උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
A girl juggling her dreams and social expectations, women workers denied bathroom breaks, a housewife thrown into crisis by a routine gone awry, a maid caught between the priorities of her employer couple, a sewage worker deciding to question an atrocity. Five stories about people of different classes, genders and ages – connected in their struggles for freedom and by the tears and smiles they encounter in that journey.
Freedom Fight (2022) Sinhala Subtitles
]]>සුභ දවසක් හැමෝටම!!
ඔන්න නත්තලත් ඉවරයි, අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. ශීතල පහව යන්නත් එක්ක පහු ගිය ටිකේඋණුසුම් මලයාලම් කිහිපයක්ම එළියට ආවා. ඒවා අතරින් හොඳ ප්‍රතිචාර සහිත සියල්ලම වාගේ දෙන්න අපට පුළුවන් උනා. මෙන්න එහෙනම් ඒ වගේ තවත් එකක්. මේක කෙලින්ම හොල්මන් කතාවක්. IMDB දර්ශකයේ 6.9 ක් තියෙන Vishnu Bharathan පළමු අධ්‍යක්ෂනය තමයි මේක. Aju Varghees, Anoop Menon, Zhinz Shan,Abhirami Bose, මෙහි නළු නිළියන් සමහරක්.
කුඩා වෙරළබඩ ගම්මානයක පාළු නිවසක් කුලියට ගෙන පදිංචියට එන නීතිඥයෙක් වන ජෝන් සහ ඔහුගේ පවුල එම නිවසේදී අත් දකින අද්භූත සිදුවීම් රැසක් වටා ගෙතුන කතාවක් මේක. සිය පෞද්ගලිකත්වය බලාපොරොත්තුවෙන් අසල් වාසීන්ගෙන් තොර මේ නිවස තෝරා ගත්තත් ඔවුන්ට තවත් එක් අමුත්තෙක් එකතු වෙනවා. අභිරහස ආරම්භ වන්නේ එතනින්.විවිධ සිදුවීම් සමග මේ අභිරහස විසඳීමට ජෝන් උත්සාහ ගන්නවා…
එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න?…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා.
ඔන්න දවසක් ජෙසිගේ අම්මා ඇදුමක මිනුමක් ගන්න කෙනෙක්ට කතා කරන්න කියනවා. එවෙලේ ජෙසී අතින් නම්බර් එකක් වැරදිලා විෂ්ණුට කෝල් එකක් යනවා. ඔන්න ඔතනින් තමා කතාව පටන්ගන්නේ. කොල්ලෝ උනාම ඉතින් ඔහොම වැරදිලා එන කෝල් පස්සේ පොඩ්ඩක් පන්නනවනේ. අන්න එහෙම තමන්ට ආපු කෝල් එක පස්සේ පන්නන විෂ්ණු හදන්නේ කොහොමහරි ජෙසි එක්ක යාලු වෙන්න.
අර කැමරා පෝන් එකක්වත් නැතිව, හැබැහින් පොටෝ එකක්වත් දකින්න නැතිව කටහඩින් විතරක් අදුනගත්තු මේ දෙන්නා යාලු වෙයි ද? හැම කතාවකම දුෂ්ටයෙක් ඉන්නවා වගේ, මේ කතාවටත් එහෙම කෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්ම. කව්ද අප්පේ ඒ නේද? ඒ අය ගැන මම කියන්න නම් යන්නේ නෑ.
හැබැයි මේ දේ නම් කියන්නම් ඕනේ. ඒ තමයි ඔයාල හිතන අවසානයවත්, බලාපොරොත්තු වෙන දේවත් නෙමෙයි චිත්‍රපටියේ අවසානයට වෙන්නේ. අර අපිට කුතුහලය දෙන wow factor එක සුපිරියට ඔයාලට දැනෙයි.
මිනිත්තු 113ක් පුර දිවෙන Kappela චිත්‍රපටය පහුගිය මාර්තු 6 වෙනි දින සිනමාහල්වල තිරගතවීම ආරම්හ කලත් දින පහ-හයක් තිරගතවීමෙන් අනතුරුව කොරෝනා තත්වය සිනමාහල් වසාදැමීම හේතුවෙන් එය තිරගතවීම අතරමග නතර කෙරුනා. නමුත් පසුව එය Netflix හරහා මුදා හරින්නට නිෂ්පාදක වරුන් තීරණය කරනු ලබන අතර ඒ අනුව පහුගිය ජුනි 22 වැනිදා මෙය ලොවපුරා ප්‍රේක්ෂකයින් හට Netflix හරා නැරඹීමේ පහසුකම උදාඋනා. තමාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙසින් Muhammad Musthafa විසින් මලයාලම් සිනමාවට දායාද කරන Kappela චිත්‍රපටය Kadhaas Untold බැනරය යටතේ Vishnu Venu ගේ නිෂ්පාදනයක්. Jimshi Khalid ගේ සිනමාකරණයෙන් හැඩවෙන මෙය Sushin Shyam ගේ පසුබිම් සංගීතයෙන් තව තවත් වර්ණවත් වනවා.
Kumbalangi Nights සහ Helen අතිශය ජනාදරයට පත් කොන්ඩේ කැරලි කැරලි තියෙන අවුරුදු 23 සුරුපි Anna Ben ගේ රංගනයෙන් හැඩවන Kappela චිත්‍රපටය ගැන බොහෝ දෙනා බලාපොරොත්තු දැල්වූ දෑසින් බලා සිටියා. ඇයට අමතරව Kumbalangi Nights, Anjaam Pathiraa, Trance වගේ චිත්‍රපටි වලින් අපි හමුවට ආපු Sreenath Bhasi ත් , Thottappan, Koode වගේ චිත්‍රපටි වලින් අපි හමුවට පැමිණි Roshan Mathew ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයන අතර ඔවුන්ට අමතරව අධ්‍යක්ෂක Muhammad Musthafa ද මෙහි අබු යන සහය චරිතයෙන් Kappela සලරුව හැඩ කරනවා.
මලයාලම් සිනමාව කියන්නේ කොහොමත් අපිට සමීප සිනමාවක්. ලංකාවට සමාන පරිසර, මිනිස්සුන්ගේ හැසිරීම, කතා බහ වගේ දේවල් නිසා මලයාලම් සිනමාව අපිට තවත් සමීප කරනවා. ඒ නිසා අමුතුවෙන් රහ කරලා කියන්න ඕනේ නැතිවෙයි කියල හිතනවා…
එහෙනම් හැමෝම තවත් එක සුන්දර මලයාලම් සිනමාවක අසිරිය විදගන්න. ඒ ගමන් පල්ලෙහා කියල තියෙන දේත් පොඩ්ඩක් හිතේ තියාගෙන ඉන්න.
“සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා…!”
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න