Olivia Holt – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 22 Apr 2025 05:00:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Olivia Holt – SinhalaSub https://sinhalasub.lk 32 32 Heart Eyes (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/heart-eyes-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/heart-eyes-2025-sinhala-subtitles/#respond Tue, 22 Apr 2025 04:59:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98910 කතාව ගැන කිව්වොත්: මේක පටන් ගන්නනෙත් වැලන්ටයින් දවසේදි පැට්‍රික් ඇඩලයින්ට මංගල යෝජනාවක් අරන් ගියාම එයා ඒක පිලිගන්නවා එක පාරටම පැට්‍රික්ට ඊතල පාරක් වදිනවා ඊටපස්සේ ඇඩලයින් දුවලා යනවා ඒත් අවාසනාවකට එයාටත් බේරෙන්න බැරි වෙනවා ඉතින් එතනින් එහාට මේක කියන්නේ නෑ ඇයි එහෙම එයා මරන්නේ මේ මරන කෙනාගේ අදහස මොකක්ද ඒවා දැනගන්න නම් කතාව බලන්න වෙනවා !!

Heart Eyes Sinhala Sub
Heart Eyes Sinhala Subtitles
Heart Eyes 2025 Sinhala Sub
Heart Eyes (2025) Sinhala Sub
Heart Eyes (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/heart-eyes-2025-sinhala-subtitles/feed/ 0
Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/totally-killer-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/totally-killer-2023-sinhala-subtitles/#respond Fri, 20 Oct 2023 08:05:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57705 Totally Killer Sinhala Sub
Totally Killer Sinhala Subtitles
Totally Killer (2023) Sinhala Sub
Totally Killer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

1987 වසරේ හැලෝවීන් මාසයේදී, සිවුදෙනෙකු ගෙන් යුත් නව යොවුන් තරුණියන්ගේ මිතුරු කල්ලියක් පසුපස හඹා යමින්, අමානුෂික අයුරින් ඔවුන් දඩයම් කල කුප්‍රකට ඝාතකයා “Sweet 16 killer”, අවුරුදු 35කට පසු නැවතත් කරළියට පැමිනෙන්නේ ඔහුට මඟ හැරුණු සිවුවන දඩයමත් සාර්ථකව ඝාතනය කරමින් ඔහුගේ පුනරාගමනය සනිටුහන් කරමිනි.

තම මවගේ මරණයත් සමඟ, මෙයට මැදිවන 17 හැවිරිදි ජේමී හියුස්, තම මිතුරිය විසින් නිර්මාණය කරන ලද කාලතරණ යන්ත්‍රයක ආධාරයෙන් 1987 වර්ෂයට, එනම් හරියටම මීට අවුරුදු 35කට පෙර සිදු වූ ඒ ඝාතන රැල්ල ආරම්භ වන දිනයට ගමන් කරයි. ඒ වන විට නව යොවුන් අවදියේ පසුවන තමන්ගේම මව සමඟ එක්වී ඇය උත්සාහ කරන්නේ මෙම ලේ පිපාසිත ඝාතකයා, ඔහුගේ ඝාතන රැල්ල ආරම්භ කිරීමට පෙරම එය නවත්වාලීමටයි. ඔහුව නවතා තම මවගේ ජීවිතය බේරා ගැනීමටයි.

ලේ පිපාසිත ඝාතකයෙකු පසුපස, අතීතයට හඹා යන මෙම චාරිකාවේදී ජෙමීට 80 දශකයේ සමාජීය පසුබිම, තරුණ තරුණියන්ගේ හැසිරීමේ රටාවන්හි වෙනස්කම්, නීතියේ අඩුලුහුඬුකම්, පමණක් නොව අදට සාපේක්ෂව තාක්ෂණයේ පැවති නොදියුණුකම් සමඟ පවා ගැටීමට සිදු වේ. මේ සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණදෙමින් ඝාතකයා වළක්වාලීමට ඇයට හැකිවේවිද? කාලය නැමති ගංගාවේ, උඩුගං බලා පිහිනාගොස්, කාල අවකාශයේ වෙනස්කම් සිදුකර නැවත පැමිණෙන ඇයට, එම වෙනස්කම් වල බලපෑමෙන් අනාගතයේ සිදුව ඇති කෙබඳු තත්වයන් වලට මුහුණ දීමට සිදුවේවිද?

Totally Killer. 2023 සැප්තැම්බර් 28 දින සිට ලොව පුරා ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳගත් මෙම චිත්‍රපටය, මේ වනවිට IMDb දර්ශකයේ 6.6ක අගයක් ලබා ඇත. Slasher, black comedy ශානරයට අයත්වන මෙම චිත්‍රපටය “Back to the future” සහ “Scream” යන චිත්‍රපට දෙකෙහි සුසංයෝගයකින් නිමැවූ නවතම සංකල්පයක් බව ලොවපුරා ජනප්‍රියව ඇති මතයකි. මෙහි ප්‍රචණ්ඩත්වය, ආක්‍රමණශීලී භාෂාව, ලිංගික අන්තර්ගතය, නවයොවුන්වියේ පිරිස් අතර සිදුකරණ මත්පැන් හා මත්ද්‍රවුය භාවිතය වැනි දේවල් අන්තර්ගත බැවින් මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු (R rated) චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වී ඇත.

පැය 1යි විනාඩි 46ක් පුරා දිවයන මෙම චිත්‍රපටය, ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්‍ෂකයා වෙත ත්‍රාසය, කුතුහලය මෙන්ම හාස්‍යයද නොඅඩුව ලබාදෙමින් ප්‍රේක්ෂකයා ඒ වෙත ඇදබැඳ තබාගන්නේ මොහොතකටවත් ඇස් ඉවතට ගැනීමට නොසිතෙන අයුරිනි.

අපූර්ව මෙන්ම නැවුම්වූ සංකල්පයකින් යුතු මෙම චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් බැවින්, මෙසේ ඔබවෙත ඉදිරිපත් කරන්නේ, මෙම නවමු අත්දැකීම ඔබටත් ඒ ආකාරයෙන්ම රසවිඳීමට අවස්තාව සලසාදීමේ අරමුණෙනි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ සත්‍යා හපුගහලන්ද සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/totally-killer-2023-sinhala-subtitles/feed/ 0