Reinhold Felsinger Archives - SinhalaSub https://sinhalasub.lk/cast/reinhold-felsinger/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 08 Aug 2025 00:35:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Reinhold Felsinger Archives - SinhalaSub https://sinhalasub.lk/cast/reinhold-felsinger/ 32 32 The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-devils-bath-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-devils-bath-2024-sinhala-subtitles/#respond Fri, 08 Aug 2025 00:34:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108544 The Devil’s Bath Sinhala Sub The Devil’s Bath Sinhala Subtitles The Devil’s Bath 2024 Sinhala Sub The Devil’s Bath (2024) Sinhala Sub The Devil’s Bath (2024) Sinhala Subtitles ලෝකයේ තිබෙන මූලීකම මිනිස් අයිතිවාසිකමක් තමයි තමන් කැමති ආගමක් ඇදහීමට තිබෙන නිදහස. ඒත් යම් මිනිස් කොට්ඨාශයකට මිත්‍යාව මුසු උන මිලේච්ඡ ආගමික මූලධර්ම මත පදනම් උන ආගමක් ඇදහීමේ […]

The post The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Devil’s Bath Sinhala Sub
The Devil’s Bath Sinhala Subtitles
The Devil’s Bath 2024 Sinhala Sub
The Devil’s Bath (2024) Sinhala Sub
The Devil’s Bath (2024) Sinhala Subtitles

ලෝකයේ තිබෙන මූලීකම මිනිස් අයිතිවාසිකමක් තමයි තමන් කැමති ආගමක් ඇදහීමට තිබෙන නිදහස. ඒත් යම් මිනිස් කොට්ඨාශයකට මිත්‍යාව මුසු උන මිලේච්ඡ ආගමික මූලධර්ම මත පදනම් උන ආගමක් ඇදහීමේ නිදහස ලැබුනොත් කොහොමට හිටීවිද? ඒකට හොඳම උදාහරණ අපේ අසල්වැසි ඉන්දියාවෙන් අහන්න ලැබෙන අවස්ථා බොහෝමයි. සැමියා මියගිය පසු බිරිඳව පණපිටින් පිළිස්සීම, ගැහැණු බිළිඳියන් අසුභ බව පවසා මරා දැමීම සහ වෙනත් ආකාරයේ ආගමික අවශ්‍යතායන්ගේ නාමයෙන් සිදුවූ මනුශ්‍ය ඝාතන පිළිබඳ ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. ඉතිං මෙවැනි දේවල් සිදුවුනේ ඉන්දියාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල් වල විතරමද? කණගාටුවෙන් උනත් උත්තරය විදියට කියන්න වෙන්නේ නෑ කියලා තමයි. මොකද අද වන විට දියුණුයයි කියා සම්මත යුරෝපා රටවලත් මෙවැනි අපරාධ බොහෝමයක් සිදුවෙලා තියෙන බවට සාක්ෂි තියෙනවා. හැබැයි ඒ ගොඩක් සිදුවීම් වෙලා තියෙන්නේ අතීතයේ මිසක් මෑත කාලයේ නෙමෙයි කියලත් කියන්න ඕන.

ඉතිං 18 වෙනි සියවසේදී මේ වගේ මිත්‍යා විශ්වාස නිසා ඔස්ට්‍රියාවේ සිදුවුන බිහිසුණු ඛේදජනක සිදුවීම් පෙළක නිර්මාණාත්මක රූප පෙළක් තමයි මම මේ අද අරන් ඇවිත් තියෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්‍යවරියක් වන කැතී ස්ටුවට් විසින් සත්‍ය සිදුවීම් අළලා රචනා කරන ලද Suicide by Proxy in Early Modern Germany: Crime, Sin and Salvation නම් කෘතියයි.Horror/ Historical යන කාණ්ඩයන්ට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.6 වැනි ඉහළ අගයකුත්, Rotten Tomatoesහි 91%ක දැවැන්ත අගයකුත් හිමි කරගන්න සමත් වෙලා තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Veronika Franz සහ Severin Fiala යන අධ්‍යක්ෂක දෙපළ විසිනුයි. රංගනයෙන් දායක වෙන්නෙනම් අපිට නුපුරුදු ඔස්ට්‍රියානු නළු නිළි කැලක් තමයි ඒත් ඔවුන්ගේ රංගන කුසලතායන් ගැනනම් කිසි සැකයක් ඇති කරන්න එපා.

චිත්‍රපටයේ කතාව ගැනනම් කියන්නේ නෑ. 17 වන සියවසේ ඔස්ට්‍රියාවේ පිටිසර ගම්මානයක සිටින ඇග්නස් කියන තරුණියට මුහුණ දෙන්න සිදුවන සිදුවීම් පෙළකින් මේ නිර්මාණය සමන්විතයි. දැඩි ලෙස දෙවියන් අදහන මේ ගම්මානයේ ඉන්න මිනිසුන්ගේ අමුතු චාරිත්‍ර එක්ක ඇග්නස් ගැටෙන විදිය ඔයාලට බලාගන්න පුළුවන්. සමහරවිට මේක බලලා ඉවර උනාට පස්සේ ඔයාලට මහ එපා කරපු මූසල හැඟීමක් දැනෙන්නත් පුළුවන් හැබැයි ඒකට මටනම් දොස් කියන්න එපා. ඒ වගේම මේ නිර්මාණයට නිරුවත් දසුන් සහ නැරඹීමට අපහසු ප්‍රචණ්ඩකාරී දර්ශන තියෙන නිසා ඔන්න මම ඒ ගැනත් කලින්ම දැනුවත් කලා.

එහෙනම් ඉතිං මටත් යන්න වෙලාව හරි. මේ ෆිල්ම් එක උපසිරැසි ගන්වන්න මට අවසර දුන්න රවිඳු හේෂාන් සහෝටත් විශේෂ ස්තූතියක් පිරිනමන ගමන් මම යන්නම්. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජය වේවා !

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-devils-bath-2024-sinhala-subtitles/feed/ 0