Shobana – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 31 May 2025 06:02:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shobana – SinhalaSub https://sinhalasub.lk 32 32 Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thudarum-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thudarum-2025-sinhala-subtitles/#comments Sat, 31 May 2025 06:02:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99831 Thudarum Sinhala Sub
Thudarum Sinhala Subtitles
Thudarum 2025 Sinhala Sub
Thudarum (2025) Sinhala Sub
Thudarum (2025) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා 
අදත් මම අරගෙන එන්නෙ අප්‍රේල් 25 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම බෝම්බයත් අරගෙන , වාර්ථා බිඳදමමින් තිරගත වන මෝහන්ලාල්ගෙ අලුත්ම ෆිල්ම් එක THUDARUM සමගින්
හුග කාලෙකට පස්සෙ මෝහන්ලාල් සහ ශෝබනා එකම ෆිල්ම් එකක ආයෙත් , චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නෙ තරුන් මූර්ති , මිනිහා මතක ඇතිනෙ SAUDI VELLAKKA , OPERATION JAVA ෆිල්ම් එහෙම බැලුවනම් , ඒවත් හුගක් සාර්ථක උන ෆිල්ම් , ඉතින් මෝහන්ලාල් වෙනුවෙන්ම මිනිහා හදපු සුපිරි ෆිල්ම් එකක් තමයි මේක , සුපිරි ෆෑන් බෝයි ෆිල්ම් එකක් හින්දා මිනිහා මෝහන්ලාල්ට දෙන්න තියෙන සුපිරි ම වටිනාකම දීලා තියෙනවා , ඒ වගේම ෆිල්ම් එකේ මෝහන්ලාල් රගපෑ බොහෝ ෆිල්ම් වල දෙබස් ඇතුලත් වෙලත් තියෙනවා , මට මතක් වෙන දෙබස් අයිති ෆිල්ම් වල නම් මම ෆිල්ම් එකේ රසවින්දනය වැඩිවෙන්නත් එක්ක උපසිරැසියට එකතු කරා , මොකද ඒ දෙබස් තිබ්බ තැන් වල තමයි මලයාලි රසිකයො වැඩිපුරම හිනාවුනේ
ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ ආදායම ගැන , මේ චිත්‍රපටියෙ ආදායම කෝටි 232 ක් පමණ , ඒ වගේම කේරලේ පමණක් දින 34 කින් කෝටි 118 ක් විතර  කේරලයෙ විතරක් පලවෙනි කෝටි 100 හොයපු ෆිල්ම් එක ,  ඒ වගේම කෝටියකට ආසන්න පිරිසක් ෆිල්ම් එක බලලා කියලා තමයි ආරංචිය
නලු නිලියො ගැන කියනවනම්  මෝහන්ලාල් , ශෝබනා , බිනී පප්පු , ප්‍රකාශ් වර්මා , තෝමස් මැතිව් , ෆර්හාන් ෆාසිල් වැනි නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ෆිල්ම් එකේ ධාවන කාලය පැය 2 විනාඩි 45 ක් පමණ , මේ වෙද්දි IMDb අගය 9.5/10 , ඒ වගේම THRILLER , DRAMA කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් කේරලේ පත්තනම් තිට්ටා දිස්ත්‍රික්කයේ රාන්නි කියන ප්‍රදේශයේ ඉන්නවා බෙන්ස් කියලා කෙනෙක් ,නැත්නම් ශංමුගම් (මෝහන්ලාල්)මිනිහා කුලී රත රියදුරෙක් , තමන්ගෙ කලු ඇම්බැස්ඩර් කාරෙකට පණ වගේ ලව් , පට්ට පාඩුවෙ තමන්ගෙ පවුල එක්ක සතුටින් ජීවත් වෙනවා , දවසක් මිනිහා ගෙ වාහනේ ගරාජ් එකට දාලා ගමනක් ගිහින් එද්දි වාහනේ පොලිසියට අරන් ගිහින් , ගරාජ් එකේ කොල්ලා වාහනෙන් ගංජා ඇඳලා , පලවෙනි අර්ධය පට්ට පාඩුවෙ ආතල් එකේ ගෙවී යනවා , මිනිහා වාහනේ බේරගන්න හෙන ගේමක් දෙනවා , ඔන්න  මෙතන ඉඳන් තමයි සෙල්ලම වෙනස් වෙන්නෙ …… මීට වඩා කියලා තේරුමක් නෑ , ඔයාලට බාරයි
ෆිල්ම් එක ඉක්මනට ඉවරකරගන්න ටයිම් ලයින් ගහලා සප් එක දීපූ ඉඳුවර නිසල් සහෝදරයාටත් ස්තූති කරමින් තවත් අලුත් උපසිරැසියක් අරන් එන්නම් කියමින් අදට සමුගන්නවා , ආයෙ දවසක හමුවෙමු

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/thudarum-2025-sinhala-subtitles/feed/ 2
Kalki 2898 AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kalki-2898-ad-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kalki-2898-ad-2024-sinhala-subtitles/#comments Thu, 22 Aug 2024 03:30:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72596 Kalki 2898 AD Sinhala Sub
Kalki 2898 AD Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Sub
Kalki 2898 AD (2024) Sinhala Subtitles

 

]]>
https://sinhalasub.lk/movies/kalki-2898-ad-2024-sinhala-subtitles/feed/ 4
Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/varane-avashyamund-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/varane-avashyamund-2020-sinhala-subtitles/#respond Mon, 07 Aug 2023 20:04:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49417 Varane Avashyamund Sinhala Sub
Varane Avashyamund Sinhala Subtitles
Varane Avashyamund (2020) Sinhala Sub
Varane Avashyamund (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙනවා. සංගීතය Alphons Joseph ගෙන්. මේ වනවිට IMDb දර්ශකයේ 7 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 4.5ක වියදමින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 31.7 ක ආදායමක් ලබා ගැනීමටත් සමත්කම් දක්වා තිබෙනවා.

ජීවිතේ විවිධ කාල පරාසයන් තුළ ඇතිවන ආදරය ගැන කතා කරපු C/o Kancharapalem චිත්‍රපටය මතකද? ඒ අපූරු මලයාලම් සලරුව බැලුවා නම් ඔබට මතක ඇති විවිධ වයස් මට්ටම් වලදි ඇති වන ආදරය ගැන පෙන්වූ අපූරුව. මේ චිත්‍රපටයෙනුත් ඒ වගේම ජීවිතේ අවධි දෙකකදි ඇතිවන ආදරය ගැන කතා කරනවා ඔබට දැකගන්න ලැබේවි. ආදරයට කිසිම සීමාවක් නෑ කියනවනේ. විවිධ වයස් මට්ටම් වලදි ආදරේ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අපි කොච්චර හෙව්වත් අපිට උරුම කෙනා අපි ලඟම ඉන්නවා වෙන්නත් පුලුවන්. දැන් පරක්කු වැඩියි කියලා හිතුවත් සැබෑම ආදරේ ලැබෙන්නේ පරක්කු වෙලා වෙන්නත් පුලුවන්. ඔබේ වයස කුමක් වුවත්, ඔබ කොතරම් කෙනෙක්ව සෙව්වත්, සැබෑම ආදරේ කවදාක හෝ කොතැනකදි හෝ ලැබේවි. ඒ තමයි ලැබීමේ හැටි.

කතාව ගැන බැලුවොත් නීනා කියන්නේ දික්කසාද වෙලා තමන්ගේ දුවත් එක්ක ජීවිතය ගත කරන ප්‍රංශ භාෂාව උගන්වමින් දිවි ගෙවන ගුරුවරියක්. එයාගේ දුව තමයි නිකිතා කියන්නේ. නිකිතා බැංකුවක වැඩ කරන තරුණියක්. කල වයසත් හරි නිසා මෙයාට සුදුසු මනමාළයෙක් අන්තර්ජාල මංගල සේවා වෙබ් අඩවියකින් සොයමින් කාලය ගත කරනවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ චෙන්නායි වල තට්ටු නිවාස සංකීර්ණයක. මේ නිවාස සංකීර්ණයට උන්නික්‍රිශ්ණන් කියලා විශ්‍රාමලත් හමුදා මේජර් වරයකු සහ බිබීෂ් නම් තරුණයෙක් පැමිණෙනවා. මේ දෙදෙනාගේ පැමිණීමත් එක්ක නිකිතාගේ වගේම එයාගේ අම්මගේ ජීවිතෙත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීම සිද්ද වෙන්නේ කොහොමද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/varane-avashyamund-2020-sinhala-subtitles/feed/ 0