සුභ දවසක් හැමෝටම!!
චිත්‍රපටිය 2014 වර්ෂයේ තිරගත වුණු සුපිරිම විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයක්. නමින් Predestination එහෙම නැත්නම් අපි දන්නා භාෂාවෙන් “දෛවය”. මේක Spierig ඩබලගේ තවත් එක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් කියලා කිව්වොත් හරි.
චිත්‍රපටිය මේ වෙනකොට ලබාගෙන තියන IMDb අගය 7.5 යි. තව ඉතින් මොනවා කියන්නද නේද… Rotten Tomatoes විචාරක / ප්‍රෙක්ෂක ප්‍රතිචාරය වෙන්නේ 88%. ප්‍රධාන නිළුවා වෙන්නේ Ethan Hawke ඔස්කා නිර්දේශිත මේ නළුවා ගැනත් අලුතෙන් කියන්න දෙයක් නැහැ නියම නළුවෙක් බව හැමෝම දන්නවා නෙව. චිත්‍රපටියට Sarah Snook, Noah Taylor, Alexis Fernandez, Christopher Kirby හා තවත් ලොකු පිරිසක් රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම, ඔයාලා දන්නවානේ Sarah Snook, Jessabelle (2009) චිත්‍රපටියේදි ජෙසී විදිහට සුපිරිම රංගනයක් දුන්නා. ඒ වගේමයි මේ චිත්‍රපටියේදිත්. ජේන් ලෙස පෙනී ඉන්න මෙයා ඇත්තටම සුපිරිම සුපිරි දෙබිඩි රංගන චරිතයක් මවනවා. ඔයාලට ඒක චිත්‍රපටියේදි බලාගන්න පුළුවන්. චිත්‍රපටිය දිහාවට හැරුනොත් මම ඉස්සරලත් කීවා වගේ සුපිරි ගණයේ විද්‍යා ප්‍රබන්ධයක්. ඔයාල දන්නවානේ “කාලය” කියන්නේ මුදල් වලටත් වඩා ඉතාම වටිනා දෙයක් කියලා. චිත්‍රපටියේ ප්‍රධාන තේමාව තමයි “කාලය”. ජේන් කියන්නේ, කාත් කවුරුවත් නැති අනාථාගාරයක හැදුනු ගැහැණු ළමයෙක්. මෙයාට කවුරුවත් කැමති නෑ. හැබැයි මෙයා කාටවත් නැති අසාමාන්‍යය හැකියාවල් වලින් පිරිපුන් කෙනෙක්. පාසල් අධ්‍යාපණය හදාරලා ඉවර වෙලා මෙයා රැකියාවක් තෝරගන්නවා. ඒ අභ්‍යාවකාශ ආයතනයක රැකියාවක්. මැය, මේ සඳහා විශිෂ්ට අන්දමින් තෝරාපත්කර ගනු ලබනවා. නමුත්, මේ අභ්‍යාවකාශ ආයතනය යම්කිසි රහස් සංවිධානයක්. ඒ රහස් සංවිධානය මොකද්ද? මම ඉස්සරලා කීවා වගේ “කාලය” මේකට බලපාන්නේ කොහොමද?
ඔයාලට මේ හැම එකක් ගැනම නිවැරදි තේරුමක් ලැබෙයි චිත්‍රපටිය බලනකොට. හැබැයි මම කියන්නේ ඔයාට චිත්‍රපටියේ සාර්ථක ප්‍රේක්ෂකයෙක් වෙන්න ඕන නම්, චිත්‍රපටිය මුල ඉඳන් අගට හොඳින් තේරුම් අරගන්න ඕන… හොඳයි, එහෙනම් චිත්‍රපටිය බලන්න මම ඔයාලට ආරාධනා කරනවා. අමතක නොකර ඔයාගේ අදහසත් පහලින් එකතු කරලම යන්න. අපි ගියා…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යස්මික සෞභාග්‍යය සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ තවත් හොරර් ෆිලුමකට උපසිරැසියක් අරගෙන එන්න තමා මේ ලෑස්ති වෙන්නෙ. අධ්‍යාපනික වැඩ කටයුතු කොච්චර තිබුනත් ඇබ්බැහියක් වෙලා තියෙන විනෝදාංශය වෙනුවෙනුත් කාලය වැය කරන්න අමතක කරන්නෙ නෑ. ඉතිං මේ ඇවිල්ල Netflix ඔස්සෙ පසුගිය මාසෙ 28 වෙනි දා විකාශය අරඹපු මනෝවිද්‍යත්මක ත්‍රාසයෙන් යුතු කතාවක්. එහෙනම් වැඩි හෑලි නැතුව අපි කෙලින් ම යමු කතාවට.
සේරා කියල කියන්නෙ එක් දරු මවක්. එයාගෙ සැමිය දික් කසාද වෙලා වෙන කෙනෙක් එක්ක පවුල් ජීවිතයක් ගත කරනව. සේරා ගෙ ළමය ගෙ නම තමයි මියා කියල කියන්නෙ.මියා හිටි හැටියේ ම හරි ම වෙනස් හැසිරීම් රටා පෙන්නුම් කරනව. එයා නිතරම සේරා ගෙ අතුරුදහන් වෙලා ගියපු සහෝදරියක් වෙන “ඇලිස්” වගේ හැසිරින්න උත්සහ කරනව. නම පවා කියන්නෙ “මගෙ නම ඇලිස්” කියල. මේ ගැන කරුණු කාරනා හොයද්දි සේරා ට තේරෙනව මේ තමංගෙ දුව මියා සහ එයා ගේ නැති වුන සහෝදරිය අතර මොකක් ම හරි සම්බන්ධතාවයක් තියෙන වග. ඔන්න ඔය විදියට තමා ඉතිං කතාව ගලාගෙන යන්නෙ.
මේකෙ නළුවරනය දිහාට හැරුනොත්,ප්‍රදාන චරිතය රඟ දක්වන්නෙ sara snook. ඊට අමතරව Lilly la torre | Greta scatchi | Shabana Azeez යන අය මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනව. මේ වෙද්දි චිත්‍රපට imdb 5.6 ක අගයක් ලබාගෙන ඇති අතර, 36% ක කුණු තක්කාලි අගයක් ලබාගෙන තියෙනව. එහෙනම් හැමෝටම චිත්‍රපටය රසවිඳින්න කියල ආරාධනා කරමින් අදට සමු ගන්නව. හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසිය කින් හමුවෙමු.
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දුලක්ෂ සම්පත් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න