එයින් පසුව?
එයින් පසුව පුර දින හතරක් කොරියානු සීමාව තුල ඔවුන් සිදුකරපු වික්‍රමය නරඹන්න මං ඔයාලට ආරාධනා කරනවා. මොකද කොරියානු ඉතිහාසයෙ විශිෂ්ඨතම සටනක් මෙ චිත්‍රපටයෙන් ඉතාමත් විචිත්‍ර ලෙස නිර්මානය කරලා තියෙනවා. ඒ Location,Realistic Fights වගේ දේවල් හිතාගන්නවත් බෑ. සාමාන්‍යයෙන් අපි කොරියන් යුධමය චිත්‍රපටයක් කිවුවම ටිකක් අවතක්සේරුවට හිතනවනේ. ඒත් මං නම් හිතන්නෙ පසුගිය වසරෙ නිකුත් වුන මේ චිත්‍රපටය ඔබෙ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනත් මගකට ගෙනියයි කියලා. අවිවාදයෙන් පිලිගන්න ඕන මෙ චිත්‍රපටයේ කැමරාකරණයනම් ඉතාමත් ඉහල් මට්ටමක තියෙනවා කියලා. සටන් අතරතුර කැමරාකරණයෙන් අපිට ලබාදෙන ඒ Thrill එකනම් කියලා වැඩක්. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ A Taxi Driver, Pirates, Veteran වගේ චිත්‍රපටවල රංගනයෙන් දායක උන Hae-Jin Yoo. දැනට සම්මාන 5කට නිර්දේශ වෙලත් තියෙනවා. එහෙනම් කයිවාරු ගැහුවා ඇති කියල හිතෙනවා. චිත්‍රපටය ගැන ඔයාලගෙ අදහස් පහලින් සටහන් කරන්නත් අමතක කරන්න එපා.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි 16ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. සාම්ප්‍රදායික චිත්‍රපටි වලින් බැහැරව යන කතා නිර්මාණයක් විදියට ජනප්‍රිය මේ Along With The Gods චිත්‍රපටිය ප්‍රෙක්ෂකයින් විශාල ප්‍රමාණයක් පලමු දිනයේදීම ආකර්ශණය කරගැනීමට සමත් වෙලා තියෙනවා. කොරියාවෙ දී බොක්ස් ඔෆිස් වාර්තා තැබීමටත්, මාස 4ක් වැනි සුළු කාලයක් තුලදී පැවැත්වීමට නියමිත සිනමා උලෙලවල් 7ක නම ඇතුලත් කරගැනීමට සමත් වෙලා තියනවා. ඒ වගේම ඒ කාලය ඇතුලතම IMDb වල 7.4 ක අගයක් ලබාගෙන තියෙනවා. කොච්චර සුපිරි සිනමා සිත්තමක්ද කියලා දැනගන්න නම් මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නෙ. චිත්‍රපටියෙ වියදම ගැන කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 37ක වියදමක් දරලා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 109ක ආදායමක් ලබලා තියෙනවා. චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිව්වොත් 2019 දී මේ කතාව ඇතුළත් රූපවාහිනී කතාමාලාවක් ඒමටත් නියමිතයි.
මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්,
මැරෙන ඕන කෙනෙක් මුලින් අපායට ගිහින් තමයි ආයෙ යන තැනක යන්නෙ. මේ විදියට අපායෙන් ලබා දෙන තීන්දුව අනුව තමයි නැවත ඉපදෙන කාලය, දුක් විඳින කාලය තීරණය වෙන්නෙ. මේ ලෝකෙදි කරන පව් වලට ඒ ලෝකෙදි තමයි දඬුවම් ලැබෙන්නෙ. මේ ලෝකෙදි කරපු පව් එකක් නෑර විනිශ්චය වෙලා සුදුසු දඬුවම එහෙදි ලැබෙනවා. මේ නඩු අහන්නෙ කාණ්ඩ 7ක් යටතේ. ඒ හත මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි චිත්‍රපටිය බැලුවට පස්සෙ. මේ නඩු වලට මුහුණ දෙන, අපායට ගිය ආත්ම වෙනුවෙන් කතා කරන අයත් ඉන්නවා. මම මින් එහාට චරිත ගැන කියන්න යන්නෙ නෑ. කුතුහලය එක්කම නරඹන්න. චිත්‍රපටිය ඇත්තටම ගොඩක් ලස්සන, රසවත් තැන් පිරුනු, ත්‍රාසය කුතුහලය අඩුවක් නැතුව තියෙන නිර්මාණයක්. විශ්වාස කරන්න, හැම විනාඩියෙදිම පුදුම හිතෙන දේවල් තමයි සිද්ධ වෙන්නෙ. එහෙනම් වෙනදා වගේ මේකත් රසවිඳින්න ආරාධනා කරනවා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නවෝදනී තිළිණි සහෝදරියගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න