ආයුබෝවන්, ආයෙමත් ඔන්න මලයාලි උප සිරැසි වලට බැස්සා. මීට දින තුනකට කලින් නිකුත් වුන තවත් ලස්සන මලයාලි ඩාක් කොමඩියක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මලයාලමේම තවත් අමුතුම ප්ලොට් එකක්. මේ කතාව අතර මගදි කීප වතාවක් එහාට මෙහාට හැරෙනවා. ඒ නිසා පටන් ගත්ත හැටියට නෙමෙයි කතාව අවසන් වෙන්නෙ.
මේකෙත් ප්‍රධාන චරිතය අමුතුම චරිතයක්. එක්තරා සයිකො ඩයල් එකක්. මේ වගේ චරිත මලයාලමේ හොඳටම කරන්නෙ මෙයාට තමයි. සුරාජ් වෙන්ජාරමුඩු. ඉතිං මේකෙත් එයාගෙ දක්ෂතම රඟ පෑමක් බලා ගන්න පුළුවන්. ග්‍රේස් ඇන්තනි, ශ්‍යාම් මෝහන්, සුධීර් කරමානා සහ විනේ ප්‍රසාද් මෙහෙ අනිත් චරිත රඟ පානවා. මෙහෙ අධ්‍යක්ෂනය අමීර් පල්ලික්කාල්ගෙන්.
කතාව ටිකක් කිව්වොත් අර සයිකො ඩයල් එක තමයි බිනූ. කුඩා කල සිටම මව් පියන්ගෙ ආදරය නොලැබිලා තාත්තට බයේ හැදුනු වැඩුනු ඉතා නෝන්ජල් බියගුළු තරුණයෙක් තමයි බිනූ කියන්නෙ. සේරම ආදරේ කරන්නෙ එයාගෙ නංගිට. එයාගෙ එකම ආදරණීයයා තමයි අයියා. ඒත් පොඩි කාලෙම අනතුරකින් බිනූගෙ ඇස් ඉදිරිපිටම එයා අහිමි වෙනවා. එයාගෙ නංගි ඇමරිකාව බලා යන්නෙ ඒ අතර. ඒ එක්කම බිනූගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ සමගම කතාව උඩු යටිකුරු වෙනවා. එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම බිනූගෙ ජීවිතේ වෙනස් වෙද්දි ඒ වෙනස් කමුත් එක්ක පවුලෙ අය මුහුණ පාන අපූරු සිද්ධි සහ ඔවුන්ගෙ ක්‍රියාමාර්ග මේ චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්. ඉතිං ඕනෑවටත් වඩා ඩීසන්ට් වෙන්න යන මේකෙ චරිත වලට අවසානෙ මොකද වෙන්නෙ බලන්න.
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Super Sharanya (2022) Sinhala Subtitles
Sharanya, an ordinary small-town girl from Pallakad, who moves to Thrissur for higher studies, finds herself changing as she meets Deepu.
]]>ආයුබෝවන්, සෑහෙන්න හර බර මලයාලි ෆිල්ම් ගොඩකට පස්සෙ අද ඉතාමත් සරල මලයාලින්ටම ආවේනික කොමඩියක් ගෙන එන්නයි යන්නෙ. ගොඩක් ඉල්ලීමක් තිබුන මේක දෙන්න කියල IMDB 5.1 කියන්නෙ ටිකක් අඩු පැත්තට බර උනත් ලොකු ප්ලොට් එකක් නැතත් මේක හිනාවෙවී බලා ඉන්න පුළුවන් සරල කොමඩියක්.
මේකත් පොලිස් කතාවක්. බිජු මෙනන් කියන දක්ෂ නළුවට කොහොමත් පොලිස් නිළ ඇඳුම හුරු පුරුදුයිනේ. අයියප්පනුම් කෝෂියුම් එකේ ඉන්න යකඩ පොලිස් නිලධාරියා වෙනුවට මේකෙ එයා ඉතාම අහිංසක පොලිස් කොස්තාපල් වරයෙක් වශයෙන් සුපිරි රඟපෑමක් දෙනවා. එයාගෙ තරහ කාරයත් පොලිස් නිලඇඳුමට හුරු පුරුදු ශයින් ටොම් චාකෝ. මේ දෙන්නයි උන්නිමායා ප්‍රසාද්, ගෝකුලන් මෙන්ම ගොඩක් පොලිස් ඇඳුමට හුරු පුරුදු නළුවො රැසක්ම මේ පොලිස් කතාවෙ ඉන්නවා.
රියාස් ශෙරීෆ්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙම කතාව ගැන පොඩ්ඩක් කියනව නම්, අවුරුදු 21ක සේවයක් තිබිලත් විභාග භීතිකාව නිසා කිසිම උසස් වීමකට ලක් උන බේබි නැමැති අහිංසක පොලිස් කොස්තාපල් වරයා නිතරම විවිධ අහිංසක ගැටළු වලට මැදි වෙනවා.ඒ වගේම තමයි ලොකු අවුලකුත් නැතිව ගැලවෙනවා.ඒ අස්සෙ එයාට තරහකාරයොත් නැතුව නොවෙයි. ඉහලට ගිහිල්ල ඉන්න තමන්ට වඩා අඩු සේවාවක් තියෙන පොලිස් කාරයින්ට පීචං වෙලා ඇති වෙලා එයත් යනව විභාගෙ ලියන්න.එහෙනම් එයා විභාගෙ ලිව්ව හැටි බලන්න.
නැවත හමු වෙමු.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
මේ අරං ආවේ Comedy/Drama/Romance ගනයට අයත් Padmini කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි…
එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…
ජය වේවා!!
උපසිරසි නිර්මාණය :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
]]>සුබ දවසක් වේවා හැමෝටම!!
2021 ඔක්තොම්බර් මස 29 වෙනි දින SonyLIV ඔස්සේ නිකුත් වුණ Thinkalazhcha Nishchayam (2021) මලයාලම් චිත්‍රපටියට අරගෙනයි අපි අද ආවේ.
Senna Hegde අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියට මේ වෙද්දි IMDb දර්ශකයේ 8.0/10 අගයක් වගේම 96% ගූගල් පරිශීලක අගයක් හිමිවෙලා තියෙනවා. මලයාලම් ප්‍රහසන චිත්‍රපටියක වන Thinkalazhcha Nishchayam, 51 වෙනි කේරළ ප්‍රාන්ත සිනමා උළෙලෙදී Best Story යන සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම Second Best Film ලෙස තේරී පත්වුණෙත් මෙම චිත්‍රපටිය. උතුරු කේරළයේ Kanhangad කියන ප්‍රදේශයේ රූගත කරන ලද මෙම චිත්‍රපටියට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ ප්‍රදේශයේම ජීවත් වෙන ආධුනික පිරිස් කියලා අන්තර්ජාලයේ සඳහන් වෙනවා. මෙම ආධුනික පිරිසගේ රංගනය නම් ඉතාමත් ඉහල මට්ටමක තියෙනවා කියලා නොකියාම බෑ. පීතෘ මූලික සමාජයක ගෙදරක කටයුතු වෙන්නේ කොහොමද? පියාගේ වගකීම් හා බැඳුණු කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද ආදී ලෙස ලාංකිකයින් වෙන අපිටත් සමීප දේවල් මේ චිත්‍රපටිය පුරාවටම දකින්න පුළුවන්.
මේ කතාවට මූලික වෙන්නේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවක්. අපේ රටේ අද වුණත් නාගරිකව කෙසේ වෙතත් ග්‍රාමීයව ගෙදරක මඟුල් ගෙයක්, දානයක්, බණක් පැවැත්වෙනවා නම් නෑදෑයෝ, අසල්වැසියො එකතු වෙනවා. එකිනෙකාට උදව් කරනවා. තමන්ගේ තැනක වගේ ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා. ඕපදූප කතා කරනවා, සතුටු වෙනවා, ඇනුම් පද කියනවා, බැන ගන්නවා මේ විදියට කෝටියක් දේවල් ඒ් වගේ තැනකදි සිද්ධ වෙනවා. ඒ විදියටම මේ චිත්‍රපටියේ විජයන්ගේ දුවගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයත් රස සාගරයක්. මිනිත්තු 108 ක් අපිටත් මේ උත්සවයේ අසිරිය විඳ ගන්න පුළුවන් වෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්. කුවේට් විජයන් මේ ගෙදර තාත්තා. විජයන්ගේ නෝනා ලලිතා, සුරභි ලොකු දුව, සුජා මද්දුමයා, බාලයා සුජිත්. විජයන් කියන වචනෙට ගෙදර හැමෝම යටයි. විජයන් කොච්චර සැර පරුෂ මනුස්සයෙක් වුණත් විජයන්‌ගේ මනාපෙට ලොක්කිට කසාදයක් කරලා දෙන්න නම් බැරි වෙනවා. ලොක්කි හිතුවක්කාරකමට සන්තෝෂ්ව කසාද බඳිනවා. ඒ කාරණාවෙන් නොසෑහෙන්න හිත රිදිලා ඉන්න විජයන් දෙවෙනියාට මනමාලයෙක් කතා කරනවා. මනමාලයා මෝඩ පහේ කොල්ලෙක් වුණාට මොකද වැඩ කරන්නේ සාජා වල. ඉතින් සුජාට කසාදෙන් පස්සේ සැප පහසුවට ඉන්න පුළුවන්නේ. අනික කොල්ලා, සුජාව දැක්ක ගමන් කැමති වෙලා දවස් දෙකක් ඇතුලත ගිවිස ගැනීම කරන්න කටයුතුත් කතා කරනවා. ඒ්ත් මේ කසාදෙට සුජා කැමති වෙයිද? අක්කා හිතුවක්කාරෙට කසාදයක් කරන් තාත්තාගේ හිත රිද්දුවට සුජා එහෙම කරන්නෙ නැති වෙයිද? කතාව බලලම දැන ගමු.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රේණුකා සුභාෂිණි සහෝදරියගේ ලිපිය