සුභ දවසක් හැමෝටම!!
ඔයාලට අපි අරන් ආවේ අද අලුතින්ම නිකුත්වුණ හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි Insidious සෙට් එකේ අලුත්ම එක.
Insidious කියන්නේ Leigh Whannell සහ James Wan මූලිකව නිර්මාණය වුණ හොරර් කැටගරියේ ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්.මේ සීරිස් එකට ෆිල්ම් 5ක් ඇතුළත් වෙනවා. නම් වශයෙන් කීවොත් Insidious, Chapter 2, Chapter 3, The Last Key, and The Red Door.
එතකොට Insidious:The Red Door කියන්නේ අද අපි අරගෙන ආව අලුත්ම ෆිල්ම් එක.
ඩොලර් මිලියන 42.5ක් වගේ කුඩා බජට් එකකින් මේ වෙනකොට ඩොලර් මිලියන 700කට අධික ආදායමක් ලබාගන්න මේ ෆිල්ම් සෙට් එක සමත් වෙලා තියනවා. ඒවගේම සීරිස් එකේ වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපටිය බවට මේ වෙනකොට Insidious:The Red Door පත්වෙලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 174.4ක් උපයලා.
මේක හොරර් මූවි එකක් නිසා කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ..මොකද එතකොට ෆිල්ම් එකේ රසයට බදාවක් වෙන්න පුලුවන්නේ… ඉතින් ඔයාලම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් බලන්නකෝ.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
IMDb වෙබ් අඩවියේ 6.4/10ක ඇගයුම් අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය සම්මානලාභි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය වන ක්වීන් බ්‍රෙනර්ගෙ චරිතය රඟ දක්වන්නේ Stefanie Scott විසිනුයි. මෙම වසරේ ජූනි 5 වෙනිදා, එනම් මීට දවස් 22කට කලින් ඇමරිකාවේ තිරගත වීම ඇරඹුනු මේ චිත්‍රපටිය ආරම්භක සතියේ විතරක් ඩොලර් මිලියන 22කට අධික බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ක්වීන් බ්‍රෙනර් කියන්නේ පාසල් යන වයසේ ගැහැනු ලමයෙක්. ඇය තම පියා සහ මල්ලී සමග පැරණි මහල් නිවාසයක ජීවත් වෙනවා. ඇගේ මව මිය ගිහින්. මිය ගිය අය හා සම්බන්ධ වෙන්න හැකියාව තියෙන බව දැනගන්න ක්වීන් කරන්නේ තමන්ගෙ මවගේ ආත්මය එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන එකයි. ඒකට ඇය එලිස් නැමති භූතාත්මයන් හා සම්බන්ධ වෙන වයසක කාන්තාවකගේ සහය ලබා ගන්නවා. ඒත් ඇයට වෙන්නේ නොසිතූ විරූ දෙයක්. ඒ ඇගෙත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇගේ අම්මාගේ ආත්මය නෙවෙයි. වෙනත් පුද්ගලයෙක්ගේ ආත්මයක්.
ඉතින් යාළුවනේ.. ඇගේ අම්මා වෙනුවට ඇය හා සම්බන්ධ වෙන මේ වෙනත් පුද්ගලයා කවුද? ඔහු ඇයි ඇය සමග සම්බන්ධ වෙන්නේ? ඇයට අනතුරක් කරන්නද? නැත්නම් ඇයට ඇති සෙනෙහස නිසාද? ඇයට ඇගේ මවගේ ආත්මය හා සම්බන්ධ වෙන්න පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම්!!
මේකත් සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේකෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Patrick Wilson එයා ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයාට අමතරව මේකේ Rose Byrne, Ty Simpkins, Barbara Hershey, Lin Shaye හා තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. IMDB දර්ශකයේ 7.0 වගේ ඉහල අගයක් ලබාගත්ත මේ Horror, Thriller චිත්‍රපටය නිෂ්පාදනයට ඩොලර් මිලියන 5 වියදම් වෙලා තියනවා. ආදායම සටහන් වෙන්නේ ඩොලර් මිලියන 155+ ලෙසයි. ආරම්භක සති අන්තයේ ආදායම ඩොලර් මිලියන 40 කට අධිකයි. එදා මෙදාතුර හොලිවුඩ් සිනමාවේ මුල් සති අන්ත ආදායම් ලේඛනයේ 10 වැනි තැන තමයි මේක පසු වෙන්නේ.
වැල් වටාරම් ඈති කතාවට බහින්නම්, දැන් ගොඩක් උදවිය Insidious (2010) චිත්‍රපටිය ගැන හොයනවා ඈති. බලපු අයත් ඇති. ඒක ඉක්මනටම ලැබේවි අප අඩවියෙන්. පහුගිය එකේ උන්න ජෝෂ් ලැම්බර්ට්ම තමා මේ කතාවෙත් කතා නායකයා වෙන්නේ. නමුත් මුල් එක නොබැලුවට අවුලක් නැහැ මේකේ මුල් කොටස නොබැලුව අයට වුනත් බලන්න හැකි වෙන්න හදන්න අධ්‍යක්ෂකවරුන් සමත් වෙලා තියනවා. මුලින් දකින්නේ පොඩි ළමයෙක් ගැන සිදුවීමක්. වර්තාමානයට ආවහම ඒ මුලින් දකින එලීස් මියගිහින්, සැකකරුවා වෙන්නේ ජෝෂ්. පොඩි කාලේ වගේම ආයෙත් ජෝෂ් අමුතු වෙලා. නමුත් කාලෙකට පස්සේ ජෝෂ් නැවතත් අමනුෂ්‍ය ලෝකයට යන්නේ කොමා තත්වයක ඉන්න තමන්ගේ පුතා හොයාගෙන නැවත ගෙන්න. ඔහු සාර්ථක වෙනවා.. නමුත් ඒ එන්නේ ජෝෂ්ගේ ආත්මය නෙමෙයි. දැන් තමයි කතාව පටන් ගන්නේ.
තවත් කතාව කියන්න යන්නේ නැහැ පැය 1 මිනිත්තු 45 පුරා දිවෙන මේ සුපිරි භයානක චිත්‍රපට නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම කියන්න ඕනේ හිත ගැස්සෙනවා නම් රෑ 9න් 10 පස්සේ බලන්න එපා බොහොම තාත්විකව තියනවා ඒකයි අවුල…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සමීර කරුණාරත්න සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න