කට්ටිය අහල ඇති එස් ජේ සූරයා වේදිකාවල කියනවා අජිත් උල්ලාසම් ෆිල්ම් එකක් කරද්දි බාටා දෙකක් දාගෙන හිටපු සූර්යාගේ කරට අතදාලා කියල තියෙනවා මේ තමයි මගේ ඊළඟ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කියල. අන්න ඒක තමයි මේ ෆිල්ම් එක. මේක එස් ජේ සූර්යා අධ්‍යක්ෂක කෙනෙක් විදියට කලඑළි බැස්ස චිත්‍රපටය. ඒ වගේම ජෝතිකා දමිළ සිනමාවට හදුන්වල දුන්න ෆිල්ම් එක. මේ චිත්‍රපටයගැන සුර්යා මොන වේදිකාවට ආවත් අජිත්ව මතක්කරන්න අමතක කරන්නේ නැ.
රංගනයෙන් අජිත්කුමාර් ද්විත්ව චරිතයෙන්. මේක අජිත්ගේ පළවෙනි දිවිත්ව චරිතය වෙනවා. මේ කාලය තමයි අජිත්ගේ හොඳම කාලය විදියට හඳුන්වන්න පුළුවන්. ඒ හා එක්වෙනවා සිම්රන් හා ජෝතිකා. වීරයා හා දුෂ්ටයා අජිත්ම තමයි. අධ්‍යක්ෂණය එස් ජේ සූර්යා , කැමරාකරණය ජීවා, සංස්කරණය ලෙනින් හා විජයන් විසින්. සංගීතය දේවා. නිෂ්පාදනය එස් එස් චක්‍රවර්ති නික් ආර්ට්ස් එකෙන්.
මෙම චිත්‍රපටය 2001දී සුදීප්ගේ රංගනයෙ කන්නඩ භාෂාවෙන් ප්‍රති නිර්මාණ කරල තියෙනවා. එස් එස් චක්‍රවර්ති විසින් මෙය හින්දි භාෂා ප්‍රතිනිර්මාණය කිරීමට බොනිකපුර්ට අවසර දීමේදි එස් ජේ සූර්ය අධිකරණයට ගියත් චිත්‍රපටයක අයිතිය නිෂ්පාදකටයන මතයෙන් සූර්යාට එය වැලක්විමට නොහැකි වී තිබෙනවා. කෙසේ නමුත් එය හින්දියෙන් ප්‍රතිනිර්මාණය වි නෑ.
වාලි චිත්‍රපටය තිරගත්වුනේ 1999 අප්‍රියෙල් 30 වෙනි දිනයි. ධනාත්මක ප්‍රතිචාරයන් එක්ක දින 270 සිනමා ශාලාවේ තිරගතවෙලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය අජිත්ට හරිම විශේෂයි. ඒ හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම හොදම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ජෝතිකා දිනාගෙන තියෙනවා. ඒ වගේම එස් ජේ සූර්යාට අමතක නොවන චිත්‍රපටයක් වුණා.
කතාව බලමු
එකම කෙල්ලෙක්ට ආදරය කරන නිවුන් දරුවන් දේවා හා සිවා. දේවා ගොළු බිහිරි කෙනෙක්. සිවා දන්නේ නෑ අයියා කැමති කෙල්ල කියල. මේ සහෝදර බැදීම කොහෝම එකක් වෙයිද ?
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
මම අද ඔයාලට කාලෙකට පාරක් එන, හොඳ හිතට සැහැල්ලුවක් ගේන ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. “ටුවරිස්ට් ෆැමිලි” තමයි නම. මේක 2025 ආපු කොමඩි ඩ්‍රාමා එකක්. අභිෂාන් ජීවින්ත් කියලා කෙනෙක් තමයි මේක ලියලා ඩිරෙක්ට් කරලා තියෙන්නේ. මෑන්ගෙ පළවෙනි ෆිල්ම් එක මේ. මිලියන් ඩොලර් ස්ටූඩියෝස් එක්ක MRP එන්ටර්ටේන්මන්ට් තමයි ප්‍රොඩියුස් කරලා තියෙන්නේ.
කතාවේ ප්‍රධාන චරිත කරන්නේ අපි කවුරුත් දන්න ශශිකුමාර් එක්ක සිම්රන්. මතකනේ සිම්රන්ව? ඒ කාලේ ඉඳන්ම සුපිරි නිළියක්නේ. එයාලත් එක්ක තව ගොඩක් දෙනෙක් මේකෙ ඉන්නවා.
දැන් කතාව මොකක්ද කිව්වොත්, අපේ රටේ තිබ්බ ආර්ථික අවුලෙන් පස්සේ, යාපනේ දෙමළ පවුලක් – ඒ කියන්නේ තාත්තා (දාස්), අම්මා (වසන්ති) සහ එයාලගේ පුතාලා දෙන්නා (නිතූෂන්, මුල්ලි) – හොඳ අනාගතයක් හොයාගෙන ඉන්දියාවට යන හැටි තමයි පෙන්නන්නේ. එයාලා වල්ලිපුරම් හරහා රාමේෂ්වරම්වලට එන්නේ වසන්තිගේ අයියා (යෝගි බාබු), ප්‍රකාශ්ගේ උදව්වෙන්.
ඔන්න ඉතින් ඉන්දියාවට ගොඩ බැස්ස ගමන්ම පොලිස් කට්ටියක් අල්ලගන්නවා. කොහොම හරි පොලීසියෙන් ගැලවුනත් එතන ඉදල තමයි සැබෑම ජීවන අරගලය ඇරඹෙන්නෙ. ඒ මොකද කියනව නම් එයාලා නීති විරෝධීව සංක්‍රමණය වුනු ශ්‍රී ලාංකිකයින් නිසා. වෙනත් රටක්, වෙනස් සංස්කෘතියක්, එකම භාෂාව වුනත් වෙනස්ම ශෛලියක්. කොහෙ ගියත් කට නිසා මාට්ටු වීමේ අවධානම ඉහලම පරිසරයක්.
කොහොම හරි නිවසක කුලියට නැවතිලා ජොබ් එකක් හොයන් ජීවිතෙ ගෙවන්න තමයි මේ අයට ඕනේ. ඇත්තටම ලස්සන පවුලක් මෙයාලා. පොඩි කොලුවා තමයි මේකෙ හොඳටම කරන්නේ. හැමෝගෙන්ම මෙයාල ලාංකිකයින් බව හංඟගෙන ඉන්න පුළුවන් වෙයිද මේ අයට? මේ අතර බෝම්බ පිපිරීමකටත් පොළීසියෙන් පිරිසක්ව හොය හොය ඉන්න තත්වෙක තමයි මෙයාලත් මෙහෙම ජීවිතෙ ගෙවන්නේ.
ඔයාල මේක බලලම ඉන්නකො.
ඉතින් , “ටුවරිස්ට් ෆැමිලි” කියන්නේ නිකම්ම හිනාවෙන කතාවක් විතරක් නෙවෙයි. පවුලක තියෙන බැඳීම, අනුන් වෙනුවෙන් කරන උදව්, මනුස්සකම වගේ දේවල් ලස්සනට පෙන්නන ෆිල්ම් එකක්. අපේ රටේ ප්‍රශ්නත් එක්ක සම්බන්ධ නිසා අපිටත් ගොඩක් දැනෙන කතාවක් මේක. බලන්න චාන්ස් එකක් ලැබුණොත් අනිවා බලන්න.
මේ වෙනවිට කෝටි 100 හඹා යන මේ ෆිල්ම් එක මේ වෙනවිටත් ලීක් වෙලා තියෙන්නෙ HD කොපියක්ම. ඒ කොපියට තමයි මේ උපසිරැසිය කරල තියෙන්නේ. ඉතිං ඉංග්‍රීසි උපසිරැසියක් නොතිබුන නිසාත්, රටවල් දෙකක දෙමළ තියෙන නිසාත්, මමද දමිළ පුද්ගලයෙක් නොවන නිසාත්, අඩුපාඩු සහ වැරදීම් වෙල තියෙනව නම් ඉංග්‍රීසි උපසිරැසියක් ආවම බලලා හදල අප්ඩේට් කරන්නම්.
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
රංගනයෙන් ප්‍රධාන චරිතය අජිත් කුමාර් හා ත්‍රිෂා ක්‍රිෂ්ණන් එක්ක අර්ජුන්දාස්, සුනිල්, කාර්තිකේයා, ප්‍රියා ප්‍රකාශ් වාරියර්, ප්‍රභූ, ප්‍රශන්නා ඒ වගේම සිම්රන් , ජැකි ෂෙරොෆ්ගේ, ටිනු ආනන්ද්, ෂයින් චාකෝ හා හින්දි ගායිකාව ඌෂා හුතප් කෙටි රංගනයකින් දායකවෙනවා.
මේ ෆිල්ම් එකටම විශේෂවුන සිද්ධින් තමයි. මේ ටයිටල් එක ඒ කියන්නේ මේ ගුඩ් බෑඩ් අග්ලි කියන නම සෙලෙක්ට් කරල තියෙන්නේ අජිත්කුමාර් විසින්මයි. මේ ඉංග්‍රීසි ටයිටල් එකක් එක්ක එන එයාගේ දෙවෙනි ෆිල්ම් එක. පලවෙනි එක රෙඩි. ඊලග එක තමයි මේකේ අජිත්ගේ පුතාට රගපාන්න හිටියේ මලයාලම් නළු නස්ලින්. නස්ලින්ගේ කාලය වෙන්කරගැනීමේ ප්‍රශ්නයක් නිසා ඒ අවස්ථාව කාර්තිකේයාට ලැබෙනවා.
මේකේ සංගීතය කරන්න හිටියේ දේවි ශ්‍රි ප්‍රසාද් විසින්. නොවැළැක්විය හේතුන් නිසා දේවි ශ්‍රී ප්‍රසාද් වෙනුවෙට ජී වී ප්‍රකාශ් එකතුවෙනවා. Pinkvilla එකට අනුව පලමු දවසේ තමිල්නාඩුවේ වැඩිම ආසන වෙන්කරගැනීම (ටිකට් ප්‍රි බුකින් ) විදියට ගුඩ් බෑඩ් අග්ලි වාර්ථාගතවෙනවා. ඒ කෝටි 7.89ක් දර්ශන 2091 සදහා. මීට පෙර වාර්තාවෙලා තිබුනේ විජේගේ බීස්ට් ( 2022) ඒ කෝටි 7.87ක් දර්ශන 1500ක් ලෙසයි.
තව මේ චිත්‍රපටය සදහා අජිත්කුමාර්ගේ අඩි 250ක කටවුට් එකක් තිරුනෙල්වෙලි PSS මල්ටිප්ලැක්ස් එකේ හදන්න ගිහින් ඒක කඩා වැටිලා. කාටවත් අනතුරක් නෑ. මේ විඩියෝ එකනම් හොද හැටි වෛරල් වුනා. වීඩියෝ එක බලන්න ඕන අයට.
මේකේ විශේෂම දේ තමයි කොපි රයිට්ස් ක්ලේම් කරල තියෙන එක #GBU එකේ සින්දු තුනකට. වැඩේ කියන්නේ මේ සින්දු තුනම ඉලයරාජාගේ. ඉතින් කොපි රයිට්ස් ඉල්ලලා තියෙන්නේ ඉලයරාජා. සින්දු තුනට කෝටි 5ක් වන්දි ඉල්ලලා ඒ වගේම දින 7ක් ඇතුලත #GoodBadUgly කණ්ඩායම සමාව ගන්නත් ඕනේලු.
ඒ සින්දු තුන තමයි
ඉලමයි ඉදෝ ඉදෝ
ඔත්තරුබා තාරේන්
එන් ජෝඩි මන්ජ කුරුවි
වැඩේ කියන්නේ #GBU කණ්ඩායම මේ ගීත තුන භාවිතා කරන්න ඒ සින්දු අයිති මියුසි කොම්පැනියෙන් #NOC අවසරය අරගෙන කියල කියන්නේ.
ඉලයරාජා මේ ගීත තුන සදහා සංගීතය සපයා තිබුනත් මේ ගීත එලි දක්වා ඇත්තේ සෝනි මියුසික් හා ප්‍රමීඩ් මියුසික් ලේබල් යටතේයි.
ඉලමයි ඉදෝ ඉදෝ – සෝනි මියුසික්
එන් ජෝඩි මන්ජ කුරුවි -සෝනි මියුසික්
ඔත්තරූබා තාරේන් – ප්‍රමීඩ් මියුසික්
කතාව බලමු.
ඇත්තටම මේ ෆිල්ම් එකට කතාවට ලොකු තැනක් දීල නෑ. තියෙන්නේ සාමාන්‍ය කතවක්. මැර තාත්තා AK හැම දෙයක්ම පුතා වෙනුවෙන් අතෑරලා හිරේ යනවා. නමුත් පුතාට ලොකු කරදරයක් වෙනවා ස්පාඤ්ඤයේදී. හිරේ ඉන්න AK යනවා ස්පාඤ්ඤයට තම පුතා වෙනුවෙන්. ඒ වෙන සිද්ධින් තමයි චිත්‍රපටයක් විදියට දිග හැරෙන්නේ.
විඩාමුයච්චි කියන්නේ අජිත්ගේ හොද රංගනක් දකින්න පුලුවන් චිත්‍රපටයක්. නමුත් ඒකේ දැඩි පීඩනයට ලක්වුණ මැදිවියේ චරිතයක්. ඉතින් අජිත් ෆෑන්ස්ල ඒකට වැඩි කැමැත්තක් තිබුනේ නෑ. ෆ්ල්ම් එක ආදායම අතින් අසාර්ථක වුනා කියලයි කියන්නේ. ඒ කාලේම GBU එක ගැන ආදික් කිව්වා මේක තනිකරම අජිත් ෆෑන්ස්ලට සමරණන්න පුලුවන් චිත්‍රපටයක් වෙනවා කියල. ආදික් කිව්ව විදියටම අජිත්ගේ ෆෑන්ස්ලව සතුටුකරපු චිත්‍රපටයක් වුණා. අජිත් රසිකයන් මේක උත්සවයක් වගේ සමරන්න වුණා.
මේක ෆෑන් මේඩ් මෙගා මාස් එන්ටර්ටේන්මන්ට් මූවි එකක්. අනිවාර්යයෙන් මේක සිනමා ශාලාවකම බලන්න ඕන එකක්. විශේෂයෙන් අජිත් ෆෑන්ස්ල තියටර්ම බලන්න. Ott ආවම ඒක බලල කට්ටිය බෑඩ් රිවිව්ස් දෙනවා දෙකක් නෑ ඒකෙන්නම්. විශේෂයෙන් ශ්‍රී ලංකා ෆිල්ම් ඔස්තාර්ල.
ඔරිජින්ල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලීනකර ඇත.
Good Bad Ugly SinhalaSub
Good Bad Ugly Sinhala Subtitles
Good Bad Ugly 2025 Sinhala Sub
Good Bad Ugly (2025) SinhalaSub
Good Bad Ugly (2025) Sinhala Subtitles
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
YRF Spy Universe හි පස් වන දිග හැරුම වන Tiger 3 චිත්‍රපටය තමයි මෙ ඔන්න අරගෙන එන්නේ… ඔයාල මේක බලන්න කලින් මුල් චිත්‍රපට කිහිපය බලනව නම් හොඳයි.
වගේම ඉදිරියටත් එන්න තියෙනවා…
කථාව ගත්තම දැන් හුඟක් අය දන්නවා ඉන්න චරිත සහ ඒ අය ගැන. ඉතිං පඨාන් එකෙදි ඉඟියක් ලැබුනා අපිට පඨාන් මෙහි කොටසකට සිටිනා බව. ඒවගේම සහ තවත් කැමියෝ වලින් මේ චිත්‍රපටය අලංකාර කර තිබෙනවා.
1999 වර්ෂයෙදි සෝයා දකිනවා ISI නියෝජිතයෙක් වුනු තමන්ගෙ තාත්තා කාර් එක පිටින් පුපුරලා මැරෙන හැටි. තාත්තගෙ අවසන් කටයුතු වලින් පස්සෙ ආතිෂ් රෙහ්මාන් සමඟ එකතු වෙලා ISI එක වෙනුවෙන් සේවය කරන්න ගන්නවා.
ටයිගර් කියන්නේ ඉන්දියානු රෝ එකේ සිටින දක්ෂම නියෝජිතයෙක්. සෝයා සහ ටයිගර් අතර වෙන සිද්ධීන් හමුවේ මේ දෙන්නා කසාදත් බදිනවා. ඉතිං පසුව ළමයෙක් හම්බවෙලා , සෝයා ඔහුවත් බලන් ගෙදර ඉන්නවා. මේ අතරෙ මෙහෙයුමක අතරතුරේදි ටයිගර්ට දැනගන්න ලැබෙනවා සෝයා තාම පාකිස්ථානයට ඔත්තු සපයනවා කියලා… ඉතිං ඔහොම තමයි මේ පාර කැළබුම ඇති වෙන්නේ.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයගෙ ලිපිය