Tony Leung Chiu-wai Archives - SinhalaSub https://sinhalasub.lk/cast/tony-leung-chiu-wai/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 18:48:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tony Leung Chiu-wai Archives - SinhalaSub https://sinhalasub.lk/cast/tony-leung-chiu-wai/ 32 32 Lust, Caution (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lust-caution-2007-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lust-caution-2007-sinhala-subtitles/#respond Tue, 22 Aug 2023 20:53:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51802 Lust, Caution Sinhala Sub Lust, Caution Sinhala Subtitles Lust, Caution (2007) Sinhala Sub Lust, Caution (2007) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ පාර අරගෙන ආවේ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන පට්ටම ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 7.6 ක් rotten Tomatoes වර්ගීකරනයේ 72% එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරල සම්මාන 27ක් සහ නිර්දේශවීම් 51 ක් […]

The post Lust, Caution (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lust, Caution Sinhala Sub
Lust, Caution Sinhala Subtitles
Lust, Caution (2007) Sinhala Sub
Lust, Caution (2007) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ පාර අරගෙන ආවේ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන පට්ටම ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 7.6 ක් rotten Tomatoes වර්ගීකරනයේ 72% එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරල සම්මාන 27ක් සහ නිර්දේශවීම් 51 ක් ලබාගත්තු සුපිරිම තායිවාන ෆිල්ම් එකක්. තව දෙයක් 2008 අවුරුද්දේ පැවැත්වුන Golden Globes සම්මාන උලෙළේදී හොදම විදේශ භාෂා චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ වෙන්නත් මේ සිනමා සිත්තමට පුලුවන් උනා. කෙටියෙන්ම කිව්වොත් මිනිත්තු 157ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන, ඉවර උනාට පස්සෙ හද පතුලට ඊයම් බරුවක් ගිලා බැහැලා වගේ හදවත සංවේදී කරවන ෆිල්ම් එකක් ලගදි බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක. ඒ වගේම දෙවෙනි ලෝක යුද්ද කාලෙ ගැන ෆිල්ම් බලන්න කැමති අය නං මේ ෆිල්ම් එක දැනටමත් බලලා ඇති.

දෙවෙනි ලෝක යුධ සමයේදී හොන්ග් කොන්ග් සහ චීනයේදී සිදුවූ සත්‍ය සිදුවීමක් මූලික කර ගනිමින් චීන ජාතික කතුවර Eileen Chang විසින් රචිත Lust, Caution නම් කෘතිය පාදක කර ගනිමින් 2007 අවුරුද්දෙදි ඒ නමින්ම ෆිල්ම් එකක් හැදෙනවා. මේකේ කතාව ගැන මම වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේක බලලා මිසක් කියවලා රසවිදින්න පුලුවන් ෆිල්ම් එකක් නොවෙන නිසා. ඒත් මේ කතාවට පාදක උන සැබෑ චරිත වලට ගරු කිරීමක් විදියට මම පොඩි දේවල් ටිකක් කියන්නම්. දෙවෙනි ලෝක යුධ සමයේදී ජපානය වෙනුවෙන් රාජකාරී කල රහස් නියෝජිතයෙක් සහ ඔහුව ඝාතනය කරන්න එන දේශප්‍රේමී විමුක්ති සංවිධානයක ඔත්තුකාරියක් වටේ තමයි මේ කතාව සම්පූර්ණයෙන්ම දිවෙන්නෙ. ජපාන රහස් නියෝජිතයගේ සැබෑ නම Ding Mocun. ඔත්තු කාරියගේ සැබෑ නම Zheng Pingru. ෆිල්ම් එකේ හැටියට නම් යී මහත්මයා සහ වොන්ග් චියා චී. පහලින් තියෙන්නෙ එයාලගේ සැබෑ සහ ෆිල්ම් එකේදි ඒ චරිත නිරූපණය කරපු Tony Chiu-Wai Leung ගේ සහ Wei Tang ගේ චායාරූපයක්.


ඇය සිය ප්‍රථම ප්‍රේමයට පන වගේ ආදරය කලා…
ඔහු සිය සිත පතුලේ සගවාගත් ප්‍රේමයට පන වගේ ආදරය කලා…
ඇය ඇගේ වෛරයට පන වගේ ආදරය කලා…
ඔහු පමා වී ලැබුන ප්‍රේමයට පන වගේ ආදරය කලා…
එබැවින්,
ඇය ඔහුම වී…
ඔහු ඇයම වූ කල…
ඇය කවුද කියා…
ඔහුට වැටහෙනු ඇත…

මේ ෆිල්ම් එක NC-17 යටතේ වර්ගීකරණය කරපු ෆිල්ම් එකක්. සරලවම කිව්වොත් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වර්ගයේ එකක්. ඒ නිසා හුගාක් රට වල මේ ෆිල්ම් එක ප්‍රදර්ශනය කරන්න දුන්නේ කොටස් සෑහෙන්න සංස්කරණයකට ලක් කරලයි. ඒ නිසා අන්තර්ජාලයේ විනාඩි 157ක සංස්කරණය නොකල පිටපතක් සහ විනාඩි 147 ක සංස්කරණය කල පිටපතක් වශයෙන් පිටපත් දෙකක් හොයා ගන්න පුලුවන් වෙයි. ඒ වගේම ඒ දර්ශන දිහා කලාත්මක ඇහැකින් විතරක්ම බලනවා නං හොඳයි. මොකද ඒ දර්ශන පෙළ කළාත්මකව රූගත කරන්න විතරක් පැය 100 කට වඩා ගත උනා කියලා අධ්‍යක්ෂකතුමාම කියලා තිබුනා. ඒ වගේම ඒ නිරූපණයන් නිසා නවක නිළියන් 10 000කට අධික ප්‍රමාණයක් අතුරින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය විදියට තෝර ගත්තු Wei Tang ව චීනය තුල අසාදු ලේඛනගත කරන්නේ චීනය තුල ඇගේ රංගන දිවියට තිත තබමින්. ඒ වගේම එක රැයකින් ඇය පෙනී සිටි සියලුම වෙළඳ දැන්වීම් ඇතුලු සියලු නිර්මාණ චීන රජය විසින් තහනම් කරනු ලැබූ අතර චීන ජනමාධ්‍ය විසින් දිගින් දිගටම ඇයට එරෙහිව විවිධාකාරයේ චෝදනා එල්ල කරමින් දෝෂාරෝපණයන් එල්ල කරනු ලැබූවා.

ජපාන රහස් නියෝජිතයෙක්…
නිහඬ ඝාතකාවියක්…
සය මිතුරු හවුලක්…
යටිබිම්ගත විප්ලවකාරීන්…
දේශප්‍රේමීන්, දේශද්‍රෝහීන්…
සතුරන්, මිතුරන් සහ පාවාදෙන්නන්…
අතුරින් දිවෙන තුන්කොන් ආදර අන්දරය…
අවසරයි නරඹන්න ” ආදරනීය ඔත්තුකාරිය… “

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසිත මධුෂාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lust, Caution (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lust-caution-2007-sinhala-subtitles/feed/ 0