Tovino Thomas – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 05 Sep 2025 08:36:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tovino Thomas – SinhalaSub https://sinhalasub.lk 32 32 Lokah Chapter 1: Chandra (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lokah-chapter-1-chandra-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lokah-chapter-1-chandra-2025-sinhala-subtitles/#comments Fri, 05 Sep 2025 08:20:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111621 Lokah Chapter 1 Chandra Sinhala Sub
Lokah Chapter 1 Chandra Sinhala Subtitles
Lokah Chapter 1 Chandra 2025 Sinhala Sub
Lokah Chapter 1 Chandra (2025) Sinhala Sub
Lokah Chapter 1 Chandra (2025) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා

අදත් මම අරගෙන එන්නෙ අලුතෙන්ම සිනමා ශාලා වලට නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , උපසිරැසියනම් දැනට නිකුත් කරන්නෙ කැම් කොපියක.. හොඳ කොපි ආවම අප්ඩේට් කරන්නම් දුල්කර් සල්මාන්ගෙ WAYFARER FILMS කියන නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරපු LOKAH CHAPTER 1 : CHANDRA කියන ෆිල්ම් එක තමයි අද අරගෙන එන්නෙ. මේ වෙද්දි ඉන්දියාවෙ විවිධ භාශා වලින් සිනමා කර්මාන්ත කිහිපයකම UNIVERSE කිහිපයක්ම තියෙනවා , ඔන්න පලවෙනි වතාවට මලයාලම් සිනමාවෙනුත් සිනමා යුනිවර්ස් එකක් ඇවිල්ලා , ඒ වගේම මේක තමයි දකුණු ඉන්දියාවෙ ප්‍රධාන නිලියක් සුපිරි වීරයෙකුට රඟපාන පලමු ෆිල්ම් එක. මේක හඳුන්වන්නෙ WAYFARER CINEMATIC UNIVERSE කියලා , ඉතින් මේකෙ පලවෙනි චිත්‍රපටිය තමයි මේ විදිහට පහුගිය අගෝස්තු 28 වෙනිදා සිනමාශාලා වලට නිකුත් උනේ , හැමෝම දන්න විදිහට මේක සුපිරි වීර ෆිල්ම් එකක් , සුපිරි වීරයො කිව්වට මේවා අපි ඔය දන්න මෝහිනී , මහසෝනා , රීරියකා , කලුකුමාරයා , ඔඩ්ඩි මස්සිනා , නිට්ටෑවා වගේ දේශීය කතා අනුසාරයෙන් හදපු සුපිරි වීර කතාවක් , ඉතින් මෙතනදි කේරලයේ ජනප්‍රවාද වල එන මේ වගේ කතා බොහෝමයක් සුලු වෙනස්වීම් සමග කතාවට ඇතුලත් කරලා තියෙනවා , ඒවා තමයි යක්ශි , එහෙම නැත්නම් වැම්පයර් , එහෙමට් නැත්නම් කල්ලියන්කාට්ටු නීලී , කඩමට්ටතු කාතනාර් , ඔඩියන් , කුට්ටිචාතන් , වගේ කතා , මේවත් ටිකක් හොයාගෙන කියවන්න

ඉතින් අපේ ප්‍රධාන චරිතය චන්ද්‍රාට පණපොවන්නෙ සුන්දර මලයාලම් නිලි කල්‍යාණි ප්‍රියදර්ශන් , ඇයගෙන් යක්ශි හා නීලී වගේ කතා නිරූපනය වෙනවා , මීට අමතරව අපේ තරුණ වැඩ්ඩා නස්ලන් කේ. ගෆූර් , සමග තවත් නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ආ කියන්න ඕන මේකෙ මලයාලම් ප්‍රධාන නලුවො බර සෙට් එකක් කැමියෝ වලට ඉන්නවා , ඉතින් ඒ කියන්නේ ඒ චරිත ගැන තමයි මීලග කොටස් වලින් කියන්නෙ. කතාව අධ්‍යක්ශණය DOMINIC ARUN , සංගීතය JAKES BEJOY ගෙන් , ලිපිය ලියන කොට ආදායම දින 7 කින් ලොව පුරා කෝටි 100 ක් ඉක්මවලා ගිහිල්ලා , ඒකත් නිකන් නෙවෙයි සමහර දින වල ආදායම දවසට කෝටි 20 ට වැඩියි , මීට කලින් කෝටි 20 ක් දවසට හොයලා තිබ්බෙ මෝහන්ලාල්ගෙ ෆිල්ම් කිහිපයක දින වල විතරයි , ඉතින් ඒකත් විශේෂයි ,

කතාව පැත්තට ගියොත් බැංගලෝර් හී ෆ්ලැට් එකක ජීවත් වෙන අපේ සනී ( නස්ලන් ) යාලුවො එක්ක ආතල් එකේ ඉන්න පොරක් , එයාලගෙ ෆ්ලැට් එක ඉස්සරහා ෆ්ලැට් එකට ලස්සන කෙල්ලෙක් එනවා , ඒ තමයි චන්ද්‍රා , මුලින් ටිකක් මේ කොල්ලො චන්ද්‍රා පස්සෙන් ගියත් පස්සෙ ටිකක් අමුතුයි කියලා පස්සෙ මුන්ට තේරෙනවා , මේ අතරෙ බැංගලෝරයේ මිනිස්සුත් අතුරුදහන් වෙනවා , පොලිසියත් මේ ගැන විමසිල්ලෙන් ඉන්නෙ , ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි

ලැප් එක කැඩිලා හින්දා සබ් කරන එක නවත්තලා තියෙන්නෙ , මේකත් ආසාවට ෆෝන් එකෙන් කරේ , ඉතින් ෆෝන් එකෙන් කරන්න බැරි වැඩ සේරම කරලා ටයිම් ලයින් ටික හදලා උදව් කරපු ඉදුවර නිසල් සහෝටත් උචිනි අක්කටත් ශාන් සසංග සහෝටත් සමිත අයියටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/lokah-chapter-1-chandra-2025-sinhala-subtitles/feed/ 7
Narivetta (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/narivetta-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/narivetta-2025-sinhala-subtitles/#comments Tue, 12 Aug 2025 09:21:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103248 Narivetta Sinhala Sub
Narivetta Sinhala Subtitles
Narivetta 2025 Sinhala Sub
Narivetta (2025) Sinhala Sub
Narivetta (2025) Sinhala Subtitles

Narivetta (2025) Sinhala Subtitless

ආයුබෝවන්. 

ඉතිං මේකෙන් නැවතත් ප්‍රධාන චරිතය හැටිය ටොවිනො තෝමස් ඉදිරියට එනවා. නැවතත් ඔහු ඉන්නෙ පොලිස් චරිතයකට.ඔහු සමග සුරාජ් වෙන්ජාරමුඩු, දමිළ නලු චේරාන් සහ ආර්‍යා සලිම් මෙහෙ අනිත් චරිත රඟපානවා. ඉෂ්ක් චිත්‍රපටය අධ්‍යක්ෂනය කල අනුරාජ් මනෝහර් මේකත් අධ්‍යක්ෂණය කරනවා. මේ වෙන කොටත් හොඳ ආදායමක් උපයා ගන්නට මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.

කතාවට ගියොත් වාගීස් නම් තරුණයා හොඳ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණයෙක්, ඔහුට රැකියා කිහිපයක් ලැබුනත් ඊට වඩා ඉහල රැකියාවක් අපේක්ෂාවෙන් සිටීම නිසා නිතරම සිය මවගේ මෙන්ම පෙම්වතියගේ විවේචනයට ලක් වෙනවා. අවසානයේ ඔහුට ඒ සියල්ල පසෙක තබා පොලිස් කොස්තාපල් තනතුරකට යන්න සිදු වෙනවා. ඒත් ඉහල රැකියාවක් ලබා ගැනීමේ අපේක්ෂාව තවමත් ඔහුගේ සිත් තුල තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගෙ ජීවිතය වෙන අතකට හැරෙන්නෙ ශීතල වයනාඩ් කඳුකරයේ රක්ෂිත වනාන්තරයක් ආශ්‍රිත ගෝත්‍රික ජන පිරිසකගේ විරෝධතාවයක් හැසිරවීමට පොලිස් පිරිසක් සමග ගිය අවස්තාවේදී. සිය රැකියාව සහ හෘද සාක්ෂිය අතර බරපතළ ගැටුමකට මෙන්ම ජීවිතය රැක ගැනීමේ සටනකටද ඔහුට එක වර මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ ලස්සන චිත්‍රපටය නරඹලා ඉන්න.

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/narivetta-2025-sinhala-subtitles/feed/ 3
Lucifer (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lucifer-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lucifer-2019-sinhala-subtitles/#respond Fri, 30 May 2025 13:15:39 +0000 https://sinhalasub.net/?post_type=movies&p=199 ස්ටිෆන් නෙඩුම්පුල්ලි කියන්නේ කාටවත් කරදරයක් නැති, මහත්මා ගතිගුණ තියෙන මිනිසෙක්. තමන්ගේ ආශ්‍රයා අනාථ නිවාසය නිසාම කේරලයේ මිනිස්සු දෙවියෙක්ට වගේ සලකන මිනිහෙක් කියලා කිව්වොත් නිවැරදියි.

හැබැයි මේ හැමදේම වෙනස් වුනේ මහඇමති රාම්දාස්ගේ මරණයත් එක්ක..

හිස් වෙච්ච මහ ඇමති පුටුව කාටද හිමිවෙන්නේ?
කවුද මේ සායිඩ් මසුඩ් ?
ඇත්තටම ස්ටිෆන් නෙඩුම්පුල්ලි කියන්නේ කවුද ?

මේවට උත්තර මේ චිත්‍රපටයෙන් ලැබෙයි.

සබ ගන්න ඕනේ කට්ටිය පල්ලෙහාට යන්න.. හෑල්ල කියවන්න ඕනේ කට්ටිය මේ පොඩි හෑල්ල කියවන්නකෝ..

මේ වෙද්දී ඔයාලා එම්පුරාන් බලන්න ඇති නේ ඉතින්. හැබැයි සමහරු දන්නෙවත් නැතුව ඇති මේ එම්පුරාන් ෆිල්ම් එක තව චිත්‍රපටියක කොටසක් විදිහට එනවා කියලා.. මේ ගේන්නේ ඒ චිත්‍රපටයේ උපසිරැසිය. මේ වෙන එකක් නෙවෙයි.. මේ තමා ලුසිෆර්!

මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 2019 මාර්තු 28 වෙනිදා.. හරියටම මේ අවුරුද්දේ 28 වෙනිදට වසර හයක් සපිරෙනවා.. ඒ කියන්නේ අපේ එම්පුරාන් චිත්‍රපටය තිරගත වුනු දවසින් පස්සේ දවසේ. මේකේ අධ්‍යක්ෂණය කලේ රාජුඑට්ටන්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්නා ප්‍රිත්විරාජ් සුකුමාරන්ගෙන්. Bro Daddy, L2E එයාගේ අනෙක් අධ්‍යක්ෂණයන් වෙනවා. නිෂ්පාදනය ඇන්ටනි පෙරුම්බවූර් ගෙන්. සංගීතය දීපක් දේව් ගෙන්. තිර රචානය මුරලි ගෝපිගෙන්.

රංගනයෙන් මෝහන්ලාල්, මංජු වොරියර්, ටොවිනෝ තෝමස්, ඉන්ද්‍රජිත් සුකුමාරන්, ජෝන් විජේ, සායි කුමාර්, සචින් ඛේදෙකාර්, සානියා අයියප්පන් , ෆාසිල් වගේ අය ඉන්නවා..

විශේෂයෙන් මේ ෆිල්ම් එක විශේෂ වෙනවා එක්තරා අමුත්තෙක්ට.. මතකද රාජුඑට්ටන්ගේ කාඩුවා ෆිල්ම් එක..? ඒ ෆිල්ම් එකේ විලන් චරිතයට රගපාපු පොලිස් චරිතය මතකද? ඒක මතකයි නම් දැක්ක ගමන් අදුරගන්නවා .. වෙන කවුරුත් නෙවෙයි.. හින්දි නළුවෙක් වෙච්ච විවෙක් ඔබ්රෝයි.. මේ එයාගේ පළමු මලයාලම් සිනමා ආගමනය සනිටුහන් කරන චිත්‍රපටය තමයි මේ..

අනිත් දේ හොදම එක්කෙනා හම්බෙන්නේ අන්තිමටලුනේ. විශේෂ රංගනයෙන් මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන ඇන්ටනි පෙරුම්බවූර් මහත්තයත් රංගනයට දස්සයාලුනේ.. ඉතින් ඩැනියෙල් රාවුත්තර් කියන චරිතය අවසානයේදී දකින්න පුළුවන් වෙනවා. (ලොකු වෙලාවකට නෙවෙයි හැබැයි.)

රේටින්ග් ගතහොත් IMDB අගය 7.5/10කුත් කුණු තක්කාලි අගය 40% කුත් ගූගල් පරිශීලක අගය 88% කුත් ඇමසන් ප්‍රයිම් පරිශීලක අගය 7.5/10කුත් අරගෙන තියෙනවා.

OTT නිකුත් කරන්නේ ඇමසන් ප්‍රයිම් එකෙන්. නිකුත් කලේ 2019 මැයි 16 වෙනිදා..

දැන් ඔයාලට මේ චිත්‍රපටය ගැන පුංචි කාරණා කිහිපයක් අරගෙන එන්නම්.

* සාමාන්‍යයෙන් ගොඩක් ෆිල්ම් වල කරන වැඩක් තමයි ලොකු මිනිස්සු ප්‍රමාණයක් පෙන්වන්න ඕනේ වුණාම පරිගණක සජීවිකරණ තාක්ෂණයේ පිහිටෙන් ඒ ෂොට් හදන එකනේ. හැබැයි මේ ෆිල්ම් එකෙත් ඔය වගේම තැනක් තියෙනවා.. නමුත් ඔයාල පුදුමෙනුත් පුදුම වෙයි.. මේකට මිනිස්සු 2000කට වැඩි පිරිසක් අරගෙන තියෙනවා කියලා කිව්වම. මේක ඇත්තටම දුර්ලභ අවස්ථාවක්.

* මේ ෆිල්ම් එක ඉන්දියාවේම විතරක් නෙවෙයි, ප්‍රංශයේ ලියොන් නගරය ආශ්‍රිතව, රුසියාවෙත් රූගත කරලා තියෙන්නේ. විශේෂයෙන් රුසියාවේ ගත්තොත් ඒ රූගත කිරීම් කලේ ඉතා සිතලාධික ප්‍රදේශ වල. ඉන්දියාවේ ගත්තොත් තිරුවන්තපුරම්, ඉඩුක්කි, එර්නාකුලම්, සහ කොල්ලම් නගර වලත්, මුම්බායි, බැංගලෝර් හා ලක්ෂව්දිප් යන පැති වලත් රුගත කිරීම් කරලා තියෙනවා.

* මේ ෆිල්ම් එකේ චරිත 27ක පෝස්ටර් එලියට දැම්මේ කලින් මේ ෆිල්ම් එකේ ප්‍රචාරණ වැඩ කටයුතු වලට සහයෝගයක් ගන්නයි. (හැබැයි එම්පුරාන් වල තව 9 දෙනෙකුත් මෙයට එක්කාසු කරගෙන තියෙනවා . සමහර අය දෙවෙනි එකේ නෑ.)

* 2022 දි මේ චිත්‍රපටයේමඅනුවර්තනයකුත් තෙලිගු සිනමාවේ අපිට දකින්න ලැබෙනවා.ඒ තමා GodFather. මේකේ රංගනයෙන් දායක වෙන්නේ තෙලිගු මෙගාස්ටාර් චිරන්ජිවී, හින්දි නළු සල්මන් ඛාන්, නයන්තාරා, පූරි ජගන්නාද් (චිත්‍රපටි අධ්‍යක්ෂක) සත්‍ය දේව් කන්චරාමා, මුරලි ශර්මා ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා.

මේකෙන් පස්සේ වුනු දේවල් සහ ලුසිෆර් ත්‍රිලොජි එක ගැන පොඩි විස්තරයක්:

* මේ චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පස්සේ මේ චිත්‍රපටයේම දෙවැනි කොටසක් ගෙන්න ලොකු බලාපොරොත්තුවක් ප්‍රිත්විරාජ්ගේ ලග නැතත් පසු කාලෙක ප්‍රිත්විරාජ්ම නිවේදනයක් දෙනවා මේකෙම දෙවෙනි කොටසකුත් ගේනවා කියලා.. ඉතින් ඔයාලා මේ වෙද්දීත් සාර්ථකව තිරගත වෙන කෝටි 250ත් පන්නපු එම්පුරාන් කියන ෆිල්ම් එක තමයි මේ ඔයාලා තාමත් බලන්නේ.

* අනිත් දේ මේක තනිකරම ත්‍රිලොජි එකක්. මොකද දෙවෙනි එක ඉවර වෙද්දී තුන්වෙනි එකට ඉගියක් ලබා දෙනවා. තුන්වෙනි එක මොකක්ද කියලා ඇහුවොත් ඒ තමා L3: Azrael (තාම හරි නිවේදනයක් කලේ නෑ. වැඩ කටයුතු පටන් ගන්නවා කියලා නිවේදනයක් ගෙනැල්ලා තිබ්බා.). (විස්තරය: Lucifer Franchise: Wikipedia)

* මේ අනුව බලද්දී ලුසිෆර් ත්‍රිලොජි එක හැදෙන්නේ මෙන්න මෙහෙමයි.

]]>
https://sinhalasub.lk/movies/lucifer-2019-sinhala-subtitles/feed/ 0
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/empuraan-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/empuraan-2025-sinhala-subtitles/#comments Thu, 24 Apr 2025 12:29:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=96432 Empuraan Sinhala Sub
Empuraan Sinhala Subtitles
Empuraan 2025 Sinhala Sub
Empuraan (2025) Sinhala Sub
Empuraan (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/empuraan-2025-sinhala-subtitles/feed/ 4
Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/naradan-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/naradan-2022-sinhala-subtitles/#comments Sat, 08 Feb 2025 17:10:40 +0000 https://braszers.tk/?post_type=movies&p=16881 Naradan Sinhala Subtitles

Naradan (2022) Sinhala Subtitles

Chandraprakash, a well-known TV news anchor, comes under undue pressure from his higher-ups to bring competitive exclusives, which urges him to leave the job. When a rival media group offers him a new job, he rebrands himself into a loud, tyrannical journalist, catering to those looking for news theatrics.

]]>
https://sinhalasub.lk/movies/naradan-2022-sinhala-subtitles/feed/ 3
Identity (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/identity-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/identity-2025-sinhala-subtitles/#comments Sun, 02 Feb 2025 03:27:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88684 Identity Sinhala Sub
Identity Sinhala Subtitles
Identity 2025 Sinhala Sub
Identity (2025) Sinhala Sub
Identity (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/identity-2025-sinhala-subtitles/feed/ 5
A.R.M (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-r-m-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-r-m-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 11:34:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80886 A.R.M Sinhala Sub
A.R.M Sinhala Subtitles
A.R.M (2024) Sinhala Sub
A.R.M (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/a-r-m-2024-sinhala-subtitles/feed/ 0
Kala (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kala-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kala-2021-sinhala-subtitles/#respond Sun, 24 Mar 2024 23:30:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=6029 The life of Shaji, a laid-back youngster, turns upside down when someone from his past pays him a visit.

]]>
https://sinhalasub.lk/movies/kala-2021-sinhala-subtitles/feed/ 0
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anweshippin-kandethum-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anweshippin-kandethum-2024-sinhala-subtitles/#respond Fri, 08 Mar 2024 08:55:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67496 Anweshippin Kandethum Sinhala Sub
Anweshippin Kandethum Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Sub
Anweshippin Kandethum (2024) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම..

මේ අවුරුද්දෙ මලයාලම් සිනමාව සුපිරි ආරම්භයන් ගොඩකින් පටන්ගන්නෙ , ජනවාරි වල OZLER ආවා , පෙබරවාරි 09 ය ANVESHIPPIN KANDETHUM සහ PREMALU ආවා , 15 වෙනිදා මම්මුක්කගෙ BRAMAYUGAM ආවා , 22 වෙනිදා MANJUMMEL BOYS ආවා , සේරම හොද ප්‍රතිචාර ලබාගෙන හොද ආදායමක් හොයාගන්න සමත් වුනා ,

ඒ අතරින් අද මම අරගෙන ආවෙ සුපිරි නලු ටොවිනෝ තෝමස් රගන ANVESHIPPIN KANDETHUM කියන ෆිල්ම් එක..

බයිබලේ මතෙව් 7:7 කොටසෙ මෙහෙම තියෙනවා , තට්ටු කරන්න ඔබට දොර ඇරේවි , ඉල්ලන්න ඔබට ලැබේවි , සොයන්න , හම්බවේවි කියලා..

ඉතින් මලයාලම් බයිබලේ මේ කොටසෙ ANVESHIPPIN KANDETHUM කියන්නෙ සොයන්න , හම්බවේවි කියලා..

IMDb 8.4/10 ක අගයක් ගන්න සමත් උන මේ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකට රංගනයෙන් ටොවිනෝ තෝමස් , සිද්ධික් , විජයකුමාර් , ආධ්‍යා ප්‍රසාද් , අර්තනා බිනූ , ඉන්ද්‍රන්ස් ඇතුලු නලු නිළියන් පිරිසක් සහභාගි වෙනවා , අධ්‍යක්ශණය ඩාර්වින් කුරියාකෝස් විසින්..

කතාවෙ මුල් විනාඩි 5 ගැන කියනවනම් චිංගවනම් පොලිස් බල ප්‍රදේශයේ සිදුවුණ ලව්ලි මාතන් කියන දැරියගෙ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශණය කරන්න පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ශක ආනන්ද් ( ටොවිනෝ ) සහ කණ්ඩායමට සිද්ධවෙනවා

එතනින් එහාට මුකුත් කියන්නෑ.

APPO , NOKKU , NINGAL KANUM

ඉතින් , බලන්න , ඔයාලා දකීවී

ඒ වගේම සබ් එකේ 95% ක වැඩ අවසන් කරපු වෙලාවක වෙලාව නැතුව අතහැර දාන්න හදද්දි ටයිම් ලයින් ටිකකුත් ගහලා දීලා ඉවර කරමු කියලා උදව් කරපු ඉදුවර නිසල් මල්ලිටත්, සමිත අයියටත්, ශාන් සසංග සහෝදරයටත් මදුශාන් ප්රියංකර සහෝදරයාටත්, කවරෙ හදලා පෝස්ට් එකේ වැඩවලට උදව් කරපු උචිනි අක්කටත් , ගොඩක් ස්තූතියි ❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ රොෂේන් මලින්ද  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/anweshippin-kandethum-2024-sinhala-subtitles/feed/ 0
Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/minnal-murali-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/minnal-murali-2021-sinhala-subtitles/#respond Wed, 07 Feb 2024 15:50:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11617 සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ සිනමා පටය සඳහා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් නිර්මාණය කරන්නට අවකාශය සලසා දුන් අශාන් විමුක්ති සොයුරාවත් ස්තූති පූර්වකව මතක් කර සිටිනවා.

Minnal Murali 2021 සිනමාපටය ගැන එහි නිෂ්පාදකයින් විසින් හෙලිකරන්නට ගත්දා පටන් පුවත් මවන චිත්‍රපටයක් වුණ බව ශ්‍රීලාංකීය මලයාලම් සිනමා රසිකයින් වන ඔබත් හොඳාකාරවම දන්නා කරුණක්!එම කරුණු ගැන මුල සිට මතක් කලහොත් චිත්‍රපටය තිරගත නොකර ඉඳුරාම Ott හරහා නිකුත් කරන බව නිෂ්පාදකයින් විසින් සැලකල විට ඇතිවුණ ගැටළුකාරී තත්වය. විශේෂයෙන්ම චිත්‍රපටය සඳහා විශාල මුදලක් වැයකරමින් සකසා තිබු පසුතලයක් විනාශ කිරීම කැපී පෙනුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Tovino Thomas ප්‍රකාශ කර තිබුනේ පසුගිය දිනයන් හි කෝවිඩ් 19 වසංගත තත්වය නිසා මුළු රටම වසා දැමු අවස්ථාවේදි ඔවුන් රූගත කිරීම් තාවකාලිකව නවත්වා සිටින අවස්ථාවේදි කල්ලඩි ප්‍රදේශයේ සකසා තිබු පසුතල සැකසුම ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කර ඇති බවත් ඒ සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සහ මෙවන් කටයුතු කිරිමෙන් එම කණ්ඩායම් ලබන තෘප්තිය කුමක්දැයි යන්න තවමත් නොවැටෙහෙන බවයි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Basil Joseph විසින් වන අතර Sophia Paul මෙය නිෂ්පාදනය සිදුකර තිබෙනවා. චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නේ Arun Anirudhan සහ Justin Mathew විසිනි. මලයාලම්, දමිළ, තෙලෙඟු, කන්නඩා, හිංදි සහ ඉංග්‍රීසි යන භාෂා හයෙන් මෙම චිත්‍රපටය නිකුත් කරනු ලබනවා. ඉඳුරාම නෙට්ෆිලික්ස් හරහා මෙම චිත්‍රපටය නිකුත් කරන නිසාවෙන් මේ සඳහා වාර්තාගත මිලක් නියම වී ඇති බව සිනමා ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අනුව දශකයේ කතාවක් ලෙස නිමවා ඇති මෙම චිත්‍රපටයෙහි දේශිය පසුබිමක කතාවක් ගලා යනවා. මෙහි ක්‍රියාදාම දර්ශනයන් නිර්මාණය කර ඇත්තේ හොලිවුඩ් සිනමාවේද ක්‍රියාදාම දර්ශන ශිල්පියකු වන Vlad Rimburg සහ ඔහුගේ කණ්ඩායම විසිනි. බොහෝ විට මලයාලම් සිනමාපටයක මෙවන් හොලිවුඩ් නියෝජනයක් වන පලමු අවස්ථාවද මෙය වියහැකියි. සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳ කිසිවක් ලිවිමට අදහස් කරන්නේ නෑ. වෙනස්ම අත්දැකීමක් ලබාදෙන නිර්මාණශීලි මලයාලම් සිනමාපටයක් නරඹන ලෙසට නැවතත් ඔබ සැමට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/minnal-murali-2021-sinhala-subtitles/feed/ 0