* IMDb අගය: 6.8/10
* වර්ගය: Action / Comedy / Crime (ක්‍රියාදාම / හාස්‍යජනක / අපරාධ)
කතා සාරාංශය (Story Summary):
හරි හරි, වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා, ලෝකෙම විනාශ වෙන්න කට උඩටම ඇවිල්ලද තියෙන්නේ? කලබල වෙන්න එපා… මේ ඔක්කොම හරිගස්සන්න, පොලිස් කණ්ඩායමක් මෙහෙයවන්න, අන්තිමට මුළු ලෝකෙම බේරගන්න පුළුවන් සුපිරිම ‘දක්ෂතා’ ටිකක් තියෙන එකම එක පොරක් ඉන්නවා. හැබැයි ඉතින්… ඒ කියන තරම් දක්ෂතා එයාට තියෙනවද කියන එක නම් පොඩි ප්‍රශ්නයක් තමා.
බලමුකෝ ඉතින් මේ පිස්සු කොමලයා කොහොමද ලෝකේ බේරගන්නේ කියලා!
උපසිරැසියට ජීවය දුන් මගේ අදහස (My Opinion as the Subtitler):
මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වපු කෙනා විදියට මට මේක ගැන දැනෙන දේ තමා… ඇත්තටම මේක සබ් කරනකොට හිනාවෙලාම බඩ කොර වුණා කිව්වොත් හරි. මේකේ තියෙන්නේ හිතාගන්නවත් බැරි මෝඩ, පිස්සු විහිළු. එක විහිළුවක් ඉවරවෙන්න කලින් තව එකක් එනවා.
ඔලුවට කිසිම බරක් නැතුව, ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තියලා හොඳට හිනාවෙලා රිලැක්ස් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්ට නම් මේක මරු!
Action, Crime තිබුණට මේකේ කොමඩි තමයි රජ කරන්නේ! අනිවාර්යයෙන් බලන්න කියලා නිර්දේශ කරනවා.
දැනුම් දීම (Audience Guidance):
මේකේ තියෙන හාස්‍යජනක දෙබස් සහ සමහර දර්ශන නිසා, පොඩි ළමයින්ට වඩා යොවුන් සහ වැඩිහිටි ප්‍රේක්ෂකයින්ට වඩාත් සුදුසුයි. පවුලේ අය සමඟ නැරඹුවත්, දෙමාපියන්ගේ මඟ පෙන්වීම යටතේ නැරඹීම වැදගත්. (PG-13)
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න