩ ලැබෙන්නෙ නැහැ ඔවුන්ට එක එක විදියෙ විකාර පෙනෙන්න ගන්නවා මේ සිදු වීම් මාලාව ආරම්භ වෙන්න ගන්නෙ ජෝෂ් සහා රේනි ගේ වැඩිමහල් දරුවා ඩෝල්ටන් හදිසියේම වගේ කෝමා තත්වයට පත් වීමත් සමගින් ඔවුන් ඩොල්ටන් සුව කිරිමට ප්‍රතිකාර කොපමන සිදු කලත් ඔහුට සුව වෙන්නෙ නැහැ ඒ මොකද කියලා දැන ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා ඒ විතරක් නෙමෙයි ඔවුන්ට ටික කාලයක් ගත වෙලා දැන ගන්න ලැබෙනවා ඩොල්ටන් ශරිරය තුල නපුරු ආත්මයක් සිටිනවා කියලා… අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට මුලු කතාවම කියනවා එහෙනම් ඩොල්ටන් සහා ඔහු ගේ පවුලේ අයට මොකද්ද වෙන්නෙ කියන එක ඔයාල මේක බලලම දැන ගන්නකෝ. තවත් දෙයක් කියන්න ඕන මේක පවුලේ සැමට බලන්න පුලුවන් Film එකක් ඔයාල බලයි මම මොකද එහෙම කිව්වෙ කියලා මම එහෙම කිව්වෙ මෙකේ වැඩහිටියන්ට පමණක් දර්ශන ඇතුලත් නොවන නිසා, හැබැයි කුඩා ළමයින් නම් මේක පරිස්සමින් බලන්න ඕන කුඩා ළමයි විතරක් නෙමෙයි ලොකු බබාලත්. ඔන්න එහෙනම් අපි ගියා තවත් සුපිරි Film එකක් අරගෙන ඔයාල හමුවට එන්නම්.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුශාන් පීයුමාල් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න