හායි..ඔන්න ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ Chennai City Gangsters කියන, හිනා වෙවී බලන්න පුළුවන් හොරු සෙට් එකකගේ කතාවක්. ඉතින් මම කතාව ගැන ටිකක් කියන්නම්. කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක්ගේ නම පාණ්ඩි අනිත් කෙනා පූචි. මේ දෙන්නට අම්මයි තාත්තයි නෑ, පොඩි කාලේ ඉදන් මෙයාලව බලාගන්නේ ටිකක් මත් ද්‍රව්‍ය වෙළදාම්, මැරකම් වලට සම්බන්ද පසුපති කියලා මනුස්සයෙක්. එයා වැඩ කරන්නේ සයිකෝ සලීම් කියලා කෙනෙක් යටතේ.
කොහොමහරි පස්සේ කාලෙක සයිකෝ සලීම්ට සල්ලි අවශ්‍යතාවයක් ඇවිල්ලා එයාට ඕන වෙනවා එයාගේ ගෙදර හොරකමක් වුනා කියලා පෙන්නලා රක්ෂණ සමාගම රවට්ටලා සල්ලි අරගන්න. මේකට පසුපතිගේ උදවු ඉල්ලනවා. පසුපති මේකට සම්බන්ද කරලා දෙන්නේ පාණ්ඩිවයි පුචීවයි. ප්ලෑන් එක වෙන්නේ ගෙදර සල්ලි, ආභරණ ටික මෙයාලා දෙන්නා අතේ පරිස්සම් ඇතුව ගෙදරින් පිට කරලා. රක්ෂණ සමාගමේ සල්ලි ටික ලැබුණම ආයෙත් ඒ ටික ගෙන්න ගන්න. වැඩේ කියන්නේ පාණ්ඩි පුචී දෙන්නා මේ වැඩේ අනාගන්නවා. කෝටි 2ක් විතර වටින සල්ලි බෑග් එක නැති කරගන්නවා. සයිකෝ සලීම් මේක දැනගත්තොත් ලොකු විනාශයක් වෙන නිසා මෙයාලා හිතනවා ඇත්තටම හොරකමක් කරලා මේ සල්ලි ටික පියවන්න.
මෙතනදි තමයි මෙයාලට හොරකම් කරන එක ගැන අවුරුදු ගානක් පලපුරුදු තියන හොරු 4 දෙනෙක් හම්බ වෙන්නේ. මෙයාලට එක එක විදිහේ දක්ෂකම් ටිකක් වගේම 4 දෙනාටම පොඩි අවුල් වගයක් තියෙනවා. මේ 4 දෙනා තමයි;
1. මතක දාස් – කිසිම හෝඩුවාවක් ඉතුරු කරන්නේ නෑ, අඩුපාඩුව තමයි ටික වෙලාවකින් කරන්න ආපු වැඩේ අමතක වෙනවා.
2. දමෝදර් ලාල් – සිංදු අහන ගමන් හොරකම් කරන්නේ. දැන් කන් දෙක ඇහෙන්නේ නෑ.
3. කුඩි කුමාර් – කණ්ඩායමේ මොළකාරයා, ටිකක් බිව්වොත් වෙරි වෙනවා. සම්පූර්ණයෙන් බඩ පිරෙන්න බිව්වොත් තමයි කෙලින් ඉන්නේ.
4. ස්ප්ලිට් සුසායි – අවංකම හොරා, නිකන් ඉන්නකොට හොරෙක්, හැබැයි සයිරන් සද්දයක් ඇහුණු ගමන් පොළිස් කාරයෙක් බවට පත් වෙනවා.
ඉතින් මේ වගේ කට්ටියක් එක්ක කරන්න යන හොරකමක් කොහොමට තියෙයිද? මේ කට්ටියට හොරකම සාර්තක කරගන්න පුළුවන් වෙයිද? සයිකෝ සලීම්ට ආයෙත් පාරක් සල්ලි ටික භාරදෙන්න පුළුවන් වෙයිද? එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
ආයෙත් හම්බවෙමු.සුභ දවසක්.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
කතාව චුට්ටක් කියන්නම්. ජෝෂප් කියන්නේ කේරල වලට වසර 5කට කලින් පැමින සාර්තක ජීවිතයක් තම දුව නිවී එක්ක ගත කරයි. දවසක් තම දුව අතින් මැරැයින්ට බැන වැදීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමට පැමිණි මැරයෙකුට ඇයගේ පාසල් ගුරුවරිය විසින් තරවටු කිරීමත් සමග, ඊට පළි ගැනීමක් කරන බව පවසමින් ඔවුන් එතනින් පිට වෙනවා . දවසක් මේ නිවී සහ ගුරුවරිය බයික් එකේ පාසල් යද්දී අනතුරට පත් වෙන අතර ඊට අර මැරැයින් සම්බන්ධ බව ගුරුවරිය පොලීසියේ පැමිණිලි කරනවා. මීට නිවීගේ තාත්තා ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප විරුද්ධ වනවා. ඊට පස්සේ ඔහු ගිහින් පොලීස් ස්ටේෂමේ කරලා තිබ්බ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා. එවිට එතන සිටි පොලිස් නිළධාරියෙක් ජෝෂප්ව කලින් දැක තිබෙන බවත් ඔහු පොලිස් පුහුණු වීම් ස්තානයට ආව බවත් ඔහුගේ නම විජෙයි කුමාර් බවත් පවසනවා. එතැන අර ගුරුවරියත් සිටිනවා. මෙය ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප කරනවා. පස්සේ මේ ගුරුවරිය ජෝෂප් ගැන හොයන්න ගන්නවා. ඇයට මොහු කවුද කියලා සොයා ගත හැකි වෙයිද? ඇත්තටම ජෝෂප් කියන්නේ කවුද? ඒ දරුවා කාගේද? මේවාට උත්තර ෆිලුම තුළ තිබේ.
එහෙනම් මම ගියෝ. ආයේ ඉතින්… පුළුවන් උනොත් උපසිරැසියක් ගේන්නම්කෝ. හැමෝටම ජයෙන් ජයම වේවා!!!
“දරුවන්ව හරියට ගුණ නැණ පහදලා දීලා උස් මහත් කරන්න දන්නේ නැති හැම තාත්තා කෙනෙක්ම, වැරැදි කරුවෙකු තමා”
ජයෙන් ජයම වේවා!
]]>ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය