කතා සාරාංශය:
ව්‍යාර්ථ වී ගිය මත්ද්‍රව්‍ය ගනුදෙනුවක්… ඉන් අනතුරුව දරුණු ලෙස බැටකන රහස් පරීක්ෂකයෙක්… ඔහුගේ එකම අරමුණ දූෂිත දේශපාලනඥයෙකුගේ, තමන්ගෙන් දුරස්ව ගිය පුත්‍රයාව අපරාධකාරයන්ගෙන් ගලවා ගැනීමයි. නමුත් ඒ සඳහා ඔහුට ඇතුළු වන්නට සිදුවන්නේ ලේ සුවඳින්, වෙඩි හඬින් සහ අනුකම්පා විරහිත මිනිසුන්ගෙන් පිරුණු භයානක පාතාල ලෝකයකටයි. මේ මාරාන්තික ගමනේදී, නිකම්ම නිකන් තරුණයෙකු බේරාගැනීමකට එහා ගිය, මුළු නගරයම වෙළාගෙන ඇති දූෂණයේ සහ අඳුරු කුමන්ත්‍රණවල දැවැන්ත ජාලයක් ඔහු ඉදිරියේ දිග හැරෙන්නට පටන් ගනියි. සියල්ලන්ම සැක කටයුතු, කිසිවෙකු විශ්වාස කළ නොහැකි මේ අපායේ, සත්‍යය සොයාගෙන, ඒ තරුණයාත්, මුළු නගරයත් බේරාගැනීමට මේ තනි රහස් පරීක්ෂකයාට හැකි වේවිද?
උපසිරැසිකරුගේ ඇසින්:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ මෙහෙමයි… පටන් ගත්ත මොහොතේ ඉඳන්ම සම්පූර්ණයෙන්ම කතාව ඇතුළට ඇදලා ගත්තා කිව්වොත් වැරදි නෑ. මේක ඇත්තටම ‘Raw’ ගතිය තියෙන, අඳුරු වගේම කුතුහලය උපරිමයෙන් දනවන චිත්‍රපටියක්. Action, Crime, Thriller වලට ආස අයට නම් මඟහරින්නම බැරි එකක්!
කතාව යන්නේ වැරදුණු ඩීල් එකකින් පස්සේ මාරම අමාරුවක වැටෙන පරීක්ෂකයෙක් වටා. එයාට පැවරිලා තියෙන රාජකාරිය ලේසි එකක් නෙවෙයි – දේශපාලකයෙක්ගේ පුතෙක්ව බේරගන්න ඕනේ. හැබැයි කතාව ටික ටික දිග ඇරෙද්දී තේරෙනවා මේක ඊට වඩා ගොඩක් ගැඹුරුයි, සංකීර්ණයි කියලා. නගරයක් වෙළාගත්ත දූෂණයක්, බලවතුන්ගේ කුමන්ත්‍රණ මේ හැමදේම එක්ක තමයි අපේ වීරයාට හැප්පෙන්න වෙන්නේ. සමහර තැන් වලදී කවුද හරි කවුද වැරදි කියලා හොයාගන්න බැරි තරමටම කතාව පැටලෙනවා.
Action දර්ශන නම් නියමෙට තියෙනවා, හිත හයිය කරන් බලන්න ඕන වෙලාවල් එමටයි. ප්‍රධාන චරිතයට පණ පොවන නළුවා, ඒ බැටකාපු, ඒත් කිසිම දෙයක් ලේසියෙන් අතාරින්නේ නැති, උත්සාහවන්ත චරිතය උපරිමයෙන්ම කරනවා.
චිත්‍රපටියේ අඳුරු ස්වභාවය, Mystery එක සහ Thriller ගතිය නම් උපරිමයි. හැබැයි පොඩි දුර්වලතා නැතුවමත් නෙවෙයි, ඒත් Action/Thriller ලෝලීන්ට නම් මේක හොඳ අත්දැකීමක් වේවි.
සබ්ටයිටල් කරද්දී පවා ඊළඟට මොකද වෙන්නේ කියන කුතුහලයෙන් තමයි හිටියේ. ඔයාලත් බලලම තීරණය කරන්න!
ප්‍රේක්ෂක නිර්දේශය:
අන්තර්ගතයේ ඇති ප්රචණ්ඩත්වය, තියුණු භාෂා භාවිතය සහ වැඩිහිටියන්ට ගැළපෙන තේමාවන් නිසා මෙය වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු නිර්මාණයකි.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Following the death of District Attorney Harvey Dent, Batman assumes responsibility for Dent’s crimes to protect the late attorney’s reputation and is subsequently hunted by the Gotham City Police Department. Eight years later, Batman encounters the mysterious Selina Kyle and the villainous Bane, a new terrorist leader who overwhelms Gotham’s finest. The Dark Knight resurfaces to protect a city that has branded him an enemy.
සිම්බියෝට්ලා කියන්නෙ කවුද, මොන විදිහේ වර්ගයක්ද කියන එකට අදහසක් ලබාදෙමින් තමයි මුල් චිත්‍රපටය නිකුත් කලේ. විටෙක වීරයෙක් වගේම තවත් විටක දුෂ්ටයෙක් කියන ප්රතිරූප දෙකම තියෙන ‘වෙනම්’ ඇන්ටි-හීරො චරිතය පාදක කරගෙන තමයි මුල් චිත්‍රපටය ගොඩනැගුනෙ. කාල්ටන් ඩ්‍රේක් විසින් ගොඩනගපු ලයිෆ් ෆවුන්ඩේෂන් එකේදී සමහර සිම්බියෝට්ලා එකතුවෙන්න ගිය ධාකරයො, එහෙම නැත්තම් මිනිස්සු එක්කම මැරිලා ගියා අත්හදාබැලීම් කරන අතරතුරේ. ඩ්‍රේක්ගෙ වැඩ වලට අකමැති නිසා එයාගෙ ලයිෆ් ෆවුන්ඩේෂන් එකේම විද්‍යඥවරියක් මේ හැම තොරතුරක්ම පිටපත ලබාදෙනවා. ඒ වෙන කාටවත් නෙවෙයි ‘එඩි බ්රෝක්’ කියන පුවත්පත් වාර්තාකරුවට. ඩ්‍රේක්ගෙ වැඩ ගැන හොයන්න යන එඩිට තමයි වෙනම් කියන සිම්බියෝට් ඇතුල්වෙලා ස්ථාවර විදිහට ඉන්නෙත්. සටන් කිහිපයක් අතරතුර එඩිගෙ හිටිය පෙම්වතිය ඈන්ටත් වෙනම් ඇතුල් වෙලා තප්පර කිහිපයකට ශී- වෙනම් කියන චරිතයත් දැකගන්න ලැබුනා.
මේ අතරේ රයට් කියන චිත්‍රපටය පටන් ගැන්ම තුලදීම පැනගන්න සිම්බියෝට් ඩ්‍රේක්ට ඇතුල් වෙලා මේ දෙන්නට දෙන්නා එකග වෙනවා ඉතුරු සිම්බියෝට්ලා ටිකත් හොයාගෙන ඒ අයවත් පෘතුවියට ගේන්න. මේ දේ දැනගත්තයින් පස්සෙ ඩ්‍රේක් (රයට්) ගමන් කරන්න සූදානම් වෙච්ච යානය විනාශ කරවලා සිම්බියෝට් වගේම ධාරකයවත් මැරිලා යනවා. නැවත වතාවක් පුවත්පත් වාර්තාකරණයට එකතු වෙන එඩිට අවස්ථාවක් ලැබෙනවා ක්ලිටස් කැසඩි කියන දාමරික ඝාතකයා ඉන්න හිර ගෙදරට ගිහිල්ලා පත්තරේට සම්මුඛ සාකච්ච්ජාවක් කරන්න. කතාබහ අවසානෙදි ක්ලිටස් පොරොන්දු වුනා එයා හිරෙන් පැන්නහම කානේජ් ඇතිවෙනවා කියලා. මෙතන කානේජ් අදහස් කලේ දරුණු මිනිමැරුම් ගොඩක් වුනාට දෙවැනි චිත්‍රපටයට ‘කානේජ්’ කියන චරිතය එකතු වීමයි එතනදී තහවුරු කලේ.
IMDb 6.7/10ක් ලබා ගනිමින් ලොවපුරා සමස්ථ ආදායම විදිහට ඇ.ඩො.මි. 856ක් උපයාගන්න මුල් චිත්‍රපටය සමත් වෙනවා.
S O N Y’s S P I D E R-M A N U N I V E R S E
මේ වෙද්දී චිත්‍රපට එකතුවකින් සමන්විත වන විශ්වයන් හදුන්වන්න MCU, DCEU වගෙ නම් තිබුනත් SONY ආයතනය Venom චිත්‍රපටයෙන් ආරම්භ කරපු විශ්වයට හරිහමං නමක් මෑතක් වෙනකල්ම තිබුනෙ නැහැ. මෙතෙක් නිකුත් වෙච්ච Venom, Spider-Man: Into the Spider-Verse, Venom: Let There Be Carnage වගේම ලබන වසරේදී නිකුත් වීමට නියමිත Morbius, Spider-Man: Into the Spider-Verse 2 චිත්‍රපට ඇතුලත් වෙන විශ්වයත් නිල නමකින් හදුන්වන්න SONY ආයතනය තීරණය කරනවා “Sony’s Spider-Man Universe ” (SSU) නමින්. මීට කලිනුත් නම් කිහිපයකින්ම හැදින්වූවත් ඒ මුල් කාලින නම්වල නොගැලපීම්, විවේචනය වීම් නිසා තමයි “Sony’s Spider-Man Universe” විදිහට මේ වසරේ අගෝස්තු මාසයේදී නම් කරන්නෙ.
ඉතිං අදටත් ස්පයිඩර්-මෑන් හා සම්බන්ධ සම්පූර්ණ මාවල් චරිත 900කම ගිමිකාරිත්වය දරන SONY ආයතනය ලේසියෙන් පටන් ගත්ත වැඩේ අතහරින එකක් නැහැ කියලා විශ්වාස කරන්න පුලුවන් ඔවුන්ගෙ මේ වැඩ දිහා බලපුවාම.
කොමික් පසුබිම
චරිතේ හැදුනේ කොහොමද?
මාවල් කොමික් හරහා වෙනම්ගෙ චරිතය හදුන්වාදීමත් එක්ක මේ චරිතය සෑහෙන ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි කානේජ් (Carnage) කියන චරිතය නිර්මාණය වෙන්නෙ. David Michelinie, Mark Bagley දෙදෙනා යටතේ නිර්මාණය වෙන මේ චරිතය මුලින්ම කැමියො එකක් එහෙම නැත්තම් පුංචි මුහුණුවරක් විදිහට ගෙන එන්නෙ 1992 පෙබරවාරි මාසයේදී නිකුත් වූ The Amazing Spider-Man 359 වැනි කොමික් කලාපය හරහා. ඒවගේම සම්පූර්ණ මුහුණුවර රැගත් කානේජ්ව දැකගන්න ලැබෙන්නෙ 1992 වසරේ අප්‍රේල් මාසයේදී නිකුත් වූ The Amazing Spider-Man 360 වැනි කොමික් කලාපය හරහා.
කානේජ් (Carnage) නමින් හදුන්වාදීමක් සිදුවෙන්න කලින් මාවල් කොමික් වලින් මේ චරිතය හදුන්වාදෙන්න තීරණය කරපු නම් කිහිපයක්ම තියෙනවා. මුල්ම නම තමයි ‘Chaos’ කියන්නෙ. මේ නම චරිතයෙ ප්‍රතිරූපයට ගැලපුනත් නැවත වතාවක් නම වෙනස් වෙනවා ‘Ravage’ විදිහට. ඒත් මේ වතාවේ රැවේජ කිව්වම සුපිරි (විලන්) දුෂ්ටයෙකුගෙ ගතියක් මතු වෙන්නෙ නැති නිසා මාවල් කොමික් වලින් අවසානෙට තීරණය කරනවා ‘Carnage’ නම යොදාගන්න.
කොමික් පසුබිම
කවුද මේ සිම්බියෝට්ලා කියන්නේ? මේකට පිළිතුර මීට කලින් අරං ආව Venom සම්බන්ධ ලිපියෙන් පැහැදිලි කලා. ඒ නිසා කානේජ් ගැන කියවන්න කලින් සිම්බියෝට්ලා ගැන දැනගන්න නම් ඒ ලිපිය අනිවාර්යෙන්ම කියවන්න.
කවුද එතකොට මේ කානේජ් කියන්නේ?
කානේජ් කියන්නෙත් සිම්බියෝට් පවුලෙ ඉන්න දරුණුම හා ශක්තිමත් කෙනෙක්. මෙයාගෙ ධාරකයා වෙන්නෙ ක්ලිටස් කැසඩි. ක්ලීටස් කියන්නෙ සෑහෙන දරුණු අපරාධකාරයෙක්. අපරාධ කරන්න මෙයා පෙළඹෙන්නෙත් එයාගෙ ජානමය විදිහට බලපාපු නිසයි. 17’වැනි සියවසේදී කෝ(ර්)ට්ලන්ඩ් කැසඩි කියන්නෙ තාම ආදරවන්තිය වෙච්ච මොලී රේවන්ක්‍රොෆ්ට් එක්ක වෙස්ට්චෙස්ටර් ජනදපයෙ ජීවත් වූ දෙන්නෙක්. වතාවක් මේ මොලීව සිම්බියෝට්ලගෙ දෙවියන් කෙනෙක් විදිහට සලකන ‘නල්’ අදහන පිරිසක් පැහැරගෙන යනවා. මේ අයව හදුන්වන්නෙ ‘The Others’ නමින්. මේ මිනිස්සුන්ගෙ දරුණු බව නිසාම ගම්මු වුනත් කැමති වෙන්නෙ නැහැ මොලීව බේරන්න යන්න.
ඉතිං මේ ගමන තනියම ගිහිල්ලා කෝ(ර්)ට්ලන්ඩ් මොලීව බේරගත්තත් ඒ වෙද්දී ඔහුව ලිවින් ඇබිස් නොහොත් සිම්බියෝට්ලගෙ ග්‍රහණයට ලක් වෙලා ඒ වෙච්ච ආසාදනය නිසා එයා එලියට එන්නෙ වෙනමම පුද්ගලයෙක් වෙලා. මේ විදිහට උමතු වෙච්ච කෝ(ර්)ට්ලන්ඩ් පිස්සුවෙන් වගෙ දොවන්න, දකින දකින අයට බනින්න පටන් අරං අවසානයේදී ඒක නවතින්නෙ ඒ ගමේ හිටිය අට දෙනෙකුත් මරලා දාලා. මේ නිසාම ගම්මු එකතු වෙලා කෝ(ර්)ට්ලන්ඩ්ව එක්තරා තැනක හිර කරලා මෙතන එයාගෙ ආදරවන්තිය වෙච්ච මොලී රේවන්ක්රොෆ්ට්ගෙ නමේ අග කොටස එහෙම නැත්තම් රේවන්ක්‍රොෆ්ට් විදිහට හදුන්වනවා.
කාලෙකට පස්සෙ මොලී කෝ(ර්)ට්ලන්ඩ්ව බලන්න ආවහම එයා මොලීව මරලා දාලා එතනින් පැනලා යනවා. මොලීගෙ පරම්පරාවෙන් පැවත එන මුණුබුරෙක් වුන ජෝනාස් (ඩොක්ටර්) රේවන්ක්‍රොෆ්ට් පසුකාලීනව කලින් කෝ(ර්)ට්ලන්ඩ්ව හිර කරලා තිබුණු තැන මනෝචිකිත්සක සහය ලබාදෙන තැනක් ගොඩනගනවා ‘රේවන්ක්‍රොෆ්ට් ආයතනය’ නමින්. පසුකාලිනව ක්ලිටස් කැසඩි ඉපදෙන්නෙත් රේවන්ක්‍රොෆ්ට් කියන ආයතනය ඇතුලෙදිමයි. උපත ලබලා මොහොතකට පස්සෙ එයාගෙ අම්මා මැරෙනවා. මේ නිසාම ක්ලිටස්ව බලාගන්නෙ එයාගෙ ආච්චි විසින්. ඒත් එයාගෙ ආච්චි ක්ලිටස්ව කිහිප විටක්ම අපයෝජනය කරන නිසා, ක්ලිටස් එයාගෙ ආච්චිවත් පඩිපෙළකින් තල්ලු කරලා මරනවා. ඊටපස්සෙ ක්ලිටස්ව හදාවඩා ගන්නෙ රොස්කොව් වගේම ලුවිස් කියන එයාව හදාවඩාගන්න බාරගත්ත ජෝඩුවක්.
ක්ලිටස්ගෙ අලුත් අම්මට හිටිය ‘ෆිෆි’ නම් සුනඛයාවත් ඊටපස්සෙ ක්ලිටස් විසින් වදදීලා මරනවා. මේ නිසාම ක්ලිටස්ට ගහන්න ගත්ත නිසා වැරදීමක් වෙලා එයාගෙ අම්මව (ලුවිස්) අත්වැරදීමක් වෙලා තාත්තාගෙ (රොස්කොව්) අතින් මරණයට ලක් වෙනවා. මේ හැමදේමත් ක්ලිටස් දකිනවා. රොස්කොව්ව අත්අඩංගුවට පත්වෙලා එයාගෙ නඩුව සිද්දවෙන කාලයේදී ක්ලිටස්ව ‘St. Estes Home for Boys’ නම් වූ අනාථ නිවාස පරිශ්රයකට බාර දෙනවා. ක්ලිටස්ගෙ නොහොබිනා හැසිරීම් නිසා මේක ඇතුලදීත් එයා සෑහෙන අඩම්තේට්ටමට ලක් වෙනවා. මේ කාලය අතරතුරම ක්ලිටස් හිතින් ආදරේ කරන්න ගත්ත ගෑණු ළමයත් ක්ලිටස්ව ප්‍රතික්ෂේප කරපු නිසා ඇයව බස් එකකට හැප්පිලා මැරෙන්න තල්ලු කරලා පස්සෙ තමන්ට වද දීපු අනාථ නිවසේ ළමයි ටිකයි, එතන බාරව හිටිය කාන්තාවයි මරලා දාලා ‘St. Estes Home for Boys’ තැනට ගිණි තියනවා. කාලයත් එක්ක ක්ලිටස් දරුණු අපරාධකාරයෙක් වෙලා හිරගත නොකර පාලානය කරන්නම බැරි පුද්ගලයෙක් බවට පත් වෙනවා.
කානේජ් බවට පත්වෙන්නෙ කොහොමද?
තරුණ අවධිය වෙද්දී දාමරික මිනිමරුවෙක් වෙන ක්ලිටස්ව අන්තිමේදී සිරගත වෙනවා රයිකර්ස් අයිලන්ඩ් සිරගෙදර. මේ කාලයේ ස්ටයික්ස් සමග සටන් කරපු වෙනම් මරණයට ලක් වුනා කියලා විශ්වාස කරපු එඩි බ්රෝක්ටත් සිරගත වෙන්න සිද්දවුනා ඒ සාමාන්‍ය මනුස්සයෙක් විදිහට. එඩිට හමබෙන්නෙත් ක්ලිටස් හිටිය සිර මැදිරියෙම ඉන්න. එකම තැනකට වැටුනට පස්සෙ ක්ලිටස් හා එඩි දෙන්නා අතරේ ප්‍රශ්න මතුවෙලා මේ දෙන්නා නිතරම ගහගත්තා. මේ නිසාම ක්ලිටස් තීරණය කරනවා එක්තරා රෑක එඩිව මරන්න ඕන කියලා. ඒත් ක්ලිටස්ට ඒ අවස්ථාව ඒ මොහොතෙ ලැබෙන්නෙ නැහැ. මොකද මැරුණා කියලා හිතාගෙන හිටිය වෙනම් නැවත වතාවක් එඩි හිටිය දිහාවටම ඇවිල්ලා එඩිට ආයෙ එකතු වෙලා ස්පයිඩර්-මෑන්ගෙන් පලිගන්න අරමුණින් හිරෙන් පැනලා ගියා. හැබැයි වෙනම් එඩිව බේරගන්න එද්දී වෙනම් එයා ගැබ්ගෙන හිටියෙ.
ඔව්, ගැබ්ගෙන තමයි. කොමික් වලට අනුව, කාලයකට වතාවක් සිම්බියෝට්ලගේ ඇග ඇතුලෙ තමයි මේ විදිහෙ අපූරු දෙයක් සිද්දවෙන්නෙ. වෙනම්ගෙන් බිහිවෙච්ච පැටව් එහෙම නැත්තම් වෙනත් සිම්බියෝට්ලා හය දෙනෙක් ඉන්නවා. ඒ කානේජ්, ස්ක්‍රිම්, ලෑෂර්, ෆේජ්, ඇගනී හා රයට් කියලා.
Venom මුල් චිත්‍රපටයෙදී මේක පොඩ්ඩක් වෙනස් වෙනවා රයට් කියන්නෙ වෙනම්ගෙ නායකයා විදිහට හදුන්වන කෙනකේ කියලා. මේ ලිපිය ලියන්නෙ Venom: Let There Be Carnage එහෙම නැත්තම් දෙවන Venom චිත්‍රපටය නොබලා නිසා තවත් බොහොමයක් දේවල් චිත්‍රපටය ඇතුලෙ වෙනස් වෙලා තියෙන්න පුලුවන්.
එඩිව බේරගන්න එන වෙලාවේ වෙනම්ගෙ ඇගෙ නිර්මාණය වෙලා හිටිය අලුත් සිම්බියෝට් අර එඩි, ක්ලිටස් දෙන්නා හිටිය සිර කුටියෙ අලුත උපන් සිම්බියෝට්ව හැලිලා ආසන්නයේම තියෙන ධාරකයා එහෙම නැත්තම් ක්ලිටස්ට සම්බන්ධ වෙන්න උත්සහ කරනවා. ඔහුගෙ අත හරහා ගමන් කරලා මුලින්ම ලේ වලට සම්බන්ධ වෙලා අවසානෙදි මෙතෙක් නිර්මාණය වූ ඝාතක යන්ත්‍රය ‘කානේජ්ව’ නිර්මාණය වෙනවා. එතනින් පස්සෙ මාස ගණනාවක්ම මිනි මරමින් ඒ මරපු අයගෙ ලේ වලින් ‘Carnage Rules’ එහෙම නැත්තම් මේ ඝාතනය කිරීම් වලට තමන් විශිෂ්ටයි යන අදහස ඉතීරි කරමින් ගිහින් තියෙනවා.
ඉතිරියත් කියවන්න කැමති නම් මෙතනින් ගිහින් කියවන්න>>>
V E N O M L E T T H E R E B E C A R N A G E
Tom DeFalco, J.M. DeMatteis, Terry Kavanagh, David Michelinie යන අයගෙ එකතුවෙන් ගොඩනැගුනු යන 1993 මැයි කාලයේ සිට අගෝස්තු දක්වා කොටස් 14 ඔස්සේ ප්රකාශනය වුනු Maximum Carnage චිත්‍ර කතාව තමයි Venom: Let There Be Carnage චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. මේක සිම්බියෝට්ලා විතරක් සම්බන්ධ වෙන කතාවක් නම් නෙවෙයි. සුපර්හීරෝලා ගණනාවක්ම එකට එක්කාසු කරලා නිර්මාණය වුන ක්‍රොස්ඕවර් කොමික් එකක්. කානේජ්ගෙ ප්‍රධාන කතාව ගොඩනගන්න මේ කතාව පාදක වෙද්දී මීට අමතරව 1994 වසරේදී විකාශය වූ Spider-Man ඇනිමේෂන් කතාමාලාවත් වගේම මේ කතාමාලාව ඇසුරින් නිර්මාණය වූ The Venom Saga නම් චිත්‍ර කතාවත් පාදක කරගෙන තමයි අද අරගෙන එන චිත්‍රපටයෙ කතාව ගොඩනැගිලා තියෙන්නෙ.
අධ්‍යක්ෂකවරයෙකුට වඩා රංගන ශිල්පියෙකු ලෙස ජනප්‍රියත්වයක් උසුලන Andy Serkis විසින් තමයි මේ වතාවේ දෙවැනි Venom සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2021 අගෝස්තු 01’වැනිදා නිකුත් වුන මේ සිනමාපටය හරහා මුල් සිනමාපට ද්විත්වය හරහා දකින්න ලැබුණු මුහුණු අතරින් Tom Hardy, Michelle Williams, Woody Harrelson, Reid Scott යන අය විතරයි මේ වතාවේ දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම පසුගිය චිත්‍රපටයෙ එඩි බ්රෝක්ගෙ චරිතය රගදක්වලා වෙනම්ගෙ චරිතයට හඩකැවීම් කල ටොම් හාඩ් මේ වතාවෙදි Kelly Marcel සමග මේ චිත්‍රපටයෙ පිටපත සහය රචනයටද එක් වී තිබෙනවා. මේ සිනමාපටය සදහා IMDb දර්ශකයේ 6.5/10 ක අගයක් ලැබිලා තියෙනවා. ඇ.ඩො.මි. 110 කින් නිර්මාණය වුන මේ සිනමාපටය 2021 ඔක්තෝබර් 11 වෙද්දී ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඇ.ඩො.මි. 427ක මුදලක් උපයා ගන්නට සමත් වෙලා තියෙනවා.
ඊළගට චිත්‍රපටය තව තවත් අලංකාර කරන පසුබිම් සංගීත කටයුතු සදහා මේ වතාවේ දායක වෙලා තියෙන්නේ Logan (2017) චිත්‍රපටයේ පසුබිම් සංගීත යෙදු Marco Beltrami මේ චිත්‍රපටයෙ කටයුතු සදහාද දායක වෙලා තියෙනවා. සංගීතය ගැන කතා කරද්දී තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඕනෑම චිත්‍රපටයක් වෙනුවෙන් ලස්සන ගීත ටිකක් එක්කාසු කිරීම චිත්‍රපටයට ලොකු දායකත්වයක් ලබාදෙනවා. ඉතින් වෙනම් මුල් චිත්‍රපටය වෙනුවෙන් “Venom” නම් ප්‍රධාන ගීතය නිර්මාණය වෙන්නේ ලෝක ප්‍රසිද්ධ රැප් සංගීත වේදියෙකු, ගීත රචකයකු වන එමිනෙම්ය. මේ වතාවෙදිත් එමිනෙම් සහය දායකත්වය ලබාදෙන්නෙ Aquaman, Fifty Shades of Grey වැනි ජනප්‍රිය චිත්‍රපට වෙනුවෙන් ප්‍රධාන ගීත ගායනා කල Skylar Grey සමගයි. මේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ ‘Last One Standing’ ගීතය මේ වන විට මිලියන 8.3ක අධික සංඛයාවක් ගීතය යූටියුබ් තුල නරඹා තිබෙනවා.
කානේජ් කියන්නෙ පණ තියෙන ඝාතක යන්ත්‍රයකට සමාන වුනත් දෙවන වතාවටත් චිත්‍රපටය R-Rated චිත්‍රපටයක් වෙනුවට PG-13 චිත්‍රපටයක් විදිහටයි නිර්මාණය වී නිකුත් වෙන්නෙ. ඒ MCU චිත්‍රපට මෙන් සාර්ථකත්වයක් ලබාගැනීමට දරපු උත්සහයක් විදිහටයි. කොටින්ම චිත්‍රපටයෙ නිකුත් කිරීම 2022 වනතාක් කල් දාන්න ඔන්න මෙන්න තිබිලා Shang-Chi and the Legend of the Ten Rings මාවල් සිනමාපටය ලබාගත් සාර්ථකත්වය නිසාමයි මේ චිත්‍රපටය මේ වසර ඇතුලත නිකුත් වුනේ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ චිත්‍රපටය අවසන් වෙද්දීම නවත්තන්නෙ නැතුව බලන්න. මොකද හරිම මුල් කතාව නොදී නිර්මාණය වුන වෙනම්-එඩිගෙ කතාව හරියටම සම්පූර්ණ කරගන්න අවශ්‍ය අඩිතාලම දාලා දෙන්නෙ මේ චිත්‍රපටයෙ අවසානෙදි දකින්න ලැබෙන පසු දර්ශන (පෝස්ට් ක්‍රෙඩිට්) වලින්. මතකතියාගන්න ඒ හැමදේටම ස්තුතියක් ලැබෙනවනම් ලැබෙන්න ඕන සිල්විට හා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට! ?
දැන් ඉතින් මේ කියෙව්වා මදැයි නේද?! මේ සිනමාපටයත් නරඹන්න ආරාධනා කරමින් මම එහෙනම් මෙතනින් නවතිනවා. ගිහින් එන්නම්. ජය!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමර සම්පත් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීම පරිදි කල තවත් චිත්‍රපටයක් අරගෙනයි. මේ තමයි මාවල් කොමික්ස් රසිකයන් හැමදෙනෙක්ම බොහොම ආසාවෙන් බලාගෙන හිටපු Venom (2018) චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයෙ උපසිරැසිය මට බාරදීම ගැන කවීෂ සහෝදරයට ස්තූතිවන්ත වෙන අතරෙම චිත්‍රපටය පැත්තට යන්න කලින් කියන්න තියෙන්නෙ ඉතාම කණගාටුදායක ආරංචියක්.
ඔබ හැමෝම දන්නවා ඒ තමයි මේ Venom චරිතයේ නිර්මාණකරුවා නොවුණත් මාවල් කොමික්ස් ලෝකයේ චරිත බොහොමයකම නිර්මාණකරු හෝ සම නිර්මාණකරුවෙක් වුණ ස්ටෑන් ලී මහතාගේ අභාවය. වසර ගණනාවක් පුරාවට ත්‍රාසය, කුතුහලය, ශෝකය, සතුට සමග හාස්‍යයද මුසුකර අපව රසවත් කල ඔහු ගැන වචනයක් සඳහන් නොකිරීම සුදුසු නොවන නිසා අපේ ඇඩ්මින් මඩුල්ලත් මමත් තීරණය කලා ඔහු වෙනුවෙන් යම් විශේෂයක් කරන්න. ඒ වෙනුවෙනුයි ලිපියේ මේ කොටස වෙන් වෙන්නෙ!
අප ඔහුව හඳුනන්නෙ ස්ටෑන් ලී ලෙස වුණත් ඔහුගේ සැබෑ නාමය ස්ටැන්ලි මාටින් ලීබර්. රොමේනියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණිකයෙකු ලෙස පැමිණි වෘතියෙන් ඇඳුම් කපන්නෙකු වූ යුදෙව් ජාතික පියෙකුට දාව මෑන්හැටන්හීදී ඔහු උපත ලබන්නේ 1922 වසරේ දෙසැම්බර් 28 වන දින. ඔහුගේ ලමාකාලයනම් ඉතාම අගහිඟකම් මැද්දේ ගෙවුණ එකක් ලෙසයි සඳහන් වෙන්නෙ. කුඩාකාලයේ වීර වෘතාන්ත සහ නාට්‍යවලට ප්‍රියකල ස්ටැන්ලිට 1939 වසරේදී ටයිම්ලි කොමික්ස්හි (පසුව ඇට්ලස් කොමික්ස් සහ මාවල් කොමික්ස්) කාර්යාල සහායකයෙකු සහ පුහුණුවන්නෙකු ලෙස රැකියාවක් හිමිවෙනවා සතියකට ඩොලර් 8ක චේතනයකට. ඉන් වසර දෙකකට (1941) පසු ජැක් කිර්බිගේ සහ ජෝ සයිමන්ගේ කැප්ටන් ඇමරිකා #3 කොමික් පොතට හදිසියේ කතාවක් ලියන්නට ඔහුට අවස්ථාව ලැබෙනවා එය නම් වෙන්නෙ “Captain America Foils the Traitor’s Revenge.”නමින්. ඉදිරියේදී ලේඛකයෙකු වන්නට සිතාගෙන සිටි ස්ටැන්ලි කතාවට තම සැබෑ නම නොයොදා ‘ස්ටෑන් ලී’ ලෙස ආරූඪ නාමයක් යොදනවා. ඉන්පසු තාවකාලිකව ටයිම්ලි කොමික්ස්හි සංස්කාරකවරයා ලෙසද ඔහු පත්වෙනවා. ඉන්පසු 1942 දෙවන ලෝක යුධ සමයේදී හමුදා සේවයට එක්ව යුද්ධයෙන් අනතුරුව නැවතත් පැමිණෙන ඔහු බ්‍රිතාන්‍ය ඇමරිකානු නිරූපණ ශිල්පිනියක්වූ ජොඈන් බී. ලී හා විවාහ වනවා. ඒ 1947 වර්ෂයේදී. ඉන්පසුව ඒ වනවිට ඇට්ලස් කොමික්ස් ලෙස නාමය වෙනස් කරගෙන සිටි ටයිම්ලි කොමික්ස්හි සංස්කාරක තනතුරටම නැවත එක්වෙනවා. එකල කොමික්ස් දැවැන්තයා වූ DC කොමික්ස් හා කරට කර තරඟ කරන මේ ස්ටෑන් ලීට ඒ කාලයේ ඒතරම් හොඳ පිලිගැනීමක්නම් ලැබී නෑ උසස් යැයි සම්මත සාහිත්‍ය-කරුවන්ගෙන්. ස්ටෑන් ලීම වරෙක ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතට පවසා තිබෙනවා “ඔවුන් එකල මා මගහැරියා… නමුත් අද එය ඉතාම වෙනස්” යනුවෙන්. කෙසේ හෝ මේ ඇට්ලස් කොමික්ස් පසුව අද අප හොඳින් දන්නා මාවල් කොමික්ස් බවට පත්වෙනවා 1960 වසරේදී. ඉන්පසු තම පැරණි කොමික් කලා සගයන් වූ ජැක් කිර්බි සහ ස්ටීව් ඩිට්කෝ සමග අප ආදරය කරන මාවල් කොමික්ස් චරිත ගණනාවක නිර්මාණකරුවූ ස්ටෑන් ලී ඉන්පසුව එහි සභාපතිවරයාද වන අතර කාලයාගේ ඈවෑමෙන් පදවියෙන් ඉවත්ව සමාගමේ ප්‍රචාරණ කටයුතුවල යෙදෙනවා. කෙසේ හෝ පෙර දැඩි ලෙස විවිධ මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිව සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සෞඛ්‍ය තත්වය කෙමෙන් කෙමෙන් පිරිහී යනවා (ඔහු ඈන්ට් මෑන් ඇන්ඩ් ද වොස්ප් චිත්‍රපටයේ තම සුළු චරිතයේ දෙබසෙදි කියන්නෙ ඒ දේ). 2017 වසරේ ජූලි 6වන දින සිදුවූ තම ආදර බිරිඳවූ ජොඈන් ලීගේ මරණයෙන් වසරකට මදක් වැඩි කලකට පසු මේ වසරේ එනම් 2018 වසරේ නොවැම්බර් 12 වන දින මේ අපූරු කළාකරුවා අභාවයට පත්වනවා ලොස් ඇන්ජලීස්හි රෝහලකදී, එවිට ඔහුගේ වයස අවුරුදු 95ක්. වසර ගණනාවක් පුරාවට තම නිර්මාණවලින් චරිතවලින් සහ තමන්ගේම වූ සුළු චරිතවලින් අපව රසවත් කල ස්ටෑන් ලී, ඔබට බොහොමත්ම ස්තූතියි!
චිත්‍රපටය පැත්තට යන්න කලින් මම හිතුවා මේ වෙනොම් චරිතය ඔබට ටිකක් අඳුන්වා දෙන්න. කවුද මේ වෙනොම් කියන්නෙ? කොමික්ස්වලට අනුව මේ වෙනොම් කියන්නෙ පිටසක්වල ජීවියෙක්. මේ ජීවියගෙ තියනව විශේෂත්වයක්, ඒ තමයි මේ ජීවියා පරපෝෂිතයෙක්. තමන්ට සුදුසු ධාරක ජීවියෙක් සොයාගෙන, ඒ ජීවියාගේ සිරුරට ඇතුල්වී, එයට අනුගතව, ඒ ජීවියා සතු හැකියාවන් උකහා ගෙන, ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවියාව ක්ෂය කරමින් ජීවත්වෙන ජීවියෙක්. මේ අන්‍ය ජීවයකට අනුගතව ඒ හා ජීවත්වීමේ හැකියාව නිසා මේ පිටසක්වල ජීවියා හැඳින්වෙන්නෙ සිම්බියෝට් (Symbiote) නොහොත් සහජීවියා නමින්. ඔබ මේ සිම්බියෝටයාව මුලින්ම දකින්නෙ 2007 වසරේ තිරගතවූ Spider Man-3 චිත්‍රපටය තුලින්. පීටර් පාකර් එහෙමත් නැත්නම් ස්පයිඩර් මෑන්ට තමයි මේ සිම්බියෝටයාව හමුවෙන්නෙ. ඔහුට නොදැනීම සිම්බියෝටයා ඇතුල්වෙනවා ස්පයිඩර් මෑන්ගෙ ඇඳුමට (අමතකනම් මෙය නරඹන්න). එයින් එතෙක් රතු සහ නිල් පැහැයෙන් තිබූ ස්පයිඩර් ඇඳුම සුදුපැහැති ස්පයිඩර් ලාංජනයක් සහිත කළු පැහැය ගත් ඇඳුමක් බවට හැරෙනවා. මේක හඳුන්වන්නෙ ස්පයිඩර් බ්ලැක් සූට් නමින්. මේ නව ඇඳුම භයානක ජීවියෙක් බව නොදන්නා පීටර් එය වැඩිය ගණනකට ගන්නෙ නෑ. අනිත් කාරණය ඔහුට තිබුණ බලයනුත් වැඩිවෙනවා මේ නව ඇඳුම නිසා. ඔබ දන්නවනෙ පීටර් පාකර් අධ්‍යාපන වියදම් සොයාගැනීම සඳහා ඩේලි බග්ල් පුවත්පතේ වාර්තාකරුවෙක් ලෙස සේවය කලා. ඔහු ප්‍රධාන වශයෙන්ම කලේ ස්පයිඩර් මෑන්ගෙ ඒ කියන්නෙ තමන්ගෙම රහස් අනන්‍යතාවයේ ජායාරූප පුවත්පතට සපයා මුදල් ලබාගැනීම. හැබැයි මේ බ්ලැක් සූට් එක කෙමෙන් කෙමෙන් පීටර්ගේ පාලනය තමන් අතට ගන්නවා. ඔහුගේ අහිංසක ගතිගුණ කෙමෙන් වියැකී යනවා. ඔන්න ඔය අතරෙ තමයි පසුව මේ ජීවියාගේ උරුමකරු වෙන එඩී බ්‍රොක් නම් පුවත්පත් ඡායාරූප ශිල්පියා මේ කතාවට සම්බන්ධ වෙන්නෙ, ඔහු සේවය කරන්නෙ පීටර් සේවය කරන ඩේලි බග්ල් පුවත්පතේ ප්‍රධාන තරඟකරුවන ඩේල් ග්ලෝබ් පුවත්පතේ. ඇත්තටම මේ දෙදෙනාම එකට වැඩ කරනවා කාලයක්. කොහොමහරි මේ එඩී බ්රෝක් ටිකක් ආත්මාර්ථකාමී මානසිකව අස්ථාවර චරිතයක්, කොමික්ස්වල තියන විදියට ඔහුව පිළිකුල් කල පියා නිසා ඔහුගේ ළමාකාලය දුක්ගැහැටවලින් පිරුණ එකක්. කොහොමහරි පුවත්පතේ ස්ථිර ඡායාරූප ශිල්පී තනතුර ලබාගැනීමේ අරමුණින් එඩී බ්රෝක් ව්‍යාජ ලෙස සැකසූ ඡායාරූප පවා පුවත්පතට ලබාදෙනවා මේ නව කළු ස්පයිඩර් මෑන් නොහොත් පීටර් පාකර් අපරාධකරුවෙකු ලෙසින් පෙන්වීමට. නමුත් පීටර් ඔප්පුකොට පෙන්වනවා ඔහු පුවත්පතට සපයන්නේ සාවද්‍ය තොරතුරු බව. එයින් සිදුවෙන්නෙ එඩී බ්‍රොක්ගේ රැකියාව අහිමි වී ඔහුට තිබූ පිළිගැනීමද නැතිව ගොස් ඔහුගේ තනතුර පීටර්ට හිමිවීමයි. මේ හේතුව නිසා එඩී පීටර් සමග වෛර බැඳගන්නවා. මේ එක්කම වගේ තමයි පීටර් තේරුම්ගන්නෙ මේ නව ඇඳුම තමන්ව ක්‍රම ක්‍රමයෙන් දරුණු පුද්ගලයෙක් බවට පත් කරන බව. දෙව්මැදුරක ඝණ්ඨාර කුළුණ වෙත ගොස් තම ආක්‍රමණශීලී ඇඳුම ගලවා ඉවත් කරන්න උත්සාහ කරන පීටර් අතින් ඝණ්ඨාර නාද වෙනවා, එතනදියි ඔහු දැනගන්නෙ මේ සිම්බියෝටයා නොහොත් බ්ලැක් සූට් එක අධි සංඛ්‍යාත ශබ්ද තරංග ඇසෙන විට දුර්වල වන බව, මේ ක්‍රමය උපයෝගී කරගනිමින් ඔහු පටන්ගන්නවා එය ඉවත්කිරීමට. ඒ අතරෙ රැකියාව අහිමිව අසරණව සිටින එඩී බ්රොක්ද මේ දෙව්මැදුර වෙත එනවා මේ වෙලාවෙම. ඔහු දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා පීටර් පාකර්ව මරා දමන ලෙස. එවිටම අහම්බයෙන් පීටර් ඝණ්ඨාරය නාද කරන අතර ඒ හඬට ඉහල බලන ඔහු දකින්නේ පීටර්ව. අවසානයේ ඉතාම අසීරුවෙන් පීටර් බ්ලැක් සූට් එක ඉවත්කරගන්නා අතර, එය කෙලින්ම වැටෙන්නේ පහල සිටි එඩීබ්රොක්ගේ ඇඟට (අමතකනම් මෙය නරඹන්න). තමාව ඉවත්කිරීම නිසා කෝපවන සිම්බියෝටයා එඩී හරහා පීටර්ව විනාශ කිරීම අරඹනවා. එතනින් තමයි වෙනොම්ගේ උපත සිද්ධවෙන්නෙ. චිත්‍රපටයේ අවසන් සටනේදී එඩීගෙන් වෙනොම් නොහොත් සිම්බියෝටයාව ඉවත් කරගෙන එය විනාශ කරන්නට පීටර් උත්සාහ කරන නමුත් එය වැළැක්වීමට එතනට පනින එඩී මියයනවා (අමතකනම් මෙය නරඹන්න). එහෙමයි Spider Man-3 අවසන් වෙන්නෙ.
Venom (2018)
ඔබ දන්නවා මේ Venom (2018) චිත්‍රපටය එන්නෙ සෝනි- මාවල් වර්ස් හරහා. මේ Venom හා Spider Man- 3 අතර පැහැදිලි සම්බන්ධයක් නෑ පොඩි පොඩි ඉඟි කීපයක් හැරුණුකොට ඒ වගේම ස්පයිඩර් මෑනුත් නොමැතිව Venomටම වෙන්වූ චිත්‍රපටයක් ලෙසයි මෙය නිකුත් වෙන්නෙ (හැබැයි තාම ලොකු දෙයක් කියන්නත් අමාරුයි දැනට තියෙන්නෙ කැමරා පිටපත් පමණක් නිසා. ඒවයෙත් විනාඩි 20ක පමණ කොටසක අඩුවක් තිබෙන අතර ක්‍රෙඩිට් දර්ශන කිසිවක් අඩංගු නෑ). හැබැයි මේ චිත්‍රපටයේදීත් වෙනසක් නෑ එඩී බ්රෝක් කියන්නෙ මාධ්‍යවේදියෙක්, හැබැයි රූපවාහිනී. කොහොමහරි ඔහු පුවත්පතේ රාජකාරි කල බව සහ එහිදී ඇතිවූ අර පෙරකී ගැටළුව චිත්‍රපටය මුල් භාගයේ තැනක සඳහන් වෙනවා. කොහොමහරි පෙර චිත්‍රපටයට අනුව සිම්බියෝටයාව හමුවෙන්නෙ මුලින්ම ස්පයිඩර් මෑන්ට සහ දෙවෙනියට එඩී බ්‍රෝක්ට වුණත් මේ චිත්රපටයටයෙදි එය වෙනස් වෙනවා ස්පයිඩර් මෑන් නැති නිසා. ඒ කියන්නෙ සිම්බියෝටයාව කෙලින්ම එඩී බ්‍රෝක්ට හමුවෙනවා යම් සිද්ධි දාමයක් හරහා (කොමික්වලදිනම් මෙය මුලින්ම හමුවෙන්නෙ ඩෙඩ්පූල්ටලු). අනිත් කාරණය සුදු ස්පයිඩර් ලාංජනයත් නෑ වෙනොම්ගෙ ඇඟේ, හැබැයි ස්පයිඩර්ගෙන් උකහාගත්ත හැකියාවන්නම් මේ වෙනොම් ලඟත් ඉතිරිව තියනවා. කොහොම බැළුවත් මෙය වෙනම ගමනක් යන බව තමයි ඉතිං පේන්න තියෙන්නෙ. එහෙම වෙනවනම් හොඳයි. මොකද විචාරකයන් කොච්චර මේ චිත්‍රපටය විවේචනය කලත් Spider Man-3 හි වෙනොම්ට රඟපෑ ටොෆර් ග්‍රේස් කියන විදියටම වෙනොම් චරිතයට ඉන්න හොඳම සුදුස්සාට තමයි මෙවර චරිතය ලැබිල තියෙන්නෙ. ටොම් හාඩි මේ වෙනොම් සහ එඩී බ්රෝක් චරිත ද්විත්වයම ඉතාම සාර්ථකව කරල තියනව මටත් පේන විදියට. අනිත් එක Spider Man-3 තුලින් අසාර්ථක ලෙස ඉදිරිපත්කල වෙනොම් චරිතයට මේ චිත්‍රපටය තුලින් පැහැදිලි ආරම්භයක් දීල තියනව. කොහොමහරි ඉදිරියෙදි තමයි බලන්න වෙන්නෙ මේක කොහොමද ඉදිරියට යන්නෙ කියල (ලිපිය ලියන්න ගිහිල්ල මටත් පැටලුණාද මන්ද). හරි අපි දැන් බලමු චිත්‍රපටයෙ විස්තර…
රූබන් ෆ්ලේෂර් අධ්යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ Venom (2018) මේ වනවිට ලබා ඇති IMDB අගය 7.0ක්. ඊට අමතරව Rotten Tomatos වෙතින් 29%ක් සහ මෙටාක්‍රිටික් වෙතින් 35%ක අගයක්ද ලබාගෙන තිබෙනවා මෙය. ලබා ඇති ගූගල් පරිශීලක ප්‍රසාදය 95%ක්. රංගනයෙන් දායක වෙන්නෙ ටොම් හාඩි (එඩී බ්‍රොක්/වෙනොම්-හඬ), මිෂෙල් විලියම්ස් (ඈන් වේන්), රිස් අහ්මඩ් (කාල්ටන් ඩ්‍රේක්/රයට්), ජෙනී ස්ලේට් (ආචාර්ය ඩෝරා ස්කර්ත්), රීඩ් ස්කොට් (වෛද්‍ය ඩෑන් ලුවිස්), ඇතුළු පිරිසක්. කතාව මෙහෙමයි…
චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ලයිෆ් පදනම නම් අභ්‍යවකාශ ගවේෂණ සහ විද්‍යා පර්යේෂණ ආයතනයකින් ගුවන්ගත කොට ජීවී සාම්පල කීයපක් රැගෙන ආපසු එන LF-1 නම් අභ්‍යවකාශ යානයක් හදිසියේ කඩාවැටීමකින්. එතනින් එක් ජීවීයෙක් පැනයනවා. එඩී බ්‍රොක් කියන්නෙ රූපවාහිනී ගවේෂණ වාර්තාකරුවෙක්. ඔහු නිතරම සමාජ අසාධාරණයන්, දූෂිත දැවැන්තයන් පස්සෙ එලවනවා “එඩී බ්‍රොක් රිපෝට්” නම් තම රූපවාහිනී වැඩසටහන හරහා. ඔහුගේ පෙම්වතිය තමයි ඇනී වේන්, ඇය නීතීඥවරියක්, දෙදෙනා ඉදිරියේදි විවාහ වන බලාපොරොත්තුවෙන් ඉන්නෙ. කොහොමහරි ඇයගේ පරිගණකයේ තිබී එඩී දකිනවා ඇය සේවය කරන නීතීඥ සමාගම ලයිෆ් පදනමේ නඩුවලට පෙනී සිටින බව. ඔහු ඒ නඩු ගොණු සියල්ල ඇයට හොරෙන් බලනවා. කොහොමහරි එදාම එඩීට අර පෙරකී යානාව කඩාවැටීම සම්බන්ධව ලයිෆ් පදනමේ අධිපති කාල්ටන් ඩ්‍රේක් සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීමට අවස්ථාව ලැබෙනවා. යානාව ගැන පමණක් විමසා වැඩි වැඩ නොකර එන ලෙස පැවසුවත් එඩී කරන්නෙ තමන් ඇනීගේ පරිගණකයෙන් සොයාගත් කරුණුද සමග කාල්ටන් ඩ්‍රේක් කරන පරීක්ෂණ කටයුතු ගැන විමසන්නට යාමයි… එඩී බ්‍රොක්ට මොනවා වෙයිද, කාල්ටන් ඩ්‍රේක් කියන්නෙ කවුද, අභ්‍යවකාශයෙන් ගෙනා ජීවියො කවුද, කාල්ටන්ගේ පරීක්ෂණවල ඇති රහස කුමක්ද, මේ ප්‍රශ්ණ සියල්ලටම පිළිතුරු සෙවීම ඔබට බාර කරමින් මම නවතින්නම්. ලිපියෙ ගොඩක් තොරතුරු ගත්තෙ අන්තර්ජාලයෙන් වැරදි ඇතොත් කමෙන්ට් මගින් නිවැරදි කරන්න. ලඟදීම හමුවෙමු තවත් උපසිරැසියක් සමගින්.
වීඩියෝ පිටපත :- BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර පෙර HD සහ WEBRip පිටපත්වල නොතිබූ දෙවන ක්‍රෙඩිට් දර්ශනය මෙහි ඇතුලත්ය.
විශේෂ :-
ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ හසිත ප්‍රසාද් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න