ෆයර් යනු 2025 දී තිරගත වූ ඉන්දියානු දෙමළ භාෂා ආදර අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ජේඑස්කේ සතිෂ් කුමාර් විසින් ඔහුගේ JSK චිත්‍රපට සංස්ථාවේ බැනරය යටතේ අධ්‍යක්ෂණය කරන ලද අතර එය රචනා කර, අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ බාලාජි මුරුගදෝස් වන අතර, චන්දිනී තමිලරසන්, රචිතා මහාලක්ෂ්මි, සාක්ෂි අගර්වාල් සහ ගයාත්‍රි ෂාන් වැදගත් චරිත නිරූපණය කරති. තාක්ෂණික කණ්ඩායමට කැමරා ශිල්පී සතිෂ් ජී, සංස්කාරක සී.එස්. ප්‍රේම් කුමාර් සහ සංගීත රචක ඩී.කේ. ඇතුළත් වේ.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ තමයි කාසි.කාසි හැමෝගෙම හිත දිනාගෙන ඉන්න හොද තරුණ ඩොක්ටර් කෙනෙක්.කාගෙන් ඇහුවත් කියන්නේ කාසි හොද කෙනෙක් කියලයි.දවසක් මෙයාගේ අම්මයි තාත්තායි පොලිසියට ඇවිත් පැමිණිල්ලක් දානවා පුතා අතුරුදන් උනා කියලා.පොලිසිය එයාගෙ ක්ලිනික් එකෙන්,යහලුවන්ගෙන්,ගෙදර අයගෙන් අහලා හොයලා බලනවා කාසිට මොකද වුනේ කියලා.එත් කවුරුත් කියන්නේ කාසිගෙ හොදමයි.ඉතින් පොලිසියටත් ප්‍රශ්නයක් මෙයාට මොකද වුනේ කියලා.ඔහොම පරික්ශන කෙරිගෙන යනකොට වෙලරල ලග මුහුදේ මුරකාරයා ඇවිත් පොලිසියට බාර වෙනවා කාසි මැරුවා කියලා.එතකොටම කාසිගේ අම්මයි තාත්තායි ඇවිත් කියනවා කාසි ඉන්නවා එයා කතා කරා කියලා
පොලිසියේ විමර්ශනවලට මේ නිසා හරිම ප්‍රශ්න වෙනවා.දවසක් කාසිගේ ක්ලිනික් එකේ වැඩ කරපු දුර්ගා එයාගේ සීයා ගෙදර එනකොට බෙල්ලේ වැල දාගන්න හදනවා.සීයා කොහොම හරි කතා කරලා දුර්ගාව බේරගන්නවා.එතනදි තමයි කාසිගේ ඇත්ත ස්වරූපය එලියට එන්නේ.
මේ කතාවෙන් ටිකයි.ඉතුරු ටික බලන්නම වටිනවා.ඔක්කොම කතාව කිව්වොත් බලන්න දෙයක් නැති වෙයිනේ.මාර කුතුහලයක් තියන්නේ.
කතාව බලලාම ඉන්නකො.හැමොටම ජය වේවා.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
Naan Kadavul illai 2023
“මා දෙවියන් නොවේ”
මේක රිලීස් උනේ මේ අවුරුද්දේ මාර්තු 3 වෙනිද.. මේක අයත් වෙන්නෙ Crime/Thriller/Action කියන Category එකට.. හැබැයි මේක බලලා ඉවර වෙලා, මේ අවුරුද්දේමද කියලා නම් අහන්න එපා ඇ පොඩ්ඩක් පරණ පාටයි වගේ
Cast
Samuthirakani as Senthooran
Sakshi Agarwal as Leena
Saravanan as Veerappan
S. A. Chandrasekhar
Ineya
Yuvan Mayilsamy
කොහොම හරි ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Samuthirakani එයා ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ… ඕන චරිතයක් කිසිම ගින්නක් නැතුව බාරගෙන කරන නළුවෙක්.. කොහොම හරි මං නම් පොරව දකින්න ආස “තාත්තා” ගෙ චරිතයෙන්…2023 ආපු ශිවකාර්තියන්ගෙ Don ෆිලුම බැලුව නම් අන්තිමට මෙයා මුළු ඕඩියන්ස් එකම අඩවපු හැටි දකින්න ඇති ? ඒ තරම් ලස්සනයි ඇක්ටින්
හැබැයි ඔහොම ඇවිල්ල මේ ෆිලුමේ නම් එයාගේ වැඩ කොච්චර දුරට සාර්ථකද කියලා නම් මට හිතාගන්න බෑ.. මේකෙදි පොඩ්ඩක් වැඩේ ඩාන් ඩූන් වෙලාද මන්දා.. ඒක ඔයාලම බලල තීරණය කරන්නකෝ..
මේකෙ විලන් ගැන කියනවා නම් Saravanan කියන නළුවා රංගනයෙන් දායක වෙන්නෙ.. පොර ගොඩක් දරුණු මිනීමරුවෙක් කියලා අපිට පැහැදිලි කරන්න ඩිරෙක්ටර් මාරම ගේමක් දීලා තිබුනා. වෙලාවකට හිතුනා ෆිල්ම් එකේ විලන්ට අනවශ්‍ය විදිහට පුම්බන්න හදල වැඩිදෝ මන්දා කියලා…
ගොඩක් පල්ලෙහා තිබ්බ මලයාලම් සිනමාව උඩට ඇවිල්ල දැන් තියෙන තැනයි, තැනකට ඇවිල්ල මේ ලොකු ලොකු වැඩ කරන උඩින්ම තියෙන දමිළ සිනමාවයි දෙක දිහා බලනකොට මේ ෆිලුම මොකක්ද කියලත් හිතුනා අප්පා.. කොහොම හරි හැමදේම තියෙන්නේ ඩිරෙක්ටර්ගෙ අතෙනේ..
දරුණු මිනීමරුවෙක් හිරෙන් නිදහස් වෙලා කරන මිනීමැරුම් මාලාවක් සහ මිනීමරුවව කොටු කරගන්න ලොකු පරිශ්‍රමයක් දරණ පොලිස් නිලධාරියේක් වටා තමයි කතාව යන්නෙ…
එහෙනම් ඔයාලා හැමෝට්ටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න…
දැනට ගිහින් එන්නම්… බුදුසරණයි!!.. ජේසු පිහිටයි!!..
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න