Riz Ahmed Archives - SinhalaSub https://sinhalasub.lk/cast/riz-ahmed/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Aug 2023 12:41:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Riz Ahmed Archives - SinhalaSub https://sinhalasub.lk/cast/riz-ahmed/ 32 32 Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/nimona-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/nimona-2023-sinhala-subtitles/#respond Wed, 16 Aug 2023 08:06:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50758 Nimona Sinhala Sub Nimona Sinhala Subtitles Nimona (2023) Sinhala Sub Nimona (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Blue Sky Studios කිව්වාම කවුද නොදන්නේ. 20th Century Fox සමාගමට අයිති උපසමාගමක් වන Blue Sky Studios එයාලගේ පළමු ෆිල්ම් එක වෙච්ච Ice Age චිත්‍රපටියෙන්ම ළමා මෙන්ම වැඩිහිටි හදවත් දිනා ගත්තා කිව්වොත් වරදක් නෑ. ඒකෙන් පස්සේ Robots, Ice Age: […]

The post Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nimona Sinhala Sub
Nimona Sinhala Subtitles
Nimona (2023) Sinhala Sub
Nimona (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Blue Sky Studios කිව්වාම කවුද නොදන්නේ. 20th Century Fox සමාගමට අයිති උපසමාගමක් වන Blue Sky Studios එයාලගේ පළමු ෆිල්ම් එක වෙච්ච Ice Age චිත්‍රපටියෙන්ම ළමා මෙන්ම වැඩිහිටි හදවත් දිනා ගත්තා කිව්වොත් වරදක් නෑ. ඒකෙන් පස්සේ Robots, Ice Age: The Meltdown, Ice Age: Dawn of the Dinosaurs, Ice Age: Continental Drift, Ice Age: Collision Course, Rio, Rio 2 ආදී ලොව ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපට ගහන්න මේ සමාගම සමත් වුණු නිසා හැමෝම අතරේ ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් අද මේ අරගෙන එන්නේ එයාලගේ අන්තිම චිත්‍රපටිය වන Nimona නමින් 2023 ජුනි 30 වෙනිදා නිකුත් වුණු චිත්‍රපටියටයි.

කලිනුත් කිව්වා වගේ මේක තමයි Blue Sky Studios සමාගමේ අවසාන චිත්‍රපටිය. ඒ කොහොමද කියන එක ටිකක් සංකීර්ණ කතාවක්. Disney සමාගම විසින් 2019 අවුරුද්දෙදී 20th Century Fox සමාගම මිලදී ගත්ත බව දන්නවා ඇති නේ. ඉතින් ඒත් එක්කම Blue Sky Studios සමාගමත් Disney එකටම අයිති වුණා. මේ අවුරුද්දේම (2019) Blue Sky ලගේ title card එක තියෙන අවසාන ෆිල්ම් එක වන Spies in Disguise කියන චිත්‍රපටිය Disney සමාගම හරහා රිලීස් වුණා. ඉතින් මේ Nimona කියන්නේ 2015 අවුරුද්දේ ඉඳන් Blue Sky සමාගම තුළ නිෂ්පාදනය වෙමින් තිබුණ චිත්‍රපටියක්. Release delays කීපයකට පස්සේ මෙයාලා කියලා තිබුණේ ෆිල්ම් එක 2022 දී රිලීස් වෙන බවයි. කොහොම නමුත් Disney විසින් 2021 පෙබරවාරි 09 වෙනිදා Blue Sky සමාගම වහලා දැම්මයින් පස්සේ Nimona චිත්‍රපටියත් අවලංගු කරනු ලැබුවා. මේ වෙනකොට Nimona 70%ක් සම්පූර්ණ කරලයි තිබුණේ. ඉතින් Annapurna Pictures නම් ආයතනයක් මේක අරගෙන DNEG Animation හරහා animation සම්පූර්ණ කරලා 2023 දී Netflix හරහා නිකුත් කරනු ලැබුවා.

කතාව උපුටාගෙන තියෙන්නේ ND Stevenson විසින් ලියන ලද Nimona නම් graphic novel එකෙන්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nick Bruno සහ Troy Quane විසින්. චරිතවලට හඬකවන්න Chloë Grace (නිමෝනා), Riz Ahmed (බැලිස්ටර් බෝල්ඩ්හාර්ට්), Eugene Lee Yang (ඇම්බ්‍රෝසියස් ගෝල්ඩෙන්ලොයින්) ආදී බොහොමයක් දායක වෙනවා. චිත්‍රපටිය මේ වෙනකොට 7.7 ක IMDb අහයක් සහ Rotten Tomatoes දර්ශකයේ 92%ක අගයක් අරගෙන තියෙනවා.

කතාව ගැනත් පොඩ්ඩක් කියනවා නම් මේක සිද්ධ වෙන්නේ මධ්‍යකාලීන යුගය සහ අනාගත තාක්ෂණය මුසු වෙලා තියෙන රාජධානියක. මෙයාලා රාජධානිය වටේ විශාල තාප්පයක් ඉදි කරලා නයිට්වරු පරම්පරාවක් පවත්වාගෙන යනවා එයාලට එන රාක්ෂ ප්‍රහාරවලින් මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න. බැලිස්ටර් බෝල්ඩ්හාර්ට් මේ අතරේදී නයිට්වරයෙක් ලෙස පත් වෙනවා. මෙයා විශේෂ වෙන්නේ නයිට්වරු පරම්පරාවෙන් පැවත එන්නේ නැති, සාමාන්‍ය මිනිස්සු අතරේ ඉපදිලා මහන්සියෙන් වැඩ කරලා නයිට්වරයෙක් බවට පත් වෙන පළවෙනි නයිට්වරයා මෙයා වෙන නිසයි. මෙයාට නයිට් පදවිය ලබා දෙන දවසේ, මෙයාට ලබා දෙන කඩුවෙන් එන කිරණයකින් රැජිනව මරණයට පත් කරනවා. ඉතින් මුළු රාජධානියම මෙයාගේ පස්සෙන් පන්නනවා. මේ අතරේ එයා වගේ දුෂ්ටයෙකුගේ sidekick එක වෙන්න කැමැත්තෙන් ඉන්න, රූප මාරු කරන්න පුළුවන් නිමෝනා කියලා (රාක්ෂ) ගෑනු ළමයෙක් මෙයාව හම්බවෙන්න එනවා. ඉතින් ඉතුරු ටික ඔයාලා බලලම හොයාගන්නකෝ.

ෆිල්ම් එක බලාගෙන යනකොට තමයි තේරුණේ මේක සෑහෙන්න විනෝද වෙන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා. ඒවගේම හොඳ සමාජ විවරණේකුත් එක්ක තමයි ෆිල්ම් එක අවසන් වෙන්නේ. එහෙනම් මේ ලස්සන Film එක බලන්න කියලා ආරාධනා කරනවා…

“I don’t know what’s scarier. The fact that everyone in this kingdom wants to run a sword through my heart, or that sometimes… I just want to let them.”

“මම දන්නේ නෑ වැඩියෙන් බය හිතෙන්නේ මොකකටද කියලා. මේ රාජධානියේ ඉන්න හැමෝටම මගේ හදවත කඩුවකින් පසාරු කරන්න ඕන එකද, නැත්නම් සමහර වෙලාවට… මට එයාලට ඒකට ඉඩ දෙන්න ඕන වෙන එකද.”

-Nimona (2023)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/nimona-2023-sinhala-subtitles/feed/ 0
Venom (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/venom-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/venom-2018-sinhala-subtitles/#respond Fri, 14 Jul 2023 22:26:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44401 Venom Sinhala Sub Venom Sinhala Subtitles Venom (2018) Sinhala Sub Venom (2018) Sinhala Subtitles ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීම පරිදි කල තවත් චිත්‍රපටයක් අරගෙනයි. මේ තමයි මාවල් කොමික්ස්  රසිකයන් හැමදෙනෙක්ම බොහොම ආසාවෙන් බලාගෙන හිටපු Venom (2018) චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයෙ උපසිරැසිය මට බාරදීම ගැන කවීෂ […]

The post Venom (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Venom Sinhala Sub
Venom Sinhala Subtitles
Venom (2018) Sinhala Sub
Venom (2018) Sinhala Subtitles

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීම පරිදි කල තවත් චිත්‍රපටයක් අරගෙනයි. මේ තමයි මාවල් කොමික්ස්  රසිකයන් හැමදෙනෙක්ම බොහොම ආසාවෙන් බලාගෙන හිටපු Venom (2018) චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයෙ උපසිරැසිය මට බාරදීම ගැන කවීෂ සහෝදරයට ස්තූතිවන්ත වෙන අතරෙම චිත්‍රපටය පැත්තට යන්න කලින් කියන්න තියෙන්නෙ ඉතාම කණගාටුදායක ආරංචියක්.

ඔබ හැමෝම දන්නවා ඒ තමයි මේ Venom චරිතයේ නිර්මාණකරුවා නොවුණත් මාවල් කොමික්ස් ලෝකයේ චරිත බොහොමයකම නිර්මාණකරු හෝ සම නිර්මාණකරුවෙක් වුණ ස්ටෑන් ලී මහතාගේ අභාවය. වසර ගණනාවක් පුරාවට ත්‍රාසය, කුතුහලය, ශෝකය, සතුට සමග හාස්‍යයද මුසුකර අපව රසවත් කල ඔහු ගැන වචනයක් සඳහන් නොකිරීම සුදුසු නොවන නිසා අපේ ඇඩ්මින් මඩුල්ලත් මමත් තීරණය කලා ඔහු වෙනුවෙන් යම් විශේෂයක් කරන්න. ඒ වෙනුවෙනුයි ලිපියේ මේ කොටස වෙන් වෙන්නෙ!

අප ඔහුව හඳුනන්නෙ ස්ටෑන් ලී ලෙස වුණත් ඔහුගේ සැබෑ නාමය ස්ටැන්ලි මාටින් ලීබර්. රොමේනියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණිකයෙකු ලෙස පැමිණි වෘතියෙන් ඇඳුම් කපන්නෙකු වූ යුදෙව් ජාතික පියෙකුට දාව මෑන්හැටන්හීදී ඔහු උපත ලබන්නේ 1922 වසරේ දෙසැම්බර් 28 වන දින. ඔහුගේ ලමාකාලයනම් ඉතාම අගහිඟකම් මැද්දේ ගෙවුණ එකක් ලෙසයි සඳහන් වෙන්නෙ. කුඩාකාලයේ වීර වෘතාන්ත සහ නාට්‍යවලට ප්‍රියකල ස්ටැන්ලිට 1939 වසරේදී ටයිම්ලි කොමික්ස්හි (පසුව ඇට්ලස් කොමික්ස් සහ මාවල් කොමික්ස්) කාර්යාල සහායකයෙකු සහ පුහුණුවන්නෙකු ලෙස රැකියාවක් හිමිවෙනවා සතියකට ඩොලර් 8ක චේතනයකට. ඉන් වසර දෙකකට (1941) පසු ජැක් කිර්බිගේ සහ ජෝ සයිමන්ගේ කැප්ටන් ඇමරිකා #3 කොමික් පොතට හදිසියේ කතාවක් ලියන්නට ඔහුට අවස්ථාව ලැබෙනවා එය නම් වෙන්නෙ “Captain America Foils the Traitor’s Revenge.”නමින්. ඉදිරියේදී ලේඛකයෙකු වන්නට සිතාගෙන සිටි ස්ටැන්ලි කතාවට තම සැබෑ නම නොයොදා ‘ස්ටෑන් ලී’ ලෙස ආරූඪ නාමයක් යොදනවා. ඉන්පසු තාවකාලිකව  ටයිම්ලි කොමික්ස්හි සංස්කාරකවරයා ලෙසද ඔහු පත්වෙනවා. ඉන්පසු 1942 දෙවන ලෝක යුධ සමයේදී හමුදා සේවයට එක්ව යුද්ධයෙන් අනතුරුව නැවතත් පැමිණෙන ඔහු බ්‍රිතාන්‍ය ඇමරිකානු නිරූපණ ශිල්පිනියක්වූ ජොඈන් බී. ලී හා විවාහ වනවා. ඒ 1947 වර්ෂයේදී. ඉන්පසුව ඒ වනවිට ඇට්ලස් කොමික්ස් ලෙස නාමය වෙනස් කරගෙන සිටි ටයිම්ලි කොමික්ස්හි සංස්කාරක තනතුරටම නැවත එක්වෙනවා. එකල කොමික්ස් දැවැන්තයා වූ DC කොමික්ස් හා කරට කර තරඟ කරන මේ ස්ටෑන් ලීට ඒ කාලයේ ඒතරම් හොඳ පිලිගැනීමක්නම් ලැබී නෑ උසස් යැයි සම්මත සාහිත්‍ය-කරුවන්ගෙන්. ස්ටෑන් ලීම වරෙක ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතට  පවසා තිබෙනවා “ඔවුන් එකල මා මගහැරියා… නමුත් අද එය ඉතාම වෙනස්” යනුවෙන්. කෙසේ හෝ මේ ඇට්ලස් කොමික්ස් පසුව අද අප හොඳින් දන්නා මාවල් කොමික්ස් බවට පත්වෙනවා 1960 වසරේදී. ඉන්පසු තම පැරණි කොමික් කලා සගයන් වූ ජැක් කිර්බි සහ ස්ටීව් ඩිට්කෝ සමග අප ආදරය කරන මාවල් කොමික්ස් චරිත ගණනාවක නිර්මාණකරුවූ ස්ටෑන් ලී ඉන්පසුව එහි සභාපතිවරයාද වන අතර කාලයාගේ ඈවෑමෙන් පදවියෙන් ඉවත්ව සමාගමේ ප්‍රචාරණ කටයුතුවල යෙදෙනවා. කෙසේ හෝ පෙර දැඩි ලෙස විවිධ මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිව සිටීමේ  ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සෞඛ්‍ය තත්වය කෙමෙන් කෙමෙන් පිරිහී යනවා (ඔහු ඈන්ට් මෑන් ඇන්ඩ් ද වොස්ප් චිත්‍රපටයේ තම සුළු චරිතයේ දෙබසෙදි කියන්නෙ ඒ දේ). 2017 වසරේ ජූලි 6වන දින සිදුවූ තම ආදර බිරිඳවූ ජොඈන් ලීගේ මරණයෙන් වසරකට මදක් වැඩි කලකට පසු මේ වසරේ එනම් 2018 වසරේ නොවැම්බර් 12 වන දින මේ අපූරු කළාකරුවා අභාවයට පත්වනවා ලොස් ඇන්ජලීස්හි රෝහලකදී, එවිට ඔහුගේ වයස අවුරුදු 95ක්. වසර ගණනාවක් පුරාවට තම නිර්මාණවලින් චරිතවලින් සහ තමන්ගේම වූ සුළු චරිතවලින් අපව රසවත් කල ස්ටෑන් ලී, ඔබට බොහොමත්ම ස්තූතියි!

චිත්‍රපටය පැත්තට යන්න කලින් මම හිතුවා මේ වෙනොම් චරිතය ඔබට ටිකක් අඳුන්වා දෙන්න. කවුද මේ වෙනොම් කියන්නෙ? කොමික්ස්වලට අනුව මේ වෙනොම් කියන්නෙ පිටසක්වල ජීවියෙක්. මේ ජීවියගෙ තියනව විශේෂත්වයක්, ඒ තමයි මේ ජීවියා පරපෝෂිතයෙක්. තමන්ට සුදුසු ධාරක ජීවියෙක් සොයාගෙන, ඒ ජීවියාගේ සිරුරට ඇතුල්වී, එයට අනුගතව, ඒ ජීවියා සතු හැකියාවන් උකහා ගෙන, ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවියාව ක්ෂය කරමින් ජීවත්වෙන ජීවියෙක්. මේ අන්‍ය ජීවයකට අනුගතව ඒ හා  ජීවත්වීමේ හැකියාව නිසා මේ පිටසක්වල ජීවියා හැඳින්වෙන්නෙ  සිම්බියෝට් (Symbiote) නොහොත් සහජීවියා නමින්. ඔබ මේ සිම්බියෝටයාව මුලින්ම දකින්නෙ 2007 වසරේ තිරගතවූ Spider Man-3 චිත්‍රපටය තුලින්. පීටර් පාකර් එහෙමත් නැත්නම් ස්පයිඩර් මෑන්ට තමයි මේ සිම්බියෝටයාව හමුවෙන්නෙ. ඔහුට නොදැනීම සිම්බියෝටයා ඇතුල්වෙනවා ස්පයිඩර් මෑන්ගෙ ඇඳුමට (අමතකනම් මෙය නරඹන්න). එයින් එතෙක් රතු සහ නිල් පැහැයෙන් තිබූ ස්පයිඩර් ඇඳුම  සුදුපැහැති ස්පයිඩර් ලාංජනයක් සහිත කළු පැහැය ගත් ඇඳුමක් බවට හැරෙනවා. මේක හඳුන්වන්නෙ ස්පයිඩර් බ්ලැක් සූට් නමින්. මේ නව ඇඳුම භයානක ජීවියෙක් බව නොදන්නා පීටර් එය වැඩිය ගණනකට ගන්නෙ නෑ. අනිත් කාරණය ඔහුට තිබුණ බලයනුත් වැඩිවෙනවා මේ නව ඇඳුම නිසා. ඔබ දන්නවනෙ පීටර් පාකර් අධ්‍යාපන වියදම් සොයාගැනීම සඳහා ඩේලි බග්ල් පුවත්පතේ වාර්තාකරුවෙක් ලෙස සේවය කලා. ඔහු ප්‍රධාන වශයෙන්ම කලේ ස්පයිඩර් මෑන්ගෙ ඒ කියන්නෙ තමන්ගෙම රහස් අනන්‍යතාවයේ ජායාරූප පුවත්පතට සපයා මුදල් ලබාගැනීම. හැබැයි මේ බ්ලැක් සූට් එක කෙමෙන් කෙමෙන් පීටර්ගේ පාලනය තමන් අතට ගන්නවා. ඔහුගේ අහිංසක ගතිගුණ කෙමෙන් වියැකී යනවා. ඔන්න ඔය අතරෙ තමයි පසුව මේ ජීවියාගේ උරුමකරු වෙන එඩී බ්‍රොක් නම් පුවත්පත් ඡායාරූප ශිල්පියා මේ කතාවට සම්බන්ධ වෙන්නෙ, ඔහු සේවය කරන්නෙ පීටර් සේවය කරන ඩේලි බග්ල් පුවත්පතේ ප්‍රධාන තරඟකරුවන ඩේල් ග්ලෝබ් පුවත්පතේ. ඇත්තටම මේ දෙදෙනාම එකට වැඩ කරනවා කාලයක්. කොහොමහරි මේ එඩී බ්‍රෝක් ටිකක් ආත්මාර්ථකාමී මානසිකව අස්ථාවර චරිතයක්, කොමික්ස්වල තියන විදියට ඔහුව පිළිකුල් කල පියා නිසා ඔහුගේ ළමාකාලය දුක්ගැහැටවලින් පිරුණ එකක්. කොහොමහරි පුවත්පතේ ස්ථිර ඡායාරූප ශිල්පී තනතුර ලබාගැනීමේ අරමුණින් එඩී බ්‍රෝක්  ව්‍යාජ ලෙස සැකසූ ඡායාරූප පවා පුවත්පතට ලබාදෙනවා මේ නව කළු ස්පයිඩර් මෑන් නොහොත් පීටර් පාකර් අපරාධකරුවෙකු ලෙසින් පෙන්වීමට. නමුත් පීටර් ඔප්පුකොට පෙන්වනවා ඔහු පුවත්පතට සපයන්නේ සාවද්‍ය තොරතුරු බව. එයින් සිදුවෙන්නෙ එඩී බ්‍රොක්ගේ රැකියාව අහිමි වී ඔහුට තිබූ පිළිගැනීමද නැතිව ගොස් ඔහුගේ තනතුර පීටර්ට හිමිවීමයි. මේ හේතුව නිසා එඩී පීටර් සමග වෛර බැඳගන්නවා. මේ එක්කම වගේ තමයි පීටර් තේරුම්ගන්නෙ මේ නව ඇඳුම තමන්ව ක්‍රම ක්‍රමයෙන් දරුණු පුද්ගලයෙක් බවට පත් කරන බව. දෙව්මැදුරක ඝණ්ඨාර කුළුණ වෙත ගොස් තම ආක්‍රමණශීලී ඇඳුම ගලවා ඉවත් කරන්න උත්සාහ කරන පීටර් අතින් ඝණ්ඨාර නාද වෙනවා, එතනදියි ඔහු දැනගන්නෙ මේ සිම්බියෝටයා නොහොත් බ්ලැක් සූට් එක අධි සංඛ්‍යාත ශබ්ද තරංග ඇසෙන විට දුර්වල වන බව, මේ ක්‍රමය උපයෝගී කරගනිමින් ඔහු පටන්ගන්නවා එය ඉවත්කිරීමට. ඒ අතරෙ රැකියාව අහිමිව අසරණව සිටින එඩී බ්‍රොක්ද මේ දෙව්මැදුර වෙත එනවා මේ වෙලාවෙම. ඔහු දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා පීටර් පාකර්ව මරා දමන ලෙස. එවිටම අහම්බයෙන් පීටර් ඝණ්ඨාරය නාද කරන  අතර ඒ හඬට ඉහල බලන ඔහු දකින්නේ පීටර්ව. අවසානයේ ඉතාම අසීරුවෙන් පීටර් බ්ලැක් සූට් එක ඉවත්කරගන්නා අතර, එය කෙලින්ම වැටෙන්නේ  පහල සිටි එඩීබ්‍රොක්ගේ ඇඟට (අමතකනම් මෙය නරඹන්න). තමාව ඉවත්කිරීම නිසා කෝපවන සිම්බියෝටයා එඩී හරහා පීටර්ව විනාශ කිරීම අරඹනවා. එතනින් තමයි වෙනොම්ගේ උපත සිද්ධවෙන්නෙ. චිත්‍රපටයේ අවසන් සටනේදී එඩීගෙන් වෙනොම් නොහොත් සිම්බියෝටයාව ඉවත් කරගෙන එය විනාශ කරන්නට පීටර් උත්සාහ කරන නමුත් එය වැළැක්වීමට එතනට පනින එඩී මියයනවා (අමතකනම් මෙය නරඹන්න). එහෙමයි Spider Man-3 අවසන් වෙන්නෙ.

Venom (2018)

ඔබ දන්නවා මේ Venom (2018) චිත්‍රපටය එන්නෙ සෝනි- මාවල් වර්ස් හරහා. මේ Venom හා Spider Man- 3 අතර පැහැදිලි සම්බන්ධයක් නෑ පොඩි පොඩි ඉඟි කීපයක් හැරුණුකොට ඒ වගේම ස්පයිඩර් මෑනුත් නොමැතිව Venomටම වෙන්වූ චිත්‍රපටයක් ලෙසයි මෙය නිකුත් වෙන්නෙ (හැබැයි තාම ලොකු දෙයක් කියන්නත් අමාරුයි දැනට තියෙන්නෙ කැමරා පිටපත් පමණක් නිසා. ඒවයෙත් විනාඩි 20ක පමණ කොටසක අඩුවක් තිබෙන අතර ක්‍රෙඩිට් දර්ශන කිසිවක් අඩංගු නෑ). හැබැයි මේ චිත්‍රපටයේදීත් වෙනසක් නෑ එඩී බ්‍රෝක් කියන්නෙ මාධ්‍යවේදියෙක්, හැබැයි රූපවාහිනී. කොහොමහරි ඔහු පුවත්පතේ රාජකාරි කල බව සහ එහිදී ඇතිවූ අර පෙරකී ගැටළුව චිත්‍රපටය මුල් භාගයේ තැනක සඳහන් වෙනවා. කොහොමහරි පෙර චිත්‍රපටයට අනුව සිම්බියෝටයාව හමුවෙන්නෙ මුලින්ම ස්පයිඩර් මෑන්ට සහ දෙවෙනියට එඩී බ්‍රෝක්ට වුණත් මේ චිත්‍රපටයටයෙදි එය වෙනස් වෙනවා ස්පයිඩර් මෑන් නැති නිසා. ඒ කියන්නෙ සිම්බියෝටයාව කෙලින්ම එඩී බ්‍රෝක්ට හමුවෙනවා යම් සිද්ධි දාමයක් හරහා (කොමික්වලදිනම් මෙය මුලින්ම හමුවෙන්නෙ ඩෙඩ්පූල්ටලු). අනිත් කාරණය සුදු ස්පයිඩර් ලාංජනයත් නෑ වෙනොම්ගෙ ඇඟේ, හැබැයි ස්පයිඩර්ගෙන් උකහාගත්ත හැකියාවන්නම් මේ වෙනොම් ලඟත් ඉතිරිව තියනවා. කොහොම බැළුවත් මෙය වෙනම ගමනක් යන බව තමයි ඉතිං පේන්න තියෙන්නෙ. එහෙම වෙනවනම් හොඳයි. මොකද විචාරකයන් කොච්චර මේ චිත්‍රපටය විවේචනය කලත් Spider Man-3 හි වෙනොම්ට රඟපෑ ටොෆර් ග්‍රේස් කියන විදියටම වෙනොම් චරිතයට ඉන්න හොඳම සුදුස්සාට තමයි මෙවර චරිතය ලැබිල තියෙන්නෙ. ටොම් හාඩි මේ වෙනොම් සහ එඩී බ්‍රෝක් චරිත ද්විත්වයම ඉතාම සාර්ථකව කරල තියනව මටත් පේන විදියට. අනිත් එක Spider Man-3 තුලින් අසාර්ථක ලෙස ඉදිරිපත්කල වෙනොම් චරිතයට මේ චිත්‍රපටය තුලින්  පැහැදිලි ආරම්භයක් දීල තියනව. කොහොමහරි ඉදිරියෙදි තමයි බලන්න වෙන්නෙ මේක කොහොමද ඉදිරියට යන්නෙ කියල (ලිපිය ලියන්න ගිහිල්ල මටත් පැටලුණාද මන්ද). හරි අපි දැන් බලමු චිත්‍රපටයෙ විස්තර…

රූබන් ෆ්ලේෂර් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ Venom (2018) මේ වනවිට ලබා ඇති IMDB අගය 7.0ක්. ඊට අමතරව Rotten Tomatos වෙතින් 29%ක් සහ මෙටාක්‍රිටික් වෙතින් 35%ක අගයක්ද ලබාගෙන තිබෙනවා මෙය. ලබා ඇති ගූගල් පරිශීලක ප්‍රසාදය 95%ක්. රංගනයෙන් දායක වෙන්නෙ ටොම් හාඩි (එඩී බ්‍රොක්/වෙනොම්-හඬ), මිෂෙල් විලියම්ස් (ඈන් වේන්), රිස් අහ්මඩ් (කාල්ටන් ඩ්‍රේක්/රයට්), ජෙනී ස්ලේට් (ආචාර්ය ඩෝරා ස්කර්ත්), රීඩ් ස්කොට් (වෛද්‍ය ඩෑන් ලුවිස්), ඇතුළු පිරිසක්. කතාව මෙහෙමයි…

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ලයිෆ් පදනම නම් අභ්‍යවකාශ ගවේෂණ සහ විද්‍යා පර්යේෂණ ආයතනයකින් ගුවන්ගත කොට ජීවී සාම්පල කීයපක් රැගෙන ආපසු එන LF-1 නම් අභ්‍යවකාශ යානයක් හදිසියේ කඩාවැටීමකින්. එතනින් එක් ජීවීයෙක් පැනයනවා. එඩී බ්‍රොක් කියන්නෙ රූපවාහිනී ගවේෂණ වාර්තාකරුවෙක්. ඔහු නිතරම සමාජ අසාධාරණයන්, දූෂිත දැවැන්තයන් පස්සෙ එලවනවා “එඩී බ්‍රොක් රිපෝට්” නම් තම රූපවාහිනී වැඩසටහන හරහා. ඔහුගේ පෙම්වතිය තමයි ඇනී වේන්, ඇය නීතීඥවරියක්, දෙදෙනා ඉදිරියේදි විවාහ වන බලාපොරොත්තුවෙන් ඉන්නෙ. කොහොමහරි ඇයගේ පරිගණකයේ තිබී එඩී දකිනවා ඇය සේවය කරන නීතීඥ සමාගම ලයිෆ් පදනමේ නඩුවලට පෙනී සිටින බව. ඔහු ඒ නඩු ගොණු සියල්ල ඇයට හොරෙන් බලනවා. කොහොමහරි එදාම එඩීට අර පෙරකී යානාව කඩාවැටීම සම්බන්ධව ලයිෆ් පදනමේ අධිපති කාල්ටන් ඩ්‍රේක් සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීමට අවස්ථාව ලැබෙනවා. යානාව ගැන පමණක් විමසා වැඩි වැඩ නොකර එන ලෙස පැවසුවත් එඩී කරන්නෙ තමන් ඇනීගේ පරිගණකයෙන් සොයාගත් කරුණුද සමග  කාල්ටන් ඩ්‍රේක් කරන පරීක්ෂණ කටයුතු ගැන විමසන්නට යාමයි… එඩී බ්‍රොක්ට මොනවා වෙයිද, කාල්ටන් ඩ්‍රේක් කියන්නෙ කවුද, අභ්‍යවකාශයෙන් ගෙනා ජීවියො කවුද, කාල්ටන්ගේ පරීක්ෂණවල ඇති රහස කුමක්ද, මේ ප්‍රශ්ණ සියල්ලටම පිළිතුරු සෙවීම ඔබට බාර කරමින් මම නවතින්නම්. ලිපියෙ ගොඩක් තොරතුරු ගත්තෙ අන්තර්ජාලයෙන් වැරදි ඇතොත් කමෙන්ට් මගින් නිවැරදි කරන්න. ලඟදීම හමුවෙමු තවත් උපසිරැසියක් සමගින්.

වීඩියෝ පිටපත :- BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර පෙර HD සහ WEBRip පිටපත්වල නොතිබූ දෙවන ක්‍රෙඩිට් දර්ශනය මෙහි ඇතුලත්ය.

විශේෂ :-

  • ටොම් හාඩි මේ චරිතය බාර අරගෙන තියෙන්නෙ වෙනොම් කොමික් රසිකයෙක් වන තමන්ගෙ පුතා ලුයිස් තෝමස් හාඩිව සතුටු කිරීමේ අරමුණින්ලු. තමන් වෙනොම් චරිතය ගැන ඉගෙනගත්තෙත් ඔහුගෙන් කියලයි ටොම් හාඩි පවසා තිබෙන්නේ.
  • මෙහි එක් තැනක වෙනොම් චොක්ලට් ඉල්ලා සිටිනවා එඩීගෙන්. 1995 වසරේ නිකුත්වූ “Venom: The Hunger” කොමික් මිනි සීරීස් එකට අනුව සිම්බියෝටයන්ට පෙනිතිලමින් නම් රසායනිකයන් අවශ්‍යලු ජීවත්වෙන්න. ඒවා තියෙන්නෙ මිනිස් මොළවල සහ චොක්ලට්වලලු.
  • මෙහි ආරම්භයේ එන අභ්‍යවකාශ යානා අනතුරෙන් එක් අයෙක් දිවි ගලවාගන්නවා. ඔහුගේ නම ජේමසන් ලෙසයි සඳහන් වෙන්නෙ. මේ ජේමසන් කියන්නෙ ඩේලි බග්ල් පුවත්පතේ කතෲ J. ජොනාහ් ජේමසන්ගේ පුත්‍රයා. ඔහු Spider Man-2 (2002) චිත්‍රපටයේ හිටියා ඔබට මතක ඇති. කොමික්ස්වල විදියට ඔහු අභ්‍යවකාශයකින් සොයාගත් Godstone නම් පාෂාණයක් නිසා නරවෘකයෙක් බවට පත්වෙනවාලු.
  • මෙහි ඇනී වේන් සේවය කරන්නෙ Michelinie & McFarlane නම් නීතීඥ සමාගමකට. එය වෙනොම් චරිතයේ නිර්මාණකරුවන් දෙදෙනාගේ නම්වල එකතුවක්.
  • වෙනොම් චරිතය කොමික්වලට එන්නෙ 1988 වර්ෂයේදි. ඒ කියන්නෙ මීට වසර 30කට කලින්.
  • ස්ටෑන් ලී ජීවතුන් අතර සිටියදී නිකුත්වූ ඔහුගේ අවසන් සුළු චරිත රංගනය තියෙන්නෙ මේ චිත්‍රපටයෙ.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ හසිත ප්‍රසාද් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Venom (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/venom-2018-sinhala-subtitles/feed/ 0