Sterling Jerins Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sterling-jerins/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Aug 2023 16:09:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sterling Jerins Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sterling-jerins/ 32 32 World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/world-war-z-2013-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/world-war-z-2013-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 16:05:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49302 World War Z Sinhala Sub World War Z Sinhala Subtitles World War Z (2013) Sinhala Sub World War Z (2013) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අපි එක එක්කෙනා විවිධ මාදිලියේ චිත්‍රපටයන් වලට කැමතී නේ. මේක ඒ හැම කෙනෙක්ටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. හේතුව Action, Drama, Horror,Sci-Fi, Thriller කියන හැම ගනයකටම අයත්වීම. මේ චිත්‍රපටයේ දොරට වැඩුම සිදුවන්නෙ […]

The post World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
World War Z Sinhala Sub
World War Z Sinhala Subtitles
World War Z (2013) Sinhala Sub
World War Z (2013) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අපි එක එක්කෙනා විවිධ මාදිලියේ චිත්‍රපටයන් වලට කැමතී නේ. මේක ඒ හැම කෙනෙක්ටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. හේතුව Action, Drama, Horror,Sci-Fi, Thriller කියන හැම ගනයකටම අයත්වීම. මේ චිත්‍රපටයේ දොරට වැඩුම සිදුවන්නෙ මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ඒ 2013 ජූනි 2 වැනිදානමුත් නිළ වශයෙන් ඇමරිකාවේදී හා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ ජූනි 21 වැනිද. ලබාගෙන ඇති IMDB අගයි 7.2ක් වෙනව. නිශ්පාදන පිරිවැය සටහන් වෙන්නෙ ඩොලර් මිලියන 190 හැටියට. ආරම්භක සතියේ ආදායම $ 66,411,834 උපයන්න සමත්වෙන මේ චිත්‍රපටය එදා මෙදා තුර සිනමාවේ පිල්ලි හා බැදුන චිත්‍රපට වල වැඩිම ආදායමක් උපයා ඇති චිත්‍රපටය වෙමින් ලොව පුරා $532,224,000 ක Box Office ආදායමක් උපයාගෙන තියනවා. ඒ තමයි ආදයම ගැන කියන්න තියන විස්තරේ.

මේ චිත්‍රපටය පාදක කරගෙන තියෙන්නේ 2006 වර්ශයේ Max Brooks විසින් රචිත World War Z නවකතාව. නිශ්පාදනය සිදුකරල තියෙන්නෙ මෙහි ප්‍රධාන චරිතයට පන පොවන Brad Pitt ගේ lan B Entertainment ආයතනය. බෙදා හැරීම Paramount ආයතනය. අධ්‍යක්ෂණය Marc Forster ගෙන් ඔහු තමයි Quantum of Solace (2008),Machine Gun Preacher වගේ නිර්මාණ කරල තියෙන්නෙත්. 2009 වසරේ ඉදන් විවිධ අවස්ථාවල Matthew Michael Carnahan, Drew Goddard, Damon Lindelof කියන අය පිටපත් රචනයෙන් එක් වෙලා තියනවා. ඒ කියන්නේ මේක හදීසියේ පහල වුන එකක් නෙමෙයි සෑහෙන කාලයක ඉදන් කරපු වැඩ කොටසක ප්‍රතිඵලයක්. තිරයේ අපිට පෙනෙන මුහුණු පැත්තට හැරුනොත් ඒ අය තමයි Brad Pitt, Mireille Enos, James Badge Dale, Matthew Fox වගේ අය හා තවත් රාශියක්. මේ අය ගැන නම් කියන්න ඕනෙ නැහැ නේ.

ලාංකේය සිනමා රසිකයෝ හැමෝම වගේ පිල්ලි එහෙම නැත්නම් සොම්බි ඉන්න චිත්‍රපට බලල ඇති. නමුත් ඒ දැම්ම සොම්බි වගේ නෙමෙයි මේ උදවිය. බොහොම වේගවත්.සද්ධයක් ඇහුන හැටියේම විදුලිය වගේ ඒ වෙත ඇදෙනවා. දුවල බේරෙන්න බැහැ. එක්සපා කෑමකින් ඕනෙම කෙනෙක් පිල්ලියක් කරන්න ඒ අයට පුළුවන්. ඒ වගේම නවත්තන්න එක්කෝ පුච්චලා අලු කරන්න ඕනෙ. නැත්නම් ඔලුවටම වෙඩි තියන්න ඕනෙ. ගැරී ලේන් කියන්නෙ හමුදාව හා සම්බන්ධව රජයේ වැඩ කල බොහොම දක්ෂ හාදයෙක්. නමුත් දැන් ඉතින් පවුල් පන්සල් වෙලා ඒ වැඩ වලින් ඉවත් වෙලා ඉන්නෙ. තමන්ගේ බිරිදයි දුවරු දෙන්නයි එක්ක මෙ අය පිලිඩපියාවේ මාර්ශයක වාහන තද බදයේ ඉන්නකොට තමයි පළමු වෙඩි මුරය නිකුත් වෙන්නේ. පිල්ලි ප්‍රහාරයක්. ලේසි නෑ ඒ අය එක්ක දුවන්නත් බැ. ඒ අස්සේ ලොකු දුවනිය ඇඳුම රෝගයෙන්. කොහොම හරි මේ උදවිය සිදුවීම් කන්දක් මැදින් ගොඩනැගිල්ලකට යාගන්න හැකි වෙනවා.

මේ අතර ගැරීගේ මිතුරෙක් ඔහු හා සම්බන්ධ වෙනව ජංගම දුරකතනයෙන්. ඔහු රජයේ ලොක්කෙක්. ඔහුගෙන් ලැබෙන පුවත ලොවම අනතුරේ කියන එක. මේ අතරේ ඔහු මේ පවුල බේරා ගන්න හෙලිකොප්ටරයක් උදෑසනම එවන්නත් පොරොන්දු වෙනවා. ඔවුන්ට යන්න වෙන්නේ ඇමරිකානු යුධ නැවකට දැන් එය සරනාගත මධ්‍යස්ථානයක්, මෙහෙයුම් මූලස්ථානයක් වගේ ඔක්කොම. ගැරී ගෙන්න ගන්නෙ ආදරේට නෙමෙයි මුල් රෝගියා සොයා යන මෙහෙයුමට. මින් ලොව මුදා ගන්න ක්‍රමයක් හොයන්න. මේ සියළු බාදක මැද ඔහුට කුමක් වේ ද? ලොවට කුමක් වේ ද? මෙය කෙසේ ඇතිවූවක් ද? වගකිව යුත්තෙක් සිටී ද? මේ සදහා ඇති ප්‍රතිකර්මය කුමක් ද?

තව කතා කුමටද මනුශ්‍ය සංහතිය වෙනුවෙන් මේ ගෙන යන යුද්ධය නැරඹීම ඔබට බාරයි. ඔබ සැමට සුභ දවසක්!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සමීර කරුණාරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/world-war-z-2013-sinhala-subtitles/feed/ 0