Sundeep Kishan – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 12 Apr 2025 14:44:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sundeep Kishan – SinhalaSub https://sinhalasub.lk 32 32 Mazaka (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mazaka-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mazaka-2025-sinhala-subtitles/#respond Sat, 12 Apr 2025 07:07:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98195 Mazaka SinhalaSub
Mazaka Sinhala Subtitles
Mazaka 2025 Sinhala Sub
Mazaka (2025) Sinhala Sub
Mazaka (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/mazaka-2025-sinhala-subtitles/feed/ 0
Ninu Veedani Needanu Nene (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/#comments Sun, 24 Nov 2024 11:58:47 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14616 මේ ෆිල්ම් එක 2019 එකක්   තෙළිඟු ,ආදර ත්‍රාසජනක කොටසට අයිතිවෙන මේ සිල්ම් එක imdb 7.1  ලගන්න සමත්වෙලා තියෙනවා.අධ්යක්ෂණය  කාර්තික් රාජු වන අතහැර සුන්දීප් කිෂාන් , ආන්යා සිං , ප්‍රගති තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිර්මාණ කරන්නේ. ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවානම් මේකේ දෙන්නා දවසක් යනවා ගමන්ක් ඉතින් යන කොට යන පාරේ අනතුරණක් නිසා මෙයාලට යන්න වෙනවා වෙන පාරකින් ,ඒ පාරෙන් යනකොට මේ දෙන්නව අනතුරකට පත් වෙනවා.ඉතින් වාහනේ ඇතුලෙම ටික වෙලාවක් මේ දෙන්නා සිහිය නැතිවෙනවා .ඊට පස්සේ වෙන කොටස මන් නොකියා ඉන්නම් .කිවුවා නම් එතන ගතිය නැති වෙන වානේ.මේකයි ඊට පස්සේ මෙයාල යනවා ,ගිහින් උදේ කන්නාඩියෙන් මුණ බලනකොට පෙන්නේ වෙනේ කෙනෙක් !!! 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/feed/ 1
Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/raayan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/raayan-2024-sinhala-subtitles/#comments Fri, 23 Aug 2024 13:30:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73336 Raayan Sinhala Sub
Raayan Sinhala Subtitles
Raayan (2024) Sinhala Sub
Raayan (2024) Sinhala Subtitles

කතාව පොඩ්ඩක් කියන්නම්

කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ.. මෙයාගේ සහයට මෙයා පොඩි කාලේ ඉදන්ම ලගින් ඉන්නෙ සේකර් අයියා.. මෙයාගේ එක මල්ලි කෙනෙක් තමයි මුත්තුවේල් කියන්නෙ, කිසිම වැඩක් පලක් නොකර ගෙදරින් කකා අනවශ්‍ය ප්‍රශ්න ගැටුම් දාගන පොලිසි ගානේ යන පොරක්.. ඔහොම අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව පාඩුවේ පවුල ඒවගෙන් ඈත් කරනගෙන ඉන්න රායන්ට, මුත්තුවේල් අරගෙන එනවා ලොකු ප්‍රශ්නයක්.. ඒ බාර් එකක සිද්ද වෙන සිද්දියක් අතරේ ඒ පළාතේ ලොකු මැරයෙක් වෙච්ච දොරෙයි කියන පුද්ගලයගේ පුතාගේ මරණය.. මේ මරණය වෙන්නේ මුත්තුවේල් අතින් නොවුනත් එයාව ඒකට පැටලෙනවා.. මේ සිද්දිය නිසා කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව ඉන්න රායන්ට දොරෙයිව මරන්න සිද්ද වෙනවා.. හොදට තිබුන පවුලට එකපාරටම හෙනයක් ගැහුවා වගේ වෙන්නේ ඔන්න ඔතන ඉදන්..

මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/raayan-2024-sinhala-subtitles/feed/ 6
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/#respond Sat, 09 Mar 2024 02:00:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67523 Ooru Peru Bhairavakona Sinhala Sub
Ooru Peru Bhairavakona Sinhala Subtitles
Ooru Peru Bhairavakona (2024) Sinhala Sub
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles

ආයුබෝවන් ඔයාල හැමෝටම!

ඔන්න අද අරගෙන ආවෙ ගොඩක් අය ඉල්ලන ෆිලුමක්.. ඒ තමයි Ooru Peru Bhairavakona කියන අද උදේ OTT රිලීස් වෙච්ච තෙලිගු ෆිලුම..සුපුරුදු විදිහට වැඩේ බාරදුන්නු සමිත අයියටයි, කවරෙ හදල දීපු උචිනි අක්කටයි ස්තූති කරගෙනම හෑල්ල දිහාට යංකො..

මේ සුපිරි තෙලිගු සිනමා සිත්තම නිකුත් වෙන්නෙ 2024 පෙබරවාරි 16 වෙනිදා.. මේක අයත් වෙන්නෙ fantasy / Horror / thriller / Action කියන කැටගරි එකට.. ටිකක් වෙනස් විදිහෙ අමුතු තේමාවක් ඔස්සෙ තමයි කතාව ගලාගෙන යන්නෙ නම්..

ඔයාලට මතකද 2023 ආපු Virupaksha කියන තෙලිගුව.. අන්න ඒ වගේ ස්ටෝරි එකක් තමයි මේකෙත් තියෙන්නෙ.. ආත්ම එක්ක තමයි මුළු කතාවම යන්නෙ.. මිස් කරගන්නෙ නැතුව බලන්න කියල අනිවා කියනව.. මොකද පට්ට ස්ටෝරි එකක් තියෙන්නෙ..

මේක අධ්‍යක්ෂණය කරන්නෙ Vi Anand කියන අධ්‍යක්ෂකවරයා.. ඒවගේම ගොඩක් දෙනෙක් මේක බලන්න පෙලබෙන්නෙ කවුරුත් ආදරේ කරන දක්ෂ නළුවා Sundeep Kishan ඉන්න එකනේ.. මේක මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු දෙවනි ෆිලුම..
මොකද අපේ දනුෂ්ගෙ Captain Miller 2024 ටැමිල් ෆිලුමෙත් මෙයා හිටියනෙ.. ඒවගේම ඔන්න ඊලගට දනුෂ්ගෙම මේ අවුරුද්දෙ එන්න තියෙන Raayan 2024 ෆිලුමෙත් මෙයා ඉන්නව කියල නිළ වශයෙන් දැනුම් දීල තියෙනව.. ඒකත් කට්ටියට හොද ආරංචියක් වෙයි..

අවංකවම මට නම් සන්දීප්ගෙ Michael 2023 ෆිලුමට වඩා නම් මේක සෙට්.. ඒක අනවශ්‍ය විදිහට ඇක්ෂන් දාල නිකන් KGF ලයිට් වර්ශන් කරන්න ගිහින් තිබ්බනෙ.. මේක නම් හොද ත්‍රිලර් ගතියට ගැම්මක් එක්ක තිබුනා..

ඊටපස්සෙ මේකෙ ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් දෙනෙක් තලපතිගේ Bigil 2019 ෆිලුම හරහා ගයාත්‍රි විදිහට අදුනගත්තු අර චූටි කෙල්ල, Varsha Bollamma..මෙයාගෙත් හරිම ලස්සන රංගනයක් ෆිලුම පුරාවමට තිබුණා.. ඒවගේම තෙලිගු සිනමාවෙ ගොඩක් ෆිල්ම්ස් වල විකට චරිතය විදිහට ඉන්න ක්‍රිෂෝර් මේකෙත් මරු කොමඩි ටිකක් දෙනව.. ඔයාලම බලන්නකො මේ සුපිරිය එහෙනම්..

Cast
Sundeep Kishan as Basavalingam
Kavya Thapar as “Agraharam” Geetha
Varsha Bollamma as Bhoomi
Vennela Kishore as Doctor Narappa
Harsha Chemudu as John
P. Ravi Shankar as Rajappa
Vadivukkarasi as Pedamma

විස්තරේ ගැන කියනව නම්,

බසවා කියන තරුණයා එයාගෙ යාළුවා එක්ක ආභරණ වගයක් මංකොල්ල කාල වාහනේකින් පැනල යන ගමන් ඉන්නෙ.. පොලිසියත් මෙයාල පස්සෙන් පන්නනව.. ඔහොම යනකොට මෙයාලට මගදි අනතුරක් වෙලා පාරෙ වැටිල ඉන්න තරුණියක්ව හම්බෙනව..

මෙයා මේ තරුණියව වාහනේට දාගෙන කැලෑ පාරකින් එක්තරා ගමකට යනව දොස්තර කෙනෙක් හොයාගෙන.. ඒ ගම තමයි “බයිරවකෝනා” කියන්නෙ.. හරිම අත්භූත ගමක්.. ගමට යනකොටම එක්කෙනෙක් කියනව, “ගමට ඇතුල් උනොත් ආයෙ පිටවීමක් නෑ කියල”
ඒත් බසවා ඒව කනකට නොගෙන ඇතුලට යනව.. දොස්තර කෙනෙක් හොයාගෙන අර තරුණියට බෙහෙත් කරන්න බාරදීල මෙයාල පොඩ්ඩක් එළියට යනව..

බසවා නොදන්න කාරණේ තමයි මේ අනතුර උනා කියල වාහනේට දාගත්තු කෙල්ල හොරකම් කරන කෙල්ලෙක් කියනඑක වගේම එයා අනතුරක් උනා වගේ බොරුවට රගපෑව කියන එක…බසවා ආපහු ඇවිත් බලනකොට මෙයාගෙ වාහනෙයි අර ආභරණ ටිකයි සේරම අර තරුණිය අරන් ගිහින්.. හැබැයි මග යන අතරතුරදි මේ ගමේ ඉන්න එක්තරා පිරිසක් මේ තරුණියගෙන්
මේ වාහනෙයි ආභරණ ටිකයි අරගන්නව..

ඒ ආභරණ අරගත්ත පිරිස කවුරු වෙන්න ඇතිද.? අවතාර වෙන්න බැරිද.? එතකොට ඇයි මේ බසවා ආභරණ හොරකම් කරන්නෙ.? ඒකට හේතුව මොකක්ද.? එතකොට මේ ගමේ තියෙන අභිරහස මොකක්ද.?
ඇත්තටම මේක අවතාර වලින් පිරිච්ච ගමක්ද.?

මේ සේරටම උත්තර දැනගන්න මේ සුපිරිය ඔයාලටම බලන්න කියල ආදරෙන් ආරාධනා කරනව.. මං මේ ෆිලුමෙ තිබ්බ මට ෆීල් වෙච්ච, මටම කියාපු දෙබසකින්, විස්තරේ ඉවර කරන්නම්..

– සමාව දෙන්න බැරි අයට, ආදරේ කරන්න අයිතියක් නෑ..

– ආදරේ කරන්න දන්නෙ නැති අයට, සත්‍ය දැනගන්න අයිතියක් නෑ..

ගිහින් එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසුපිහිටයි!

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/feed/ 0
Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/captain-miller-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/captain-miller-2024-sinhala-subtitles/#comments Fri, 09 Feb 2024 14:57:20 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66124 Captain Miller Sinhala Sub
Captain Miller Sinhala Subtitles
Captain Miller (2024) Sinhala Sub
Captain Miller (2024) Sinhala Subtitles

දමිළ ජනතාව ජයටම සමරන උත්සයක් තමයි, ජනවාරි මස පැවැත්වෙන තෛපොංගල් උත්සවය කියන්නෙ. ඉතින්, උත්සව සමයට සමගාමීව මෙවරත් දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකිනෙක ගැටුනා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, සිවකාර්තිකයන්ගේ අයලාන් සහ අරුන් විජේ මිෂන් චැප්ටර් වන්! උත්සවය සමය නිසා ගොඩක් පිරිස්, පවුල පිටින්ම නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තෝරගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ උනාට වයලන්ස් පිරිච්ච ධනුෂ්ගේ කැප්ටන් මිලර් චිත්‍රපටයටද ප්‍රේක්ෂකන්ගේ වඩාත් පැසසුමට ලක් උනා.

මෙහි ධනුෂ්ට අමතරව ප්‍රියංකා මොහාන්, කන්නඩා සුපර් ස්ටාර් ශිව රාජ් කුමාර්, සන්දීප් කිෂ්ණන්, විනෝද් කිෂ්ණන්, ඉලංගෝ කුමරවේල්, කාලි වෙන්කට්, ජෝන් කොක්කෙන් සහ නිවේධිතා සතීෂ් යන ප්‍රභල නළු නිළි කැලක්ම රංගනයෙන් දායක වනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කලේ අරුන් මතේෂ්වර විසිනි. මේ ඔහුගේ තුන් වෙනි චිත්‍රපටය. ඔහුගේ සුපුරුදු ශාරයට මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ද සිදු කර තිබෙනවා. මෙහි ඇතුලත් ප්‍රචණ්ඩත්වය සහ ලේ වැහිරෙන ජවනිකා ස්වාභාවික බව දනවන්නට ඔහු ගොඩක් මහන්සි වෙලා තියෙන බැවු චිත්‍රපටය නැරඹීමෙන් ඔබට පෙනී යයි. ඒ වගේම මේකෙ සංගීත වැඩ කටයුතු කරලා තියෙන්නේ ජී.වී.ප්‍රකාශ් කුමාර් විසිනි. ඔහුගෙයි ධනුෂ්ගෙයි සුසංයෝගය අපි කිහිපවරක්ම දැකලා තියෙනවා. තම සගයාට මෙවරත් සංගීතයෙන් උපරිම සාධාරණයක් කරලා තියෙන වග බැලූ බැල්මට පෙනෙන්න තියේ.

කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්, බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් කරගෙන හිටපු 1930 කාලවකවානුව පදනම් කරගෙන සෑදු ප්‍රබන්ධ කතාවක් මේක. තමාගේ ගෞරවය වෙනුවෙන් සිපොයි හමුදාවට බැදෙන ධනුෂ්. එහිදි තමාගෙම ජනතාවට සිදු වන අසාධාරණකම් දැක හිත උණු වෙලා ඒ වෙනුවෙන් නැගී සිටින්න තීරණය කරනවා. ඔබ ප්‍රචණ්ඩත්වය ඇති චිත්‍රපට වලට ආස කෙනෙක් නම්, මෙම චිත්‍රපටයට ඔබ කැමති වෙයි. අරගෙන බලන්නන එහෙනම්. ඉන්දීය රුපියල් කෝටී පනහකට අධික ප්‍රමාණයක් මේ වෙනකොට උපයාගන්නට මෙය සමත්ව තිබේ. ධනුෂ් රසිකයන්ට ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටපු චිත්‍රපටයක් බොක්ස්-ඔෆීස් අඩු වෙන්න හේතුව නම් පුදුමයක්. ඉතින් ඊළගට ධනුෂ්, තමාම අධ්‍යක්ෂණය කරනු ලබම D50 චිත්‍රපටයෙන් මුණගැහෙමු!

ඔබට ගුණාත්මක උපසිරැසියක් ලබා දීමේ පරමාර්ථයෙන් මෙහි සියළු ගීත උපසිරැසි ගන්නවා ඇති අතර, කාලරාමු සකසා දී උපසිරැසියටද උදව් කල ලහිරු උදයංග සහෝදරයාට විශේෂ ස්තූතිය!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

]]>
https://sinhalasub.lk/movies/captain-miller-2024-sinhala-subtitles/feed/ 2
Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/michael-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/michael-2023-sinhala-subtitles/#respond Wed, 01 Mar 2023 12:13:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36910 Michael Sinhala Sub
Michael Sinhala Subtitles
Michael (2023) Sinhala Sub
Michael (2023) Sinhala Subtitles

 

1980 බොම්බේ නගරේ පාලනය කරන ගුරුනාත් කියන මැරයා වටා තමයි කතාව යන්නේ.. මෙයාව දෙවතාවක් මරණයෙන් බේරාගන්නවා කෙනෙක්..ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ වීරයා මයිකල් ?❤මයිකල් මේ නිසා ගුරුනාත්ගේ හිත දිනාගන එයා ගාව වැඩට යනවා.. ඔන්න එතකොට තමයි ගුරුනාත් මයිකල්ට වැඩේ බාර දෙන්නෙ.. ඒ එයාව මරන්න හදපු කෙනා කව්ද කියලා හොයාගන්න කියලා.. ඔහොම හොයාගෙන යනකොට අන්තිමට මේක පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ගුරුනාත්ගේ පුතා.. එයා තාත්තාගේ තැන අරගන්න එයාව මරන්න හදල තියෙන්නේ ?
]]>
https://sinhalasub.lk/movies/michael-2023-sinhala-subtitles/feed/ 0