Santosh Shoban Archives - SinhalaSub https://sinhalasub.lk/cast/santosh-shoban/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 16 Jul 2023 03:04:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Santosh Shoban Archives - SinhalaSub https://sinhalasub.lk/cast/santosh-shoban/ 32 32 Paper Boy (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/paper-boy-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/paper-boy-2018-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 03:04:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44761 Paper Boy Sinhala Sub Paper Boy Sinhala Subtitles Paper Boy (2018) Sinhala Sub Paper Boy (2018) Sinhala Subtitles මේඝා කියන්නේ ලස්සන යුවතියක් වගේම ඇය ඩොක්ටර් කෙනෙක්. ඉතිං ඇයගේ විවාහ ගිවිස ගැනීමේ දිනය දවසෙදි ඇයට මාරයාගෙන් ආරාධනා පත්‍රයක් එනවා. ඉතිං ඇය තව නොබෝ දිනයකින් මිය යන බව දැනගන්න ලැබෙන්නේ හැමෝවම දුකට පත් කරමින්. ඇය තදින්ම විශ්වාස […]

The post Paper Boy (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paper Boy Sinhala Sub
Paper Boy Sinhala Subtitles
Paper Boy (2018) Sinhala Sub
Paper Boy (2018) Sinhala Subtitles

මේඝා කියන්නේ ලස්සන යුවතියක් වගේම ඇය ඩොක්ටර් කෙනෙක්. ඉතිං ඇයගේ විවාහ ගිවිස ගැනීමේ දිනය දවසෙදි ඇයට මාරයාගෙන් ආරාධනා පත්‍රයක් එනවා. ඉතිං ඇය තව නොබෝ දිනයකින් මිය යන බව දැනගන්න ලැබෙන්නේ හැමෝවම දුකට පත් කරමින්. ඇය තදින්ම විශ්වාස කරන දෙයක් තමයි හැම කෙනෙකුගෙම ඉපදීමට හේතු වුන හේතුවක් තියෙන බව. ඉතිං මේඝා දෙවියන්ගෙන් අහනවා “මෙහෙම ජීවිතයේ මඟක් දුරකදි මාව අරගෙන යනව නම්, මොකක්ද මගේ ඉපදීමට හේතුව?” කියලා.

ඉතිං මේඝා දවසක් කෝවිලට යනවා. එහිදී ඇයට කොළයක ඔතපු සිංදූර් ටිකක් ලැබෙනවා. ඉතිං ඈ මෙය දිගහැර සිංදූර් නලලත තියන විටම දකිනවා ඒ කොළේ තියෙන වචන ටිකක්.

“ධරණි.. මම කියවපු පළමුවෙනිම කවිය තමයි, මේ අකුරු තුන”

ඇයට එතනදි තේරෙනවා මේ කාගෙ හරි ඩයරියක කොලයක් තමයි කියලා. ඉතිං ඇය මේ සිංදූර් ඔතන තැනට ගිහින් තවත් කොළයක් ඉල්ලගන්නවා. එහි මෙහෙම සඳහන් වෙනවා.

“ඇයට කලින් ඇගෙ අකුරු දුටුවෙමි.
ඇයට කලින් ඇගේ හැගීම් මුණගැසුණෙමි.
මා සයිනික්පුරියේ සඳසාවියයි ඇය.”

මේ ඩයරියට හුගක්ම හිත ඇදුන මේඝා විසින් මුළු ඩයරියම ඉල්ලගෙන ගිහින් කියවන්න ගන්නවා. ඉතිං මේ ඩයරියේ තියෙන කථාව තමයි අපේ චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ. ඔයාලට මම තාම චිත්‍රපටයේ වීරයා ගැනවත් වීරවරිය ගැන වත් කිව්වේ නෑ. එහෙනම් අපි යමු අපේ වීරයා වන රවී දිහාට. ඔහුව මමත් චිත්‍රපටියේ විදියටම හඳුන්වලා දෙන්නම්.

කකුල් වල රෝදයක් සවි කරගෙන, අත් වල පත්තර අල්ලගෙන, වීදියෙන් වීදියට එන, මේ පත්තර කොල්ලා තමයි රවී..

අන්ධකාරයේ තිර ඉවත් කරගෙන, සූර්‍යා නින්දෙන් අවදි කරගෙන, ගෙයින් ගෙට ඇවිදින මේ පත්තර කොල්ලා තමයි රවී..

පින්න දෙබෑ කරමින් ඔබේ දොරකඩට එන පළමු කිරණ තමයි රවී කියන්නේ.. මහ වැස්සෙත් කුඩයක් ඉහළන්, ලෝකයම(පුවත්) ගෙනවිත් දෙනවා නම් ඒ රවීයි..

ඉතිං තේරෙන්න ඇතිනේ රවී කියන්නේ දුප්පත් පවුලක පුතෙක්. රස්සාව තමයි සයිකලෙන් පාන්දරට ගෙයින් ගෙට පත්තර බෙදන එක. දුප්පත් උනත් අපෙ මේ රවීට ක්‍රෂ් එකක් ඉන්නවා. ඒකත් කෝටිපති පවුල දුවක් ගැන. ඉතිං අවුරුදු 5ක් තිස්සේ ඇයට හිතින් පෙම් කරන රවීට ආයෙමත් ඇයව දකින්න ලැබෙනවා බොහෝ කාලයකට පස්සේ. ඉතිං රවී ඇයව ඇයව ආයෙම දැකගන්න නොයෙක් ප්‍රයත්න දරනවා.

කවුද මේ වංශවත් පවුලේ දියණිය? ඇයගෙ නම තමයි ධරණි. බොහොම රූමත් හිත හොඳ තරුණියක්.
ඇයගෙ පවුලේ අම්මා, තාත්තා, ආච්චි අම්මා වගේම අයියලා දෙන්නෙක් ඉන්නවා. ධරණි කියන්නේ
අම්මා තාත්තට, අයියලටා ලැදි දියණියක්.

ධරණිගේ හිත හොඳකම නිසාම අවසානයේ රවීට ඇය හා මිත්‍රකමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ,
රවීට මහමෙරක් ලැබුනා වගේ හැඟීමක් ඇති කරමින්. රවීගේ වසර 5ක ක්‍රෂ් එක සමඟ මෙහෙම මිත්‍රකමක් ඇති වුන එක රවීට නිකම් ඇත්තටම කෙල්ලෙක් එක්ක ආදරෙන් එකතු වුනාටත් වැඩිය වැඩි හැඟීමක් ඇති කලේ.

” ඇයගෙ පා තබන සෑම තැනක්ම ගංඟාවක් වූවා..
ඒ ගඟ ගලා ආවා, මා එහි වතුරින් යටවී ගියා..
ඇයගේ කථා බහ තමයි තෙළුඟු භාශාව වුනේ..
ඇයගේ ඇමතුම ආලෝකය වුනා..
ඇයගේ නම කවිය නම් වුවා..
ඕහ්, ඇයව මාහට එක් ලෝකයක්ම වූවා..
මා යටවී ගියා ඇයට..”

රවී එක්ක ඇය කථා කලත් රවීට මෙහෙම නම් , රවී එක්ක ආදරෙන් බැඳුනොත් මොනවා වෙන්න පුළුවන්ද? ඒත් ඒක වෙයිද, මොකද ඇය නගරේ නම්බුකාර පවුලක වංශවත් තරුණියක්. රවී කියන්නේ ඕටො කාරයෙක්ගේ පුතෙක්. අඩුම රවීට ඔහුගේ ආදරය ප්‍රකාශ කරන්නවත් හයියක් තියේවිද? ඒ දේවල් කොහොම වුනත් ධරණි මේ වගේ කොල්ලෙක්ට කැමති වෙන්න ඉඩක් තියෙනවද?????????????

ඔන්න එහෙනම් ඒ දේවල් ගැන දැණගන්න නම් Romance ශාරණයට අයත් වෙන මේ චිත්‍රපටිය ඔයාලට
නරඹන්න වෙනවා.

මං හිතන්නෙ නෑ මේ චිත්‍රපටය ලංකාවෙ ගොඩක් අය බලල ඇති කියලා. 2018 වසරෙ එහෙමත් ඇක්ටිව් විදියට බලපු අය නම් බලලා ඇති අනිවාරෙන්ම. මම ඉතිං 2018 දි අලුතෙන් එන චිත්‍රපට ගැන දන්නේ උපසිරැසික් ආවම තමයි. මාත් ඉතිං ඒ කාලේ උපසිරසියකින්ම බලලා මං ආස වුණු චිත්‍රපටයක් නිසා, මේ චිත්‍රපටයට මමත්වෙනදා වගේම උපසිරැසියක් ගෙනාවා.

දැන් එන චිත්‍රපට වගේ නෙවෙයි, මේවගේ සිංදු උනත් මාර ලස්සනට තියෙනවා. අපිත් ඇතුලෙ ජීවත් වෙන
හැඟීමක් ඇති කරවන චිත්‍රපට තමයි මේවා. 2018 කියන්නේ කොහොමත් තෙළුඟු සිනමාවෙ ස්වර්ණමය යුඟය කියනවනේ. ගීත සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. එහෙනම් මේ ලස්සන චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Paper Boy (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/paper-boy-2018-sinhala-subtitles/feed/ 0
Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kalyanam-kamaneeyam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kalyanam-kamaneeyam-2023-sinhala-subtitles/#comments Sat, 25 Mar 2023 20:02:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38271 Kalyanam Kamaneeyam Sinhala Sub Kalyanam Kamaneeyam Sinhala Subtitles Kalyanam Kamaneeyam (2023) Sinhala Sub Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles   කතාව ගැන කිව්වොත් මේ කාලේට නම් මේක ගැලපෙනවාත් වගේ.. දැන් කාලේ ගැණු ළමයි රැකියා කරනවා නේ පිරිමි ළමයින්ටත් වඩා (කොහොමත් ඉන්ටර්විව් ගියාම ගැණු ළමයින්ව තෝරගන්න අවස්ථාවත් වැඩියිනේ ) ඉතින් අපේ කතා නායකයා ශිවාට අවුරුදු 25ක් උනත් […]

The post Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kalyanam Kamaneeyam Sinhala Sub
Kalyanam Kamaneeyam Sinhala Subtitles
Kalyanam Kamaneeyam (2023) Sinhala Sub
Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles

 

කතාව ගැන කිව්වොත් මේ කාලේට නම් මේක ගැලපෙනවාත් වගේ.. දැන් කාලේ ගැණු ළමයි රැකියා කරනවා නේ පිරිමි ළමයින්ටත් වඩා (කොහොමත් ඉන්ටර්විව් ගියාම ගැණු ළමයින්ව තෝරගන්න අවස්ථාවත් වැඩියිනේ ) ඉතින් අපේ කතා නායකයා ශිවාට අවුරුදු 25ක් උනත් රැකියාවක් නම් නැහැ. මෙයාගේ ගැණු ළමයා තමයි ශුති. කොහොම හරි ගැණු ළමයාගේ පැත්තෙන් මේ සම්බන්ධයත් ටික කාලයක් නිසා කසාදේ වෙනුවෙන් හදිසි කරනවා. ශිවා නම් කියනවා තමන්ට රැකියාවක් ලැබෙන කම් කසාදයක් නම් බදින්න බැහැ කියලා. එත් ශුති දැනට රැකියාවක් කරන නිසා වගේම ශුතිගේ අම්මායි තාත්තායිත් ශිවාට කියනවා රස්සාවක් නැති උනාට කමක් නැහැ මුලින් කසාද බැදලා ඉන්න, පස්සේ ශිවාට රැකියාවක් හොයාගන්න කියලා. කොහොම හරි ශුතිගේ තාත්තා ශිවාටයි ශුතිටයි ඉන්න හොද ගෙයක් එක්කම හැමදේමත් ලැස්ති කරලා දෙනවා කසාදෙන් පස්සේ.. මෙහෙම කසාද බැදලාත් ටික දවසක් යනවා.. ශිවාට තාම රැකියාවක් නැහැ. ශුති හැමදාම ශිවාගේ හිත හදනවා කවදා හරි රස්සාවක් හම්බවේවි බය වෙන්න එපා එතකම් වියදම් සේරම එයා දරන්නම් කියලා. එහෙම කියලා හැමදාම ශිවාට උදේට පොඩි ගානකුත් අතට දිලා යන්නේ කැමැති දෙයක් කරන්න කියලා.  මේ දෙන්නා කොච්චර ආදරෙන් හිටියාත් කොහොම හරි මේ වගේ ආදර කතා වලට මැද්දට පනින අය ඉන්නවා නේ. කොහොම හරි අවට කට්ටිය ශුතිගේ ඔළුවට දාන්න ගන්නවා තාම එයා කසාද බැදපු කෙනාට රස්සාවක් නැහැ නේද කියලා.. අර බදින්න කලින් කොහොම හිටියාත් කමක් නැහැ කියන ශූතිත් ටික ටික වෙනස් වෙනවා..  එහෙම දවසක් ඇවිල්ලා ශුති කියනවා ” ශිවාට රස්සාවක් නැතුව හිටියාට කමක් නැහැ එත් ශුතිගේ සැමියාට රස්සාවක් තියෙන්නම ඕනි” කියලා. ආදරේන් හිටිය දෙන්නා මැද්දට ප්‍රශ්න ගොඩකුත් මේ අස්සේ එනවා. කොහොම හරි අවසානයේ ආදර්ශමත් වගේම හොද අවසානයක් තියන චිත්‍රපටියක්.. පවුලේ හැමෝටම බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා බය නැතුව අරන් බලන්න…

The post Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kalyanam-kamaneeyam-2023-sinhala-subtitles/feed/ 1
Like Share & Subscribe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/like-share-subscribe-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/like-share-subscribe-2022-sinhala-subtitles/#comments Sat, 17 Dec 2022 10:39:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34079 Like Share & Subscribe Sinhala Sub Like Share & Subscribe Sinhala Subtitles Like Share & Subscribe (2022) Sinhala Sub Like Share & Subscribe (2022) Sinhala Subtitles

The post Like Share & Subscribe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Like Share & Subscribe Sinhala Sub
Like Share & Subscribe Sinhala Subtitles
Like Share & Subscribe (2022) Sinhala Sub
Like Share & Subscribe (2022) Sinhala Subtitles

The post Like Share & Subscribe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/like-share-subscribe-2022-sinhala-subtitles/feed/ 1