මේකත් 1992 බිහිවුන රජිනිකාන්ත්ගේ සුපර්හිට් චිත්‍රපටයක්. මේකෙර් අධ්‍යක්ෂණය භාෂා, වීරා අධ්‍යක්ෂණය කළ සුරේශ් ක්‍රිෂ්ණා. සංගීතය දේවා. නිෂ්පාදන කවිදාලයා විසින්.
මේක 1987 හින්දි චිත්‍රපටයක් වුන Khudgarz හි ප්‍රති නිර්මාණයක්වේ. මෙය Jeffrey Archer ගේ 1979 නවකතාවක් වූ Kane and Abel චිත්‍රපටයකට අගන ලද්දකි. Annaamalai හි සාර්ථකත්වත් එක්ක මෙය තෙලුගු භාෂාවට 1993දී Kondapalli ලෙසත් 2003 දී කන්නඩ භාෂාවෙන් Gokarna ලෙසත් ප්‍රති නිර්මාණ කරන ලදි. Rajinikanth, Sarath Babu ප්‍රධාන චරිතයද Khushbu , Radha Ravi, Nizhalgal Ravi, Manorama සෙසු චරිතයන් විය..
මේ චිත්‍රපටයේ සංගීතය දේවා විසින් කරල තියෙන්නේ. ගීත ලියා ඇත්තේ වෛර මුත්තු විසින් . මේකට සංගීතය සපයන්න හිටියේ ඉලයරාජා. නමුත් කවිතාලයා එකේ නිෂ්පාදක බාලචන්දර් හා ඉලයරාජා අතර වුන වැරදිවැටහීමක් නිසා මේක දේවාට ගිහින් තියෙන්නේ. මේ වැඩේට රජිනිකාන්ත් හා සුරේස් ක්‍රිෂ්ණා එච්චර කැමතිවෙලා නෑ. ඒ දේවා බාලචන්දර් හා රජිනිකාන්ත් එක්ක එකතුවෙන ප්‍රථම චිත්‍රපටය මේක. දේවා එයා කවුද කියන එක පෙන්නුවා මේ චිත්‍රපටය හරහා. මේ චිත්‍රපටයේ හොදම දේ ඒකේ සින්දු. විශේෂයෙන් ” රෙක්ක කට්ටි පරක්කුදඩි අන්නාමලයි සයික්කල් ” මගේ ෆේවරිට් සින්දුව ” ඔරු පෙන්පුරා ” තාත්තා දුව අතර බැදීම විහිදුවන සින්දුව. හැම සින්දුවක්ම හිට් සින්දු වුනා මේ චිත්‍රපටයේ .
කතාව බලමු
දුප්පත් කිරිකාර අන්නාමලයි හා පොහොසත් අශෝක් අතර කුඩා කාලයේ සිට ඇතිවෙන මිත්‍රත්වය තරුණයන් වූ පසු එහි ඇතිවන පලුදුව හා එයි ප්‍රතිඵල ලස්සනට විදහා දක්වන සාර්ථක චිත්‍රපටයක් අන්නාමලයි .
විශේෂයෙන් කියන්න ඕනේ. මේ වීඩියෝ පිටපත . බොහෝම අමාරුවෙන් හොයා ගත්තේ . හොද කොලිටි ප්‍රින්ට් එකක්. සිනෙරු එකෙන්ම බා ගන්න. තියෙන පිටපත්වලට සබ ගැලපෙන්නේ නැතිවෙයි.
එහේනම් පරන සුපිරි ෆිල්ම් එකක් බලලා කියන්න කොහෝමද කියල.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
අප ජීවත් වන මේ සමාජයේ නොයෙකුත් විදියේ මානසික ආබාධ සහ විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සිටිනවා. එවැනි ආබාධ තිබෙන ඇතැම් පුද්ගලයින්ගේ එම මානසික අසාමාන්‍යතා බැලූ බැල්මට මතුපිටින් පෙනුනත් බහුතරයකගේ මෙම විකෘති මානසික ආබාධ තත්ත්වයන් ඉස්මතු වී පෙනෙන්නේ නෑ.යම් කිසි රටාවක් අනුගමනය කරමින් මිනීමැරීම, මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා කෘෘර වදහිංසා දීම හා ඉන්පසු ඝාතනය කිරීම, ඔවුන් විසින් සිදුකල එම අපරාධය හසුනොවන ආකාරයට සැලසුම් සහගතවීම ආදී ක්‍රියාවන් සිදුකර ආත්ම තෘප්තියක් ලබන මෙවන් පුද්ගලයින්ව එක් පැතිකඩක විකෘති මානසික ආබාධ තත්වයන්ගෙන් පෙලෙන අය ලෙස හඳුන්වන්නට පුළුවන්. මොවුන් ඇත්ත වශයෙන්ම සමාජයට බරක් මෙන්ම අහිංසක ජනයාගේ ආරක්ෂාවටද දැඩි අවදානමක් ගෙන දෙනවා. එසේ නම් යම්කිසි පුද්ගලයෙක් මෙවැනි විකෘති මානසික ආබාධ සහිත අයෙක් බවට පත්වන්නේ කෙසේද? මෙය වෙනත් ස්ථානයකදි මනෝ විද්‍යාත්මක සාධක සමඟින් ගැඹුරින් සාකච්ඡා කල හැකි සංවාදයට විවතෘ මාතෘකාවක්. පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ උපතින් නොව ඔහු කරන ක්‍රියාවන්ට අනුවය. ඔහු කරන ක්‍රියාවන් යහපත් ඒවාද අයහපත් ඒවාද යන්න තීරණය වන්නේ එම පුද්ගලයා ජීවත්වන පරිසරය අනුව සහ ඔහුගේ ජීවිතයට ඉඳුරාම බලපෑමක් එල්ලකල හැකි අනෙකුත් පුද්ගලයින් අනුව යැයි. ඈත අතීතයේ විසු ශාස්තෘවරුන් පවා දේශනා කර තිබෙන බව ඉතිහාසය විසින් සාක්ෂි දරනවා. එම නිර්නායක ද්විත්වයට අනුව ගත් කල විකෘති මානසික ආබාධයට පත්වූ පුද්ගලයෙකු විසින් සිදුකරනු ලබන අයහපත් ක්‍රියාවලට වඟකිව යුත්තේ ඔහු පමණක්මද? මොවුන්ට අප අනුකම්පා කල යුතුද? දඬුවම් දීම පමණක්ම කල යුතුද?
සිනමාපටය තුල ගැබ්වී තිබෙන කතාවෙහි සමාජයට නිකුත් කරනු ලබන වැදගත් පණිවිඩයක් තිබෙනවා. මෙය සිනමාපටයකට ආවේණික වූ ප්‍රේක්ෂකයාට ලබාදෙන තෘප්තිය ඉතා ඉහල මට්ටමකින් තබාගෙන චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ගේ අභිප්‍රායත් සාර්ථක කරගන්නා අතරම මෙම වැදගත් පණිවිඩය සිය ප්‍රේක්ෂකයින් හට ලඟා කිරීමට මෙහි රචනය සිදුකල Alfred Prakash සහ රචනය මෙන්ම අධ්‍යක්ෂණයද පවා සිදුකල නවක සිනමා අධ්‍යක්ෂ Vignesh Raja සමත්ව තිබෙන බව අවිවාදයෙන් යුතුව කිවයුතු කරුණක්. මෙම සිනමාපටයට අදාල මාගේ සමාලෝචනය මෙතැනින් නිමාකොට සිනමාපටයේ අනෙකුත් තොරතුරු වෙත යොමුවෙනවා.
පොලිස් අධිකාරිවරයා :- කවුද මේක ඉස්සෙල්ලාම දැක්කේ?
පොලිස් කොස්තාපල්වරයා :- අපේම කෙනෙක් සර්. රෑ මුර සංචාරේ යන ගමන් දැකලා.
පොලිස් අධිකාරිවරයා :- මොකද මෙච්චර කළුවර? ලයිට් දෙකක් තුනක් දැම්මනම් හරි නේද?
පොලිස් කොස්තාපල්වරයා :- සර් තාම කරන්ට් වයර් අදින ගමන්.
පොලිස් අධිකාරිවරයා :- හරි හරි ඉක්මන් කරනවා.
පොලිස් අධිකාරිවරයා :- මැරිලා ඉන්න කෙල්ල කවුද කියලා අඳුරගත්තද?
පොලිස් කොස්තාපල්වරයා :- අපි බලන ගමන් සර්.
පොලිස් අධිකාරිවරයා :- අධිකරණ වෛද්‍ය කණ්ඩායම ආවාද?
පොලිස් කොස්තාපල්වරයා :- මඟ එන ගමන් සර්.
පොලිස් අධිකාරිවරයා :- අධිකරණ වෛද්‍ය කණ්ඩායම ඇවිල්ලත් නෑ. තාම ලයිට් වලට වයර් ඇදලත් නෑ.
පොලිස් අධිකාරිවරයා :- ඒත් තමුසේ සේරටම කලින් මට කතා කරලා මාව ගෙන්නුවා. චික් විතරක්.
පොලිස් කොස්තාපල්වරයා :- සර්, මීට දවස් තුනකට කලින් අර වැඩට යන කෙල්ලක්ව මරලා දාලා තිබුණා මතකද?
පොලිස් අධිකාරිවරයා :- ඔව්, ඒ අර තූවාකුඩි ගම පැත්තෙනේ.
පොලිස් කොස්තාපල්වරයා :- ඔව් ඒ සිද්ධිය තමයි සර්.
පොලිස් අධිකාරිවරයා :- ඒක මොකටද ඕයි දැන් මතක් කරන්නේ?
පොලිස් අධිකාරිවරයා :- ඒ සිද්ධිය දැකලා දවස් දෙකක් යනකල් මට පාඩුවේ නිදාගන්නවත් බැරුව හිටියේ.
පොලිස් කොස්තාපල්වරයා :- සර් මේ කෙල්ලවත් මරලා තියෙන්නේ ඒ විදියටමයි.
පොලිස් කොස්තාපල්වරයා :- ඔළුව පිටිපස්සට ඇදලා, අත් දෙකේ ගැට ගහලා, ඉස්සරහින් බෙල්ල කපලා දාලා.
පොලිස් කොස්තාපල්වරයා :- මේ මිනිමැරුම් දෙකම කරලා තියෙන්නේ එකම මිනිමරුවා සර්.
අපරාධ පරීක්ෂණයන් පාදක කොටගෙන නිර්මාණය කෙරුණු මෙම සිනමාපට අතුරින් අවම වශයෙන් එකක් හෝ ඔබ නරඹා තිබේ නම් මේවාගේ තිබුණු රචනය, අධ්‍යක්ෂණය, සියුම් හා තියුණු ලෙසින් කතාව ගොඩැගීම, ඉතා අනර්ඝ තිර රචනය, තාත්වික දෙබස්, තාත්වික පසුතල සැකසුම, මනරම් පසුබිම් සංගීතය ආදි සිනමාපටයක් ඉතාමත් තාත්වික අන්දමින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර ඔවුන්ව මවිත කර මංමුලා කරන්නට යොදාගත්තාවූ ඒ සියලූම තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව ඔබටත් හොඳ මතකයක් ඇති. මේවා මඟහැරුණු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම නරඹා සිටින ලෙසද මේ අවස්ථාවේදි මා නිර්දේශ කර සිටිනවා. ඒ තරම්ම මෙම සිනමාපට අල්පය දමිළ සිනමාවේ එවක දැඩි ලෙසින් කතා බහකට ලක්වූවා. මේ ලැයිස්තුවට නිතරඟයෙන්ම නවතමයෙන් එක්වීමට නියමිත මෙම සිනමාපටය තවත් සුවිශේෂි එකක් වෙනවා. ඒ තමයි මේ සිනමාපටය මෙහි අධ්‍යක්ෂකවරයාගේ කුළුදුල් සිනමාපටය වීම සහ මේ තුල…
ආදි කරුණු සුවීශේෂි කරණු ලෙසින් පෙන්වා දෙන අතරම මෙම සිනමාපටයත් දමිළ සිනමාවේ අපරාධ පරික්ෂණයක් පාදක කරගෙන නිර්මාණය වූ සිනමාපටයක් ලෙස යම් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වෙනවා නොඅනුමානයි. ඉහතින් දක්වා ඇති මේ වන විටත් ලොවපුරා වෙසෙන දමිළ සිනමා රසිකයින් සහ සිනමා විචාරකයින් විසින් දක්වන ලද යහපත් ප්‍රතිචාරයන් මත Crime හා Thriller සුවිශේෂි වූ දමිළ සිනමාපට පෙළගැස්මට මෙම සිනමාපටයත් මේ මොහොත වන විටදි ඇතුලත් වී අවසන්. මේ වසරේ ජුනි මස 09 දින ලොවපුරා තිරගත කිරීමට දින කිහිපයකට මත්තෙන් මෙය මාධ්‍යවේදීන් සහ සිනමා විචාරකයින් හට විශේෂ දර්ශන වාරයක් ප්‍රදර්ශනය කරන්නට මෙහි නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර තිබුණා. එම නිසා මෙම සිනමාපටය නරඹන්නට මත්තෙන් පූර්ව ප්‍රචාරක පටයද නැරඹු බොහෝ ප්‍රෙක්ෂකයින් සිනමා විචාරකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ද ධනාත්මක අදහස් දැක්වීම් තුලින්ද දැනුවත් වෙමින් සිනමාපටය පිළිබඳව ඉස්පාසුවක් නොමැතිව බලාපොරොත්තු පොදි බැඳගෙන සිනමාහල් වෙතට පියනඟන්නට වුණා. ප්‍රේක්ෂකයින්ගේ එම බලාපොරොත්තු සඵල කරමින් ඉතාමත් ජයග්‍රාහි ලෙසින් දසදෙසින් ධනාත්මක ප්‍රතිචාර ලබාගනිමින් සිනමාපටය තිරගත වූ අතර මුළු ඉන්දියාව පුරාම දිනෙන් දින දර්ශන වාරගණන වැඩිකරමින් තිරගතකර දින කිහිපයක් ඇතුලත වාර්තාගත ආදායමක් ලබාගෙන Blockbuster ලේබලයද ඉතා පහසුවෙන් අලවා ගැනීමට මෙම චිත්‍රපටයට හැකි වුනා.
සිනමාපටය සඳහා ලැබුණු ධනාත්මක ප්‍රතිචාර කිහිපයක්…
මෙම සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Vignesh Raja ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වූවත් ඔහු සිය දක්ෂතාවය මනා ලෙසින් විදහාපෑමට එම හේතුව කිසිදු අයුරකින් ගැටළුවක් බවට පත්කරගෙන නොමැති බවද විශේෂයෙන් සඳහන් කල යුතුමයි. එහි සත්‍ය අසත්‍යභාවය සිනමාපටය නැරඹු පසු ඔබටත් අවබෝධ වේවි සහ ඔබත් පුදුමයට පුදුමයට පත්වේවි.
මෙහි ප්‍රධාන චරිතයන් මෙහෙයවන Sarathkumar සහ Ashok Selvan යන නළුවන් දෙදෙනා තම චරිතයට හොඳ සාධාරණයක් ඉෂ්ඨකරමින් මනා අවබෝධයකින් යුතුව රඟදක්වනවා දැකගත හැකි අතර, කැමරාකරණය සහ සංස්කරණයද සිනමාපටය ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂකයින්ව ඇද බැඳ තබාගන්නට හැකි අයුරින් ඉහලම මට්ටමකින් සිදුකර තිබෙනවා.
අවසාන වශයෙන් චිත්‍රපටයේ කතාව පිළිබඳව නම් කිසිවක් මෙම ලිපිය තුලින් ඉදිරිපත් කරන්නට සූදානම් නෑ. මෙම සිනමාපටය නරඹනවාද නැද්ද යන්න තීරණය කරන කෙනෙකුට ඉහතින් දක්වා ඇති තොරතුරු හොඳටම ප්‍රමාණවත් යැයි කියා සිතනවා. ඇතැම් විට මෙම ලිපියේ කිසිම පිළිවෙලක් නැතිවෙන්නත් පුළුවන්. එසේ ලිපියේ අඩුපාඩුවක් ඇත්නම් එයටත් සමාව අයදිනවා. සිනමාපටය නරඹා ඔබගේ වටිනා අදහස් උදහස්ද දැක්වීමට කාරුණිකව වන ලෙසින් ඉල්ලා සිටිමින් ‘එන්න තවත් අපරාධමය අභිරහසක් අනාවරණය කරනා අයුරු කුතුහලයෙන් බලා සිටින්නට’ යැයි ආරාධනාද කරමින් අදට සමුගන්නවා. ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Ram Charan Teja සහ Kajal Aggarwal යන සුපිරි නළු නිළි යුවලයි. ඉතාමත්ම ජනප්‍රිය Film එකක්. කතාව කෙටියෙන් ගතහොත් මෙහි මුල් දර්ශණයෙන්ම පෙන්නන්නේ දුනු කඩු ඊතල සහිත වටපිටාවක්, රණ ශූරයෙකු හා තුවාල ලබා සිටින කුමරියක් උස් පර්වතයක සිටින දර්ශණයකින්ය. මේ තරුණයා අවසාන මොහොතේ තමන්ගේ ආදර ප්‍රකාශ කරත්, හදවත කීරි ගැහෙන දුක්බර සංගීතයකුත් එක්ක දුක්බර අවසානයකට මේ දෙදෙනා මුහුණ දෙනවා. නමුත් දැන් කතාව වෙනස්ම මඟක් ගන්නවා.
නැවත කතාව පටන්ගන්නේ වසර 400 කට පසුවය. කලින් මොහු මිය ගියේ කුමන හේතුවකටද? එතරම් දුනු හී තල තිබුනේ මොහු සිටි ස්ථානයේ කුමක් සිදුවු නිසාවෙන්ද? සටන්…ආදරය…කුතුහලය… මේ හැම එකක්ම කැටිවුන මේ බයිස්කෝප් එකේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන නම් අනිවාර්යෙන්ම මේ Film එක බලන්නම වෙනවා.
තව දෙයක් කියන්නම වෙනවා තෙලිඟු නිර්මාණයක් කියා නොබලන්නට හිතා ගෙන ඉන්නවානම් කට්ටිය ඒ අදහස වෙනස් කර ගන්න. ඒ මොකද විශේෂ ප්‍රයෝග තාක්ශණය උපරිමයෙන්ම යොදාගෙන ඉන්දියාවෙ නිපදවපු අතිදැවැන්ත නිර්මාණයක්. ඒ වගේම පසුබිම් සංගීතය ඉතාම සුවිශේෂීයි. ඒ නිසා සිංදු ටිකත් අහන්න බලන්න අමතක කරන්නෙපා. හින්දි Film වලට හොඳ තරගයක් දෙන්න මෙම නිර්මාණයට පුලුවන් වෙලා තියෙනවා. මම සහතික කරනවා මගේ වචන වලින්ම “පට්ටම” Film එකක්. අනිවා බලන්න හැමෝම.
අවසාන වශයෙන් ඉතිං කියන්න තියෙන්නේ කමෙන්ට් එකකුත් දාලා අපිව දිරිගන්වන්න කියලයි. ඒ ඔබ අපට දෙන ශක්තියයි!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න