Nimisha Sajayan – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Jul 2025 14:43:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nimisha Sajayan – SinhalaSub https://sinhalasub.lk 32 32 DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/#comments Mon, 21 Jul 2025 06:59:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105525 DNA Sinhala Sub
DNA Sinhala Subtitles
DNA 2025 Sinhala Sub
DNA (2025) Sinhala Sub
DNA (2025) Sinhala Subtitles

 HQ HDTS පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද DNA කියන්නේ ඉන්දියාවේ දමිළ භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nelson Venkatesan විසින්. Athisha Vino සමඟ එක්ව පිටපත ලියා තිබෙනවා. Olympia Movies විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක Atharvaa සහ Nimisha Sajayan විසින් සිදුකරනවා.

චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Mohammed Zeeshan Ayyub, Balaji Sakthivel, Ramesh Thilak, Viji Chandrasekhar, Chetan, Riythvika, Subramaniam Siva සහ Karunakaran ඇතුළත් වෙනවා.

සංගීත අංශයට පැමිණීමෙන් Ghibran Vaibodha විසින් පසුබිම් සංගීතය නිර්මාණය කර ඇති අතර, Sathyaprakash, Sreekanth Hariharan, Pravin Saivi, Sahi Siva සහ Anal Akash විසින් ගීත රචනා කර තිබෙනවා.

DNA චිත්‍රපටය 2025 ජූනි 18 වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයට ලක් වූ අතර ජූනි 20 වන දින සිනමාහල්වලට නිකුත් කර තියෙනවා. චිත්‍රපටය විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබාගන්නත් සමත් වුනා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/feed/ 4
Crazy X (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ https://sinhalasub.lk/movies/crazy-x-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/crazy-x-2025-sinhala-subtitles/#respond Tue, 22 Apr 2025 07:13:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98930 https://sinhalasub.lk/movies/crazy-x-2025-sinhala-subtitles/feed/ 0 Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 07:33:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30869 Oru Thekkan Thallu Case SinhalaSub
Oru Thekkan Thallu Case Sinhala Subtitles
Oru Thekkan Thallu Case (2022) Sinhala Sub
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/feed/ 0
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mission-chapter-1-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mission-chapter-1-2024-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 02:00:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65077 Mission: Chapter 1 Sinhala Sub
Mission: Chapter 1 Sinhala Subtitles
Mission: Chapter 1 (2024) Sinhala Sub
Mission: Chapter 1 (2024) Sinhala Subtitles

තවත් ඇක්සන් ෆිල්ම් එකක් අරු විජේගේ. මාෆියා එකට පස්සේ ඒ වගේ නමුත් ටිකක් හැගීම්බර කරල බලන් ඉන්න පුළුවන් විදියට හොදට කරල තියෙන මූවි එකක්. අලුතෙන් මොකුත් නැතිවුනත් බලන්න පුළුවන් ෆිලුමක්. මේකට එංගලන්තයේ නලු නිළියන් කිහීප දෙනෙකුත් එකතුවෙලා තියෙනවා. ඒ වැඩිපුරම රූගත කිරීම් එංගලන්තය ආශ්‍රිතව කරල තියෙන නිසා.

මේක අධ්‍යක්ෂණය A. L. Vijay ගෙන් නිෂ්පාදන දායකත්වය Lyca Productions එකෙන් හා Shri Shirdi Sai Movies එකෙන් . කැමරාකරණය Sandeep K. Vijay සහා සංස්කරණය Anthony විසින් . සංගීතයත් කිසිම අඩුවක් නැතිව G. V. Prakash Kumar විසින් කරල තියෙනවා.

රංගන දායකතවය. Arun Vijay එක්ක Amy Jackson සහා Nimisha Sajayan මලයාලම් නිළියත් එකතුවෙනවා . ඒ වගේම Abi Hassan, Bharat Bopana රංගනයෙන් දායකතවය දෙනවා .

ඉතින් කතාව බලමු:

ගුනසේකරන් ( අරුන්) එංගලන්තයට යන්න වෙනවා දුවගේ හදිසි සැතකමකට. මුදල් හුවමාරුව නිත්‍යානුකූලව කරගන්න කාලය මදි නිසා හවාලා ක්‍රමයට සල්ලි මාරුකරගන්න ගුනා එංගලන්තයේදී එය මුදල් කරගන්න ලැබෙයිද ?දුවගේ සැත්කම සර්ථකව කරන්න පුළුවන් වෙයිද ?

එහෙනම් මේකත් බලමු නේද ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/mission-chapter-1-2024-sinhala-subtitles/feed/ 0
Adrishya Jalakangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/adrishya-jalakangal-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/adrishya-jalakangal-2023-sinhala-subtitles/#comments Thu, 14 Dec 2023 12:41:29 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62730 Adrishya Jalakangal Sinhala Sub
Adrishya Jalakangal Sinhala Subtitles
Adrishya Jalakangal (2023) Sinhala Sub
Adrishya Jalakangal (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/adrishya-jalakangal-2023-sinhala-subtitles/feed/ 2
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jigarthanda-doublex-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jigarthanda-doublex-2023-sinhala-subtitles/#respond Fri, 08 Dec 2023 14:31:44 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62138 Jigarthanda DoubleX Sinhala Sub
Jigarthanda DoubleX Sinhala Subtitles
Jigarthanda DoubleX (2023) Sinhala Sub
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ කතාව සිද්ද වෙන්නේ 1975දි. කිරුබාකරන් තමිල්නාඩු පොලිසියේ SI තනතුර සඳහා විභාගයෙන් තේරී පත් වනවා. කිරුබා එයාගේ පෙම්වතිය ලෝර්ද්ගේ විද්‍යාලයට මේ සතුටුදායක ආරංචිය කියන්න යනවා. ඒ වගේම එදා විද්‍යාලයේ ප්‍රසංගයක් පැවැත්වුණා. කිරුබාකරන් පොලිස් සේවයට අයදුම් කලත් ඇත්තටම ලේ දැක්ක ගමන් සිහිය නැතිව ඇදගෙන වැටෙන මහා බය ගුල්ලෙක්. ලෝර්ද් විහිළුවට වගේ කියනවා ඒ වෙලාවෙම විද්‍යාලයේ ඇති වුණ ගැටුමක් නවත්වන්න කියලා. එහෙම කියලා ලෝර්ද් ප්‍රසංගයේ එයාගේ අංගය ඉදිරිපත් කරන්න වේදිකාවට ගොඩ වෙනවා.

කිරුබා ඇඟට ගැම්මක් අරගෙන රණ්ඩුව පැත්තට ඇදුණා. ටික වෙලාවකට පස්සෙ ශිෂ්‍යයෙක් “කවුදෝ එකෙක් අපේ කොල්ලෝ හතර දෙනෙක්ව මරලා දාලා” කියන් කෑ ගහගෙන ප්‍රසංගය පැවැත්වුණ තැනට දුවගෙන එනවා. එතන හිටිය හැමෝම මේ සිද්ධිය බලන්න කලබලයෙන් දුවගෙන ආවා. ලෝර්ද් එතනට යද්දි කිරුබාකරන් බිම වාඩිවෙලා හිටියා. ඇඟ පුරාම ලේ ගෑවිලා, පිහියකුත් අතේ තියාගෙනම. මහ දවාලේ හිත් පිත් නැතිව විද්‍යාල ශිෂ්‍යයන් හතර දෙනෙක්ව ඝාතනයන් කිරීමට වරදකරු වුණ කිරුබාකරන්ට සිරදඬුවම් නියම වෙනවා.

ජෙයකොඩි සිනමා නළුවෙක්. ජනප්‍රියත්වය නිසාම ජෙයකොඩි දේශපාලනයට සම්බන්ධ වෙනවා. මෙවර ජෙයකොඩිගේ චිත්‍රපටය අන්ත පරාජයකට ලක් වුණා. ඊට හේතුව ජෙයකොඩිගේ ප්‍රතිවාදියා කර්මේඝම්. කාර්මේඝම් ජෙයකොඩිගේ චිත්‍රපටය පෙන්වන සිනමාශාලා වලට තර්ජනය කර රීල් පෙට්ටි ගිනි තබා, කාර්මේඝම්ට පක්ෂපාතී නළුවෙක් වුණ චින්නාගේ චිත්‍රපටයට ජයග්‍රහණයක් අත් කර දෙනවා.

මේ පරාජයෙන් තදබල කෝපයට පත් වුණ ජෙයකොඩි එයාගේ මල්ලි DSP රත්නාගෙන් මේ කාර්මේඝම්ව සහ ඔහුගේ සහචරයින් හතරදෙනාව මරා දමන්නට කියනවා. රත්නා මේ වෙනුවෙන් පොලිස් සේවයට බැඳෙන්න හිටිය, මිනීමැරුම් නිසා සිරගත වූවන් සොයා බලනවා. මෙහිදී කිරුබාකරන් සහ තවත් සිරකරුවන් තිදෙනෙක් තෝරා ගන්නවා. මේ එක් කෙනෙකුට එක් මැරයා ගානේ හතර දෙනාටම බෙදා දෙනවා. කිරුබාකරන්ට ලැබුණේ “ජිගර්දණ්ඩා සිද්ධි සමාජයේ” නායකයා වගේම කර්මේඝම්ගේ මදුරෛ ආධාරකාරයා වන අල්ලියස් සීසර්.

බාර දුන්න රාජකාරිය ඉටු කළොත් මෙයාලව නිදොස් කොට නිදහස් කරලා නැවත සේවයේ පිහිටුවනවා කියලා රත්නා පොරොන්දු වෙනවා. ලෝර්ද් එක්ක විවාහ වෙන්න රස්සාව අත්‍යාවශ්‍ය නිසා කිරුබාකරන් මේ පැවරුම බාර ගන්නවා. ඔය අතරෙදි කාර්මේඝම් සීසර් සහ අනෙක් ආධාර කරුවන් වෙනුවෙන් සාදයක් පවත්වනවා. සාදයේදී හැමෝම නටමින් ගයමින් විනෝද වුණා. සීසර්ගේ නැටුම දැකපු කාර්මේඝම් සීසර් උඹේ නැටුම සිනමාවේ නළුවෙක්ගේ වගේ, උඹ රඟපාන්න පලයන් කියලා අගයමින් කියනවා. ඒත් සාදයට සහභාගි වෙලා හිටිය නළු චින්නා මේ කතාවට එකඟ වුණේ නැහැ.

මේ සමයේ සිනමාවේ කළු පැහැති ප්‍රධාන නළුවෙක් ගැන හිතන්නෙ වත් නැති කාලයක්. මම වගේ පාටට හිටියා නම් රඟපාන්න යන්න තිබුණා. ඒත් මෙයා කළුයිනේ කියලා චින්නා හෑල්ලුවෙන් කතා කරනවා. මේකෙන් සීසර්ට දැඩි කේන්තියක් ඇති වුණා. දෙමළ සිනමාවේ පලමු කළු පැහැති ප්‍රධාන නළුවා වෙන්න සීසර් තීරණය කළා. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න ඇති තරම් සල්ලි සීසර් ළඟ තිබුණා. ඒ නිසාම දෙමළ සිනමාවේ පළමු ප්‍රධාන නළුවා රඟන “පාණ්ඩියා” නම් පෑන් ඉන්දියානු චිත්‍රපටිය වෙනුවෙන් අධ්‍යක්ෂක වරයෙකු උවමනා කර තිබේ යනුවෙන් දැන්වීම් පළ කළා.

සීසර්ට සමීප වෙන්න මේක නියම අවස්ථාව කියලා හිතුව කිරුබාකරන්, සත්‍යජිත් රේගේ ශිෂ්‍යයෙක් හා සහකාර අධ්‍යක්ෂවරයක් වන රේ දාසන්ගේ විදියට පෙනී සිටිමින් සීසර්ගේ ගෙදරට යනවා. කිරුබාකරන් අල්ලියස්ගේ දාමරික ජීවිතයේ සිදුවීම් පාදක කරගෙන චිත්‍රපටයක් කරන්න පෙරැත්ත කළා. මේ සඳහා අල්ලියස්ගේ ජීවිතයේ සිදු වුණ මතකයේ තියෙන විශේෂ සිද්ධීන් ගැන හාර හාරා අහනවා. ඒත් අල්ලියස්ගේ ජීවිතයේ මතක තියාගන්න තරම් කිරුබාකරන් බලාපොරොත්තු වන ආකාරයේ සිද්ධීන් නැති නිසා අල්ලියස්ගේ සැබෑ ජීවිතයේ වර්ථමානයේ සිද්ධීන් සජීවීව රූගත කරන්න තීරණය කරනවා.

මොකද මේ වගේ සිද්ධීන්ට පෙළඹවීමෙන් සීසර් තරහ කාරයින්ගෙන් මැරුම් කාවි කියලා කිරුබන් හිතුවා. ඒත් දින 30ක් ගත වුණත් සීසර්ව මරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. සීසර්ගේ බිරිඳ මලෛඅරසිගේ වලෛගාප්පු උත්සවය වෙනුවෙන් අනෙක් මැරයන් තිදෙනාට සහ ඇමති කර්මේගම්ට ආරාධනා කරනවා. වලෛගාප්පු උත්සවයට කලින් දවසේ මේ මැරයෝ හතර දෙනාම කරටි කැඩෙන්න බීලයි හිටියේ. කිරුබාකරන්ට සීසර් හොඳටම වෙරි වෙලා තනිවම හිටිය, ලේසියෙන්ම මරලා දාන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒත් මලෛඅරසි ගැන අනුකම්පා හිතලා සීසර්වව එදා අතහැරලා දානවා.

ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව සීසර්ව ලේසියෙන්ම මරන්න පුළුවන් වෙනම අදහසක් කිරුබාකරන්ගේ හිතේ තිබුණා. එදා රෑ කිරුබාකරන් අල්ලියස්ව මැරුවෙ නැති වුණත්, කිරුබාකරන් එක්ක මේ පැවරුම බාරගත් එක් පොලිස් නිලධාරියෙක් පෙරියවර් නම් මැරයාව මරලා දානවා. පහුවදා උදේ මේ මරණය ගැන දැනගත්තම සීසර් යකා නටන්න ගන්නවා. අනිත් හැමෝම මේ ස්වාභාවික මරණයක් කියලා හිතුවත් සීසර් මේක ඝාතනයක් කියලා තරයේම කිව්වා.

මිනිය පශ්චාත් මරණ පරීක්ෂණයට යැව්වට පස්සෙදි මේක ඝාතනයක් කියලා තහවුරු වුණා. පෙරියවර්ගේ ආදාහනය වෙනුවෙන් හැමෝම එකතුවෙලා ඉද්දි, සීසර් කිරුබාකරන් එක්ක පැවරුම බාරගත්ත අනෙක් තුන් දෙනාවම එකින් එක වෙඩි තියලා මරලා දානවා. සීසර්ගේ තුවක්කුවේ මානය එක් වරම කිරුබාකරන් දිහාවට හැරෙනවා!!!

ඔබ කලාව සොයා නොයයි. කලාව ඔබ සොයා පැමිණේ.

මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සහ රචනා කළේ කාර්තික් සුබ්බුරාජ්. මේ ජිගර්දණ්ඩා ඩබල් X චිත්‍රපටය ජිගර්දණ්ඩා චිත්‍රපටයේ Prequel එකක්. ඒ කියන්නේ ජිගර්දණ්ඩා චිත්‍රපටියට කලින් සිදු වන සිදුවීම් පෙළක්. කාර්තිගේ ෆිල්ම් එකක් කිව්වම අන්තර්ගතය ගැන සැකයක් තියාගන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම රසවිඳින්න පුළුවන් චිත්‍රපටියක්.(ජගමේ තන්දිරම් ඇරෙන්න)

ඔහු මනි රත්නම් මෙන් කලාව සහ වාණිජ්‍ය දෙකම මිශ්‍ර කරගෙන චිත්‍රපට තැනීම කරනවා. සහ කතාවේ අනපේක්ෂිත හැරවීම්(Plot Twist) ඇතුලත් වීමත් ඔහුගේ නිර්මාණවල ලක්ෂණයක්. ඒ එක්කම නයි බිත්තර දෙකකුත් එක්ක ඊළාමත් චුට්ටක් එකතු කරනවා. මේ ඔක්කොම එකතු කරලා පදමට හැඳිගාලා ගත්තම, ඒකට කියන්නේ කාර්තික්ගේ චිත්‍රපටියක්(කාර්තික් පඩම්) කියලා.

රාඝවා ලෝරන්ස්, SJ සූර්යා, නවීන් චන්ද්‍රා, නිමිෂා සජායන්, ෂයින් ටොම් චාකෝ, ඉලවරසු, සත්‍යන්, සන්චනා නටරාජන්, අරවින්ද් ආකාෂ් යන නළු නිළියන් මේ චිත්‍රපටයේ රඟපානවා. Petta (2019) චිත්‍රපටයෙන් පසු අවුරුදු 4කට පස්සෙදි තමයි කාර්තික්ගේ චිත්‍රපටයක් සිනමාශාලා වලට නිකුත් වෙන්නේ. Jagame Thanthiram (2021) සහ Mahaan (2022) චිත්‍රපට OTT හරහා නිකුත් කෙරුණා. ජගමේ තන්දිරම් සිනමාශාලා වලට නිකුත් නොකිරීම ඇත්තටම ලොකූ ලාභයක්. කාර්තික්, ශංකර් අධ්‍යක්ෂණය කරන රාම් චරන්ගේ Game Changer චිත්‍රපටයේ කතාව රචනා කළා.

දෙමළ සිනමාවේ හොඳම චිත්‍රපට අතරේ Jigarthanda (2014) ට ඉහළ තැනක් හිමි වෙනවා. විශේෂයෙන්ම මේක ඩාර්ක් ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය කන්නඩ භාෂාවෙන් Jigarthanda (2016), තෙළිඟු භාෂාවෙන් Gaddalakonda Ganesh (2019) සහ හින්දි භාෂාවෙන් Bachchan Paandey (2022) විදියට රීමේක් කළා. ජිගර්දණ්ඩා යන්නෙහි තේරුම “සීතල හදවත” ලෙසින් චිත්‍රපටයේදි සිද්දාර්ත් හඳුන්වනවා. ජිගර්දණ්ඩා කියද්දි මතක් වෙන තවත් දෙයක් තමයි “ජිගර්දණ්ඩා දූද්”. Aadhavan (2009) චිත්‍රපටියේ එක් හාස්‍ය ජවනිකාවක සූරියා වඩිවේළුට ජිගර්දණ්ඩා දූද් නම් රා වර්ගයක් බොන්න දීලා මත් කරලා වඩිවේළුව පැහැර ගන්නවා.

මේ ජිගර්දණ්ඩා චිත්‍රපටයේ කුරිරු දාමරිකයෙක් හා එම දාමරිකයාගේ ජීවිත කතාව සිනමාවට නැඟීමට යන අධ්‍යක්ෂකවරයෙකු වීමට බලාපොරොත්තු වන තරුණයෙක් එම දාමරිකයා අතර ඝට්ටනයකදී සිදුවන කතාවක්. මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අපේම සහෝදරයා “සීරුම් පුලි” බොබී සිම්හාට දේශීය සිනමා සම්මාන වලදී හොඳම සහය නළුවා සම්මානය ලැබෙනවා. දෙමළ සිනමාවේ හොඳම දුෂ්ඨ චරිතයන් ලැයිස්තුවේ ඉහළම තැනක් ඇසල්ට් සේතු චරිතයට හිමි වෙනවා.

Film Companian වෙබ් අඩවියේ දශකයේ විශිෂ්ඨම සිනමා රංගනයන් 100 අතරට බොබීගේ රංගනයත් එකතු කරනවා. ඒ වගේම එම වෙබ් අඩවියේම දශකයේ හොඳම චිත්‍රපට පෝස්ටර් අතර 2 වැනි ස්ථානය ජිගර්දණ්ඩාට ලබා දෙනවා. කොහොම වුණත් ජිගර්දණ්ඩා, කොරියානු චිත්‍රපටයක් වුණ A Dirty Carnival චිත්‍රපටයේ ආභාෂයෙන් නිර්මාණය වූවක්. වර්ථමානයේදී අනුකරණය කියන වචනය ආභාෂය කියලා තමයි ගොඩක් දුරට ඇහෙන්නෙ.

රජිණිකාන්ත් සහ කමල් හාසන් කාර්තික් සුබ්බුරාජ්ගේ පරිකල්පනයෙන්.

දෙමළ සිනමාවේ මුල්ම කළු පැහැ හීරෝ (ප්‍රධාන නළුවා)… Jailer චිත්‍රපටියේ ලිපියෙන් මේ ගැන සඳහන් කළා මතක ඇති. විජයකාන්ත්, නැපෝලියන්, කාමරාජන්, තලපති විජයි, ධනුෂ් විෂාල්, විජයි සේදුපති… මේ වගේ කළු පැහැ නළුවන්ට සිනමාවේ තැනක් උදා කර දෙන්න මූලික අඩිතාලම දැමුවේ සුපර් ස්ටාර් රජිණිකාන්ත්. රජිණිට පෙර සිනමාවේ ප්‍රධාන නළුවෙක් වෙන්න නම් සුදු පැහැයක්, කැරලි කොණ්ඩයක් තිබීම අනිවාර්යය වුණා.

රජිණි ප්‍රධාන නළුවෙක් විදියට Bhairavi (1978) චිත්‍රපටයෙන් සම්ප්‍රාප්තිය සටහන් කරනවා. ඒ එක්කම මේ කළු නළුවෙක් රඟපාන චිත්‍රපටි කවුරුවත් බලන්නෙ නැහැ කියලා මතය පුස්සක් වුණා. මුලින්ම කිව්වා වගේ මේ කතාව සිද්ධ වෙන්නෙත් 1975දී. රජිණිකාන්ත් 1975 වර්ෂයේදි Apoorva Raagagngal (1975) චිත්‍රපටයෙන් තමයි සිනමාවට අවතීර්ණ වෙන්නෙ. ඒ ගැන සඳහනක් ද චිත්‍රපටියට එකතු කර තිබුණා.

“රජිණිකාන්ත් කියලා අලුත් කොල්ලෙක්… කළුවට, පාටට, ගොඩක් හොඳට රඟපානවලු. ඉතා ඉක්මනින්ම ලොකූ හීරෝ කෙනෙක් වේවි කියනවා.”

කාර්තික් සුබ්බුරාජ්, රාඝවා ලෝරන්ස් රජිණිට දැඩි භක්තියකින් ඉන්නෙ. මේ වගේ චිත්‍රපටයේ තැන් කිහිපයකදිම රජිණිව සිහි ගන්වනවා. උදාහරණයකට රජිණි පිස්තෝලය ඇඟිල්ලට තියලා කරකවන ශෛලිය. චිත්‍රපටය නිකුත් කිරීමෙන් අනතුරුව රජිණි, කාර්තික් සුබ්බුරාජ් සහ රාඝවා, සූර්යා, සන්තෝෂ් ඇතුළු චිත්‍රපටයේ කණ්ඩායමට නිවෙසට ආරාධනා කර සුබ පැතුම් එක් කර තිබුණා. ජිගර්දණ්ඩා ඩබල් X කණ්ඩායමේ බොහෝ දෙනෙක් රජිණිකාන්ත්ගේ රසිකයින් වීම විශේෂයි.

තවත් විශේෂ කාරණයක් වෙන්නේ කාර්තික් තමන්ගේ සුබ මුහුර්තය ලෙස “12:12” යොදා ගන්නවා. ඊට හේතුව රජිණිකාන්ත්ගේ ජන්ම දිනය දෙසැම්බර් මස 12දා. මේක කාර්තික් විසින්ම සම්මුඛ සාකච්ඡාවකදී කියනවා. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2022 වසරේ දෙසැම්බර් 12 දින ආරම්භ කළා. මේ චිත්‍රපටයේ මාමදුර ගීතය, ටීසරය සහ බ්ලොක්බස්ටර් ටීසරය සවස 12:12ට නිකුත් කෙරුණා. කාර්තික් නැවත වරක් රජිණිකාන්ත් සමඟ චිත්‍රපටයක් කිරීමට අවස්ථාවක් තිබෙනවා. මේක සමහරවිට Thalaivar 172 ව්‍යාපෘතිය වෙන්න පුළුවන්.

For My Boys

පලමු චිත්‍රපටයෙදි වගේම මේ චිත්‍රපටයේත් සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ සන්තෝෂ් නාරායනන්. ඔහුගේ සුළු දියණිය දී “මාමදුර” ගීතය ගායනා කරනවා. ඒ වගේම යුවන් ශංකර් රාජා “තී කුච්චි පටාසා” ගීතය ගායනා කරනවා. පලවෙනි චිත්‍රපටියේ පාවිච්චි කළ BGM කිහිපයක්ම මේ චිත්‍රපටයටත් පාවිච්චි කරලා තිබුණා.

රාඝවා ලෝරන්ස් මෙතෙක් ඉදිරිපත් කරපු හොඳම රංගනය මේ චිත්‍රපටියෙන් දැකබලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට රාඝවාගෙන් බලාගන්න වෙන්නෙ ඕවර් ඇක්ටින් ටිකක්. ඉඩෝරයට වැස්ස වගේ මේ වතාවේ රාඝවාටත් චරිතයක් රඟපාන්න ලැබිලා තියෙනවා. මාස දෙක තුනකට කලින් තිරගත වුණ Chandramukhi 2 චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ව මුළුමනින්ම කලකිරීමට පත් කළා. මේ වගේ අවස්ථාවක මේ වගේ චිත්‍රපටියක අවශ්‍යතාවය රසිකයින්ට තදින්ම දැණුනා.

මේ චිත්‍රපටයෙන් පස්සෙදිත් සුපුරුදු විදියටම මාස් මසාලා, හොල්මන් චිත්‍රපටි පෙළක් අරගෙන් ඒවි. කොහොම වුණත් ඉන් එක චිත්‍රපටියක් හරි සාර්ථක වුණොත් ඒකෙන් ලැබෙන ලාභයෙන් අසරණ ආබාධිතයන්ට තවත් වැඩි වැඩියෙන් උපකාර කරන්න රාඝවාට හැකි වෙනවා. රාඝවා හදවත රත්තරන් උතුම් මනුස්සයෙක් කියලා තමිල්නාඩුවේ මිනිස්සු දන්න නිසා හැමදාටමත් ගෞරවයෙන් සළකනවා.

SJ සූර්යා කාර්තික් සමඟ එක් වන දෙවන වතාව. මීට පෙර කාර්තික්ගේ Iraivi (2016) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කළා. එහිදී ඔහු විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා. සූර්යා රඟපෑ මේ වසරේදී නිකුත් වූ Mark Antony (2023) චිත්‍රපටය ඉ.රු. කෝටි 100 ඉක්මවූ ආදායමක් උපයා ගත්තා. ඉදිරියේදී පැමිණීමට නියමිත Game Changer (2024), Indian 2 (2024), Saripodhaa Sanivaaram (2024), D50 චිත්‍රපටවලට සහය චරිත රංගනයෙන් දායක වනවා.

මේ ජිගර්දණ්ඩා ඩබල් X චිත්‍රපටියේ දෙවන භාගයේ කතාවේත්, Viduthalai : Part 1 චිත්‍රපටයේ කතාවේත් යම් යම් සමානකම් දකින්න පුළුවන්. විඩුදලෛ චිත්‍රපටයේ රජය වනවාසීන්ව මර්ධනය කරද්දී වනවාසීන් සංවිධානය වී ඊට එරෙහිව සටන් වදිනවා. වෙනසකට තියෙන්නෙ වනවාසීන් රජයේ ක්‍රියාමාර්ග වලට ප්‍රතික්‍රියා කරන ආකාරය. ඒ ඇරෙන්න මේ චිත්‍රපටයේ දෙවන භාගයේ කතාව එක සමානයි. ඇතැම්විට වීරප්පන්ගේ කතාව ආභාෂයෙන් නිර්මාණය වුණා වෙන්නත් පුළුවන්. එහෙන් මෙහෙන් ඊළාම් පිළ්ලි වල කුණු ගඳ ගහන්නෙ නැතුවාම නෙවෙයි.

දීපවාලියට සමගාමීව නොවැම්බර් 10 දා මේ චිත්‍රපටය තිරගත වුණා. තිරගත වූ දවසේ සිටම මීට ලැබුණු යහපත් ප්‍රතිචාර නිසා තරමක් දුරට ප්‍රචාරණයකින් ප්‍රේක්ෂකයින් මධ්‍යයට අරගෙන ගියා. චිත්‍රපටයේ වියදම ඉ.රු. කෝටි 100ක් පමණ වෙනවා කියලා අධ්‍යක්ෂක වරයා සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාෂ කළා. ඒත් මේ වෙද්දි චිත්‍රපටයට උපයාගත හැකි වුණේ ඉ.රු. කෝටි 60ක් පමණ ආදායමක් පමණයි.

මීට ලැබුණු Imdb රේටින් අගය 8.4/10ක්. ඒ වගෙම කුණු තක්කාලි අගය 70%ක්. Pink Villa 5/5ක්, TOI පුවත්පත 3/5ක අගයක්, OTTplay 3.5/5ක අගයක් ජිගර්දණ්ඩා ඩබල් X වෙනුවෙන් ලබා දුන්නා. විකටන් පුවත්පත 48/100ක් ලබා දුන්නා. 2023 වසරේ ඉහළතම ලකුණක්. ජිගර්දණ්ඩා (2014) චිත්‍රපටියේ නළු සිද්දාර්ත්ගේ Chithha චිත්‍රපටයට 51/100ක ලකුණක් ලැබුණා. මම දන්න තරමින් මීට වඩා වැඩි ලකුණක් මේ වසරේ තිරගත වුණ චිත්‍රපටවලට ලැබෙනවා දකින්න නම් ලැබුණෙ නැහැ.

ඒ වගේම මේ චිත්‍රපටය එක්ක කාර්තිගේ 25වන චිත්‍රපටය Japan (2023) තරඟ වැදුණා. ඇත්තටම තිරගත වෙන්න කලින් කාර්තිගේ චිත්‍රපටිය අති විශාල ජයග්‍රහණයක් ලබා ගනීවි කියලා සිනමාවේදීන් වගේම හැමෝම විශ්වාස කළා. මොකද කාර්ති දිගින් දිගටම හිට් චිත්‍රපටි දෙමින් හිටියේ. ඒත් බලාපොරොත්තු නොවුණ විදියට ජපාන් චිත්‍රපටිය විශාල පරාජයකට ලක් වුණා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න… හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි?!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/jigarthanda-doublex-2023-sinhala-subtitles/feed/ 0
Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chithha-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chithha-2023-sinhala-subtitles/#comments Fri, 01 Dec 2023 21:38:09 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61727 Chithha Sinhala Sub
Chithha Sinhala Subtitles
Chithha (2023) Sinhala Sub
Chithha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ දවස් වල හැමෝම හොයන ෆිලුමක් අරන් ආවේ… යන්කෝ එහෙනම් ෆිලුම දිහාට

මෙදා සැරේ අපේ සිද්ධාර්ත් කොලුවා හොද පිටපතක් තෝරාගෙන තියෙනවා හැබැයි.. කලින් ආපු Takkar 2023 ෆිලුමත් ලොකුවට ගියෙ නෑ නෙ.. හැබැයි අපරාදේ කියන්න බෑ මේ Chithha 2023 ෆිලුම නම් ගින්දර ටිකට තියෙනවා ඇ… අවන්කවම කියනවා නම් මං සිද්ධාර්ත්ගෙ හොදම ඇක්ටින් දැකපු ෆිල්ම් එකක්.. මොකද ඒ ඒ Scene වලට දීපු Facial Expression නම් මරු.. පට්ට සදාරණයක් කරල තියෙනවා ෆිලුමට..

ඒවගේම කියන්න ඕන මේකේ රගපාන ඒ පොඩි දරුවාගේ රංගනය.. අඩේ Next Level තිබ්බ ඇ.. මරු.. එයාගේ පලවෙනි ෆිලුම කියලා හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි.. ඔයාලත් බලන්නකෝ.. ඔයාලටම තෙර්යි❤

Chithha කියන මේ tamil ෆිලුම අයත් වෙන්නෙ Crime/Thriller/Drama කියන Category එකට.. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙත් S. U. Arun Kumar කියන අධ්‍යක්ෂකවරයා.. නමින් මීටර් නැති උනාට, සුපිරි කොලිවුඩ් නළු විජේ සේතුපතිගෙ 2019 ආපු Sindhubaadh ෆිලුම ගොඩක් අයට මතක ඇතිනේ.. අන්න ඒ ෆිලුම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් මේ අධ්‍යක්ෂකතුමාම තමයි.. එතකොට IMDb පැත්තට ගියොත්, ඔන්න IMDb රේට් එක බලලා ෆිල්ම්ස් බලන කට්ටිය නම් මේක මිස් කරගන්න එකක් නැති වෙයි.. මොකද මේකට 8.4/10 ක්‌ වගේ ගොඩක් ඉහළ IMDb රේට් එකකුත් ලැබිල තියෙනවා..
Cast එක නම් කිසිම අවුලක් නෑ.. වැඩේට ගැලපෙන අයම වැඩේට යොදාගෙන තිබුනා.. එයාලගේ නම් පහලින් දාන්නම්..

Cast

Siddharth as Eeswaran “Ees”, Sundari’s uncle (Chithha)
Sahasra Shree as Sundari “Settai”, Eeswaran’s niece
Nimisha Sajayan as Sakthi, Eeswaran’s love interest
Anjali Nair as Sundari’s mother and Eeswaran’s sister-in-law

ෆිලුම දුවන්නේ තනිකරම ළමා අපචාර, දුෂණ හා මිනීමැරීම කියන සිද්දි වටා..

මං නම් කියන්නේ මේ වගේ ෆිල්ම්ස් ලංකාවේ බැනර් ගහලා පෙන්නන්න ඕන.. මොකද මාරම වැදගත් කන්ටෙන්ට් එකක් තියෙනවා ෆිලුමේ.. දෙයියන්ගේ පිහිටෙන් ලංකාවේ නම් මේ වගේ සිද්දි අපිට අහන්න දකින්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්.. හැබැයි ඉන්දියාවේ නම් මේ වගේ සිද්දි සාමන්‍යයෙන් වැඩී වැඩියෙන් සිද්ද වෙනවා කියලා තමයි කියන්නේ.. කාන්තාවක්ට හිතේ බයක් නැතුව පාරේ බැහැල යන්න තියෙන අවකාශයත් බොහොම අඩුයිලු එක එක පැති වල…

අනික් දේ තමයි, පොඩි ළමයින්ගේ කාරණා වලදී ටිකක් සංවේදී අය, පොඩ්ඩක් මේකෙ සංවේදී තැන් ටිකකුත් තියෙනවා කියන කාරණේ ඔළුවේ තියාගෙනම බලන්න..

මොකද වෙන්නේ කියලා පොයින්ට් විදිහට පොඩ්ඩක් කියන්නම්..

තමන්ගේ අයියගේ දුවව පණටත් වැඩියෙන් ආදරේ කරන “ඊසු”.

බාප්පට තමන්ගේ තාත්තාට තරම්ම ආදරේ වයස අවුරුදු 8 “සුන්දරී” නම් ගැහැණු දරුවෙක්.

සුන්දරීගෙ හොදම මිතුරිය හදිස්සියේ නාදුනන අයෙකු විසින් “දුෂණයට” ලක්වීම.

මේ කාරණාවට කිසිම සම්බන්දයක් නැති “ඊසු” හසුවීම.

මේ සිද්දි සියල්ලම අතරේ සුන්දරීව “නාදුනන අයෙකු” විසින් පැහැර ගැනීම..

ඔය කිව්වේ මුල් ටික.. සෑහෙන්න ලොකු සිද්දියක් තියෙනවා.. අනිවාර්යෙන් හැමෝම බලන්න මිස් කරගන්න නම් එපා…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන වැදගත් කතාව බලන්න…

දැනට ගිහිල්ල එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

දියණියන් සිටින ඔබ නැරබිය යුතුම චිත්‍රපටයක්!

Highly Recommended!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/chithha-2023-sinhala-subtitles/feed/ 1
Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thuramukham-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thuramukham-2023-sinhala-subtitles/#respond Tue, 16 May 2023 23:10:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40173 Thuramukham Sinhala Sub
Thuramukham Sinhala Subtitles
Thuramukham (2023) Sinhala Sub
Thuramukham (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/thuramukham-2023-sinhala-subtitles/feed/ 0
Chola (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chola-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chola-2019-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 19:10:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1111 මේ කතාව පටන් ගන්නෙ වැඩිහිටි ගෑනු කෙනෙක් පොඩි ගෑණු ළමයෙකුට කියන කතාවකින්, චිත්‍රපටයේ විනාඩි 120 පුරාවට අපිට නිරූපණය කරන්නෙ අන්න ඒ සිද්ධි දාමය.. එක් තරා පෙම්වතියක් ගෙදරටත් හොරෙන් එයාගෙ පෙම්වතා එක්ක පොඩි සවාරියක් යන්න පිටත් වෙනවා. මෙයාලට මේ ගමන යන්න වෙන්නෙ පෙම්වතාගෙ ලොක්කා එක්ක ජීප් එකේ.. දවසෙම මේ දෙන්නා එකට කාලය ගත කරලා අන්තිමේට මේ ගෑණු ළමයට ගෙදර යන්න පරක්කු වෙනවා. මෙයා ගොඩාක් බය වෙනවා. අන්තිමට රාත්‍රිය ලැගුම් හලක ගත කරන්න සිද්ධ වෙනවා. මෙයා තමන්ගෙ පෙම්වතාට දිගින් දිගටම කියන්නෙ බස් එකක හරි ආපහු ගෙදර යමු කියලා. ඒත් ලොක්කගෙ තර්ජන ගර්ජන හමුවේ මේ දෙන්නට නවතින්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ ලොක්කා මේ කොල්ලව කෑම ගේන්න පිටත් කරවලා අර ගෑණු ළමයා එක්ක කාමරේ තනි වෙනවා. එතනින් එහාට වෙන සිද්දිය කියන්න යන්නෙ නෑ.. ඔයාලම බලන්න..

මම මුලින් කිව්වනේ මේක වැඩිහිටි කාන්තාවක් කුඩා ගැහැණු ළමයෙකුට කියලා දෙන කතාවක් කියලා. ඒ කතාව අවසානය වෙනකොට ඔයාලට තේරුම් යයි පුංචි ගෑණු ලමයෙකුගෙ හිතට කාවද්දන්න හදපු අදහස මොකක්ද කියන එක.. ඒක මටනම් තේරුම් ගියේ හරියට “දුවේ මෙන්න මේ වගේ දේවල් වලින් අපි ප්‍රවේසම් වෙන්න ඕන” කියනවා වගේ…

]]>
https://sinhalasub.lk/movies/chola-2019-sinhala-subtitles/feed/ 0