Neve Campbell Archives - SinhalaSub https://sinhalasub.lk/cast/neve-campbell/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 09 Nov 2024 02:12:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Neve Campbell Archives - SinhalaSub https://sinhalasub.lk/cast/neve-campbell/ 32 32 Scream (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/scream-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/scream-2022-sinhala-subtitles/#respond Sat, 09 Nov 2024 01:50:24 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14309 scream පලවෙනි චිත්‍රපටයෙන් පස්සෙ අවුරුදු 25 කට පස්සෙ තමයි මේ ෆිල්ම් එක එන්නෙ (??පලවෙනි එක එනකොට මම ඉපදිලාවත් නෑ ??) බිලි ලුමිස්ගෙ දුවත් ඉන්නවා.. ගෙදරක තනියම ඉන්න ගැනු ලමයෙකුට කෝල් එකක් එනවා ඒ කතා කරන කෙනා ප්‍රශ්න ටිකක් අහනවා එවට හරියට උත්තර නොදුන්නොත් මැරෙන්න තමා වෙන්නේ ඉතින් ඒ ප්‍රශ්න මොනවාද? කව්ද මේ මිනීමරුව කියලා බලන්න […]

The post Scream (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
scream පලවෙනි චිත්‍රපටයෙන් පස්සෙ අවුරුදු 25 කට පස්සෙ තමයි මේ ෆිල්ම් එක එන්නෙ (??පලවෙනි එක එනකොට මම ඉපදිලාවත් නෑ ??) බිලි ලුමිස්ගෙ දුවත් ඉන්නවා..

ගෙදරක තනියම ඉන්න ගැනු ලමයෙකුට කෝල් එකක් එනවා ඒ කතා කරන කෙනා ප්‍රශ්න ටිකක් අහනවා එවට හරියට උත්තර නොදුන්නොත් මැරෙන්න තමා වෙන්නේ ඉතින් ඒ ප්‍රශ්න මොනවාද? කව්ද මේ මිනීමරුව කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා හොදේ..????

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/scream-2022-sinhala-subtitles/feed/ 0
Skyscraper (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/skyscraper-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/skyscraper-2018-sinhala-subtitles/#comments Sat, 02 Sep 2023 02:30:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52530 Skyscraper Sinhala Sub Skyscraper Sinhala Subtitles Skyscraper (2018) Sinhala Sub Skyscraper (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පුරාතන ලෝකයේ පිරමීඩ හදන කාලේ ඉඳලා අද වෙනකම් තවමත් එක්තරා නොසංසිඳුණු ආශාවක් මිනිස් හිතේ තියෙනවා. ඒ තමයි, අහස සිඹින ගොඩනැගිල්ලක් ඉදිකරන එක. මෙච්චර කාලයක් තිස්සේ හීනයක් විදියට තිබ්බ මේ ආශාව, එක්තරා විදියකින් සම්පූර්ණ වුණා කියලා කියන්න පුළුවන්. ලෝකේ […]

The post Skyscraper (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Skyscraper Sinhala Sub
Skyscraper Sinhala Subtitles
Skyscraper (2018) Sinhala Sub
Skyscraper (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පුරාතන ලෝකයේ පිරමීඩ හදන කාලේ ඉඳලා අද වෙනකම් තවමත් එක්තරා නොසංසිඳුණු ආශාවක් මිනිස් හිතේ තියෙනවා. ඒ තමයි, අහස සිඹින ගොඩනැගිල්ලක් ඉදිකරන එක. මෙච්චර කාලයක් තිස්සේ හීනයක් විදියට තිබ්බ මේ ආශාව, එක්තරා විදියකින් සම්පූර්ණ වුණා කියලා කියන්න පුළුවන්.

ලෝකේ උසම ගොඩනැගිල්ල මොකක්ද? බර්ජ් කලීෆා ගොඩනැගිල්ලද? නැහැ. හොං-කොං හි පර්ල් කුළුණ! එම්පයර් ස්ටේට් කුළුණ අඩි 1250ක් උසයි. බර්ජ් කලීෆා කුළුණ අඩි 2717 ක් උසයි. දැන් මේ කියන්න යන පර්ල් කුළුණ අඩි 3500ක් උසයි. එම්පයර් ස්ටේට් කුළුණ වගේ තුන්ගුණකට පොඩ්ඩයි උසින් අඩු වෙන්නේ.

හොං-කොං හි පිහිටා තිබෙන ලොව උසම ගොඩනැගිල්ල වන මෙහි භාවිතා කෙරෙන්නෙ අති නවීනම තාක්ෂණය. විශේෂයෙන්ම, ගිණි නිවීම සඳහා මේ පර්ල් ගොඩනැගිල්ලේ භාවිතයට ගැනෙන්නේ, මේ ගොඩනැගිල්ලටම ආවේණික ආකාරයේ ස්වයං මුද්‍රා තැබෙන වාතාශ්‍ර පද්ධතියක්. ඒ වගේම, ශක්තිමත් ජල විදිනය වගේම, කාබන්ඩයොක්සයිට් දහරාව නිසා, බොහොම පොඩි වෙලාවකින් ඕනෑම ආකාරයේ ප්‍රබල ගින්නක් නිවලා දාන්න පුළුවන්කම තියෙනවා. ගොඩනැගිල්ලේ මේ හැමදෙයක්ම නිරීක්ෂණය කෙරෙන්නෙ හැතැප්මක් ඈතට වෙන්න පාලන පහසුකම් තියෙන තැනක ඉඳන්. තට්ටු 220කින් සමන්විත වෙන, ලොව හොඳම ආරක්ෂක ව්‍යුහය සහිත, ලොව උසම ස්ථානය තමයි මේ හොං-කොං හි පිහිටා තිබෙන පර්ල් කුළුණ. ඒත්, ඇත්තටම පර්ල් එක කියන්නේ වෙනම දෙයක්. කුළුණ මුදුනටම වෙන්න තියෙනවා අදහාගන්න බැරි ආකාරයේ ගෝලයක්. මේ ගෝලය සමන්විත වෙන්නේ චලන සංවේදී ප්‍රක්ෂේපණ පැනල් 317 කින්. ඒ වගේම, මේ ගෝලය සමන්විත වෙනවා, 8K මයික්‍රෝ කැමරා දෙපැත්තටම හයි කරපු, අල්ට්‍රා හයි ඩෙෆිනිෂන් පැනල් විසිපන්දාහකින් විතර. මේ හේතුව නිසාම මේ පර්ල් කුළුණ ලෝකේ අටවෙනි පුදුමය බවට පත්වෙනවා.

විල් සෝයර්! ඇමරිකානු මැරීන් බලකායේ රාජකාරි නියතු සෙබලෙක්. අවුරුදු හයක් පුරාවට ඇමරිකානු FBI ආයතනයේ රාජකාරි නියතු නියෝජිතයෙක්. අවුරුදු අටක් පුරාවට ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ කණ්ඩායමක සේවයේ නියතු සෙබලෙක්. හැබැයි, ඒ බොහොම කාලයකට ඉස්සර. අවසාන ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම නිමාවට පත්වුණේ මේ වීරෝදාර සෙබලාට සිය ජීවිත කාලයටම අමතක නොවන අන්දමේ මතකයන් රැසක් හිමිකර දෙමින්. බොහොම දරුණු විදියට තුවාල වෙච්ච මේ සෙබලා, අවසානයේ සිය ජීවිතය බේරගන්න සමත් වුණා. නමුත්, ඔහුගේ කකුලක් නම් ඉවත් කරන්න සිද්ධවුණා. මේ තමයි විල් සෝයර්ගේ හමුදා ජීවිතයේ අවසානය. අවුරුදු ගණනාවක් ගතවුණා. දැන් ඔහු දරුවන් දෙදෙනක් ඉන්න ආදරණීය පියෙක්. බොහොම සෙනෙහෙබර ස්වාමියෙක්. හමුදාවෙන් විශ්‍රාම ගත්ත දවසේ ඉඳලා තුවක්කුවක් අතින් වත් අල්ලලා නැහැ. නමුත්, සමහර දේවල් වලින් අපි කොච්චර ඈත් වෙලා ඉන්න හැදුවත්, ඒ දේවල් කොහොමහරි අපිව හොයාගෙන එනවා.

ඔබගේ පවුල ඔබට කොච්චර වටිනවද?
ඔබගේ පවුල වෙනුවෙන් ඔබ ඕනෙම දෙයක් කරනවද?
ඔබගේ පවුල වෙනුවෙන් ඔබට ඔබගේ ජීවිතය අවදානමේ දාගන්න වුනොත් ඔබ මොකද කරන්නේ?

සැකයක් නැහැ, ඔබගේ පවුල වෙනුවෙන් ඔබ ඕනෙම දෙයක් කරාවි. මොකද, ඔබගේ පවුල තමයි මේ ලෝකේ ඔබට තියෙන වටිනාම දේ. මොන දේ කැපකරලා හරි, ඒ දේ බේරගන්න තමයි මේ ලෝකේ ඕනෙම කෙනෙක් උත්සාහ කරන්නේ. ඒක තමයි ලෝක ධර්මතාවය. මේ ධර්මතාවට මිනිස්-සත්ව දෙගොල්ලොන්ටම පොදු ධර්මතාවයක්. ඒක මේ විල් සෝයර් නම් කකුලක් අහිමි වෙච්ච, වීරෝධාර සෙබළටත් පොදු ධර්මතාවයක්!

නවීන තාක්ෂනය එක්තැන් කරලා නිෂ්පාදනය කරපු අහස සිඹින පර්ල් කුළුනේ ආරක්ෂක උපදේශක තනතුර සඳහා මේ විශ්‍රාමික සෙබළ විල් සෝයර්ව බඳවා ගන්නවා. නමුත්, රැකියාව ලැබිලා පැය කීපයක් යන්න කලින් හැමදෙයක්ම කණපිට ගැහෙනවා. කිසිම විදියකින් ගිණි තියන්න බැහැ කියපු මේ විශ්වකර්ම නිර්මාණය බුර බුරා නැගෙන ගිණි ජාලාවක් බවට පත්වෙනවා. හයක් හතරක් නොතේරෙන දරු දෙන්නත් එක්ක, විල් සෝයර්ගේ බිරිඳ මේ ගිණි ජාලාවට මැදි වෙනවා. කොහොමද එක සැරේටම මෙහෙම වෙන්නේ? කිසිම විදියකින් ගිණි තියන්න බැහැ කියපු ලෝකේ අටවෙනි පුදුමය හිටි හැටියෙම මෙහෙම ගිණි ගන්නේ කොහොමද? කිසිම හේතුවක් නැතුවද? නැහැ, ලොව ප්‍රමුඛ පෙළේ අතිශය දරුණු අපරාධකරුවෙකු විසින් මෙහෙයවන්නා වූ කල්ලියක් මේ ගොඩනැගිල්ලට ඇතුල් වෙනවා. බොහොම සූක්ෂම විදියට සැලසුම් කරලා සිද්ධකරපු මේ ප්‍රහාරයෙන් අති විශාල ව්‍යසනයක් වෙන්නයි යන්නේ. ආබාධිත තාත්තා කෙනෙක් විදියට විල් සෝයර් මේ සියල්ල දිහා අසරණව බලාගෙන ඉන්නද? තමන්ගේ පවුල තම ඇස් පනාපිටම ගින්නෙන් පිච්චිලා යනවා බලාගෙන ඉන්න පුළුවන් මොන තාත්තා කෙනෙක්ටද?

Dwayne Johnson, එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදියට “රොක්” ප්‍රධාන රංගන දායකත්වය සපයන නවතම සිනමා සිත්තම තමයි ඔබ වෙතට මේ ආකාරයෙන් අරගෙන එන්නේ. 2018 වර්ෂය වෙනුවෙන් “රොක්” රංගනයෙන් දායක වන අවසාන චිත්‍රපටය බවට බොහෝදුරට මෙය පත්වේවි. Action, Adventure, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, ජූලි 13 වෙනිදා තමයි මේ චිත්‍රපටය නිළ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 125කට අධික දැවැන්ත පිරිවැයක් දරමින්, මේ වසරේ වැඩිම වියදමක් දරමින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපට ලැයිස්තුවට එකතු වෙන්නට මේ චිත්‍රපටයට හැකියාව ලැබෙනවා. මේ සටහන ලියවෙන මොහොත වනවිට, Imdb දර්ශකයේ 6.1 ක මනාප අගයක්ද, Rotten Tomatoes හි 48% ක මනාප ප්‍රතිශතයක් හිමිකර ගැනීමටද සමත්කම් දක්වමින්, ඇමරිකානු ඩොලර් මිලියන 280 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තමන් සන්තක කරගනිමින්, තවමත් සාර්ථක අයුරින් සිනමා ශාලා තුල තිරගත වෙමින් පවතිනවා. Dodgeball: A True Underdog Story (2004), We’re the Millers (2013), Central Intelligence (2016) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Rawson Marshall Thurber තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. විශේෂත්වයක් තියෙනවා, Comedy කැටගරියෙන් ඈත්වෙලා ප්‍රථම වතාවට තමයි Rawson Marshall Thurber මේ වගේ තනිකරම ක්‍රියාදාම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ. මෙච්චර කාලයක් තිස්සේ කොමඩි චිත්‍රපට අධ්‍යක්ෂණය කර කර ඉඳපු මනුස්සයට මේ චිත්‍රපටයත් එක්ක ක්‍රියාදාම චිත්‍රපට හිතට අල්ලලා ගිහිල්ලද මන්දා, ඔන්න Wonder Woman චිත්‍රපටය තුලින් අතිශය ජනාදරයට පත්වෙච්ච Gal Gadot එක්ක “රොක්” ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන Red Notice නම් ක්‍රියාදාම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත් Rawson Marshall Thurber මේ දවස් වල ලහි ලහියේ ලෑස්ති වෙනවලු ?

මේ සිනමා නිර්මාණය ගැන කතා කරනවා නම්, තිරගත වෙන්න පෙරාතුව පළමු පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමගම ඇතිවෙච්ච කැළඹීම නම් සුළු පටු නැහැ. මොකද, චිත්‍රපටයේ එක දර්ශනයක් තියෙනවා, “රොක්” පාලමක් දිගේ දුවගෙන ඇවිත් බොහොම ඈතින් තියෙන වෙනත් ගොඩනැගිල්ලකට පනිනවා. මෙන්න මේ පනින පිම්ම නිසා තමයි මේ චිත්‍රපටය ගොඩක් දෙනා අතර කතා බහට ලක්වුණේ. පහතින් ඔබට එම දර්ශනයේ ජායාරූපයක් බලාගන්න පුළුවන්.

මේ සිද්ධිය නිසා කොච්චර උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුනාද කියනවා නම්, ගණිතමය වශයෙන් මේ පිම්ම සිදුකරන්න බැහැ කියලා ඔප්පු කරන්න පවා සිනමාලෝලීන් උනන්දු වුණා. ඔවුන් පවසන විදියට “රොක්” මෙහිදී අනිත් ගොඩනැගිල්ලට පනින කෝණය අනුව ඔහුට කිසිසේත්ම අනිත් ගොඩනැගිල්ලේ තියෙන විවරයට පැනගන්න නොහැකි වෙනවා වගේම, මේ පිම්ම සිදුකරන්න නම්, පැයට සැතපුම් 28.4ක වේගයක් සහිතව පාලම මතින් දුවගෙන පැමිණ, අදාළ පිම්ම පැනීමට සිදුවෙනවා. නමුත්, ලොව වේගවත්ම මිනිසා ලෙස අභිෂේක ලබා සිටින උසේන් බෝල්ට්ගේ පවා උපරිම වේගය ලෙස සැලකෙන්නේ පැයට සැතපුම් 27.4 ක වේගයක්. මේ නිසාම මේ පිම්ම, “සියවසේ ප්‍රෝඩාකාරීම/අතාත්විකම සිනමා දර්ශනය” විදියට පවා හඳුන්වා දෙන්න සිනමාලෝලීන් සහ විචාරකයින් අමතක කලේ නැහැ.

හැබැයි, විචාරකයෝ මොනවා කිව්වත්, චිත්‍රපටය බැලුවොත් ඔබටම තේරේවි, කොච්චර අතාත්වික වුනත් මේ පුදුමාකාර පිම්මත් එක්ක චිත්‍රපටයට කොච්චර නම් ආලෝකයක් එකතු වෙනවද කියලා. සිනමා ශාලාවක පුළුල් තිරයකින් මේ දර්ශනය නැරඹුවා නම් මං මේ කියන කාරණාව තව දුරටත් හොඳින්ම ඔබට තේරුම් යනවා ඇති. අතාත්වික දර්ශනයක් වුනත්, ඒකෙන් ප්‍රේක්ෂකයා පිනවන්න පුළුවන් නම්, ප්‍රේක්ෂකයා හට වින්දනයක් ලබාදෙන්න පුළුවන් නම්, ඒකෙ ඇති වරදක් නැහැ කියලයි මගේ නම් පෞද්ගලික මතය.

එහෙනම්, ඔබ “රොක්” ගේ සිනමා රසිකයෙක් නම්, ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන්නෙක් නම්, ඇඩ්වෙන්චර් චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන්නෙක් නම්, ඔබ සොයන්නේ කම්මැලි කමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටයක් නම්, දෙසැරයක් හිතන්නේ නැතුව අරගෙන බලන්නයි තියෙන්නේ. ලොව උසම ගොඩනැගිල්ල මත තම ජීවිතය පරදුවට තබමින් ආදරණීය පියෙකු විසින් සිදුකරන්නා වූ අතිශය භයංකාර, පුදුමාකාර, වික්‍රමාන්විත මෙහෙයුම ඔබව මොහොතකට පියවි ලෝකයෙන් ඈත්කර තබාවි. ඩොලර් මිලියන 125කට අධික මුදලක් වියපැහැදම් කරලා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය පුරාවටම තාක්ෂනය බොහොම ඉහලින් පාවිච්චි කරලා තියෙනවා. මගේ පෞද්ගලික අදහස නම්, රොක් රංගනයෙන් දායක වන ඇක්ෂන්, ඇඩ්වෙන්චර් චිත්‍රපට අතුරින්, මේ චිත්‍රපටය ඉහළම ස්ථානයක තියන්න පුළුවන් බය නැතුව. වගකීමෙන් කියනවා, හෝරා එක හමාරක් ගෙවිලා යනවා ඔබට දැනෙන එකක් වත් නැහැ. ඔබගේ ඇස් දෙක ලොකු කරවලා, ඔබව පුටුව උඩ ඉන්දවන්න තරම් ඇඟ හිරිවට්ටන ඇඩ්වෙන්චර් දර්ශන කීපයක්ම චිත්‍රපටයේදී ඔබට බලාගන්න හැකියාව ලැබේවි. මේ වර්ගයේ චිත්‍රපට නරඹන්නන් මගනොහැර ගත යුතුම චිත්‍රපටයක් විදියට ඉහලින්ම නිර්දේශ කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Skyscraper (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/skyscraper-2018-sinhala-subtitles/feed/ 1
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/scream-4-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/scream-4-2011-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 14:16:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44864 Scream 4 Sinhala Sub Scream 4 Sinhala Subtitles Scream 4 (2011) Sinhala Sub Scream 4 (2011) Sinhala Subtitles හලෝ, කොහොමද යාළුවනේ. මම මුලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසිය. මේක දෙන්න මට ටිකක් කල් ගියා. මොකද මම උපසිරැසි බෑවට උපසිරැසි හදන එකේ අමාරුව දැනුනෙ ඒක හදනකොට. ඊටත් වඩා මේක මගේ පළවෙනි උපසිරැසියනෙ. ඉතින් මම මුලින්ම ස්තූති […]

The post Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 4 Sinhala Sub
Scream 4 Sinhala Subtitles
Scream 4 (2011) Sinhala Sub
Scream 4 (2011) Sinhala Subtitles

හලෝ, කොහොමද යාළුවනේ. මම මුලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසිය. මේක දෙන්න මට ටිකක් කල් ගියා. මොකද මම උපසිරැසි බෑවට උපසිරැසි හදන එකේ අමාරුව දැනුනෙ ඒක හදනකොට. ඊටත් වඩා මේක මගේ පළවෙනි උපසිරැසියනෙ. ඉතින් මම මුලින්ම ස්තූති වෙනවා මට මේ අවස්ථාව දුන්නු සමීර අයියට. ඒ වගේම මෙච්චර කාලයක් අපිට උපසිරැසි දුන්න Baiscopelk අයියලට, අක්කලට. ඉතින් මම හිතනවා මේ ෆිල්ම් එක ඔයගොල්ලො රස විඳියි කියලා.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2011 ඔක්තෝබර් මාසෙ release වෙච්ච එකක්. ප්‍රධාන නිලිය විදියට ඉන්නෙ කතාවේ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. ඊට අමතරව Emma Ronerts, Courteny Cox, Rory Culkin ආදී නළු නිලියො ගොඩක් මේ කතාවේ රගපානවා. මේකට 6.2/10 ක IMDb Rating එකක් තියෙනවා.

කතාව පටන්ගන්නෙ Stab කියලාTV Series එකකින්. මේ කතාවෙ භයානක ලේ වැගිරීම් දර්ශන තියෙනවා. අධි සංවේදී අය ඒ හින්දා මේක නොබල හිටියොත් හොඳයි. ඉන් පස්සෙ තියෙන්නෙ Kirby කියලා කෙල්ලෙක්ගෙ සීන් එකක්. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක කාර් එකේ යද්දී නොදන්නා කෙනෙක්ගෙන් කෝල් එකක් ලැබෙනවා මොකක්ද ඔයාගෙ කැමතිම බය හිතෙන ෆිල්ම් එක කියලා. එයා ඒකට Answer කරන්නෙ නෑ. ඒත් එක්කම ඉස්සරහින් ගියපු වාහනයක්  ඒ අයගෙ වාහනේ ගෑවී නොගෑවී යනවා. ඊට සීන් කීපයකට පස්සෙ තමයි අපේ සිඩ්නි එන්නෙ. එතන දී එයා මිනීමැරුමක සැකකාරයෙක් වෙනවා. මේ විදියට යන ෆිල්ම් එකේ ඊළඟට මොනව වෙයිද? මිනීමරන චෝදනාවට සිඩ්නි අහුවෙයිද? ඒවා ෆිල්ම් එකෙන්ම බලාගන්න. මගේ 1 නේ. කොහොම හරි කොමෙන්ට් දාන්න අමතක කරන්න එපා. මගේ මීළඟ උපසිරැසිය SAW 6. අපි ආයෙත් ඒකෙන් හම්බ වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාමර දෙනුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/scream-4-2011-sinhala-subtitles/feed/ 0
Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/scream-3-2000-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/scream-3-2000-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 14:01:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44847 Scream 3 Sinhala Sub Scream 3 Sinhala Subtitles Scream 3 (2000) Sinhala Sub Scream 3 (2000) Sinhala Subtitles ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි […]

The post Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 3 Sinhala Sub
Scream 3 Sinhala Subtitles
Scream 3 (2000) Sinhala Sub
Scream 3 (2000) Sinhala Subtitles

ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි පරක්කු වුණේ. නැත්නම් මීට දවස් දෙක-තුනකට කලින් දෙන්න තිබුණා. දැන් කතාවට බහිමුකෝ.

ඔයගොල්ලන්ට කලින් දුන්න Scream 4 එකේ කලින් කතාව තමයි මේක. මේක පටිගත කරලා තියෙන්නෙ 2000 වසරෙදි. ප්‍රධාන චරිතය සුසුරුදු පරිදිම රඟපාන්නෙ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. David Arquette, Courtney Cox, Scott Foley වගේ නළු නිළියො පිරිසක් තමයි මේකෙ ඉන්නෙ. IMDb ගැන කියනවනම් rate එක 5.5 ක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wes Carven.

මේකෙ වෙන දේ කෙටියෙන් කියන්නම්කො. මුලින්ම මේක සුපුරුදු පරිදිම පටන් ගන්නෙ මිනීමැරුමකින්. මේ පාර මරන්නෙ කොට්න් වෙයරිව (සිඩ්නිගෙ අම්මා මැරුවා කියලා සැක කරපු කෙනාව). එයයි එයාගෙ පෙම්වතියයි වෙස්-මූණක් දාගතත්තු අපේ අවතාර මූණා විසින් මරලා දානවා. ඊට පස්සෙ තියෙන්නෙ සිඩ්නිගෙ දර්ශනයක්. එයා දැන් අවතාර මූණට බයේ හැංගිලයි ඉන්නෙ. බොරු නමකින් සමාජය ඉදිරියේ ඉන්නවා. මේකෙන් පස්සෙ තියෙන්නෙ ගේල් වෙදර්ස් ගැන කතන්දරයක්. මේක පදනම් වෙලා තියෙන්නෙ ස්ටැබ් 3 චිත්‍රපටිය එක්ක. මේකෙදි සිඩ්නිට එයාගෙ අම්මගෙ ඇත්තම මිනීමරුවව මුණ ගැහෙනවා. දිගටම මම කතාව කිව්වොත් රසය නැති වෙනවානෙ. ඉතින් කතාව බලලම බලාගන්න කවුද සිඩ්නිගෙ අම්මගෙ මිනීමරුවා කියලා. SAW 5 වලින් ආපහු මුණ ගැහෙමු!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාමර දෙනුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/scream-3-2000-sinhala-subtitles/feed/ 0
Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/scream-2-1997-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/scream-2-1997-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 11:30:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44476 Scream 2 Sinhala Sub Scream 2 Sinhala Subtitles Scream 2 (1997) Sinhala Sub Scream 2 (1997) Sinhala Subtitles හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ  Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ […]

The post Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 2 Sinhala Sub
Scream 2 Sinhala Subtitles
Scream 2 (1997) Sinhala Sub
Scream 2 (1997) Sinhala Subtitles

හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ  Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ Neve Campbell. මේ චිත්‍රපටිය ගැන කියනවනම් ඉතින් මේක තිරගත කරල තියෙන්නෙ 1997 දෙසැම්බර් මාසෙ 10 වෙනිදා. මේක IMDB 6.0 ක අගයක් අරගෙන තියෙනවා. 

කතාවට බහිමුකො. ඔන්න ඉතින් හැමදාම වගේ පටන් ගන්නෙ සිඩ්නිගෙන් නම් නෙමෙයි. වුඩ්ස්බොරෝ වල මැරුණු අයගෙ කතාව ලියපු ගේල් වෙදර්ස්ගෙ පොතෙන් චිත්‍රපටියක් හැදෙනවා Stab කියල. ඒක බලන්න යනව ලස්සන  couple එකක්. ඒ දෙන්නම එතනදි  මැරෙනවා. ඊට පස්සෙ තමා සිඩ්නිගෙ ප්‍රශ්න පටන් ගන්නෙ. ආ සිඩ්නිට තව පෙම්වතෙක් සෙට් වෙලා. අලුත් යාලුවොත් ගොඩක් ඉන්නවා. මේ වතාවෙත් දරුණු ගණයෙ මිනීමරුවෙක් තමා ඉන්නෙ. ඔයාලම බලාගන්නකො මේ වතාවෙ සිඩ්නිට වෙන දේවල්. ඉක්මනටම Scream 3න්  හමුවෙමු. එතකම් හැමෝටම බායි බායි!!!!! ( හොද නරක කියල ඔයාලගෙ අදහසුත් දාල යන්න යාලුවනේ…! )

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හංසනී සෙව්වන්දි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/scream-2-1997-sinhala-subtitles/feed/ 0
Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/scream-1996-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/scream-1996-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 11:23:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44778 Scream Sinhala Sub Scream Sinhala Subtitles Scream (1996) Sinhala Sub Scream (1996) Sinhala Subtitles . මගෙ පළවෙනි උපසිරසිය තමයි මං අද අරගෙන ආවෙ. මුලින්ම මං ස්තූති කරන්න ඕන මට මේ අවස්තාව ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න අයියට (අයියා කිවුවට මාමා කෙනෙක් මං හිතන්නෙ :P). මම ඔයාලට ගෙනාවෙ ටිකක් විතර පිස්සු හැදෙන එකක්.  Scream විදියට නම් කරපු මේ ච්ත්‍රපටිය 1996 […]

The post Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream Sinhala Sub
Scream Sinhala Subtitles
Scream (1996) Sinhala Sub
Scream (1996) Sinhala Subtitles

. මගෙ පළවෙනි උපසිරසිය තමයි මං අද අරගෙන ආවෙ. මුලින්ම මං ස්තූති කරන්න ඕන මට මේ අවස්තාව ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න අයියට (අයියා කිවුවට මාමා කෙනෙක් මං හිතන්නෙ :P). මම ඔයාලට ගෙනාවෙ ටිකක් විතර පිස්සු හැදෙන එකක්.  Scream විදියට නම් කරපු මේ ච්ත්‍රපටිය 1996 තමයි මුලින්ම තිරගත කරල තියෙන්නෙ. මේකෙ ඔක්කොම කොටස් 4ක් තියෙනවා. (පලවෙනි එක බලලනෙ අනිත් ඒව බලන්න ඕන.) මේක IMDb 7.2 ක අගයක් අරගෙන තියෙනව. තව කියනවනම් මේ චිත්‍රපටිය සම්මාන 7ක් අරගෙන තියෙනවා. තව 4කටත් නම යෝජනා වෙලා තියෙනව. මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ Drew barrymore එක්ක Neve Campbell.

ඔයාල මොකද හිතන්නෙ ඔයාලටත් film එකක වගේ මැරෙන්න සිද්ද උනොත්. මේකත් ඒ වගේ එකක්. කතාව ගැන කිව්වොතින් මුලින්ම පටන් ගන්නෙ කේසි කියල girl කෙනෙක්ට එන කෝල් එකකින්. එයා කියන පොඩි බොරුවක් නිසා එයාගෙ boyfriendටත් මැරෙන්න වෙනව.(මරු නේද?). ඊලඟට තමා සිඩ්නිගෙ කතාව පටන් ගන්නෙ. සිඩ්නි ඉන්නෙ තාත්තත් එක්ක. එයාගෙ අම්මව මරල දාල අවුරුද්දක් ලංවෙද්දි තමා මේ ඔක්කොම පටන් ගන්නෙ. සිඩ්නිට මූන දෙන්න වෙන්නෙ ප්‍රශ්න ගොඩකට. මම කතාව කිව්වොත් හරි නෑ වගේනෙ. ඔයාලම බලාගන්නකො. හොදද නරකද කියලත් කියල යන්න හොදේ. ලගදිම ආයෙ හමුවෙමු යාලුවනේ.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/scream-1996-sinhala-subtitles/feed/ 0