Shaad Randhawa Archives - SinhalaSub https://sinhalasub.lk/cast/shaad-randhawa/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Jul 2025 11:15:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shaad Randhawa Archives - SinhalaSub https://sinhalasub.lk/cast/shaad-randhawa/ 32 32 Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/#comments Sun, 20 Jul 2025 10:45:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106673 Saiyaara Sinhala Sub Saiyaara Sinhala Subtitles Saiyaara 2025 Sinhala Sub Saiyaara (2025) Sinhala Sub Saiyaara (2025) Sinhala Subtitles [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] මෝහිත් සූරි කියන්නේ බොලිවුඩයේ ආදර කතා වලට, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් ආදර කතා වලට, අලුත් ජීවයක් දුන්න අධ්‍යක්ෂකවරයෙක්. “Aashiqui 2”, “Ek Villain” වගේ චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ඔහු, යෂ් […]

The post Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saiyaara Sinhala Sub
Saiyaara Sinhala Subtitles
Saiyaara 2025 Sinhala Sub
Saiyaara (2025) Sinhala Sub
Saiyaara (2025) Sinhala Subtitles

මෝහිත් සූරි කියන්නේ බොලිවුඩයේ ආදර කතා වලට, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් ආදර කතා වලට, අලුත් ජීවයක් දුන්න අධ්‍යක්ෂකවරයෙක්. “Aashiqui 2”, “Ek Villain” වගේ චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ඔහු, යෂ් රාජ් ෆිල්ම්ස් (Yash Raj Films) එක්ක එකතු වෙලා අලුත්ම ආදර කතාවක් අරගෙන එනවා, ඒ තමයි “සෛයාරා” . මේ චිත්‍රපටය විශේෂ වෙන්නේ ආහාන් පාණ්ඩේ (Ahaan Panday) සහ අනීත් පද්දා (Aneet Padda) කියන අලුත්ම නළු නිළි යුවළක් බොලිවුඩයට හඳුන්වා දීම නිසයි.

කතාව ගැන කෙටියෙන් (ස්පොයිල් නැතුව):
“සෛයාරා” කියන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් ලෝක දෙකක ජීවත් වෙන කලාත්මක ආත්ම දෙකක්, සංගීතය හරහා එකට බැඳෙන කතාවක්. ක්‍රිෂ් කපූර් (ආහාන් පාණ්ඩේ) කියන්නේ ටිකක් කැරලිකාර, සංගීතයට පිස්සුවෙන් වගේ ආදරය කරන තරුණයෙක්. වානි බත්‍රා (අනීත් පද්දා) කියන්නේ ටිකක් සංයමයෙන් ඉන්න, සංගීතය තුළින් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන තරුණියක්. මේ දෙන්නා මුණගැහුණම, එයාලගෙ ලෝක දෙක එකතු වෙනවා. සංගීතය එයාලගෙ ආදරයේ භාෂාව බවට පත් වෙනවා.

හැබැයි, මේ ආදර කතාව එච්චර සරල එකක් නෙවෙයි. සමාජයේ තියෙන වෙනස්කම්, සහ එයාලගෙ ජීවිතේ එන අභියෝග මේ බැඳීමට ලොකු බලපෑමක් කරනවා. කතාව දිග හැරෙන්නේ මේ බාධක මැද, එයාලගෙ ආදරය කොයිතරම් දුරට ශක්තිමත්ද කියන එක පෙන්වමින්.

විශේෂත්වය සහ හයිප් එක:

මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණය: මෝහිත් සූරිගේ චිත්‍රපටවල තියෙන විශේෂත්වය තමයි, වේදනාව, ආදරය සහ සංගීතය එකට මිශ්‍ර කරලා ප්‍රේක්ෂකයාගෙ හදවතටම කතා කරන විදිය. “සෛයාරා” චිත්‍රපටයත් ඒ වගේම හැඟීම්බර, සංගීතමය අත්දැකීමක් වෙයි අනිවාරෙන්ම.

“Aashiqui 3” හි ආත්මය: මුලින්ම මේ කතාව “Aashiqui 3” විදියට හදන්න සැලසුම් කරලා තිබුණත්, පසුව “සෛයාරා” නමින් ස්වාධීන චිත්‍රපටයක් විදියට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා, “Aashiqui” චිත්‍රපට මාලාවේ තිබුණු ඒ ආදරණීය, වේදනාබර හැඟීම් මේකෙත් දකින්න ලැබෙනවා.

සංගීතය: මේ චිත්‍රපටයේ ලොකුම හයිප් එකක් තියෙන්නේ සංගීතය ගැන. මිතුන්, තනිෂ්ක් බග්චි, විශාල් මිශ්‍රා, සචේත්-පරම්පරා වගේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක්ම මේකට දායක වෙලා තියෙනවා. අරිජිත් සිං, ජුබින් නෝටියාල්, ශ්‍රෙයා ගෝෂාල් වගේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ හඬින් ගැයෙන ගීත ගොන්නක්ම මේකෙ තියෙනවා.

අලුත් නළු නිළි යුවළ: ආහාන් පාණ්ඩේ සහ අනීත් පද්දා කියන්නේ බොලිවුඩයට අලුත් මුහුණු දෙකක්. එයාලගෙ රංගනය සහ දෙන්නා අතර තියෙන කෙමෙස්ට්‍රිය චිත්‍රපටයට කොයි වගේ බලපෑමක් කරයිද කියලා බලන්නත් ඔයාලට දැන් පුළුවන්.

ඒවගේම මේකෙ ආරම්භක දින ආදායම කෝටි 21 පසු කරමින් මෙහෙම වාර්ථාවක් තබා තියෙනවා.
Saiyaara grossed a record-breaking ₹21 crore on its opening day, the highest ever for a Hindi film starring a debutant in the lead role.

“සෛයාරා” කියන්නේ නිකම්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. ඒක සංගීතයෙන්, වේදනාවෙන් සහ හැඟීම්වලින් පිරුණු ගමනක්. මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණය, හිතට වදින සංගීතය සහ අලුත් නළු නිළි යුවළකගේ රංගනය නිසා මේක 2025 වසරේ අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක් බවට පත්වෙලා තියෙනවා. ආදර කතා වලට කැමති, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් චිත්‍රපට වලට කැමති අයට “සෛයාරා” කියන්නේ අමතක නොවන අත්දැකීමක් වේවි.

සංගීතය රසය වෙනුවෙන් සියළුම ගීත උපසිරැසි ගන්වලා තියෙන්නේ.
ENGLISH උපසිරැසියක් රහිත නිසා, අඩුපාඩු එහෙම Esub ආවම හදන් එන්නම්.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/feed/ 1
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/satyameva-jayate-2-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/satyameva-jayate-2-2021-sinhala-subtitles/#respond Sat, 06 Jul 2024 23:30:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11555 Satyameva Jayate 2 revolves around the fight against injustice and misuse of power. From police and politicians to industrialists and a common man, the film will explore corruption in all spheres.

The post Satyameva Jayate 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Satyameva Jayate 2 revolves around the fight against injustice and misuse of power. From police and politicians to industrialists and a common man, the film will explore corruption in all spheres.

The post Satyameva Jayate 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/satyameva-jayate-2-2021-sinhala-subtitles/feed/ 0
Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hate-story-iv-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hate-story-iv-2018-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 09:34:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49254 Hate Story IV Sinhala Sub Hate Story IV Sinhala Subtitles Hate Story IV (2018) Sinhala Sub Hate Story IV (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් 2012 වර්ශයෙන් පටන් ගත්තු Hate Story චිත්‍රපටි මාලාවේ හතර වෙනි චිත්‍රපටිය තමයි මේ. කලින් තුනේ වගේම මේ චිත්‍රපටියෙත් කතාව පලි ගන්නා කාන්තා චරිතයක් ඇසුරෙන් තියෙන්නෙ. අධ්‍යක්ශනය කරන්නෙ 2 සහ […]

The post Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hate Story IV Sinhala Sub
Hate Story IV Sinhala Subtitles
Hate Story IV (2018) Sinhala Sub
Hate Story IV (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් 2012 වර්ශයෙන් පටන් ගත්තු Hate Story චිත්‍රපටි මාලාවේ හතර වෙනි චිත්‍රපටිය තමයි මේ. කලින් තුනේ වගේම මේ චිත්‍රපටියෙත් කතාව පලි ගන්නා කාන්තා චරිතයක් ඇසුරෙන් තියෙන්නෙ. අධ්‍යක්ශනය කරන්නෙ 2 සහ 3 වෙනි චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Vishal Pandya. ආදායම් අතින් නම් මේ චිත්‍රපටිය අනිත් චිත්‍රපටි අතරේ තුන් වෙනි ස්තානයේ තියෙන්නෙ. ඒ මිලියන 280ක ආදායමක් ලබාගෙන.

Hate Story (2012)

Hate Story 2 (2014)

Hate Story 3 (2015)

රංගනයෙන් දායක වෙන්නෙ Urvashi Rautela, Karan Wahi, Vivan Bhatena, Ihana Dhillon සහ Gulshan Grover. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sunny and Inder Bawra. Himesh Reshammiya ගේ Aashiq Banaya Aapne සිංදුවේ re-mix එකක් මේ චිත්‍රපටියේ තියෙනවා. ගීත ගායනයෙක් එක් වෙන්නෙ Jubin Nautiyal, Neha Kakkar, Neeti Mohan, Armaan Malik, Tony Kakkar, Himesh Reshammiya, Amrita Singh සහ Sukriti Kakar.

ආර්යන් සහ රාජ්වීර් කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙකුගෙ සෙල්ලක්කාර පුත්තු දෙන්නෙක්. මේ දෙන්න එයාලගෙ කම්පැනියෙ කැම්පේන් එකකට අලුත් මොඩ්ල් කෙනෙක් හොයනවා. මේ අතරෙ දවසක් රාජ්වීර්ට ටාශාව මුන ගැහෙනවා. ටාශා කියන්නෙ තරුවක් වෙන්න ආශාවෙන් ඉන්න ක්ලබ් ඩාන්සර් කෙනෙක්. ඉතින් මේ අයිය මලෝ ටාශව එයාලගෙ කම්පැනියෙ මොඩ්ල් කරගන්නවා.

මේ අතරෙ රාජ්වීර් ටාශට ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ටාශා රාජ්වීර්ට විතරක් නෙවෙයි ආර්යන්ටත් ලං වෙනවා. ඉතින් මේ පාර පලිගැනීම කොහොමද කියල කතාව බලලම දැන ගනිමු. ගිහින් එන්නම්. කමෙන්ටුවක් දාන්න අමතක කරන්නත් එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහරා මුතු අමා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hate-story-iv-2018-sinhala-subtitles/feed/ 0