ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා සුපිරිම HHorror thriller ෆිල්ම් එකක්..මේක මලයාලම් ෆිල්ම් එකක්..මලයාලම් මැජික් ගැන ඉතින් ආයෙත් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අම්මු කියලා කතුවරියක් ඉන්නවා..මෙයා පූවරාෂි කියලා වලව්වක ජීවත් වෙච්ච කර්ණිකා කියලා කෙල්ලෙක්ගේ ජීවිත කතාව ගැන පොතක් ලියන්න යනවා..ඒකට මෙයා පූවරාෂි වළව්වට ගිය වෙලාවේ මෙයාට කර්ණිකාගේ ආත්මය දකින්න ලැබෙනවා..ඉතින් හැමෝම හිතාගෙන ඉන්නේ කර්ණිකා මැරුණේ සියදිවි නසාගෙන කියලා..ඒත් අම්මු හොයාගන්නවා ඒක මිනීමැරුමක් කියලා..ඉතින් මේ අතරෙදි අම්මුටත් නාදුනන කෙනෙක්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා..ඉතින් පොලිසියට සහ අම්මුට කර්ණිකාගේ මිනීමැරුවා හොයාගෙන කර්ණිකාගේ ආත්මයට සැනසීම උදා කරන්න පුළුවන් වෙයිද ?? ඇත්තටම කර්ණිකාව මැරුවේ කව්ද ?? මේ හැමදේටම උත්තර හොයා ගන්න අවසානය වෙනකල්ම එක හුස්මට බලන්න පුළුවන් මේ ලස්සන සිනමා සිත්තම රස විදින්න කියලා හැමෝටම ආරාධනා කරනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
]]>12th Man (2022) Sinhala Subtitles
]]>කතාවනම්. (අවශ්‍යනම් විතරක් බලන්න ස්පොයිල්කරලනම් නෑ )
මේ චිත්‍රපටය මෙහෙම කියවල තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි ඒක ෆීල් කරන්න ඕන එකක්.
දුෂ්කර ගමක් ඒ ගමේ ප්‍රධාන ජීවනොපාය කෙසෙල් කැන් කපල ගෙනල්ලා ලොරියට පටවන එක. කපන කණ්ඩායමක් පටවන කන්ඩායමක්. කපන එක කෙසේ වෙතත් පටවන එකනම් ලේසි පහසු වැඩක් නෙවෙයි. වෙල් මැදින් මඩගොහොරු තරනය කරගෙන ලොරියට ගේන්න ඕනේ. ඒකත් කැනකට රුපියලක් වගේ සොච්වමකට.ඉස්කෝලේ යන සිවනයින්දන් හා සේකර් සති අන්තයේ කෙසෙල් කරගහන්න යන්න ඕනේ . සේකර්ගේ ප්‍රශ්නයක් නෑ . සිවනයින්දන් දක්ෂයා ඉස්කෝලේ හැමදේටම දක්ෂම කොල්ලා. ඒ වගේම තමයි දැගලිල්ල. මෑන්ගේ ක්‍රෂ් එක තමයි පූංකොඩි ටීචර්. ඒ ක්‍රෂ් එක සිවනයින්දන් දකින්නේ වෙනස් විදියට. ඒක ටිචර්ට සිවනයින්දන් එක තැනකදී කියනවා. ඒකත් ඉතින් බලලම දැනගන්න. මේ සිවනයින්දන්ට ජිවීතයේ අකමැතිමදේ කෙසෙල් කරගහන්න යන එක. කැමතිම දේ ඉස්කෝලේ යන එක. මෑන්ට මාර අකරතැබ්බවල් වෙන්නේ නමුත් කටින් බෙරෙන්න දන්න එකා.
කතාව ගෙතෙන්නේ මේ සිවනයින්දන් හා සේකර් වටා. මේ අයට දෛවය කොහෝමද සලකන්නේ කියල දන්න සිංහලෙන්ම බලාගන්න සිනෙරු සබෙන් .
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Kaduva (2022) Sinhala Subtitles
]]>