සුබ දවසක් හැමෝටම!
2025 වසරේ එළිදක්වන ළද Ground Zero කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන action thriller චිත්‍රපටයක්..
හදිස්සියේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණ HDRIP පිටපතකට තමයි උපසිරැසි අරගෙන ආවේ..
සම්පූර්ණයෙන්ම අසාලිවීමක් කරලා අරගෙන ආපු උපසිරැසියක් නිසා අඩුපාඩුවක් එහෙම තිබ්බොත් සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලා සිටිනවා
ඉතින් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට,
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tejas Prabha Vijay Deoskar විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Ritesh Sidhwani සහ Farhan Akhtar විසින් Excel Entertainment යටතේ..
චිත්‍රපටයේ කතාව වෙන්නෙ BSF නිලධාරියෙකු වෙන Narendra Nath Dhar Dubey ගේ කතාව..වෙනත් විදියකින් කියනවනම් එයාගෙ ජීවිත කතාව තමයි ඇතුළත් වෙලා තියෙන්නෙ.. ඉතින් එහෙම කිව්වම ඔයාලට තේරෙනවා ඇතිනෙ මේක ඇත්තම කතාවක් කියලා..
ඉතින්, මෙයා 2003 දී Ghazi Baba නමින් ප්‍රසිද්ධ Rana Tahir Nadeem නම් ත්‍රස්තවාදියා ඝාතනය කරන මෙහෙයුම ගැන මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනවා..
චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Emraan Hashmi, Sai Tamhankar, සහ Zoya Hussain රඟපානවා.
ඉතින්, ඉන්දියානු action thriller චිත්‍රපටවලට ආස කරන අයට මේ සුපිරිම ෆිල්ම් එක අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
A depressed and loyal policeman loses his gun to a killer, who kills people due the circumstances of his life.
Senapathi (2021) Sinhala Sub
Senapathi (2021) SinhalaSub
]]>මරණය කියන්නේ මේ ලෝකයට පොදු දෙයක්….
ශාප කරලා මරණ එක හරිම ලෙහෙසි වැඩක්..
හැබැයි පිළිමයකට එහෙම වැඩක් කරන්න පුළුවන් නම්… කොහොමට ඇත්ද?
ඉතින් රජ කාලේ කතාවකුත්, මේකේ බලාගන්න පුළුවන් වේවි..
හරි හරි, අපි ඉතින් කතාවට බහිමුකෝ..
සුබම සුබ දවසක් ෆිල්ම් පිස්සනි… අදත් සුපුරුදු විදිහට තවත් තෙලිගු උපසිරැසියක් තමයි මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ.
ෆිලුම ගැන කිව්වොත්, මේක 2018 අගෝස්තු 18 වෙනිදා රිලීස් වෙන්න තිබ්බ එකක්, හැබැයි ප්‍රශ්න හින්දා තමයි රිලීස් දවසත් කල් ගියේ. නමුත් 2023 පෙබරවාරි 3 තමයි ෆිලුම නිකුත් වුනේ. OTT නිකුත් වුනේ Amazon Prime Video වල.
අධ්‍යක්ෂණය M.S.N සුර්යාගෙන්. (හැබැයි ගොඩක් සයිට් වල දාලා තියෙන්නේ සුරේන්ද්‍ර මදාරපුගෙන් කියලා.ෆිල්ම් එකේ තියෙන නම තමා දැම්මේ.)සංගීතය සායි කාර්තික්ගෙන්.
Drama/Thriller/Fantasy ශානරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 7.6/10කුත් BookMyShow වෙබ්අඩවියෙනුත් 7.8/10 කුත් ගූගල් පරිශීලක මනාප 83% කුත් මේ ෆිලුමට තියෙනවා.
U/A Censored නිසා පවුලේ අයට බය නැතුව මේ ෆිලුම බලන්න පුළුවන්.
රංගන ශිල්පින් විදිහට,
Jaya Prada
Sakshi Chaudhary
Shamna Kasim
Jaya Prada
Avinash
Sai Kumar
Ram Maddukuri
Nagineedu
Satya Prakash
Raam
Kota Srinivasa Rao වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.
ස්ටොරිය ගැන කිව්වොත් නපුරු බලවේගයක් ඉන්න පිළිමයක් කේන්ද්‍ර කර ගෙන. මේ පිළිමයට වර්තමානයේ ලැබිලා තියෙන නම තමයි ස්වර්ණ සුන්දරී කියලා . ගොඩක් අය මේ පිළිමය තියා ගත්තොත් ඒකෙන් වාසනාව ලැබෙනවා කියලා හිතාගෙන ඉන්නේ, ඒ වගේම මේක කෝටි ගානකට විකුනන්න හදනවා. හැබැයි කවුරුත් මේක ශාපලත් පිළිමයක් කියලා වගේම මේකේ ඉතිහාස කතාව මොකක්ද කියලවත් දන්නේ නෑ.
දැන් කල්ලියක් මේ පිළිමේ ගන්න හැදුවට ඒ වැඩේ අසාර්ථක වෙනවා. හැබැයි මේක හම්බෙනවා අංජලි කියලා කෙල්ලෙක්ට. අංජලි යන්නේ බැන්ගලුර් වල රැස්වීමකට. ඉතින් මේ පිලිමේත් බෑග් එකට දාගෙන එයා යනවා අදාල තැනට. ඊට පස්සේ ලිෆ්ට් එකේදී වෙන්නේ අමුතුම දෙයක්.
ඇත්තටම ඒ ලිෆ්ට් එකේ කටිටිය මැරෙන්නේ මොන හේතුවක් නිසාද?
කවුද එයාලව මරලා දාන්නේ?
මේ මරණවලට මේ පිළිමේ සම්බන්ධයක් තියෙනවද?
මේ පිළිමේ ඉතිහාසය මොකක්ද?
ඇත්තටම අංජලි කියන්නේ කවුද?
අංජලිව බේරගන්න එන්නේ කවුද?
මේ ප්‍රශ්නවලට උත්තර ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!
ජය වේවා!!
සුභ දවසක් හැමෝටම!!
මේ අරං එන්නේ ඔක්තොම්බර් 19 දින ඉදන් Pan Indian චිත්‍රපටයක් විදියට ලොව පුරා තිරගත වීම ආරම්භ කරපු කන්නඩ සිනමාවේ ඉහළින්ම ඉන්න නලුවෙක් වෙන Shivarajkumar ගේ Ghost (2023) චිත්‍රපටය..මේක කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක් වගේ මේක Tamil, Telegu, Hindi, Malayalam කියන භාෂාවලිනුත් හඬ මුසු කරලා අදාළ ප්‍රදේශ වල සිනමාශාලා වලට නිකුත් වෙලා තියනවා..
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ M.G Srinivas විසින්..ඉතින් මේ M.G Srinivas එහෙමත් නැත්තන් Srini ත් කන්නඩ සිනමාව තුළ ලොකු වෙනසක් කරන්න වෙහෙසෙන අධ්‍යක්ෂකවරයෙක් කිව්වොත් නිවැරදී..ඒක හොඳටම ඔහු පසක් කරේ ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරලා ඔහු විසින්ම ප්‍රධාන චරිතය මවපු 2019 නිකුත් වුණු Birbal චිත්‍රපටයෙන්..Bribal චිත්‍රපටයට අමතරව Topiwala (2013) , Srinivasa Kalyana (2016) , Old Monk (2022) වගේ චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරලා තියනවා..මේ වගෙන් වැඩි කොටසකම ඔහු විසින්ම තමයි ප්‍රධාන චරිතයට පන පොවලා තියෙන්නේ..ඉතින් මේ වෙද්දි ඉන්දියානු සිනමාව තුළත් විවිධ සිනමා විශ්වයන් එහෙමත් නැත්තන් Cinematic Universe නිර්මාණය වෙමින් තියනවා..උදාහරණයක් විදියට හින්දි සිනමාව තුළ Yash Raj Films හරහා නිර්මාණය වුණ Spy Universe එක වගේම Lokesh Kanagaraj දමිළ සිනමාව තුළ ගොඩ නගාගෙන යන LCU නොහොත් Loki Cinematic Universe එක පෙන්නලා දෙන්න පුලුවන්..ඉතින් ඉන්දියානු සිනමාව තුළ ප්‍රධාන තැනක් ගන්න කන්නඩ සිනමාවෙනුත් එහෙම Cinematic Universe එකක් බිහි නොවුණොත් ඒක අඩුවක් වගේ නේද? ? ඉතින් මේ වැඩේට කන්නඩ සිනමාව පැත්තෙන් මුල පිරුවේ අපේ M.G Srinivas ගේ SCU එහෙමත් නැත්තන් Srini Cinematic Universe එක..සමහරකට හිතෙන්න පුලුවන් SCU එකට කලින් ප්‍රශාන්ත් නීල්ගේ KGF Universe එක කන්නඩ සිනමාව තුළ බිහි වුණා නේද කියලා..ඒත් ඒක එහෙම නොවෙන්න හේතුව ප්‍රේක්ෂකයන් තුළ KGF Universe එකක අදහස සංසරණය වුණාට තාමත් ප්‍රශාන්ත් නීල් විසින් තමන් KGF චිත්‍රපටය ඔස්සේ Cinematic Universe එකක් ගොඩනගනවා කියලා තහවුරු කරලා නැති එක.. කොහොම හරි ඉතින් SCU එකට මුල්ම අඩිතාලම වැටෙන්නේ මේ Ghost (2023) ෆිල්ම් එකෙන්..
අධ්‍යක්ෂක M.G. Srinivas
(Actor & Director in Kannada Cinema)
අපි දැන් පොඩ්ඩක් මේ SCU එක පැත්තට හැරිලා බලමු..
ඉතින් කලින් කිව්වා වගේ SCU එකේ ආරම්භය Ghost චිත්‍රපටය හරහා සිදු වුණත් මේ චිත්‍රපටයට 2019 අවුරුද්දේ නිකුත් වුණ Birbal Trilogy Case 1 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අධ්‍යක්ෂක Srinivas විසින්ම චරිත මවපු මහේෂ් දාස්ගේ චරිතයත් Ghost චිත්‍රපටයට එකතු කරගෙන තියනවා කියලා අධ්‍යක්ෂක Srini කල් ඇතිවම ප්‍රකාශ කරලා තිබ්බා..ඉතින් ඒ නිසා Birbal (2019) චිත්‍රපටයත් SCU එකට අයිති වෙනවා..ඒ වගේම අධ්‍යක්ෂක Srini මේ වෙද්දි ප්‍රකාශ කරලා තියනවා Ghost චිත්‍රපටයේ දෙවනි කොටසක් සහ Birbal Trilogy Case 2 එකකුත් නිර්මාණය වෙනවා කියලා..අධ්‍යක්ෂක Srini ප්‍රකාශ කරලා තියන විදියට Birbal Trilogy Case 2 චිත්‍රපටය 2024 දි නිකුත් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ..ඒ අනුව මේ වෙද්දි SCU එක චිත්‍රපට හයකින් පමණ සමන්විතයි කියලා Srini විසින් ඉගි පල කරලා තියනවා..ඒ කියන්නේ,
Birbal Trilogy Case 1 (2019)
Ghost (2023)
Birbal Trilogy Case 2 (2024)
Dalavayi (Spin off)
Ghost Part 2
Birbal Trilogy Case 3
යන චිත්‍රපට මේ SCU එකට සම්බන්ධ වෙනවා කියලා තමයි ශ්‍රීනි මේ වෙද්දි ඉගි පලකරලා තියෙන්නේ..
දැන් කෙනෙක්ට හිතෙනවා ඇති මේක Cinematic Universe එකක් නිසා Ghost (2023) බලන්න කලින් Birbal බලලා ඉන්න ඕනමද කියලා..ඇත්තටම කිව්වොත් එහෙම ලොකු අවශ්‍යතාවයක් නෑ.මොකද Ghost චිත්‍රපටයට Birbal එකෙන් සම්බන්ධවෙන්නේ මහේෂ් දාස්ගේ චරිතය විතරයි..කොහොම වුණත් Birbal කියන්නේ බැලුවට පාඩුවක් නොවන සුපිරිම ත්‍රිල් එකක් තියන තවත් එක කන්නඩ සිනමාපටයක්..ඉතින් ඔයාලත් මේ මහේෂ් දාස්ගේ චරිතය ගැන දැනගන්න කැමතිනම් Birbal (2019) ත් නරඹන්න කියලා මම යෝජනා කරනවා..
Ghost (2023) සහ Birbal Trilogy Case 1 (2019) චිත්‍රපටයේ පෝස්ටර් යුගලයක්
එහෙනම් දැන් අපි Ghost (2023) චිත්‍රපටය පැත්තට ආපහු හැරෙමු..
චිත්රපටය් රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි Ghost චිත්‍රපටය IMDb දර්ශකයේ 8.6/10 ක් වගේ ඉතාමත් ඉහළ අගයක් ලබාගෙන තියනවා වගේම ගූගල් පරිශීලක මනාප 93%ක් ලබාගන්නත් මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..ඉතින් මම ඉහත සඳහන් කරා වගේම මේකේ කතාව සහ අධ්‍යක්ෂණය M.G Srinivas ගේ වන අතර Sandesh Nagaraj ගේ නිෂ්පාදනයක්..ඒ වගේ මේ ෆිල්ම් එකට Background මියුසික් වලිනුත් ලොකු පන්ච් එකක් ලැබිලා තියනවා..ඉතින් ඒ Credit එක යන්න ඕන මේකේ සංගීත අධ්‍යක්ෂක විදියට කටයුතු කරපු Arjun Janya ට..ඊට අමතරව මේ චිත්‍රපටය සඳහා කෝටි 15-20ත් අතර බජට් එකක් වැය වුණා කියලා තමයි සඳහන් වෙන්නේ..ඒ වගේම මේ චිත්‍රපටය ලොව පුරා සිනමාහල් 2,000 කට අධික ගණනක ප්‍රදර්ශනය වුණා..ඒ වගේම මේකට Positive + Mix Reviews එක්ක කන්නඩ සිනමාව තුළ 2023 අවුරුද්දේ නිකුත් වුණු පළවෙනි කන්නඩ Blockbuster චිත්‍රපටය බවට පත්වෙමින් කෝටි 32.5ක අදායමක් එක්ක Blockbuster ලේබලය අලවගන්න Ghost (2023) චිත්‍රපටයට මේ වෙද්දි හැකියාව ලැබිලා තියනවා..
කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධන චරිතය ජනප්‍රිය කන්නඩ නලු Shivarajkumar විසිනුත් සෙසු ප්‍රධාන චරිත ලෙස Jayaram , Anupam Kher , Prashant Narayanan වගේ දැවැන්ත චරිත එකතු වෙලා තියනවා..ඊට අමතරව Ghost චිත්‍රපටයේ අධ්‍යක්ෂක Sriniත් Birbal චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මහේෂ් දාස්ගේ Cameo එකත් එක්ක මේ Ghost චිත්‍රපටයේ කාස්ට් එකට ඇතුල් වෙලා තියනවා..
Jayaram , Anupam Kher සහ Prashant Narayanan
ඉතින ඒ වගේම අපි Ghost (2023) චිත්‍රපටයේ ප්‍රධන චරිතයට පණ පොවන Shiva Rajakumar ගැනත් විස්තර ටිකක් බලමු..
Actor Shiva Rajkumar
ඇත්තටම ම මේ තොරතුරුත් මේ ලිපියට එකතු කරන්න හිතුවේ කන්නඩ සිනමාව තුළ අති දැවැන්ත චරිතයක් වුණත් ශ්‍රී ලංකාව තුළ අනෙක් ඉන්දියානු සිනමාවල් වලට සාපේක්ෂව බැලුවොත් කන්නඩ සිනමාවට අවධානය යොමු වෙනවා අඩු නිසා මේ වගේ චරිත ගැනත් රසිකයන්ගේ අවධානයක් වැඩිය යොමුවෙන්නේ නෑ..ඇත්තටම කිව්වොත් දමිළ සිනමාවට රජිනිකාන්ත් , හින්දි සිනමාවට අමිතා බච්චන් වගේ කන්නඩ සිනමාවෙත් දැනට ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න නලුවන් අතරින් ජ්‍යෙෂ්ඨම නලුවා Shiva Rajkumar කියලා කියන්න පුලුවන්..1962 ජූලි 12 උපත ලබලා 1972 දී Sri Srinivasa Kalyana චිත්‍රපටයේ ලමා චරිතයකට පෙනී ඉඳලා තමයි කන්නඩ සිනමාවට අවතීර්ණ වෙන්නේ..ඒ වගේම වයස අවුරුදු 24 දි Anand (1986) චිත්‍රපටයෙන් තමයි ප්‍රධාන චරිතයකට පොන පොවන්න අවස්ථාව හිමි වෙලා තියෙන්නේ..මේ වෙද්දි 61 වෙනි වියේ පසුවන Shiva Rajkumar විසින් සිනමාපට 125කට අධික සංඛ්‍යාවක ප්‍රධාන චරිත මවලා තියනවා…ඉතින් Shiva Rajkumar ට කන්නඩ සිනමාව තුළ Karunada Chakravarthy කියලා අනුවර්ථ නාමයකුත් පටබැදිලා තියනවා..ඒ වගේම කන්නඩ සිනමාව ඇරුණම අනෙකුත් ඉන්දියානු සිනමාවන් තුළත් ශිවරාජ්කුමාර් විසින් චරිත මවලා තියනවා..මෑතක නිකුත් වුණ Jailer (2023) චිත්‍රපටයටත් රංඟනයෙන් දායක වුණා මතක ඇතිනේ..ඇත්තටම Rajkumar කියන පවුලම කලා පවුලක් කිව්වොත් හරි..මොකද Shiva Rajkumar ගේ තාත්තා වුණ Dr.Rajkumar කියන්නෙත් පැරණි කන්නඩ සිනමාවේ දැවැන්තම චරිතයක්..ඊට අමතරව පවුලේ වැඩිමලා වුණ Shiva Rajkumar ගේ මල්ලිලා දෙන්නත් කන්නඩ සිනමාවේ දැවැන්තම චරිත දෙකක්..ඒ තමයි Raghavendra Rajkumar සහ කන්නඩ සිනමාවම හඬවමින් 2021 දි මෙලොවින් සමුගත්ත Puneeth Rajkumar..
Raghavendra Rajkumar සහ Puneeth Rajkumar
ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කෙටියෙන් කිව්වොත්,
මේක ආරම්භ වෙන්නේ උතුරු කලාපීය මධ්‍යම බන්ධනාගාරය පෞද්ගලීකරණ කිරීම ( බන්ධනාගාර පෞද්ගලීකරණය :- රජය බන්ධනගාර ගොඩනැගිලි ගොඩනඟා එහි අයිතිය රඳවා ගනිමින් බන්ධනාගාරය ක්‍රියාත්මක කිරීමේ අයිතිය වාණිජ ව්‍යාපරයකට හෝ ලාබ අපේක්ෂා නොකරන සංවිධානයකට ලබා දීම ) වෙනුවෙන් සංවිධානය කරලා තිබ්බ උත්සවයක් අතරතුර මැර කල්ලියක් විසින් උතුරු කලාපීය බන්ධනාගාරයට ඇතුල් වෙලා ස්වේදේශ කටයුතු ඇමති සහ හිටපු CBI ප්‍රධානී වාමන් ශ්‍රීනිවාසන් ඇතුලු ප්‍රභූවරුන් සමඟම මුලු බන්ධනාගාරයම තමන්ගේ පාලනයට අරන් සියලු දෙනාව ප්‍රාණ ඇපයට ගැනීමත් සමඟ..ඉතින් මේක ආරක්ෂාවටත් ලොකු තර්ජනයක් නිසා මේ ප්‍රාණ ඇපකාරයෝ මුදවා ගැනීමේ මෙහෙයුම විශේෂ කාර්ය බළකා නිළධාරි චෙංගප්පට පැවරෙනවා..ඉතින්,
මේ මැර කල්ලිය කවුද?
කවුද එයාලගේ ප්‍රධානියා?
ඇයි මේ වැඩේට බන්ධනාගාරයම තෝරගත්තේ..?
මොකද්ද මේ දේවල් වලට හේතුව සහ අවසානයේ කුමක් සිද්ධ වෙයිද?
කියන ප්‍රශ්න සේරටම උත්තර දැනගන්නම් ඔයාලට චිත්‍රපටය නරඹන්නම වෙනවා..
(සිනමාපටයේ Shiva Rajkumar ගේ Entry එක සිනමාශාලාව තුළ උද්දාමයෙන් සමරණ ප්‍රේක්ෂකයන්)
එහෙනම් ලිපියත් ගොඩක් දිග වුණ එකේ මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෑ… අවසාන වශයෙන් ඔයාලට ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න කියලා… තවත් සුපිරි චිත්‍රපටියක් සමඟ හමුවන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා… එහෙනම් හැමෝටම,
බුදු සරණයි!!..
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අංජුල උමේෂ් සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න