Ponniyin Selvan (PS1 ) චිත්‍රපටයට පාධක වන්නේ Kalki Krishnamurthy නම් රචකයා විසින් 1955 දී එම නමින්ම රචනා කළ ඉතිහාස නවකතාවයි. Krishnamurthy විසින් රචනා කළ එම නවකතාවට මුල් වන්නේ ඈත අතීතයේ දකුණු ඉන්දියාව පාලනය කළ චෝල රාජ්‍ය සමයයි. මෙය ප්‍රථමයෙන්ම සිනමාවට නැගීමට ගත් වෑයම පිලිබඳ සලකා බැලුවහොත් එය වසර 64 ක ඉතිහාසයකට දිව යනවා. ඒ සුපිරි දමිළ සිනමා නළු M. G. Ramachandran (MGR ) විසින් 1958 වර්ෂයේ මෙය චිත්‍රපටයකට නැගීමට ගත් උත්සාහයක්. මෙයට MGR ඇතුළුව වෛජන්තිමාලා, ජෙමිනි ගනේෂන්, පද්මිණි සහ සාවිත්‍රී වැනි දැවැන්ත නළු නිළියන් රැසක් යෝජනාවී තිබෙනවා. නමුත් MGR ට සිදුවූ අනතුරක් නිසාවෙන් මෙය කිසිදාක සිදු නොවන නිර්මාණය බවට පත්වුනා. නැවත වරක් මෙය කතාබහට ලක් වන්නේ 1994 දී. ඒ අධ්‍යක්ෂක මනී රත්නම් කළ ප්‍රකාශයක් හමුවේ. ඔහු පැවසුවේ Kalki Krishnamurthy ගේ PS පාධක කර සිනමා නිර්මාණයක් කිරීමේ ඔහුගේ සිහිනයක් බව. එකල කමල් හසන් සමග මෙය පිලිබඳ කතාබහක් ඇති වූවත්, ඉහල නිෂ්පාදන වියදමක් දැරීමට සිදුවන නිසාවෙන් මෙය අත්හැර තිබෙනවා. නමුත් මනී රත්නම් ඔහුගේ දිගු කාලීන සිහිනය ලෙහෙසියෙන් අත් හරින්නේ නැත.
නැවත වරක් මෙය පිළිබඳ කතාබහක් ඇති වන්නේ 2010 දී. ඒ මනී රත්නම් එකල තහවුරු කරගත් තිර පිටපතක් සැකසීමෙන් අනතුරුව. මෙහි ප්‍රධාන චරිතයන්ට විජේ, මහේෂ් බාබු සහ අනුෂ්කා ශෙට්ටි සම්බන්දවී තිබුනා. මෙහි pre -production අවදිය ආරම්භවී තිබුනත් පසුතලයන් සම්බන්දව ගැටළුන් සහ ඉහල නිෂ්පාදන මිල නැවත මෙයට තිත තැබුවා. 2019 වර්ෂයේ මනී රත්නම් Lyca Productions සමග සම්බන්ද වනවා. ඔවුන් මනී රත්නම් 2018 දී අධ්‍යක්ෂණය කළ Chekka Chivantha Vaanam නිෂ්පාදනය දායකත්වය ලබා දීමෙන් අනතුරුව , PS වෙනුවෙන්ද තම දායකත්වය ලබා දීමට තීරණය කරනවා. ඒ අනුව 2019 දී මෙහි ප්‍රධාන චරිතයන්ට Vikram, Aishwarya Rai Bachchan, Jayam Ravi සහ Vijay Sethupathi සම්බන්ද වනවා. මෙහි නිෂ්පාදනය ආරම්භ වීමත් සමග නැවත වරක් නළු නිළියන් මාරු වීමක් සිදු වනවා. එහි ප්‍රධාන වෙනසක් වශයෙන් Vijay Sethupathi වෙනුවට Karthi මෙයට සම්බන්ද වනවා. ඒ සමගම Trisha Krishnan, Aishwarya Lekshmi සහ Shobita Dhulipala වැනි ශිල්පිනියන්ද මෙයට සම්බන්ද වනවා. අවසානයේ හොඳම නළු නිළි පිරිසක් සමග PS ආරම්භ වනවා. විවිද හැල හැප්පීම් මැද පැමිණි මනී රත්නම්ගේ දිගු කාලීන සිහිනයක් යථාර්තයක් බවට පත් වන්නේ එලෙසයි.
මෙහි කතාව සම්බන්දව කිසිදු දෙයක්වත් සඳහන් කරන්නට යන්නේ නැත. ඊට හේතුව මෙය සිනමා ශාලාවකම නැරඹිය යුතු නිර්මාණයක් නිසාය. PS හරහා Baahubali හෝ RRR චිත්‍රපට වල අංගයන් බලාපොරොත්තු වන්නට එපා. ඊට හේතුව PS යනු බොහෝ සෙයින් කතාවට සහ විවිද වූ චරිතයන්ට වැඩි අවධානයක් ලබා දෙන slow burn period චිත්‍රපටයක් නිසා. චරිත රැසක් සහ සිදුවීම් පෙළක්ම එක සිනමා නිර්මාණයකට පරිවර්තනය කිරීම කිසි සේත්ම ලේසි පහසු කාර්යක් නොවේ. මෙහිදී චිත්‍රපටයේ තිර රචනය සේම සංස්කරණයද ඉතා ප්‍රවසමෙන් හැසිරවිය යුතු අංගයන් දෙකක්. යම් අඩුපාඩු දිස් වූවත් මනී රත්නම් ගේ අධ්‍යක්ෂණය සහ තිර රචනය (Elango Kamuravel ද එක්ව) සහ S. Sreekar Prasad ගේ සංස්කරණය සමස්තයක් වශයෙන් ඉතා සාර්ථකව ඉදිරිපත් කර තිබුනා. යම් අඩුපාඩු ලෙස දිස් වූයේ ඇතැම් චරිතයන් වල සම්බන්දකම් ගොඩ නැගීමේදී සහ සිද්දීන් ගලපා ගැනීම තුල අපැහැදිලි ස්වභාවයක් පෙන්නුම් කළා. එම නිසා මෙය ඉතා හොඳ අවදානයකින් නැරඹිය යුතු චිත්‍රපටයක්.
මෙහි ලංකාව සම්බන්දව එන කොටස හැරුණු කොට Thotta Tharani ගේ පසුතල නිර්මාණයන්ද ඉතා ඉහල මට්ටමක තිබුනා. ඒ සමගම Eka Lakhani ගේ ඇඳුම් නිර්මාණකරණයද ඉතා ඉහල මට්ටමක දක්නට ලැබුනා. ලංකාව සම්බන්දව එන කොටස තුල ලංකාවේ තිබෙන පන්සල්, රජවරුන්ගේ ඔටුනු සහ ඇඳුම් පැළඳුම් තුල යම් නොගැලපෙන බවක් දැනුණා. නමුත් කතාවට බාදාවක් වන අයුරින් එය විශාල අඩුපාඩුවක් ලෙස දිස් වූයේ නැත. ඒ කෙසේ නමුත් මෙහි සීමිත දර්ශනයන් වෙනුවෙන් යොදාගත් සිංහල දෙබස්, ශ්‍රී ලංකාවේ නිර්මාණය වුනු ඉතිහාස චිත්‍රපට වල දෙබස් වලට වඩා හොඳ මට්ටමක දක්නට ලැබුනා. ඒ සමගම සිනමාකරණයෙන් සම්බන්ද වන Ravi Varman ද ඉතා හොඳ කාර්යක් කර තිබෙනවා. මෙහි VFX සහ CGI සම්බන්දව ලොකු පැහැදීමක් නැති වුනත්, PS කතාවට වැඩි ඉඩකඩක් ලබා දෙන නිසා එය බාදාවක් වූයේ නැත. තවද A. R. Rahman ගේ සංගීත අධ්‍යක්ෂණයද සුපුරුදු ලෙස චිත්‍රපටයට ප්‍රභල දායකත්වයක් ලබා දුන්නා.
මෙහි රංගනයන්ද ඉතාම ඉහල මට්ටමක දක්නට ලැබුනා. චිත්‍රපටයේ වැඩිම දර්ශන කාලයක් හිමි වන්නේ Karthi ට. Karthi එම චරිතයට අදාලව ඇති දඩබ්බරකම, අධිෂ්ඨානය සහ විටෙක ඇතුලත් වන හාස්‍ය ඉතා හොඳින් ඉදිරිපත් කර තිබුනා. නන්දිනී දේවිය ලෙස Aishwarya Rai ඇයගේ සිනමා දිවියේ තවත් අමතක නොවන රංගනයක් මෙහි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම එම චරිතයේ ඇති ලාලිත්‍ය සහ seductive ස්වභාවය ඉතා අපූරුවට ඇය ඉදිරිපත් කර තිබුනා. Vikram ගේ බහුතරයක් නිර්මාණ මම නරඹා නැත. එම නිසා ඔහුගේ රංගන පරාසය ගැන ලොකු අවබෝධයක් නැති වුනත්, මෙය ඔහුගේ දුටු හොඳම රංගනයන්ගෙන් එකක්. ඔහුට හිමි වන්නේ සීමිත දර්ශනය ප්‍රමාණයක් වූවත්, එම චරිතය වටා තිබෙන විවිද සංකීර්ණ පැතිකඩවල් ඔහුගේ ප්‍රභල රංගනය හමුවේ ඉස්මතු වුනා. Trisha Krishnan, Aishwarya Lekshmi සහ Shobita Dhulipala ද ඔවුන්ගේ චරිතයන්ට උපරිම සාදාරණයක් ඉෂ්ට කර තිබුනා. ඒ සමගම පස්වන මිහිඳු රජ ලෙස රංගනයෙන් දායක වූ අපගේ ශ්‍යාම් ප්‍රනාන්දු රංගන ශිල්පියාවද අමතක කළ නොහැකි. ඔහුට හිමි වන්නේ ඉතාම සීමිත දර්ශන කාලයක් වූවත්, ශ්‍යාම් ප්‍රනාන්දු එම චරිතයට හොඳ පන්නරයක් ලබා දුන්නා.
අවසාන වශයෙන් මේ කාරණයද සඳහන් කරන්නට කැමතියි. මනී රත්නම් සිනමා නිර්මාණකරුවෙක් වශයෙන් වසර 30 කට ආසන්න සිහිනයක් PS නිර්මාණය කිරීමෙන් සැබෑ කර ගත්තා. එම නිසා තමන්ට යම්කිසි සිහිනයක් තිබෙනවා නම් එය ලෙහෙසියෙන් අත්හරින්නට එපා. යම් දේවල් වෙනුවෙන් ඉවසීම මෙන්ම නිසි කාලය වෙනුවෙන් බලා සිටීම ඉතා වැදගත් බව මෙය හරහා වටහා ගැනීමට පුළුවන්.
]]>The Body (2019) Sinhala Subtitles
When the body of a powerful businesswoman goes missing from the morgue, the inspector-in-charge hunts for the truth. When he questions her husband he realizes that there is much more to the case than meets the eye.
]]>ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කියනවනම් පන්ජාබ් චෙෆ් කෙනෙක් සහ මලයාලී කෙල්ලෙක් අතරෙ ඇතිවෙන ආදර කතාවක් ගැන තමයි තියෙන්නෙ..
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
ශාන් සෙන්ගුප්තා කියන්නේ බංගලාදේශයේ ඉහල පෙලේ හෝටලයක රාත්‍රී කළමනාකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්. සාමාන්‍ය ජීවිතයක් අරන් ගියාට මෙයාට අබිරහස් යටගියාවකුත් තියෙන බව පේනවා. ඉතින් ශාන් ඒ අතීතයට සමු දීලා සාමකාමී වර්තමානයක් තමා ගෙවමින් හිටියේ. ඔය අතරේ තමා මියන්මාරයේ රෝහින්‍යා ජාතිකයින් පිටුවහල් කරන කාලය. මේ සිදුවීම් හින්දා බංගලාදේශයේ පවා දරුණුවටම කලබල ඇති වුණා. හෝටලේ හිටිය අමුත්තෝ හිටියෙත් මේ නිසා හරිම කලබලෙන්. ඔය අතරෙදි තමා ශාන්ට සෆීනාව හම්බවෙන්නේ.ඒ හමුවීම සිද්ධ වුණේ හරිම අමුතු විදිහට. මේ සෆීනා ඇවිල්ලා ශාන්ගේ ජීවිතේ කොච්චර වෙනස් කරනවද කිව්වොත් ශාන්ගේ ඒ තිබුණු සාමකාමී ජීවිතේටම කණ කොකා අඬන්න ගන්නවා. ඔහුට සිද්ධ වෙනවා ආපහු ලේ එක්ක ගනුදෙනු කරන්න. තමන්ගේ ජීවිතය මාරකයකට තල්ලු කරන්න ඉතින්, ඒ කතාව බලන්න එකතු වෙන්න The Night Manager එක්ක.
ටීවී සීරීස් නරඹන කෙනෙක් නම් 2016දි BBC ඔස්සේ ආපු The Night Manager කියන මිනි සීරීස් අමතක වෙන්න නම් විදිහක් නැහැ. බලපු කවුරුත් බොහොම ආසාවෙන් නරඹලා ඉවර කරපු සීරීස් එකක් වුණා ඒක. ඉතින් අද හදිසියේම ඒ ගැන මතක් කරන්න හිතුවේ මේ කතාමාලාව ඉන්දියන් ප්‍රති නිර්මාණයක් විදිහට එළිදක්වපු නිසයි. ඔව්, The Night Manager (2023-) කියන්නේ අර උඩ කිව්ව බ්‍රිතාන්‍ය කතාමාලාවේම ඉන්දියානු ප්‍රති නිර්මාණය. එහෙමයි කියලා ෆොටෝ කොපියක් නම් නෙමේ. ඉන්දියන් හුරුවට කතාව ගොඩක් වෙනස් කරලයි තියෙන්නේ. ඒ නිසා බ්‍රිතාන්‍ය කතාමාලාව නරඹපු කෙනෙක්ට මේක නැරඹුවා කියලා කිසි පාඩුවක් නම් වෙන්නේ නැහැ.
ඉතින් ඔය කිව්ව හින්දි කතාමාලාව එලි දැක්වුයේ Disney Hotstar හරහා.
The Night Manager ඉන්දියන් කතාමාලාවට රංගනයෙන් එකතු වෙන්නේ Aditya Roy Kapoor, Anil Kapoor, Sobhita Dhulipala, Tillotama Shome, Saswata Chatterjee කියන ප්‍රධාන ධාරාවේ නළු නිළියෝ. ඉතින් පුරුදු, දන්න කියන කට්ටියක් තමා මේකේ ඉන්නේ. කතාමාලාව නිෂ්පාදනය කරන්නත් සැලකිය යුතු වියදමක් ගියා කියලා ආරංචියි. ඒ වගේම රූගත කිරීම් වලට ඔය කියපු සෙට් එක අපේ රටටත් ආවා 2021 අවුරුද්දේ වගේ. විශේෂයෙන්ම කියන්න ඕන ආදිත්‍ය රෝයි කපූර්ගේ චරිතය වෙනුවෙන් කලින් යෝජනා වෙලා හිටියේ රිතික් රෝෂන්. ඇත්තටම යෝජනා වෙලා විතරක් නෙමේ මනුස්සයා වුණත් කැමැත්ත දීලා මේකට දායක වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මොන හෝ හේතුවකින් රිතික් මේකෙන් අයින් වෙලා යනවා. එහෙමයි ආදිත්‍ය මේකට එක්කහු වෙන්නේ. රිතික් මේ කතාමලාවට එකතු වෙනවයි කියපු නිසාම නිකුත් වෙන්නත් කලින් ඉඳන්ම The Night Manager වෙනුවෙන් ලොකු කතාබහක් හැදිලා තිබුණා. කොහොම හරි ඉරණම ලියවිලා තිබ්බේ මෙහෙමයි. ඒක වෙනස් කරන්න කාටත් බෑනේ.
The Night Manager (2023) වෙනුවෙන් IMDb අගය දැක්වෙන්නේ 7.6ක අගයක්. මිශ්‍ර ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර තමා දැකගන්න ලැබෙන්නෙත්. හොඳද නරකද කියලා ඔයාලත් බලලම කියන්නකෝ එහෙනම්.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ PHOENIX සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න