Stephen Jennings Archives - SinhalaSub https://sinhalasub.lk/cast/stephen-jennings/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 13 Aug 2023 20:11:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.6.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Stephen Jennings Archives - SinhalaSub https://sinhalasub.lk/cast/stephen-jennings/ 32 32 The Kissing Booth 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-kissing-booth-3-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-kissing-booth-3-2021-sinhala-subtitles/#respond Sun, 13 Aug 2023 18:38:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50117 The Kissing Booth 3 Sinhala Sub The Kissing Booth 3 Sinhala Subtitles The Kissing Booth 3 (2021) Sinhala Sub The Kissing Booth 3 (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි මේ. මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Kissing Booth (2018) […]

The post The Kissing Booth 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Kissing Booth 3 Sinhala Sub
The Kissing Booth 3 Sinhala Subtitles
The Kissing Booth 3 (2021) Sinhala Sub
The Kissing Booth 3 (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි මේ. මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්.

The Kissing Booth (2018)

එල් එවන්ස් වගේම ලී ෆ්ලින් දෙන්නා ඉපදෙන්නෙ එකම දවසෙ, එකම වෙලාවේ, ලොස්ඇන්ජලීස්වල එකම රෝහලකමයි. මේ දෙන්නා හදුනගත්ත කාලෙ ඉදලම හොදම යාලුවො විදිහට තමයි කාලය ගත කලේ. මේ දෙන්නගෙ යාලුකම පවත්වන් යන්නම කියලා එල් හා ලී දෙන්නා අතරේ ඇති කරගත්ත නීති ගොඩක් තිබුනා. ඔය නීති අතරේ ලීගෙ අයියා නෝහා එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගන්න එල්ට අවසරයක් තිබුනෙ නැහැ. මේ දෙන්නා ඉස්කෝලෙදී කිසිං බූත් එකක් එහෙම නැත්තම් සිප ගැනීමේ කුටියක් හදනවා අරමුදල් උපයන්න හිතාගෙන. නෝහා කියන්නෙ OMG කෙල්ලො ඇතුළුව තවත් බොහොමයක් කෙල්ලො පිස්සු වැටුන කෙනෙක්. ඉතිං අර දෙන්නා හදපු කිසිං බූත්එකට නෝහා එක්කං එනවා කියලා ආරංචිය යවලා සෑහෙන කෙල්ලො ටිකක් මේ ඉවෙන්ට් එකට ගෙන්න ගන්නවා. නෝහා එතනට එන්න කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන නිසාම ඒ වෙනුවට වේදිකාවට ගොඩවෙන්නෙ ලී. මේකට එතනට එකතු වෙලා හිටිය හුගක් කෙල්ලන්ගෙ අප්‍රසාදය ලක් වෙනවා. අවසානෙදි එල්ටත් අවස්ථාවක් ලැබෙනවා කිසිං බූත් එකට යන්න. එල් තියා කිසිම කෙනෙක් නොහිතපු විදිහට නෝහා එතනට ඇවිල්ලා පලවෙනි වතාවට එයා සෑහෙන පිරිසක් ඉදිරියෙ එල්ව සිපගන්නවා.

මේ විදිහට එක සිප ගැනීමකින් පටන් ගත්ත මේ දෙන්නා ලීට හොරෙන් කාලයක් පුරාවටම ආදර සම්බන්ධයක් පවත්වන් යනවා. ඉතිං මේ ගැන වතාවක් ලීට අහුවෙලා මේ තුන්දෙනා රණ්ඩු වෙලා අවසානෙදි ලීගෙ උපන්දිනේ වෙනුවෙන් තියපු කොස්ටියුම් පාටි එකකදී ලී කියනවා මේ දෙන්නගෙ සම්බ්න්ධෙට ආයෙ විරුද්ධ වෙන්නෙ නැහැ කියලා. නෝහා කොලේජ් එකේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හාවර්ඩ් වලට යනවා. මේ එක්කම එල්ට විශ්වාසයක් නැතුව යනවා මේ දෙන්නගෙ දෙපැත්තට වෙලා පවත්වන් යන සම්බන්ධෙට මොනවා වෙයිද කියලා.

චිත්‍රපටය නිර්මාණය වුනෙ Beth Reekles විසින් 2012 වසරේ දෙසැම්බර් 13′ වැනිදා නිකුත් කල “The Kissing Booth” නවකතාව ඇසුරින්.

The Kissing Booth 2 (2020)

නෝහා හොවර්ඩ්වල අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පිටත් වෙලා ගියාට පස්සෙ, එයා නැති තනිකම, පාළුව නිරන්තරයෙන්ම දැනෙන එල් එයාගෙ අතිජාත මිත්‍රයා ලීට ලං වෙද්දී මේක ලීගෙ පෙම්වතිය වෙච්චි රේචල්ට ලොකු ගැටලුවක් වෙනවා. මොකද රේචල්ට ලීව ඕන කරන හැමවෙලාවකම එයා එයාගෙ යාලුවා ලගට යන නිසා. මේ අතරේ හොවර්ඩ්වල අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පිටත් වෙලා ගියපු නෝහාට එකතු වෙන යාලුවො අතරේ ගෑණු යාලුවෙක්, ඒ කිව්වෙ ක්ලෝයි හිතවත් වෙලා මේක එල්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ දේවල් එහෙම වෙද්දී එල් වගේම ලී දෙන්නා පුරුදුවෙන නර්තන තරගයට යන එක මග හැරලා මාර්කො කියලා කොල්ලෙක් එල්ට ලං වෙනවා. නෝහාගෙ ප්‍රශ්න වලදී ක්ලෝයි උපදෙස් දෙද්දී එල්ට උපදෙස්  දෙන්නෙ මාර්කො. ඉතිං දෙගොල්ලො එකිනෙකාව සැක කරන්න පටන් අරං විරසක වෙලා සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා. පස්සෙ විරසක වෙන්න හේතු වුන අය නිසාම තරහ වෙච්ච අය යාලු වෙලා එල්ට ලොකුම ලොකු ප්‍රශ්ණයක් චිත්‍රපටය අවසන් වෙද්දී මුහුණ දෙන්න සිද්දවෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි යන්න තීරණය කරන කොලේජ් එක මොකක්ද කියලා තීරණය කරන්න වෙලා.

චිත්‍රපටය නිර්මාණය වුනෙ Beth Reekles විසින් 2020 වසරේ ජනවාරි 02’වැනිදා  නිකුත් කල “The Kissing Booth” නවකතාව ඇසුරින්.

The Kissing Booth 3 (2021)

තුන්වෙනි චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු සිදුවෙන්නෙත් සුපුරුදු මුල් චිත්‍රපටයෙ නිර්මාතෘවරුන් විසින්මයි. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයත්, නිෂ්පාදනයත්, චිත්‍රපටයෙ පිටපත ලියන කටයුතු සදහාත් Vince Marcello සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටයට පාදක වෙන්නෙ 2021 වසරේ Beth Reekles විසින් නිකුත් කල “The Kissing Booth 3: One Last Time” නවකතාව පාදක කරගෙනයි. මුල් චිත්‍රපට දෙක තුලින් දැකගන්න ලැබුණු Joey King, Jacob Elordi, Joel Courtney, Carson White, Maisie Richardson-Sellers, Taylor Zakhar Perez එහෙමත් එකතු වෙනවා. පැය 02 විනාඩි 10 ක ධාවන කාලයක් සටහන් කරගෙන Comedy, Romance වර්ගීකරණ යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටය Netflix ඔස්සෙ නිකුත් වෙන්නෙ 2021 අගෝස්තු 11’වැනිදා.

ඉතිං මුල් චිත්‍රපට දෙකම බැලුවා නම් දන්නවා ඇති මේක මොන වගෙ නිර්මාණයක්ද කියලා. ඒ නිසා තුන්වෙනි චිත්‍රපටය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ කියලා හිතනවා. මොකද මුල් චිත්‍රපට දෙකේම සිදුවීම් බොහොමයක් පාදක කරගෙන මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන අද මේ අරගෙන එන සිනමා නිර්මාණය තමයි The Kissing Booth චිත්‍රපට පෙලෙහි අවසන්ම නිර්මාණය වෙන්නෙත්.

එහෙනම් ඉතිං නරඹලාම තීරණය කරන්න මේ වතාවේ මොකද වෙන්නෙ කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමර සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Kissing Booth 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-kissing-booth-3-2021-sinhala-subtitles/feed/ 0
The Kissing Booth 2 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-kissing-booth-2-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-kissing-booth-2-2020-sinhala-subtitles/#respond Sun, 13 Aug 2023 18:36:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50099 The Kissing Booth 2 Sinhala Sub The Kissing Booth 2 Sinhala Subtitles The Kissing Booth 2 (2020) Sinhala Sub The Kissing Booth 2 (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි මේ. මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Kissing Booth (2018) […]

The post The Kissing Booth 2 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Kissing Booth 2 Sinhala Sub
The Kissing Booth 2 Sinhala Subtitles
The Kissing Booth 2 (2020) Sinhala Sub
The Kissing Booth 2 (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි මේ. මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්.

The Kissing Booth (2018)

එල් එවන්ස් වගේම ලී ෆ්ලින් දෙන්නා ඉපදෙන්නෙ එකම දවසෙ, එකම වෙලාවේ, ලොස්ඇන්ජලීස්වල එකම රෝහලකමයි. මේ දෙන්නා හදුනගත්ත කාලෙ ඉදලම හොදම යාලුවො විදිහට තමයි කාලය ගත කලේ. මේ දෙන්නගෙ යාලුකම පවත්වන් යන්නම කියලා එල් හා ලී දෙන්නා අතරේ ඇති කරගත්ත නීති ගොඩක් තිබුනා. ඔය නීති අතරේ ලීගෙ අයියා නෝහා එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගන්න එල්ට අවසරයක් තිබුනෙ නැහැ. මේ දෙන්නා ඉස්කෝලෙදී කිසිං බූත් එකක් එහෙම නැත්තම් සිප ගැනීමේ කුටියක් හදනවා අරමුදල් උපයන්න හිතාගෙන. නෝහා කියන්නෙ OMG කෙල්ලො ඇතුළුව තවත් බොහොමයක් කෙල්ලො පිස්සු වැටුන කෙනෙක්. ඉතිං අර දෙන්නා හදපු කිසිං බූත්එකට නෝහා එක්කං එනවා කියලා ආරංචිය යවලා සෑහෙන කෙල්ලො ටිකක් මේ ඉවෙන්ට් එකට ගෙන්න ගන්නවා. නෝහා එතනට එන්න කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන නිසාම ඒ වෙනුවට වේදිකාවට ගොඩවෙන්නෙ ලී. මේකට එතනට එකතු වෙලා හිටිය හුගක් කෙල්ලන්ගෙ අප්‍රසාදය ලක් වෙනවා. අවසානෙදි එල්ටත් අවස්ථාවක් ලැබෙනවා කිසිං බූත් එකට යන්න. එල් තියා කිසිම කෙනෙක් නොහිතපු විදිහට නෝහා එතනට ඇවිල්ලා පලවෙනි වතාවට එයා සෑහෙන පිරිසක් ඉදිරියෙ එල්ව සිපගන්නවා.

මේ විදිහට එක සිප ගැනීමකින් පටන් ගත්ත මේ දෙන්නා ලීට හොරෙන් කාලයක් පුරාවටම ආදර සම්බන්ධයක් පවත්වන් යනවා. ඉතිං මේ ගැන වතාවක් ලීට අහුවෙලා මේ තුන්දෙනා රණ්ඩු වෙලා අවසානෙදි ලීගෙ උපන්දිනේ වෙනුවෙන් තියපු කොස්ටියුම් පාටි එකකදී ලී කියනවා මේ දෙන්නගෙ සම්බ්න්ධෙට ආයෙ විරුද්ධ වෙන්නෙ නැහැ කියලා. නෝහා කොලේජ් එකේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හාවර්ඩ් වලට යනවා. මේ එක්කම එල්ට විශ්වාසයක් නැතුව යනවා මේ දෙන්නගෙ දෙපැත්තට වෙලා පවත්වන් යන සම්බන්ධෙට මොනවා වෙයිද කියලා.

චිත්‍රපටය නිර්මාණය වුනෙ Beth Reekles විසින් 2012 වසරේ දෙසැම්බර් 13′ වැනිදා නිකුත් කල “The Kissing Booth” නවකතාව ඇසුරින්.

The Kissing Booth 2 (2020)

දෙවැනි චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු සිදුවෙන්නෙත් සුපුරුදු මුල් චිත්‍රපටයෙ නිර්මාතෘවරුන් විසින්මයි. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයත්, නිෂ්පාදනයත්, චිත්‍රපටයෙ පිටපත ලියන කටයුතු සදහාත් Vince Marcello සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටයට පාදක වෙන්නෙ 2020 වසරේ ජනවාරි 02’වැනිදා Beth Reekles විසින් නිකුත් කල “The Kissing Booth 2: Going the Distance” නවකතාව පාදක කරගෙනයි. මුල් චිත්‍රපටය තුලින් දැකගන්න ලැබුණු Joey King, Jacob Elordi, Joel Courtney, Carson White, Maisie Richardson-Sellers නළු/නිලියන්ට අමතරව Taylor Zakhar Perez එහෙමත් එකතු වෙනවා. පැය 02 විනාඩි 10 ක ධාවන කාලයක් සටහන් කරගෙන Comedy, Romance වර්ගීකරණ යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටය Netflix ඔස්සෙ නිකුත් වෙන්නෙ 2020 ජූලි 24’වැනිදා.

ඉතිං මුල් චිත්‍රපටය බැලුවා නම් දන්නවා ඇති මේක මොන වගෙ නිර්මාණයක්ද කියලා. ඒ නිසා දෙවෙනි චිත්‍රපටය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ කියලා හිතනවා. මොකද මුල් චිත්‍රපටයෙ සිදුවීම් බොහොමයක් පාදක කරගෙන, කලින් චිත්‍රපටයට වඩා වැඩි ධාවන කාලයකින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. එහෙනම් ඉතිං නරඹලාම තීරණය කරන්න මේ වතාවේ මොකද වෙන්නෙ කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමර සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Kissing Booth 2 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-kissing-booth-2-2020-sinhala-subtitles/feed/ 0
The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-kissing-booth-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-kissing-booth-2018-sinhala-subtitles/#respond Sun, 13 Aug 2023 18:34:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50082 The Kissing Booth Sinhala Sub The Kissing Booth Sinhala Subtitles The Kissing Booth (2018) Sinhala Sub The Kissing Booth (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සමහර යාලුකම් තියෙනවා පොඩි කාලේ ඉදලම පවත්වන් යන, අදටත් හොදම යාලුවෝ වෙලා ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. යාලුවෝ වෙනවා කියන්නේ ගෑනු පිරිමි භේදයකින් තොරව පවත්වයන් යන්න පුලුවන් දෙයක්. මං කිව්වේ […]

The post The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Kissing Booth Sinhala Sub
The Kissing Booth Sinhala Subtitles
The Kissing Booth (2018) Sinhala Sub
The Kissing Booth (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සමහර යාලුකම් තියෙනවා පොඩි කාලේ ඉදලම පවත්වන් යන, අදටත් හොදම යාලුවෝ වෙලා ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. යාලුවෝ වෙනවා කියන්නේ ගෑනු පිරිමි භේදයකින් තොරව පවත්වයන් යන්න පුලුවන් දෙයක්. මං කිව්වේ ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක්ව තමන්ගේ හොදම යාලුවා කරගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. කොටින්ම බලන් ඉන්න මොකක් කිව්වත් ඒක අපිට අදාලම නැහැ. මොකද ඒක තමන්ගේ නිදහස. එල් වගේම ලී කියන්නේ ඒ වගේ දෙන්නෙක්. මේ දෙන්නා ඉපදෙන්නේ එකම රටක, එකම රෝහලක, එකම වෙලාවේදී. මේ දෙන්නා පොඩි කාලේ ඉදන්ම හුගක් හිතවත්. කොටින්ම ගෙවල් වලින්වත් කිසිදු බාධාවක් මේ දෙන්නට ඇති වෙන්නේ නැහැ. මේ නිසාම මේ දෙන්නා ඒ දෙන්නගේ ජිවිතේ පොඩි කාලෙදි ගත කරන කාලෙදි වගේම ලොකු වෙලා පාසල් යද්දිත් පවා ඒකටම වගේ ඉන්නේ. එල්ට ඉස්කෝලේ කෙල්ලන්ගෙන් ලොකු කැපිල්ලක් තියෙනවා.මේ නිසාම එයාට ගෑනු යාලුවො ඇත්තෙත් නැහැ. ලී කියන්නේ එල්ට වදාඅ පොහොසත් වුනත් ලී අදින පළදින විදිහ නිසා එයාට කියලා වැඩි තැනකුත් නැහැ. ලී ෆ්ලින් කියන්නේ ෆ්ලින් පවුලේ දෙවැනි දරුවා. ලීට ඉන්නවා වැඩිමහල් අයියා කෙනෙක් නෝහා කියලා. නමුත් එයාට නම්ඉස්කෝලේ හොද තැනක් තියෙනවා. විශේෂයෙන්ම ලස්සන කෙල්ලන්ගෙන්.

ලී වගේම එල් දෙන්නට තියෙනවා එයාලගෙම කියලා නීති ගොඩාරියක්.ඒ නීතිවල නමවැනි නීතිය තමයි මේ දෙන්නට ආදරේ කරන්න කාව තෝරගන්න පුළුවන් වුනත් තමන්ගේම පවුලේ සහෝදර සහෝදරයින්ව තෝරගන්න බැහැ කියලා. ඒවගේම යාලුවන්ව තෝරගන්නත් බැහැ. මොන එහෙකට එහෙම නීතියක් දැම්මද කියලා නම් දන්නේ නැහැ. එල් නම් පොඩි කාලේ ඉදලම නෝහාට කැමැත්තෙන් ඉදලා තියෙන්නේ. නමුත් නීති නිසා එයාට මේක බාධාවක් වෙලා තියෙනවා. දවසක්දා ඉස්කෝලේ අරමුදල් එකතු කරන වැඩකට ලී වගේම එල් යෝජනා කරනවා කිසින් බූත් එකක් නොහොත් සිපගන්න කුටියක් නිර්මාණය කරන්න. මේකෙදි වෙන්නේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් වේවා තමන්ට අවස්ථාවක් ලැබෙනවා අහම්බෙන් කෙනෙක්ව සිපාන්න. සැලසුම් නොකරපු විදිහට එල්ට අවස්ථාවක් ලැබෙනවා නෝහාව සිපගන්න. මේ සිපගැනිල්ලෙන් තමයි සැහෙන දේවල් පටන් ගන්නේ. අර කතාවක් තියෙනවනේ මොනවා හැංගුවත් තව කෙනෙක්ට තියෙන ආදරේ වහන් කරන්න බැහැ කියලා. කතාව රසවත් නිසා මම කතාවේ මොකක්ද වෙන්නේ කියලා මින් ඉදිරියට කියන්න යන්නේ නැහැ.

මම දන්නවා ඔයාලා මේ වෙද්දීත් දන්නවා ඇති කියලා Netflix කියන්නේ මොකක්ද කියලා. ඔව් ඔයාලා ආදරය කරන කතාමාලා වගේම චිත්‍රපට රැසක් මේ වෙද්දී නිර්මාණය කරපු Netflix ලගේ චිත්‍රපටයක් තමයි මේක. මේක එයාලගේ සේවය හරහා විකාශය වීම ආරම්භ කරන්නේ 2018 මැයි 11’වැනිදා. අධ්‍යක්ෂණය වගේ තිරපිටපත්වල වැඩ කටයුතු වෙන්නේ Vince Marcello අතින්. ඒවගේම තිරපිටපත්වල වැඩ වලට තවත් කෙනෙක් එකතු වෙනවා කාන්තා පාර්ශවයෙන් Beth Reekles කියලා. මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි 2012 දෙසැම්බර් 13 වැනිදා නිකුත් වුන Beth Reekles විසින් රචනා කල නවකතාවක් වන The Kissing Booth නම් පොත පාදක කරන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. The Dark Knight Rises (2012), The Conjuring (2013), White House Down (2013), Independence Day: Resurgence (2016) වගේ ජනප්‍රිය චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ Joey King තමයි මේ චිත්‍රපටයේ ශෙලී එල් එව්න්ස්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ. ඒවගේම Netflix ලගෙම පසුගිය වසරේ චිත්‍රපටයක් වූ F*&% the Prom (2017) චිත්‍රපටයෙන් වගේම CW නාලිකාවේ විකාශය වුණු The Messengers රූපවාහිනී කතාමාලාවෙන් පවා රංගනයෙන් දායක වුනු Joel Courtney තමයි මේ චිත්‍රපටයේ ලී ෆ්ලින් වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ. ඒවගේම Jacob Elordi කියන රංගධරයා තමයි නෝහා ෆ්ලින් කියන චරිතයෙන් දායක වෙලා තියෙන්නේ. පැයකුත් විනාඩි හතලිස් පහකුත් පුරාවටම ධාවනය වන මේ චිත්‍රපටය Comedy, Romance කියන කැටගරි වලට අයත් වෙනවා. ඒවගේම චිත්‍රපටය විකාශය වූ දවසෙ ඉදන් මේ වෙනකන්ම 6.6/10 වගේ IMDb සෑහිමට පත්වෙන්න පුලුවන් අගයක් ලබාගෙන තියෙනවා.

එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමර සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-kissing-booth-2018-sinhala-subtitles/feed/ 0