නිවේදිතා කියන්නේ අහිංසක අම්මා කෙනෙක්. මෙයාට දුවෙක් ඉන්නවා ශ්‍යාම්ලි කියලා. තාම ඉස්කෝලේ යනවා. මේ අහිංසක ගෑණු ළමයාව බැලුන් එකක් අරන් දීලා කෙනෙක් එයාව පැහැරගෙන ගෙනිහින් ඒ අහිංසක කෙල්ලව දූෂණය කරනවා. ඉතින් උසාවියේදී ඒ කෙනාට නිවේදිතා වෙඩි තියලා දානවා.
භාරත් හනුමන්තා රාඕ කියන්නේ නීති වෘත්තියට පිවිසුණු කෙනෙක්. මෙයාට රස්සාවක් හොය හොයා අන්තිමේදී එයාට කොහොමහරි රස්සාවක් සෙට් වෙනවා. ඒකත් පොඩි තැනක. මෙයා ටික කාලයක් යනකොට මේ පොඩි තැනට අලුතින් කෙනෙක් එනවා. එයාගේ නම සප්නා. කාලයක් යද්දී අපේ කතා නායකයා වගේම සප්නා යාළුවෙලා අන්තිමේදී පෙම්වතුන් වෙනවා.
එක දවසක් මෙයා උසාවියට එද්දී ඔය නිවේදිතාගේ නඩුව අහන්න ලැබෙනවා. පස්සේ තමන් තනියෙන් මේ සෙල්ලමට සම්බන්ධ වෙනවා.. හැබැයි උසාවියේ ඒ නඩුවේ විරුද්ධ පාර්ශවයේ ප්‍රතිවාදියා වෙන්නේ එයා හොදට දන්නා කෙනෙක්..
මේ නඩුවෙන් දිනන්නේ කවුද?
ඇයි නිවේදිතා එයාට වෙඩි තිබ්බේ?
කවුද ඒ හොදට දන්නා ප්‍රතිවාදියා?
මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්න වෙනෝ..
සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.
චැප්ටර් 2 බලන්න ආවේ චැප්ටර් 1 බලන්නේ නැතුවද? නෑ නෑ මේක එකම එක ෆිල්ම් එකක්.. හැබැයි මේක ප්‍රචාරණ කටයුතු වලට ගහපු ගැටයක් විතරයි. එහෙම නැතුව චැප්ටර් 1 එකක් එන්නේ නෑ. ඒ හින්දා කලබල වෙන්න ඕනේ නෑ. බය වෙන්න දේකුත් නෑ. (ගුගල් ගැහුවත් එන්නේ මේකම තමයි හැබැයි හොදේ. )
ඉන්දීය සිනමාවට Courtroom / Drama කැටගරිය කියන්නේ මහා අමුතු දෙයක් නෙවෙයිනේ. මේ අවුරුද්දේ ඔය කැටගරියෙන් ගොඩක් ෆිල්ම්ස් එලියට ආවා. එකක් Kesari Chapter 2: The Untold Story of Jallianwala Bagh. අනිත් එක Court: The State vs Nobody. තව ගත්තොත් JSK: Janaki v/s State of Kerala කියන ෆිල්ම් එක. ඒක තාම තියටර් වල දුවන ගමන්. අනිත් දෙකට මේ වෙද්දීත් අපේ වෙබ් අඩවියෙන් උපසිරැසි දීලා තියෙන්නේ. පුළුවන් වුනොත් JSK එකටත් උපසිරැසියක් ගේන්න බලන්නම්. (ඔය ප්‍රධාන කිහිපය විතරයි. අර හැංගිච්ච ඒවා කියලා තියෙනවනේ. අන්න ඒ ගොඩ ඇතුලේ තියෙන එකක් තමයි මේක.)
ඉතින් වෙනදා ගේන එක නෙවෙයි මෙදා පොටේ අරන් ආවේ. මේ පාර නම් වෙනස්, ටිකක් අභියෝගකාරී උපසිරැසියකට තමයි අත තිබ්බේ. (Geethanjali Malli Vachindi තෙලිගු එකට පස්සේ ගහපු දෙවෙනි අහියෝගකාරි උපසිරැසිය) ඒත් නිකම් හිටපු එකේ ගහන්නත් එපැයි. එකක් මං ආසම කැටගරියක්. අනිත් දේ බාරත් අරගෙන පොල්ල තිබ්බොත් මට තමයි ප්‍රශ්නේ . ඉතින් ඒ හින්දම පස්ස ගහන්නේ නැතුව පුළුවන් වෙලාවට ගහලා ගහලා කොහොමහරි කටු කාගෙන ගහලම ගැහුවා ඔන්න. එහෙනම් යමු විස්තරේට..
2025 අප්‍රේල් 18 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ නම Yuddhakaanda Chapter 2. අධ්‍යක්ෂණය පවන් භාත් ගෙන්. නිෂ්පාදනය අජේ රාඕගෙන්. සංගීතය හේමන්ත් ජොයිස්ගෙන්. මේක අයිති වෙන්නේ Legal Drama ගණයට.
රංගනයෙන් අජේ රාඕට අමතරව KGF වල රගපාපු අර්චනා ජොයිස්, ප්‍රකාශ් බෙලාවාදී, සත්වික් ක්‍රිෂ්ණන්, සුප්‍රිතා සතයනාරයනා ඇතුළු රංගන ශිල්පින් ගොඩක් මේකට දායකත්වය සපයනවා.
මේ චිත්‍රපටයට ලබා දිලා තියෙන IMDB අගය 7.2/10ක්. මේ චිත්‍රපටයේ OTT නිකුත් කලේ Amazon Prime Video හරහා ජුනි 20 වෙනිදා. (මේක ඝටිකාචලම් චිත්‍රපටයත් එක්කම OTT නිකුත් කරපු ෆිල්ම් එකක්.)
පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේ ෆිල්ම් එක උපසිරැසි පරිවර්තනය කරද්දී සමහරක් වචනවල නුහුරු ගතියක් තිබුනා. (Courtroom Drama එකක් පළමු වතාවට උපසිරැසි කරන නිසා වෙන්න ඇති.) ඒ වගේම සමහරක් වචන වල තේරුම් අන්තර්ජාලයෙන් හොයලා තොරතුරු අරන් ඒවා වරහන් ඇතුලේ දාලා ඇති. ඒ නිසා මොකක්හරි බාධාවක් හරි අඩුපාඩුවක් හරි වුණා නම් සමාව ඇයද සිටිනවා. (නැත්නම් මං ප්‍රේක්ෂකයාට කරන ලොකු අසාධාරණයක් හා සමානයි.)
ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා වගේම ඔයාලට ඕනේ චිත්‍රපටි ඉල්ලීම් එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් දැනුවත් කරන්න.
හැමදාම වගේ මගේ උපසිරැසි වලට අදහස් උදහස් දක්වන ප්‍රේක්ෂක ඔයාලට මගෙන් තුති.
ඉස්සරහට මං තව ෆිල්ම් ගොන්නක් අරන් එන්න නියමිතයි. එහෙම අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Pathaan (2023) පතාන් යනු සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කරන ලද 2023 ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. ලිව්වේ Shridhar Raghav, Abbas Tyrewala සහ Anand විසිනි. චිත්‍රපටයේ ෂාරුක් ඛාන් පිටුවහල් කරන ලද RAW නියෝජිතයෙකු වන පතන් ලෙසත්, ජෝන් ඒබ්‍රහම්, ඉන්දියාවේ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන හිටපු RAW නියෝජිතයෙකු බවට පත් වූ දේශද්‍රෝහී ජිම් ලෙසත් රඟපායි. දීපිකා පදුකෝන් කාන්තා ප්‍රධානිය ලෙස රංගනයෙන් දායක වන අතර ඩිම්පල් කපාඩියා සහ අශුතෝෂ් රානා සහාය චරිත නිරූපණය කරති. Pathaan කියන්නේ YRF Spy Universe වල හතර වන පරිච්ඡේදය.
ඒ වගෙම මෙම චිත්‍රපටය මේ වෙන විට imdb දර්ශකයේ 7/10 ලබාගෙන තියෙන අතර Rotten Tomatoes අගය 87% ලැබි තිබෙනවා. එවගෙම මෙම චිත්‍රපටය 2023.01.25 වන දින ලොව පුරා තිරගත විම ඇරබුනා. මෙය පැය දෙකයි විනාඩ් 26ක් පුරා දිවෙන චිත්‍රපටයකී. ඒ වගෙම මේ සදහා ඉන්දියානු රුපියල් කෝටි 225 වියදම් කර ඇත. ඒවගේම මෙම චිත්‍රපටය දැනට ඉන්දියානු රුපියල් කෝටි 600කට ආසන්න ප්‍රමාණයක ආදයම් වාර්තාවකට හිමිකම් කියන්නේ තිරගත වී දවස් 6ක් වැනී කෙටි කාලයකදී වීමයි විශේෂත්වය.
ඒවගේම අන්තිමට කියන්න ඕන මෙකේ ගොඩක් අය බලාපොරොත්තු නොවුනු පුදුමයකුත් තියෙනවා. අවුරුදු 5ක් වැනී දිගු නිහැඩියාවකට තිත තියලා SRK ප්‍රධාන චරිතය රගපාණ ලද අලුත්ම චිත්‍රපටය “PATHAAN”. ඉතින් ආරාධනා කරනවා මේ වසරේ අරම්භයෙම ඉන්දියාව හොල්ලන මේ සුපිරි චිත්‍රපටය බලන්න කියලා.
]]>