සුභ දවසක් හැමෝටම!!
හැමෝම ඉල්ලපු චිත්‍රපටියක් මේ අරන් ආවේ. මේක ඉල්ලලා සුම් පෙජ් එකට වගේම මටත් ප්‍රයිවට් මැසේජ් පවා ඇවිල්ලා තිබ්බා. මං හිතන්ඇනේ ත්තටම මේකට තාම උපසිරැසියක් කවුරුත් නොදාන්න හේතුව එකම එකයි. අපිට චිත්‍රපටියකට නම් උපසිරැසි දාන්න පුලුවන් ? එත් කොහොමද ක්‍රිකට් මැච් එකකට සබ් දාන්නේ. මේකේ අන්තිම පැය බාගේ තනිකරම මැච් එකක් තියෙන්නේ. ලයින් 500ක් විතර මැච් එකේ විස්තරේ යන්නේ..කොහොම හරි මට දැනෙන විදියට ඔයාලාටත් තේරෙන විදියට මැච් එකේ උපසිරැසි දැම්මා. මේක බලන ක්‍රිකට් ගහන ගහන කෙනෙක් එහෙම දාපුවාගේ වැරැද්දක් තිබ්බොත් ඉතින් කියන්න. මොකද මැච් බැලුවාට එවාගේ හරියටම කියන දේවල් වල දැනුමක් ලොකුවටම නැහැ නොවැ..
චිත්‍රපටිය පැත්තට ආවොත් මේක ඉතින් R. Balki ෆිල්ම් එකක්. හින්දි චිත්‍රපටි බලන කෙනෙක් නම් මේ අධ්‍යක්ෂකවරයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. English Vinglish, Pad Man, Mission Mangal වගේ චිත්‍රපටි මොහුගේ අධ්‍යකෂණයෙන් හැඩවුන එවා. Abhishek Bachchan හා Saiyami Kher මෙහි ප්‍රධාන චරිතයෙන් රංඟනයට දායක වෙනවා..
ඔයාලා බැනර් වලම දැකපු විදියට අතක් අහිමි කෙනෙක්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන්න පුලුවන්ද? අඩුම ගානේ තේරෙන්නවත්.. ඇනිනා කියන්නේ දක්ෂ ප්‍රහාරත්මක පිතිකරුවෙක්… නමුත් ජිවිතේ නොහිතු වෙලාවක වෙන එක් සිදුවිමක් නිසා ඇයගේ දකුණු අත අහිමිවෙනවා. එතැනින් එහාට ඇයගේ ක්‍රිකට් දිවිය අවසන් වේවිද? පවුලේ සැමටම එකතු වෙලා පැය දෙකක් ඇස් ඉවතට ගන්නේ නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි ඉතින් මේක.
”අවුරුදු ගණන් මහන්සිවෙලා කැපවෙලා ජිවිතේ තැනකට ආවම හැමෝම කියනවා ඒක වාසනාව කියලා.. එත් වාසනාව කියලා දෙයක් නැහැ. තියෙන්නේ උත්සහාය”
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දර්ශණ නිශාන්ත පීරිස් සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් හා නිෂ්පාදකයෙක් වන කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් තමයි මේ අරං එන්නේ. නමින් Rocky Aur Rani Ki Prem Kahaani (රොකී සහ රාණිගේ ආදර කතාව) ඉතින් මේ ෆිල්ම් එක,
IMDb – 6.9/10
Release Date – July 28, 2023
Running Time – 168 minutes
Category – Romantic, Comedy, Family drama
එමෙන්ම මෙය,
Directed By – Karan Johar
Written By – Ishita Moitra, Shashank Khaitan, Sumit Roy
Produced By – Hiroo Yash Johar, Karan Johar, Apoorva Mehta
Production Companies – Dharma Production, Viacom 18 Studios
Music By – Pritam
Cast – රංගනයෙන් දායක වන්නේ,
Ranveer Singh – Rocky
Alia Bhatt – Rani
Anjali Anand – Gayatri (goolu)
Jaya Bachchan – Dhanalakshmi
Dharmendra – Kanwal Lund
Shabana Azmi – Jamini
Tota Roy Chowdhury – Chandon
Churni Ganguly – Anjali
Kshitee Jog – Punam
කතාව ගැන ටිකක් කියන්නම්…
රොකී රන්ධාවා කියන්නෙ ලඩ්ඩු ස්විට්ස් ව්‍යාපරික පවුලේ මීළඟ සභාපති නැත්නම් CEO. රොකී ගොඩක් පොහොසත් වුනත් ඉංග්‍රීසි හොඳින් කතා කළ නොහැකි නූගත් කෙනෙක්. නමුත් ඔහු තමගේ පවුලට ගොඩක් ආදරය හා ගෞරවය කරන පුද්ගෙලයෙක්. විශේෂයෙන්ම තමන්ගේ සීයාට. රොකීගේ සීයා මතකය අඩු, ඇවිදීමට නොහැකි පුද්ගලයෙක්.
එක් සම්මාන උළෙලකදී රොකිගේ සීයා ඒ කියන්නේ කන්වල් ලුන්ඩ්ට ජාමිනි කියන පුද්ගලයෙකු මතක් වෙනවා. පසුව රොකී මේ ජාමිනි කියන පුද්ගලා පිළිබද සොයා බලන විට ජාමිනිගේ මිනිබිරිය එනම් කතාවේ නායිකාව වන රාණිව මුණගැසෙනවා. එතනදි ඔවුන් දෙදෙනාව දැනගන්නවා ජාමිනි සහ කන්වල් අතර ආදර සම්බන්ධයක් තිබුන බව. මේ නිසා රොකීගේ සීයාව සුව කර ගැනීමේ අරමුණෙන් රාණි සහ රොකී ඔවුන් දෙදෙනාව හොර රහසේ මුණගස්වනවා. මේ අතරතුර රාණි සහ රොකී ද එකිනෙකාට ආදරයෙන් බැදෙනවා. පසුව ඔවුන් විවාහ වීමට පෙර තමන්ගේ පවුලේ අයව සම්බන්ධට කැමති කර ගැනීම තමයි ඔවුන් දෙදෙනාට තිබ්බ ඊළඟ අභියෝගය වුනේ. මේ නිසා ඔවුන් එක් උපායක් යොදා ගන්නවා. එනම් රොකී රාණිගේ පවුලේ අයත් සමඟ මාස තුනක් ජීවත් වීම හා රාණි රොකීගේ පවුලේ අයත් සමඟ මාස තුනක් එකට ජීවත් වීමයි.
ඉතින් මොවුන් දෙදෙනා මේ අභියෝගය ජය ගනීවිද?
එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා තවත් ලස්සන ෆිල්ම් එකකින් හමුවෙමු…!!!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දැහැමි ධර්මමාලි සහෝදරියගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න