සුන්දර මලයාම් සිත්තමක් වන මෙප්පඩියන් චිත්‍රපටය නිකුත් වෙන්නෙ ජනවාරි මස 14 වන දිනයි. මේ චිත්‍රපටය තුලත් සුපුරුදු මලයාලම් ගැමි සුන්දරත්වය දකින්න පුළුවන් .. මේකේ කතාව දෙසට හැරුනොත් ජයක්‍රීශ්නා කියන්නෙ සාමාන්‍ය විදිහට ගරාජයක් කරගෙන ඉන්න තරුණයෙක් .. ඒත් එයාට බලාපොරොත්තු වක් තියෙනවා එයාගේ නංගී වෙනුවෙන් ගෙයක් හඳලා දෙන්න ඒ වෙනුවෙන් එයා කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙක්ටත් කියනවා ඉඩමක් හොයලා දෙන්න කියලා. ඒ අතරතුරදි ඉචයා කියලා යාළුවෙක් ඉන්නවා ජයක්‍රීශ්නා ට… ඔහු ගේ අදහසකට ඉඩමක් තියෙන තැනක් බලලා ගන්න යනවා . නමුත් ඉචයා අතේ සල්ලි නෑ මිනිහා හැම තැනටම ණය වෙලා ඉන්න නිසා, ජයක්‍රීශ්නා ව කොහොම හරි කැමති කරගෙන ඉඩම ගන්න යනවා .. ජකොබ් ආචයා කියන්නෙ ඒ ඉඩමේ හිමිකරු.. ඔහුගේ දුවගේ විවාහය කරගන්න තමයි ඔහු ඉඩම විකුනන්න හිතන් ඉන්නෙ.
ජයක්‍රීශ්නා පොරොන්දු වෙනවා විවාහයට කලින් ඉඩම ගන්න නමුත් ජයක්‍රීශ්නා ඔහුගේ යාළුවා ඉචයාට රැවටුන නිසා සල්ලි දෙන්න බැරි වෙනවා .. ජයක්‍රීශ්නා ජකොබ් අචයා ට පොරොන්දු වුන නිසා ඔහුගේ දුවගේ විවාහය කරන්න පටන් ගන්නවා නමුත් ජයක්‍රීශ්නා ට පොරොන්දුව ඉශ්ථ කරගන්න බැරි වෙනවා ඒ නිසා පොරොන්දු ඉටු කරන්න ඒ වෙනුවට ජයක්‍රීශ්නා ට සිද්ධ වෙනවා ඔහුගෙ ගෙදර විකුනන්න..ඉතින් ජයක්‍රීශ්නා ට පුළුවන් වෙයිද ජකොබ් ගේ ඉඩම ගන්න? ඔහුට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න.. කතාව පුරා දිව යන්නෙ ඔහු දුන්න පොරොන්දු ව ඉශ්ථ කරන්න ගන්න මහන්සිය කොහොමද කියලායි… ඉතින් කතාව බලන්න කියලා ආරධනා කරනවා
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා.
ඔන්න දවසක් ජෙසිගේ අම්මා ඇදුමක මිනුමක් ගන්න කෙනෙක්ට කතා කරන්න කියනවා. එවෙලේ ජෙසී අතින් නම්බර් එකක් වැරදිලා විෂ්ණුට කෝල් එකක් යනවා. ඔන්න ඔතනින් තමා කතාව පටන්ගන්නේ. කොල්ලෝ උනාම ඉතින් ඔහොම වැරදිලා එන කෝල් පස්සේ පොඩ්ඩක් පන්නනවනේ. අන්න එහෙම තමන්ට ආපු කෝල් එක පස්සේ පන්නන විෂ්ණු හදන්නේ කොහොමහරි ජෙසි එක්ක යාලු වෙන්න.
අර කැමරා පෝන් එකක්වත් නැතිව, හැබැහින් පොටෝ එකක්වත් දකින්න නැතිව කටහඩින් විතරක් අදුනගත්තු මේ දෙන්නා යාලු වෙයි ද? හැම කතාවකම දුෂ්ටයෙක් ඉන්නවා වගේ, මේ කතාවටත් එහෙම කෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්ම. කව්ද අප්පේ ඒ නේද? ඒ අය ගැන මම කියන්න නම් යන්නේ නෑ.
හැබැයි මේ දේ නම් කියන්නම් ඕනේ. ඒ තමයි ඔයාල හිතන අවසානයවත්, බලාපොරොත්තු වෙන දේවත් නෙමෙයි චිත්‍රපටියේ අවසානයට වෙන්නේ. අර අපිට කුතුහලය දෙන wow factor එක සුපිරියට ඔයාලට දැනෙයි.
මිනිත්තු 113ක් පුර දිවෙන Kappela චිත්‍රපටය පහුගිය මාර්තු 6 වෙනි දින සිනමාහල්වල තිරගතවීම ආරම්හ කලත් දින පහ-හයක් තිරගතවීමෙන් අනතුරුව කොරෝනා තත්වය සිනමාහල් වසාදැමීම හේතුවෙන් එය තිරගතවීම අතරමග නතර කෙරුනා. නමුත් පසුව එය Netflix හරහා මුදා හරින්නට නිෂ්පාදක වරුන් තීරණය කරනු ලබන අතර ඒ අනුව පහුගිය ජුනි 22 වැනිදා මෙය ලොවපුරා ප්‍රේක්ෂකයින් හට Netflix හරා නැරඹීමේ පහසුකම උදාඋනා. තමාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙසින් Muhammad Musthafa විසින් මලයාලම් සිනමාවට දායාද කරන Kappela චිත්‍රපටය Kadhaas Untold බැනරය යටතේ Vishnu Venu ගේ නිෂ්පාදනයක්. Jimshi Khalid ගේ සිනමාකරණයෙන් හැඩවෙන මෙය Sushin Shyam ගේ පසුබිම් සංගීතයෙන් තව තවත් වර්ණවත් වනවා.
Kumbalangi Nights සහ Helen අතිශය ජනාදරයට පත් කොන්ඩේ කැරලි කැරලි තියෙන අවුරුදු 23 සුරුපි Anna Ben ගේ රංගනයෙන් හැඩවන Kappela චිත්‍රපටය ගැන බොහෝ දෙනා බලාපොරොත්තු දැල්වූ දෑසින් බලා සිටියා. ඇයට අමතරව Kumbalangi Nights, Anjaam Pathiraa, Trance වගේ චිත්‍රපටි වලින් අපි හමුවට ආපු Sreenath Bhasi ත් , Thottappan, Koode වගේ චිත්‍රපටි වලින් අපි හමුවට පැමිණි Roshan Mathew ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයන අතර ඔවුන්ට අමතරව අධ්‍යක්ෂක Muhammad Musthafa ද මෙහි අබු යන සහය චරිතයෙන් Kappela සලරුව හැඩ කරනවා.
මලයාලම් සිනමාව කියන්නේ කොහොමත් අපිට සමීප සිනමාවක්. ලංකාවට සමාන පරිසර, මිනිස්සුන්ගේ හැසිරීම, කතා බහ වගේ දේවල් නිසා මලයාලම් සිනමාව අපිට තවත් සමීප කරනවා. ඒ නිසා අමුතුවෙන් රහ කරලා කියන්න ඕනේ නැතිවෙයි කියල හිතනවා…
එහෙනම් හැමෝම තවත් එක සුන්දර මලයාලම් සිනමාවක අසිරිය විදගන්න. ඒ ගමන් පල්ලෙහා කියල තියෙන දේත් පොඩ්ඩක් හිතේ තියාගෙන ඉන්න.
“සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා…!”
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න