“කන්නප්පා” කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ හදන්න ප්ලෑන් කරපු, දැවැන්ත වියදමක් දරලා නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටයක්. මේක තෙළිඟු භාෂාවෙන් හැදුවට, හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින්ම එළියට ආපු නිසා මුළු ඉන්දියාවම ඉලක්ක කරගත් (Pan-Indian) නිර්මාණයක්.
මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නේ හින්දු දහමේ එන සත්‍ය පුරාවෘත්තයක් මත. ඒ තමයි “කන්නප්ප නායනාර්” කියන ශ්‍රේෂ්ඨ ශිව භක්තිකයාගේ කතාව. ඔහු මුලින් “තින්නා” කියන දඩයක්කාර තරුණයෙක්. මේ කතාවෙන් පෙන්නුම් කරන්නේ කිසිම නීති රීතියකට, සම්ප්‍රදායකට කොටු නොවූ, අසීමිත, පිරිසිදු භක්තියේ බලය ගැනයි.
කතාව දිගහැරෙන්නේ තින්නා කියන, දඩයමේ දක්ෂ, තමන්ගේ ගෝත්‍රයේ පිරිසත් එක්ක ජීවත් වෙන තරුණයෙක් වටා. ඔහු සාමාන්‍ය පූජා විධි ගැනවත්, ශාස්ත්‍රීය දේවල් ගැනවත් දන්නේ නැති සහ ඒවා විශ්වාස නොකරන කෙනෙක්.
නමුත් ඔහුට හම්බවෙන ශිව ලිංගයක් නිසා ඔහුගෙ කථාව වෙනස් වෙනවා.
දවසක් දෙවියන්, තින්නාගේ භක්තිය උරගා බලන අතිශය තීරණාත්මක අවස්ථාවක් එනවා. තමන්ගේ භක්තිය ඔප්පු කරන්න තින්නාට කරන්න වෙන ඒ අදහාගත නොහැකි මහා කැපකිරීම තමයි මේ කතාවේ හදවත.
මේ චිත්‍රපටයේ ලොකුම ආකර්ෂණය තමයි නළු නිළි පිරිස.
විෂ්ණු මංචු: ප්‍රධාන චරිතය වන “කන්නප්පා” ලෙස රඟපාන්නේ ඔහු. චිත්‍රපටයේ තිර රචනයත් ඔහුගේ.
අක්ෂේ කුමාර්: ශිව දෙවියන්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් සුපිරි නළු අක්ෂේ කුමාර්.
ප්‍රභාස්: “බාහුබලි” චිත්‍රපටයෙ ප්‍රභාස් “රුද්‍ර” කියන බලවත් චරිතයක් නිරූපණය කරනවා.
මෝහන්ලාල්: මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් වන මෝහන්ලාල් “කිරාතා” කියන චරිතයෙන් දායක වෙනවා.
කාජල් අගර්වාල්: පාර්වතී දේවියගේ චරිතය නිරූපණය කරනවා.
මෝහන් බාබු: විෂ්ණු මංචුගේ පියා සහ ප්‍රවීණ නළුවෙක් වන මෝහන් බාබු, චිත්‍රපටයේ ප්‍රධාන පූජක චරිතය රඟපාන අතරම, මෙහි නිෂ්පාදකවරයාද වෙනවා.
මීට අමතරව ආර්. සරත්කුමාර්, මධූ, බ්‍රහ්මානන්දම් වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.
මේක අධ්‍යක්ෂණය කරන්නේ “මහාභාරත්” ටෙලි නාට්‍ය මාලාවෙන් ලොකු ප්‍රසිද්ධියක් ලබාගත් මුකේෂ් කුමාර් සිං.
දැවැන්ත පරිමාණයේ වීර කාව්‍ය චිත්‍රපට, පුරාවෘත්ත කතා සහ භක්තිය මුල් කරගත් නිර්මාණ බලන්න කැමති අයට මේක හොඳ අත්දැකීමක් වේවි. ඒ වගේම, ඉන්දියාවේ විවිධ සිනමා ක්ෂේත්‍රවල සුපිරි තරු එකම තිරයක දකින්න ආස අයටත් මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Munna (2007) Sinhala Subtitles
Munna (Prabhas) is a college student. His aim is to finish off mafia don Kakha (Prakash Raj) who keeps the entire city under his grip. Munna has personal vengeance to take on Kakha. An honest politician Srinivasa Rao (Kota Srinivasa Rao) relentlessly works to expose Kakha but gets killed. Meanwhile, Munna’s classmate Nidhi (Ileana D’Cruz) falls in love with him. The twist in the tale is that Kakha is none other than his estranged father who tries to sell off his mother and was responsible for the death of his mother and his kid sister. Another don in the city named Aatma, who is the opposition of Kakha (Rahul Dev) asks Munna to join him. But Munna refuses his proposal. Munna starts to beat Kakha and the mind game begins. Kakha’s second wife and son-daughter left him and join Munna. After some incidents including the death of his best friend, Munna finds out that Aatma was working for Kakha all along.
]]>Radhe Shyam (2022) Sinhala Subtitles
Vikramaditya, a world-renowned palmist, believes love does not exist in his stars, until he meets Prerana. But when destiny tries to pull them apart, will love prevail?
]]>මේක තෙළිඟු love story එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක්. ඒ තමයි prabhas. මොහුගෙ තවත් සුපිරි ෆිල්ම් එකකට බයිස්කෝප් එකේ සබ් දාලා තියෙනවා. ඒ තමයි Mirchi (2013). ඒ වගේම මේකෙ ඉන්න නිළියත් Kajal Agarval කියන සුරූපී නිළිය. එතකොට මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.Karunakaran. IMDB ratings වල 7.1/10 ක් අරන් තියෙනවා. 2010 අප්‍රේල් 23 තමයි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ. ඔයාලා මේ ෆිල්ම් එක බලලත් ඇති. ඒත් ෆිල්ම් එක විතරක් තියෙනවා නම් සබ් එකත් එක්ක බැලුවට පාඩුවක් වෙන් නෑ. මොකද මේක ලස්සන ෆිල්ම් එකක්.
පාසල් කාලේ මිතුදමක් යාළුවො සෙට් එකක් එක්ක නොකඩවා අවුරුදු ගාණක් තියාගන්නවා. එයාලගෙන් “හනුමන්ත් රාඕගෙ” පුතා තමයි ‘ප්‍රභාෂ්’ ඒ වගේම “විශ්වම්ගෙ” දුව තමයි ‘නන්දනී’ කියන්නෙ. මෙයාලා තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවලා තියෙන්නෙ. ඒ දෙන්නා මුලින්ම හමුවෙන්නෙ යාළුවො සෙට් එක එකට එකතු වෙන දවසක. එතකොට එයාලා ගොඩාක් පොඩියි. දෙන්නා කරන නර්තනයකින්
තමයි දෙන්නට දෙන්නා අඳුන ගන්නෙ. ඊට පස්සෙ නන්දනී යනවා ස්විස්ටර්ලන්තෙට. එතන ඉඳලා කතාව වෙනස්ම විදිහකටයි යන්නෙ. ප්‍රභාෂ් පාතාලෙ නායකයෙක්ට කතාවක් කියන හැටි, එතකොට නන්දනියි ප්‍රභායි ආයෙත් මුණගැහෙන හැටි, එයාලා එකතු වෙන හැටි. ඒ අතරතුර සිදුවන හැම සිදුවීමක්ම ලස්සනටම තියෙනවා. ඔයාලම බලන්න. බලලා රස විඳින්න. ආදරේ කියන දේ කොච්චර සුංදරද කියලා හිතෙයි මේ කතාව බැලුවම.
Darling (2010) Sinhala Subtitles
]]>]]>
ඔයාලා හැමෝටම නිදුක් නීරෝගීමත්, සාමය, සතුට පිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා..!!
අද සිංහලසබි එකට ගෙනාවේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 වෙනිදා නිකුත් වුණු රෙබෙල් ස්ටාර් ප්‍රබාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, ශෘති හාසන්, රාමචන්ද්‍ර රාජු, බොබි සිමිහා, මධූ ගුරැස්වාමි, ජගපති බාබු ඇතුළු ප්‍රබල ඉන්දීය රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වයෙන් හැඩ වුණු Salaar Part 1:The CeaseFire (සටන් විරාමය) චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම.
මෙි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය KGF 1,2,හ Ugramm චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ප්‍රශාන්ත් නීල්(Prashanth Neel) විසින් තමා කලේ. මෙි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ රවි බාසූර් (Ravi Basur) විසින් කලේ. නිෂ්පාදනය Hombale Films වෙනුවෙන් විජේ කිරගන්දූර්(Vijay Kiragundur) විසින් කලේ.
කතාව පැත්තට ගියාම යාළුවෝ දෙන්නෙක් පරම ප්‍රතිවාදීන් වෙන හැටි කියවෙන අපූරු කතාවක් තමා කියැවෙන්නෙ.
මෙි චිත්‍රපටය බලද්දී ප්‍රශාන්ත් නීල් චිත්‍රපටි දෙකක අත්දැකිමක් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න සමත් වෙලා තියෙනවා.
සලාර් – 2023 – තෙලිගු
කාලය – 2h 55m
ත්‍රිලර්/ඇක්ශන් /ඩ්‍රාමා
IMDb – නෝ රේටින් යෙට්
රන්ගනය – ප්‍රිත්විරාජ්, ප්‍රබාස්,ශෘති හසන්,ජගපති බාබූ,ටින්නු,ශ්‍රේ
අද්‍යක්ශනය – ප්‍රශාන්ත් නීල්
රචනය – සන්දීප් රෙඩ්ඩි බන්ඩාලා,චව්ද්‍රි හනුමාන්
ඒ තමා
Ugramm – යාළුවෝ දෙන්නා පරම හතුරන් වෙන හැටි.
KGF – ගල් අගුරැ වල.
මෙි චිත්‍රපටයට ගොඩක් අයගෙන් හොද ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන් සිනමා විචාරකයින්ගෙනුත්.
අපි ප්‍රධාන චරිත ගැන කතා කලොත්,
ප්‍රබාස් – දේවා (දේවරතා ශෞරංගා රයිසාර්)
ප්‍රිත්විරාජ් සුකුමාරන් – වරධා රාජමන්නර්
රාමචන්ද්‍ර රාජු – රැද්‍රා රාජමන්නර්
ශෘති හාසන්- ආද්යා ක්‍රිෂ්ණකාන්ත්
ජගපති බාබු – රාජ මන්නර් (වරධාගේ තාත්තා)
බොබි සිමිහා – භාරවා
මධූ ගුරැස්වාමි – හසාරේ
වගේ ගොඩක් චරිත මෙි චිත්‍රපටයේ හිටියා.
මෙි චිත්‍රපටයෙන් ප්‍රබාස්ව හොද හැටි වැඩ අරන් තියෙනවා. අනෙත් පැත්තෙන් මලයාලමි නළුවෙක් වෙච්ච ප්‍රිත්විරාජ්, තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කලා. ශෘති ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයත් පටිට ?
මෙි චිත්‍රපටයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා Games of thrones කතා මාලාවට යමිතාක් දුරට සමානව මෙි චිත්‍රපටයත් චිත්‍රපටයේ කතාවත් යන හින්දා.
එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා?…
මම එරා… (Era Boy)
ජය වේවා!!
උපසිරසි නිර්මාණය :- Sinhalasub.lk හි ඕෂධ එරංග සහෝදරයා…
]]>
සුභ දවසක් හැමෝටම!!
අධිපුරුශ් නොහොත් පළමු මිනිසා… කියන්නේ රිබෙල් ස්ටාර් ප්‍රභාස්ගේ අලුත්ම චිත්‍රපටයයි. මෙය සම්පූර්ණයෙන් ම ඉතිහාසය ගැන ලියවූ කතාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද කවුරුත් දන්න හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ සලකන “රාමායනය” මූලික කරගෙන නිර්මාණය වූවක්. මෙය ආස්‍රයෙන් බොහෝ චිත්‍රපට නිර්මාණය වුවත් අති දැවැන්ත පිරිවැයක් දරමින් මෙවරද ප්‍රතිනිර්මාණය වුණා.. පසුගිය ජූනී 1
6 වන දින ලොව පුරා තිරගත වූ මෙය කෝටී 350 -400 ආදායමක් ඉපයීමට සමත් වෙලා තියෙනවා..
රාධේශාම් වලින් පසු ප්‍රභාස්ගේ මීළග නිර්මාණය වූ අධිපුරුශ් නිෂ්පාදනය Bhushan Kumar,Krishan Kumar,Om Raut,Prasad Sutar,Rajesh Nair යන අය විසින් සිදු කරන අතර අධ්‍යක්ෂනය Om Raut වෙනවා. T seres ලේබලයෙන් ප්‍රචාරන කටයුතු සිදු වුණා. ප්‍රධාන වශයෙන් තෙලුගු හා හින්දින් භාශාවෙන් තමා මෙය තිරගත වුණේ.. මීට අමතරව දම්ල, මලයාලම් හා කන්නඩ භාශා වලින් හඩ කවා තිරගත වුණා.. යම් යම් අසුභ ප්‍රතිචාර ලැබුණද සාර්ථක ලෙස ලොව පුරා තිරගත වීමට සමත් වුණා.. විශාල නලු නිළි පිරිසක් මෙයට දායක වුණා..අනුශ්කා ශෙට්ටි, අනුශ්කා ශර්මා, කීර්ති සුරේශ්, කියාරා අද්වානී යන නිලියන්ගේ නම යෝජනා වුවද අවසානයේ රාමාගේ සීතා විදිහට ආවේ ක්‍රිටී සෝනන් තමා.. ඒ වගේම රාවනා ලෙස සයිෆ් අලී ඛාන් ජෝජනා ව්උනා.. ඒ වගේම සෙසු නළු නිළි පිරිවර ලෙස,
ඒ අතර වේ. අධිපුරුශ් නිශ්පාදන කටයුතු සියල්ලම මුම්බායි හිදි සිදු වෙනවා. ඒ අතර ඩිජිටල් නිශ්පාදන කටයුතු පවා (vfx) එහෙදි සිදු කරනවා. මෙහි ගීත 5 ක තියෙනවා. මේ සියල්ලම හින්දි හා තෙලුගු බසින් ගායනා කරනවා. මේ සියල්ලටම සංගීතය Ajay-Atul හා Sachet Parampara.
ආදායම් වාර්තා අතින් විශාල මුදලක් වැය කරමින් නිර්මානය අය වූ චිත්‍රපට අතර අදිපුරුශ් එක් වෙනවා ඒ වගේම කෝටී 300 ඉක්මවූ චිත්‍රපට ලැයිස්තුවටද මෙය ඇතුලත් වීමට සමත් වෙනවා… අගෝස්තු 11 දින ඩිජිටල් තිරගත වීම සිදු වුනා. එය amozom prime vedio වගේම netflix හරහා එලිදැක් වුණා.
ලස්සන ඉතිහාසය කතාවක්.. භාරතීය රාමා වගේම ලංකාවේ රාවනාගේ කතාව අධිපුරුශ් ඔස්සේ බලා ගන්න පුලුවන් වෙනවා.. බලන්න කියලා ආරාධනා කරනවා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න