Munna (2007) Sinhala Subtitles
Munna (Prabhas) is a college student. His aim is to finish off mafia don Kakha (Prakash Raj) who keeps the entire city under his grip. Munna has personal vengeance to take on Kakha. An honest politician Srinivasa Rao (Kota Srinivasa Rao) relentlessly works to expose Kakha but gets killed. Meanwhile, Munna’s classmate Nidhi (Ileana D’Cruz) falls in love with him. The twist in the tale is that Kakha is none other than his estranged father who tries to sell off his mother and was responsible for the death of his mother and his kid sister. Another don in the city named Aatma, who is the opposition of Kakha (Rahul Dev) asks Munna to join him. But Munna refuses his proposal. Munna starts to beat Kakha and the mind game begins. Kakha’s second wife and son-daughter left him and join Munna. After some incidents including the death of his best friend, Munna finds out that Aatma was working for Kakha all along.
]]>Operation Parindey (2020) Sinhala Subtitles
The film is a fictional story based on true events which depicts a groundbreaking jail break.
]]>“දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ නගරේ ඉන්න ලොකුම මාරයා වැටිලා ඉන්නේ “විරු බායි” ඔන්න විරු බායි දිප්තිව බලෙන් කසාද බැද ගන්න හදන්නේ. එත් ඊට කලින් මේ දෙන්න කසාද බදින්න කියලා හයිද්‍රාබාද් යනවා. ඒ යන අතරතුරදී විරු බායිගේ මැරයෝ දිප්තිවයි ,සත්‍යා වයි මරලා ගියපු බස් එකටත් ගිනි තියනවා. හැබැයි සත්‍යා මේ අනතුරෙන් බේරෙනවා. හැබැයි මුනෙන් භාගයක් ගින්නට පිච්චිලා කොහොම හරි මොහුට ඉස්පිරිතාලේදී සයිලජා කියලා දොස්තර කෙනෙක්ගේ තනි කැමැත්තට මුහුණට සැත්කමක් කරලා ඔහුට අලුත් පෙනුමක් ලබා දෙනවා , ඒ මුහුණේ අයිති කාරයා තමා චරන්. සත්‍යා ඔහුගේ ප්‍රතිකාර ඉවර වෙන්න කලින්ම ඔහුගේ ආදරවන්තිය මැරුව පලිය ගන්න පිටත් වෙනවා. ඔහු පලිය ගන්නවා. හැබැයි ඔහුගේ අලුත් පෙනුමටත් සැහෙන්න ලොකු සතුරෝ ප්‍රමාණයක් ඉන්නවා.
කතාව ඇතිනේ ..සත්‍යා කොහොමද ඔහුගේ පලිය ගන්නේ..? ඇයි අර දොස්තර මොහුට චරන්ගේ මුහුණ ලබා දුන්නේ..? ඔහු ඇයගේ කවුද..?චරන් කියන්නේ මොන වගේ කෙනෙක්ද..? චරන්ගේ පෙනුමට රැවටිලා සත්‍යාව මරන්න එන්නේ කවුද ..? ඇයි ඔවුන් චරන්ව මරන්න හදන්නේ ..? ඔය ඔක්කොම බලන්න වෙන්නේ ෆිලුම බළලාම තමා, ක්‍රියාදාම සහිත ටිකක් දුක හිතෙන කතාවක්. ආදරය, මිත්‍රත්ව, ද්‍රෝහී වීම, ඔය හැමදෙයක්ම මේ නිර්මාණයේ තියනවා. බලන්නකෝ හොදද කියලා ..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
1920 ෆිල්ම් සිරිස් එකේ 5 වැනි චිත්‍රපටිය ලෙස තමයි මේ චිත්‍රපටිය ගිය මාසේ නිකුත් වෙන්නේ… 1920 ෆිල්ම් සිරිස් එකේ ෆිල්ම් එකක් උනාට කලින් කතා හා කිසිම සම්බන්ධයක් නැහැ. මේ චිත්‍රපටි මාලාවේම සිද්ධ වෙන්නේ 1920 වසරේ සිදුවන සිදුවිම් ගැන කතාවක්.. Krishna Bhatt විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ Avika Gor,Rahul Dev හා Barkha Bisht රංඟනයෙන් දායක වෙනවා.
කතාව ගැන කියන්න කලින් කියන්න ඕනි මේ චිත්‍රපටියේ පොඩි අවුලකට කියලා තියෙන්නේ චිත්‍රපටියේ ඇනිමේෂන් තමයි. මේ අවුල මැත කාලයේ ආව ගොඩක් චිත්‍රපටිවල මං දැක්කා.. හැබැයි ඒ ඇනිමේෂන් වලත් ඉතින් ලොකු අවුලක් නැහැ චිත්‍රපටිය රසවිදින්න පුලුවන්. කතාව ගැන කිව්වොත් එහෙම මේඝනා කියන්නේ තාත්තා එක්ක ජිවත්වෙන ගැණු ළමයෙක්. ඇයගේ අම්මා දාලා ගිහින්. කොහොම හරි මේඝනාගේ උපන්දිනේ දවසේම තාත්තා සියදිවි නසාගෙන මිය යනවා. මේඝනා ගොඩක් අවුලෙන් ඉන්නේ මේ සිදුවිම නිසා. තාත්තා ඇයි මේ සියදිවි නසාගත්තේ කියලා හොයලා බැලුවාම මේඝනාට තාත්තාගේ දිනපොතක් ලැබෙනවා. මේකේ ලියලා තියනවා ඇයි තාත්තා සියදිවි නසාගත්තේ වගේම මේඝනාගේ අම්මා මොන වගේ කෙනෙක්ද කියලා.. ඉතින් අම්මාගෙන් පලිගන්න කියලා හිතාගෙන මේඝනා තාත්තාගේ ආත්මයෙන් උදව් ඉල්ලනවා. යක්ෂයෙක්ගෙන් උදව් ගත්තාම ඒකට ප්‍රතිගෙවිම් මොන වගේ වෙන්න පුලුවන්ද කියලා දන්නවානේ. ඉතින් මේඝනාගේ පලිය සාර්ථක කරගන්න පුලුවන් වේවිද
එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දර්ශණ නිශාන්ත පීරිස් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ආයුබෝවන්! දැනටමත් ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ ෆිල්ම් එක ගැන. මොකද මේක හිට් වුණ ෆිල්ම් එකක් කියලා බයක් නැතුව කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්න කලින් ස්තූතියි කරන්න ඕනි ආසිරි සහෝදයරට මේක භාරදීම සම්බන්ධව. මම කලින් කිව්වාවගේ මේ DISHOOM කියන චිත්‍රපටය ප්‍රේක්ශකයන් අතර ආකර්ශනයක් ඇදගන්න සමත් වෙලා තියන එක හේතුවක් විදිහට, රගපාන නළුවන් නිළියන් සළකන්න පුලුවන්.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රෝහිත් ධවාන්. මේක නිකුත් උනේ ජූලි 29 වෙනිදා. ඇයි පරක්කු උනේ කියන එකට කියන්න වෙන්නේ බලන්න පුලුවන් මට්ටමේ එකක් සහ හොද ගුණාත්මක ඉංග්‍රීසි උපසිරැසියක් එනකන් ඉන්න සිද්ධ උන එක. ආපු විගසම ආසිරි ගේ ඉල්ලීම මත දවස් හතරකින් වගේ තමයි මේ ඔයාලට ගෙනාවේ. IMDB අගය 5.4ක් අරගන්න සමත් වෙලා තියනවා. හිංදි චිත්‍රපට වලට හොද අගයක් කියලා කියන්න පුලුවන්.
දැන් පොඩ්ඩක් කතාව පැත්තට ගිහිල්ලා එමු. මොනාද මේකෙ වෙන්නේ කියලා. විරාජ් ශර්මා : ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ඉහලම ජනප්‍රියතාවයකින් සහ සුපිරි හැකියාවකින් යුතු ක්‍රීඩකයෙක්. අවසන් වටයට ඔන්න මෙන්න තියලා මේ ක්‍රීඩකයා අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියන්නේ කිසියම් පිරිසක් විසින් ඔහුව පැහැරගන්නවා. කතාව තියෙන්නේ ඒ සම්බන්ධව. මේ සිද්ධිය සිද්ද වෙන්නේ පකිස්ථානයෙදී. නැතිවෙලා තියෙන්නෙ ඉන්දීය ක්‍රීඩකයෙක් නිසා ඉන්දියානු රජය මොහු සොයාගැනීම කඩිනම් කරනවා. මොකද මාධ්‍යයට ගියොත් ලොකු කලබලයක් ඇතිවෙන්න පුලුවන් නිසා. ඉන්දියානු රජයත් හොරරහසේම දක්ශ විශේශ කාර්‍ය බලකා සෙබලෙක් එවනවා. ඔහු නමින් කබීර්. මෙයා තරමක් තද පුද්ගලයෙක්. කොයිවෙලේත් ඔරවගෙනලු ඉන්නේ. එයාට වැඩකරන්න හම්බෙන හවුල්කරයා තමයි ජුනයිඩ්. එයා අලුතින් පත්වුන කෙනෙක්. සෙල්ලක්කාරයෙක් .මෙයාල දෙන්නා තමයි නැතිඋන ක්‍රිකට් ක්‍රීඩකයා හොයන්න එකතුවෙන්නේ.
දැනගන්න ඕනිටික කිව්වා. කිසි අඩුපාඩුවක් නැතුව රසවිදින්න තමයි තියෙන්නේ. හොදයි එහෙනම් සුපුරුදු පරිදි චිත්‍රපටය රසවිදින්න කියලා ආරාධානා කරන ගමන් මම සමුගන්නවා.
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යසිරු හසරංග සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න