O. A. K. Sundar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/o-a-k-sundar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 11 May 2025 04:33:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png O. A. K. Sundar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/o-a-k-sundar/ 32 32 EMI (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/emi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/emi-2025-sinhala-subtitles/#respond Sun, 11 May 2025 04:32:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100875 EMI Sinhala Sub EMI Sinhala Subtitles EMI 2025 Sinhala Sub EMI (2025) Sinhala Sub EMI (2025) Sinhala Subtitles මිනිස්සු ජිවිතේ සමහර තැන් වලදී ණය අරගන්නවා. එහෙම ලේසියෙන් අරගන්න පුළුවන් පලියට අරගෙන, පෙළක් අය හිතපු නැති විදිහේ ප්‍රශ්න වල පැටලෙන වෙලාවලුත් අහන්න ලැබෙනවා. අද අරගෙන ආපු කතාවටත් මේ වගේ සිද්දියක් තමයි මුල් වෙන්නේ. ශිවා කියලා මධ්‍යම […]

The post EMI (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
EMI Sinhala Sub
EMI Sinhala Subtitles
EMI 2025 Sinhala Sub
EMI (2025) Sinhala Sub
EMI (2025) Sinhala Subtitles

මිනිස්සු ජිවිතේ සමහර තැන් වලදී ණය අරගන්නවා. එහෙම ලේසියෙන් අරගන්න පුළුවන් පලියට අරගෙන, පෙළක් අය හිතපු නැති විදිහේ ප්‍රශ්න වල පැටලෙන වෙලාවලුත් අහන්න ලැබෙනවා. අද අරගෙන ආපු කතාවටත් මේ වගේ සිද්දියක් තමයි මුල් වෙන්නේ.

ශිවා කියලා මධ්‍යම පාන්තික, ස්ථිර රස්සාවක් නැති තරුණ කොල්ලෙක්. එයා ආදරේ කරන කෙල්ලව යාලු කරගන්න. ලෝන් එකක් ගහලා බයික් එකක් අරගන්නවා. ඒ, අනාගතේ ගැන කිසිම අවබෝධයක් නැතුව. ඒ වගේම මේක මෙතනින් නවතින්නෙත් නෑ. කිසිම බරක් පතලක් නැතුව මේ වැඩේ පුරුද්දක් කරගන්නවා.

කලෙකදී හිතපු නැති විධිහට දේවල් අනිත් පැත්තට පෙරලෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි ටිකෙන් ටික මේ දේවල් තේරෙන්න ගන්නේ. ඒ වෙනකොට තමන්ගේ වටේ පිටේ ඉන්න කට්ටියත් මේ දේවල් වලට පැටලිලා. මම ඒ ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ.ඔයාලටම ඒ ටික බලාගන්න පුළුවන්.

මේ කතාවේදී ආර්ථික දුෂ්කරතා, වගකීම්, යාළුකම්, ඒ වගේම භෞතික දේවල් වලින් එහා ගිය සතුටක් තියෙනවා කියන එක පෙන්නන්න උත්සහා කරනවා. මම හිතනවා අනිවාර්යෙන් මේ Film එකට ඔයාලා කැමති වෙයි කියලා. ඒ වගේම ජිවිතේට දෙයක් අරගන්නත් පුළුවන් වෙයි. එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

ආයෙත් හම්බ වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post EMI (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/emi-2025-sinhala-subtitles/feed/ 0
Ratham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ratham-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ratham-2023-sinhala-subtitles/#comments Thu, 07 Dec 2023 18:48:20 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62097 Ratham Sinhala Sub Ratham Sinhala Subtitles Ratham (2023) Sinhala Sub Ratham (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත ඔන්න එහෙනම් අරන් ආව මේ අවුරුද්දෙ ආපු තවත් ටැමිල් ෆිලුමක්.. ටිකක් පරක්කු උනත් වැඩේ ගින්දරට අරන් ඇවිල්ල තියෙනව ඔන්න.. බලමුකො එහෙනම් මේකෙ විස්තරේ.. 2023 ඔක්තොම්බර් 06 වෙනිදා නිකුත් වුන මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ […]

The post Ratham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ratham Sinhala Sub
Ratham Sinhala Subtitles
Ratham (2023) Sinhala Sub
Ratham (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත ඔන්න එහෙනම් අරන් ආව මේ අවුරුද්දෙ ආපු තවත් ටැමිල් ෆිලුමක්.. ටිකක් පරක්කු උනත් වැඩේ ගින්දරට අරන් ඇවිල්ල තියෙනව ඔන්න.. බලමුකො එහෙනම් මේකෙ විස්තරේ..

2023 ඔක්තොම්බර් 06 වෙනිදා නිකුත් වුන මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ ගොඩක් අය ආස කැටගරි එකක් වෙච්ච crime-thriller කියන පැත්තට.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ C. S. Amudhan කියන අධ්‍යක්ෂකතුමා..ෆිල්ම්ස් ගොඩක් කරල නැති නිසා වෙන්න ඇති නම කියපු ගමන් මීටරේට එන්නෙ නෑ.. එතකොට මේකෙ කතාව ලියල තියෙන්නෙත් එයාමයි..

රංගනය පැත්තට ගියොත් ප්‍රධාන චරිතය සදහා රංගනයෙක් දායක වෙන්නෙ අපි කවුරුත් ආදරේ කරන දමිළ නළු Vijay Antony විසින්.. මේක විජේගෙ මේ අවුරුද්දෙ ආපු 4 වෙනි ෆිලුම..හැබැයි කලින් 3ම ස්ටෝරි සාමාන්‍ය මට්ටමක තිබුන නිසාදෝ මන්දා ප්‍රේක්ෂකයො වැඩි ප්‍රතිචාරයක් දැක්කුවෙ නම් නෑ ඒවට.. හැබැයි ඒ 3ටම වඩා මේ ෆිලුම හොද මට්ටමක තියෙනව කියල අනිවා කියන්න ඕන..විජේගෙ රංගනය උනත් කලින් ඒවගෙ තිබුනට වැඩිය හොද මට්ටමක තිබුණ.. ඉතුරු කාස්ට් එක පහලින් දාන්නම්..

Cast
Vijay Antony as Ranjith Kumar (Kumar)
Mahima Nambiar as Sangeetha/Annapoorani Sebastian
Nandita Swetha as Madhumitha (Madhu)
Remya Nambeesan as Keerthi, Chezhiyan’s fiancee
Nizhalgal Ravi as Rathna Pandian (Pandian), Chezhiyan’s father
John Mahendran as Inspector Vimal Raj

ලොකුව විස්තරේ කියන්න යන්නෑ මොකද මේක Thriller ෆිලුමක් නිසා..රංජිත් කුමාර් කියන ක්‍රයිම් ජර්නලිස්ට් නිතර නිතර සිද්ද වෙන ඝාතන වගයක් හෙළි කරගන්න දරණ උත්සහය තමයි මේක පුරාවටම තියෙන්නෙ..

ඔයාලම බලන්නකො එහෙනම් විජේගෙ මේ අවුරුද්දෙ ආපු අන්තිම ෆිලුමත් කොහොමද කියල…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න…

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ratham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ratham-2023-sinhala-subtitles/feed/ 4
Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/por-thozhil-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/por-thozhil-2023-sinhala-subtitles/#comments Fri, 11 Aug 2023 09:08:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49708 Por Thozhil Sinhala Sub Por Thozhil Sinhala Subtitles Por Thozhil (2023) Sinhala Sub Por Thozhil (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අප ජීවත් වන මේ සමාජයේ නොයෙකුත් විදියේ මානසික ආබාධ සහ විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සිටිනවා. එවැනි ආබාධ තිබෙන ඇතැම් පුද්ගලයින්ගේ එම මානසික අසාමාන්‍යතා බැලූ බැල්මට මතුපිටින් පෙනුනත් බහුතරයකගේ මෙම විකෘති මානසික ආබාධ තත්ත්වයන් […]

The post Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Por Thozhil Sinhala Sub
Por Thozhil Sinhala Subtitles
Por Thozhil (2023) Sinhala Sub
Por Thozhil (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ප ජීවත් වන මේ සමාජයේ නොයෙකුත් විදියේ මානසික ආබාධ සහ විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සිටිනවා. එවැනි ආබාධ තිබෙන ඇතැම් පුද්ගලයින්ගේ එම මානසික අසාමාන්‍යතා බැලූ බැල්මට මතුපිටින් පෙනුනත් බහුතරයකගේ මෙම විකෘති මානසික ආබාධ තත්ත්වයන් ඉස්මතු වී පෙනෙන්නේ නෑ.යම් කිසි රටාවක් අනුගමනය කරමින් මිනීමැරීම, මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා කෘෘර වදහිංසා දීම හා ඉන්පසු ඝාතනය කිරීම, ඔවුන් විසින් සිදුකල එම අපරාධය හසුනොවන ආකාරයට සැලසුම් සහගතවීම ආදී ක්‍රියාවන් සිදුකර ආත්ම තෘප්තියක් ලබන මෙවන් පුද්ගලයින්ව එක් පැතිකඩක විකෘති මානසික ආබාධ තත්වයන්ගෙන් පෙලෙන අය ලෙස හඳුන්වන්නට පුළුවන්. මොවුන් ඇත්ත වශයෙන්ම සමාජයට බරක් මෙන්ම අහිංසක ජනයාගේ ආරක්ෂාවටද දැඩි අවදානමක් ගෙන දෙනවා. එසේ නම් යම්කිසි පුද්ගලයෙක් මෙවැනි විකෘති මානසික ආබාධ සහිත අයෙක් බවට පත්වන්නේ කෙසේද? මෙය වෙනත් ස්ථානයකදි මනෝ විද්‍යාත්මක සාධක සමඟින් ගැඹුරින් සාකච්ඡා කල හැකි සංවාදයට විවතෘ මාතෘකාවක්. පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ උපතින් නොව ඔහු කරන ක්‍රියාවන්ට අනුවය. ඔහු කරන ක්‍රියාවන් යහපත් ඒවාද අයහපත් ඒවාද යන්න තීරණය වන්නේ එම පුද්ගලයා ජීවත්වන පරිසරය අනුව සහ ඔහුගේ ජීවිතයට ඉඳුරාම බලපෑමක් එල්ලකල හැකි අනෙකුත් පුද්ගලයින් අනුව යැයි. ඈත අතීතයේ විසු ශාස්තෘවරුන් පවා දේශනා කර තිබෙන බව ඉතිහාසය විසින් සාක්ෂි දරනවා. එම නිර්නායක ද්විත්වයට අනුව ගත් කල විකෘති මානසික ආබාධයට පත්වූ පුද්ගලයෙකු විසින් සිදුකරනු ලබන අයහපත් ක්‍රියාවලට වඟකිව යුත්තේ ඔහු පමණක්මද? මොවුන්ට අප අනුකම්පා කල යුතුද? දඬුවම් දීම පමණක්ම කල යුතුද?

සිනමාපටය තුල ගැබ්වී තිබෙන කතාවෙහි සමාජයට නිකුත් කරනු ලබන වැදගත් පණිවිඩයක් තිබෙනවා. මෙය සිනමාපටයකට ආවේණික වූ ප්‍රේක්ෂකයාට ලබාදෙන තෘප්තිය ඉතා ඉහල මට්ටමකින් තබාගෙන චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ගේ අභිප්‍රායත් සාර්ථක කරගන්නා අතරම මෙම වැදගත් පණිවිඩය සිය ප්‍රේක්ෂකයින් හට ලඟා කිරීමට මෙහි රචනය සිදුකල Alfred Prakash සහ රචනය මෙන්ම අධ්‍යක්ෂණයද පවා සිදුකල නවක සිනමා අධ්‍යක්ෂ Vignesh Raja සමත්ව තිබෙන බව අවිවාදයෙන් යුතුව කිවයුතු කරුණක්. මෙම සිනමාපටයට අදාල මාගේ සමාලෝචනය මෙතැනින් නිමාකොට සිනමාපටයේ අනෙකුත් තොරතුරු වෙත යොමුවෙනවා.

පොලිස් අධිකාරිවරයා :- කවුද මේක ඉස්සෙල්ලාම දැක්කේ?
පොලිස් කොස්තාපල්වරයා :- අපේම කෙනෙක් සර්. රෑ මුර සංචාරේ යන ගමන් දැකලා.

පොලිස් අධිකාරිවරයා :- මොකද මෙච්චර කළුවර? ලයිට් දෙකක් තුනක් දැම්මනම් හරි නේද?

පොලිස් කොස්තාපල්වරයා :- සර් තාම කරන්ට් වයර් අදින ගමන්.
පොලිස් අධිකාරිවරයා :- හරි හරි ඉක්මන් කරනවා.

පොලිස් අධිකාරිවරයා :- මැරිලා ඉන්න කෙල්ල කවුද කියලා අඳුරගත්තද?
පොලිස් කොස්තාපල්වරයා :- අපි බලන ගමන් සර්.

පොලිස් අධිකාරිවරයා :- අධිකරණ වෛද්‍ය කණ්ඩායම ආවාද?
පොලිස් කොස්තාපල්වරයා :- මඟ එන ගමන් සර්.

පොලිස් අධිකාරිවරයා :- අධිකරණ වෛද්‍ය කණ්ඩායම ඇවිල්ලත් නෑ. තාම ලයිට් වලට වයර් ඇදලත් නෑ.

පොලිස් අධිකාරිවරයා :- ඒත් තමුසේ සේරටම කලින් මට කතා කරලා මාව ගෙන්නුවා. චික් විතරක්.

පොලිස් කොස්තාපල්වරයා :- සර්, මීට දවස් තුනකට කලින් අර වැඩට යන කෙල්ලක්ව මරලා දාලා තිබුණා මතකද?

පොලිස් අධිකාරිවරයා :- ඔව්, ඒ අර තූවාකුඩි ගම පැත්තෙනේ.

පොලිස් කොස්තාපල්වරයා :- ඔව් ඒ සිද්ධිය තමයි සර්.

පොලිස් අධිකාරිවරයා :- ඒක මොකටද ඕයි දැන් මතක් කරන්නේ?

පොලිස් අධිකාරිවරයා :- ඒ සිද්ධිය දැකලා දවස් දෙකක් යනකල් මට පාඩුවේ නිදාගන්නවත් බැරුව හිටියේ.

පොලිස් කොස්තාපල්වරයා :- සර් මේ කෙල්ලවත් මරලා තියෙන්නේ ඒ විදියටමයි.

පොලිස් කොස්තාපල්වරයා :- ඔළුව පිටිපස්සට ඇදලා, අත් දෙකේ ගැට ගහලා, ඉස්සරහින් බෙල්ල කපලා දාලා.

පොලිස් කොස්තාපල්වරයා :- මේ මිනිමැරුම් දෙකම කරලා තියෙන්නේ එකම මිනිමරුවා සර්.

අපරාධ පරීක්ෂණයන් පාදක කොටගෙන නිර්මාණය කෙරුණු මෙම සිනමාපට අතුරින් අවම වශයෙන් එකක් හෝ ඔබ නරඹා තිබේ නම් මේවාගේ තිබුණු රචනය, අධ්‍යක්ෂණය, සියුම් හා තියුණු ලෙසින් කතාව ගොඩැගීම, ඉතා අනර්ඝ තිර රචනය, තාත්වික දෙබස්, තාත්වික පසුතල සැකසුම, මනරම් පසුබිම් සංගීතය ආදි සිනමාපටයක් ඉතාමත් තාත්වික අන්දමින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර ඔවුන්ව මවිත කර මංමුලා කරන්නට යොදාගත්තාවූ ඒ සියලූම තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව ඔබටත් හොඳ මතකයක් ඇති. මේවා මඟහැරුණු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම නරඹා සිටින ලෙසද මේ අවස්ථාවේදි මා නිර්දේශ කර සිටිනවා. ඒ තරම්ම මෙම සිනමාපට අල්පය දමිළ සිනමාවේ එවක දැඩි ලෙසින් කතා බහකට ලක්වූවා. මේ ලැයිස්තුවට නිතරඟයෙන්ම නවතමයෙන් එක්වීමට නියමිත මෙම සිනමාපටය තවත් සුවිශේෂි එකක් වෙනවා. ඒ තමයි මේ සිනමාපටය මෙහි අධ්‍යක්ෂකවරයාගේ කුළුදුල් සිනමාපටය වීම සහ මේ තුල…

  • ගීත අඩංඟු නොවීම.
  • සටන් ජවනිකා නොමැති වීම.
  • ප්‍රේම ජවනිකා නොමැති වීම.
  • කිසිදු ආකාරයක පසුගාමී ජවනිකාවක් නොමැති වීම.

ආදි කරුණු සුවීශේෂි කරණු ලෙසින් පෙන්වා දෙන අතරම මෙම සිනමාපටයත් දමිළ සිනමාවේ අපරාධ පරික්ෂණයක් පාදක කරගෙන නිර්මාණය වූ සිනමාපටයක් ලෙස යම් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වෙනවා නොඅනුමානයි. ඉහතින් දක්වා ඇති මේ වන විටත් ලොවපුරා වෙසෙන දමිළ සිනමා රසිකයින් සහ සිනමා විචාරකයින් විසින් දක්වන ලද යහපත් ප්‍රතිචාරයන් මත Crime හා Thriller සුවිශේෂි වූ දමිළ සිනමාපට පෙළගැස්මට මෙම සිනමාපටයත් මේ මොහොත වන විටදි ඇතුලත් වී අවසන්. මේ වසරේ ජුනි මස 09 දින ලොවපුරා තිරගත කිරීමට දින කිහිපයකට මත්තෙන් මෙය මාධ්‍යවේදීන් සහ සිනමා විචාරකයින් හට විශේෂ දර්ශන වාරයක් ප්‍රදර්ශනය කරන්නට මෙහි නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර තිබුණා. එම නිසා මෙම සිනමාපටය නරඹන්නට මත්තෙන් පූර්ව ප්‍රචාරක පටයද නැරඹු බොහෝ ප්‍රෙක්ෂකයින් සිනමා විචාරකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ද ධනාත්මක අදහස් දැක්වීම් තුලින්ද දැනුවත් වෙමින් සිනමාපටය පිළිබඳව ඉස්පාසුවක් නොමැතිව බලාපොරොත්තු පොදි බැඳගෙන සිනමාහල් වෙතට පියනඟන්නට වුණා. ප්‍රේක්ෂකයින්ගේ එම බලාපොරොත්තු සඵල කරමින් ඉතාමත් ජයග්‍රාහි ලෙසින් දසදෙසින් ධනාත්මක ප්‍රතිචාර ලබාගනිමින් සිනමාපටය තිරගත වූ අතර මුළු ඉන්දියාව පුරාම දිනෙන් දින දර්ශන වාරගණන වැඩිකරමින් තිරගතකර දින කිහිපයක් ඇතුලත වාර්තාගත ආදායමක් ලබාගෙන Blockbuster ලේබලයද ඉතා පහසුවෙන් අලවා ගැනීමට මෙම චිත්‍රපටයට හැකි වුනා.

සිනමාපටය සඳහා ලැබුණු ධනාත්මක ප්‍රතිචාර කිහිපයක්…

මෙම සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Vignesh Raja ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වූවත් ඔහු සිය දක්ෂතාවය මනා ලෙසින් විදහාපෑමට එම හේතුව කිසිදු අයුරකින් ගැටළුවක් බවට පත්කරගෙන නොමැති බවද විශේෂයෙන් සඳහන් කල යුතුමයි. එහි සත්‍ය අසත්‍යභාවය සිනමාපටය නැරඹු පසු ඔබටත් අවබෝධ වේවි සහ ඔබත් පුදුමයට පුදුමයට පත්වේවි.

මෙහි ප්‍රධාන චරිතයන් මෙහෙයවන Sarathkumar සහ Ashok Selvan යන නළුවන් දෙදෙනා තම චරිතයට හොඳ සාධාරණයක් ඉෂ්ඨකරමින් මනා අවබෝධයකින් යුතුව රඟදක්වනවා දැකගත හැකි අතර, කැමරාකරණය සහ සංස්කරණයද සිනමාපටය ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂකයින්ව ඇද බැඳ තබාගන්නට හැකි අයුරින් ඉහලම මට්ටමකින් සිදුකර තිබෙනවා.

අවසාන වශයෙන් චිත්‍රපටයේ කතාව පිළිබඳව නම් කිසිවක් මෙම ලිපිය තුලින් ඉදිරිපත් කරන්නට සූදානම් නෑ. මෙම සිනමාපටය නරඹනවාද නැද්ද යන්න තීරණය කරන කෙනෙකුට ඉහතින් දක්වා ඇති තොරතුරු හොඳටම ප්‍රමාණවත් යැයි කියා සිතනවා. ඇතැම් විට මෙම ලිපියේ කිසිම පිළිවෙලක් නැතිවෙන්නත් පුළුවන්. එසේ ලිපියේ අඩුපාඩුවක් ඇත්නම් එයටත් සමාව අයදිනවා. සිනමාපටය නරඹා ඔබගේ වටිනා අදහස් උදහස්ද දැක්වීමට කාරුණිකව වන ලෙසින් ඉල්ලා සිටිමින් ‘එන්න තවත් අපරාධමය අභිරහසක් අනාවරණය කරනා අයුරු කුතුහලයෙන් බලා සිටින්නට’ යැයි ආරාධනාද කරමින් අදට සමුගන්නවා. ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/por-thozhil-2023-sinhala-subtitles/feed/ 2
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rathasaatchi-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rathasaatchi-2022-sinhala-subtitles/#respond Mon, 12 Dec 2022 11:26:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33818 Rathasaatchi Sinhala Sub Rathasaatchi Sinhala Subtitles Rathasaatchi (2022) Sinhala Sub Rathasaatchi (2022) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක […]

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rathasaatchi Sinhala Sub
Rathasaatchi Sinhala Subtitles
Rathasaatchi (2022) Sinhala Sub
Rathasaatchi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක ලොකු අගයක් ගන්න Rathasaatchi කියන දෙමළ චිත්‍රපටයයි.

රජිනිකාන්ත්, විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වූ ලාල් සලාම් චිත්‍රපටයෙන් පස්සේ , තවත් කොමියුනිස්ට් ඉඟියක් සහිත දෙමළ චිත්‍රපටයක් වන Ratha Saatchi හී පළමූ මංගල දර්ශනය 2022 නොවැම්බර් 15 එළි දැක්වූවා. Ratha Saatchi කියන්නේ, ලේඛක B Jeyamohan ගේ Kaithigal හි චිත්‍රපට අනුවර්තනයක් වන අතර, චිත්‍රපටය Aha Tamil සහ Magizh Mandram එක්ව නිෂ්පාදනය කර ඇත.

Rafiq Ismail විසින් රචිත සහ අධ්‍යක්ෂණය කරන ලද Ratha Saatchi චිත්‍රපටයේ තාක්ෂණික කණ්ඩායම ලෙස, සංගීතය සඳහා Javed Riaz, කැමරාකරණය සඳහා Jagadeesh Ravi සහ සංස්කරණය සඳහා Prakash Karunanithi දායක වෙලා තියෙනවා .
Kanna Ravi, Harish Kumar, Elango Kumaravel, Kalyan Master, Madras Charles ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Ratha Saatchi චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ, ත්‍රිවිධ හමුදාව තුළ පවතින මනුෂ්‍යත්වය සහ එය පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලට බලපාන ආකාරය පිළිබඳවයි.

කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…?

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rathasaatchi-2022-sinhala-subtitles/feed/ 0