Narain Archives - SinhalaSub https://sinhalasub.lk/cast/narain/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Nov 2024 10:28:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Narain Archives - SinhalaSub https://sinhalasub.lk/cast/narain/ 32 32 Kaithi (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kaithi-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kaithi-2019-sinhala-subtitles/#respond Sun, 17 Nov 2024 10:20:33 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14496 Kaithi Sinhala Subtitles Kaithi (2019) Sinhala Subtitles

The post Kaithi (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaithi Sinhala Subtitles
Kaithi (2019) Sinhala Subtitles

The post Kaithi (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kaithi-2019-sinhala-subtitles/feed/ 0
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/800-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/800-2023-sinhala-subtitles/#comments Sun, 03 Dec 2023 09:55:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57627 800 Sinhala Sub 800 Sinhala Subtitles 800 (2023) Sinhala Sub 800 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 800 කියපු ගමන්ම දන්නවා නේ ෆිල්ම් එක ගැන. අපේම එකෙක්ගැන කියන කතාවක් ඉන්දියාවෙන් කියන්නේ. අපට කරන්න බැරිවුන දේ ඉන්දියාවෙන් කරල. කමක් නෑ කියමුකෝ. වෙන ෆිල්ම්ස් ගැන FB එකේ හෑලි ලියන අය මේ ගැන කිසිම හාවක් හූවක් නෑ. මට […]

The post 800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
800 Sinhala Sub
800 Sinhala Subtitles
800 (2023) Sinhala Sub
800 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

800 කියපු ගමන්ම දන්නවා නේ ෆිල්ම් එක ගැන. අපේම එකෙක්ගැන කියන කතාවක් ඉන්දියාවෙන් කියන්නේ. අපට කරන්න බැරිවුන දේ ඉන්දියාවෙන් කරල. කමක් නෑ කියමුකෝ. වෙන ෆිල්ම්ස් ගැන FB එකේ හෑලි ලියන අය මේ ගැන කිසිම හාවක් හූවක් නෑ. මට තේරෙන්නේ නැති එකම ප්‍රශ්නය ඕකයි.

හරි මමවත් ඕක ගැන කියන්නම්. මේ ෆිල්ම් එක කරන්න හැදුවේ වෙන්කට් ප්‍රභූ අපේ විජේ සේතුපතිව යොදාගෙන. නමුත් මේකට තමිල්නාඩුවෙන් විශාල විරෝධයක් ආවා. ඒකෙන් ඒ වැඩේ නතරවුනා. නමුත් ඊට පස්සේ M.S. Sripathy වැඩේ භාර අරගෙන Madhur Mittal දාල ගොඩා දාල දීල. වෙන්කට්ට විරෝධය පාපු අය මේකට විරෝධයක් නොපෑවේ අයි කියලනම දන්නේ නෑ .

කතාව ලියල තියෙන්නේ M.S. Sripathy හා Shehan Karunatilaka විසින් . සංගීතය Ghibran ගෙන්. ඒකනම් මරුවට තිබුනා. කැමරාකරණය R. D. Rajasekhar විසින්ද සංස්කරණය Praveen K. L. විසින්ද මෙහෙයවල තියෙනවා.

Madhur Mittal මුරලිදරන්ගේ චරිතයට පන පොවල තියෙනවා වගේම මුරලිගේ බිරිදගේ චරිතයට Mahima Nambiar දායකවෙලා තියෙන්නේ. King Ratnam තමයි අර්ජුන රණතුංගගේ චරිතයට පනපොවන්නේ. ආයේ දෙකක් නෑ ඒ චරිතයනම් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා රජුලෙස සලකන්න පුලුවන් අර්ජුනගේ චරිතය එහේම්පිටින්ම තිරයට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම Narain ප්‍රභාකරන් Nassar, Vadivukkarasi, Riythvika, Vela Ramamoorthy (මුරලිගෙ තාත්තා ) Sharath Lohithaswa (මුරලිගේ කෝච් ) ලෙස රංගනයේ දායක වෙනවා.

අපේ අය ගොඩාක් ට්‍රේලරය බලලා වෙනස් විදියට හිතන් ඉන්නේ. හමුදවට හා ප්‍රභා එක්ක කතාව ගැන. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් අපට සිනමාව තුලින් බලාගන්න පුලුවන්. මේක වෙනස්වෙන්න ඕන කියන එකයි තමිල්නාඩුවේ ප්‍රශ්නය වුනේ.

අවසාන වශයෙන් කියන්න පුලුවන් මේකට අනවශ්‍ය වර්ණවත් කරන්න කියල එක එක දේවල් ඇතුලත් කරලනම් නෑ. නිම චරිතාපදානයක් කියලනම් කියන්න පුලුවන් සිනමාවක් .

ඉතින් කට්ටියත් බලලා කොමන්ට් මොනව හරි කියන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/800-2023-sinhala-subtitles/feed/ 8
Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/iraivan-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/iraivan-2023-sinhala-subtitles/#comments Tue, 31 Oct 2023 14:59:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57099 Iraivan Sinhala Sub Iraivan Sinhala Subtitles Iraivan (2023) Sinhala Sub Iraivan (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පොලිස් නිලධාරියෙකුට හදිසියේම හෘදයාබාධයක් හටගැනීම නිසා රෝහල් ගත කරන අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණි පොලිස් කොමසාරිස්වරයා හට මේ අවුරුදු තිස්දෙකක සේවාකාලයක් ඇති පළපුරුදු පොලිස් නිලධාරියා පහත ආකාරයට කම්පන සහගත ප්‍රකාශයක් සිදුකරයි. පපුවේ අමාරුවක් හැදෙන්න තරමට ඔයාට […]

The post Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Iraivan Sinhala Sub
Iraivan Sinhala Subtitles
Iraivan (2023) Sinhala Sub
Iraivan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පොලිස් නිලධාරියෙකුට හදිසියේම හෘදයාබාධයක් හටගැනීම නිසා රෝහල් ගත කරන අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණි පොලිස් කොමසාරිස්වරයා හට මේ අවුරුදු තිස්දෙකක සේවාකාලයක් ඇති පළපුරුදු පොලිස් නිලධාරියා පහත ආකාරයට කම්පන සහගත ප්‍රකාශයක් සිදුකරයි.

පපුවේ අමාරුවක් හැදෙන්න තරමට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද?

සර් මම ඔයාට දෙන්න බ්‍රහ්මා ගැන අලුත් වාර්තාවක් හද හදා හිටියේ සර්.
ඒක හදද්දි මම සෑහෙන ආතතියකින් හිටියේ, සතියක් විතර හරියකට නිදාගත්තෙත් නෑ.
මගේ මේ අවුරුදු 32 සේවා කාලයටම මේ වගේ මිනිමැරුවෙක්ව මං දැකලා නෑ සර්.
සෑහෙන බය හිතෙනවා සර්.
මට තවත් මේක කරන්න බෑ සර්, මටත් තරුණ දුවලා ඉන්නවා සර්.
හිරෙන් පැනලා ආවාට පස්සේ ඌ තවත් දරුණු විදියට මිනිමරනවා සර්.
මේ ලඟදි රාජි කියලා කෙල්ලෙක්වත්, මගේ යාළුවෙකුගේ දුවෙක්!
දරුණු විදියට වද දීලා මරලා දාලා මිනිය හම්බුනා.
කලින් කරපු මිනිමැරුම් වලදි මිනිමරුවා මිනිමැරුම කරලා එහෙම්ම අතඇරලා දානවා.
ඒත් දැන් ඌ මරපු කෙල්ලන්ගේ පවුල් වල අයවත් ඉලක්ක කරනවා.
රාජි මැරිලා දවස් දෙකක්වත් වුනේ නෑ.
කෙල්ල අන්තිමට ඇඳගෙන හිටපු ලේ පැල්ලම් තියෙන ඇඳුමයි. පෙන් ඩ්‍රයිව් එකකුයි පාර්සල් කරලා යවලා.
පෙන් ඩ්‍රයිව් එක ඇතුලේ කෙල්ලට වද දිදි මරණ හැටි වීඩීයොවක් තිබිලා සර්.
සර් අපි පොලිස්කාරයෝ සර්, සිවිල් මිනිස්සුන්ට වඩා අපට දරාගැනීම වැඩිපුර තියෙනවා.
මගෙ මේ සේවා කාලයට මම කොච්චර අපරාධ දැකලා තියෙනවද සර්?
එහෙම ඉන්න මටම මේක දරාගන්න බැරිවුනා සර්.
එතකොට ඒ කෙල්ලව වදාපු අම්මට කොහොම දැනෙනවා ඇතිද?
ඒ අම්මා ගිණි තියා‍ගෙන මැරුනේ සර්.

මේ වසරේ සැප්තැම්බර් මස සිට තිරගත කරන ලද IRAIVAN සිනමාපටයේ ඇති ජවනිකාවක් ඉහතින් උපුටා දක්වා ඇත. ත්‍රාස රසය නොඅඩුව සපයන psychological thriller වර්ගීකරණයට අයත් මෙම සිනමාපටයේ Jayam Ravi සමඟින් Nayanthara යන නළු නිලි දෙපල විසින් ප්‍රධාන චරිතයන් හොබවන අතර මිශ්‍ර ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වූ ‍මෙම චිත්‍රපටය තිරගත වුණා.

psychological thriller වර්ගීකරණයේ සිනමා රසිකයින්ට මෙම චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳව යම් අදහසක් ගැනීම උදෙසා ඉහත දෙබස් ඛණ්ඩය උපුටා දැක්වු අතර Action, Thriller දමිළ සිනමාපට රසිකයින්ටද මෙය නිර්දේශ කිරීමට හැකිය. එමෙන්ම මෙම සිනමාපටය තුල අතිසංවේදි දර්ශන තිබෙනා නිසා කුඩා දරුවන් සමඟින් නැරඹිමේදි සැලකිලිමත් වන ලෙස චිත්‍රපටයේ නිෂ්පාදක මඩුල්ල පවා ප්‍රකාශ කර තිබෙනවා.

එහෙනම් ඔයාල හැමෝටම මෙක බලන්න කියලා ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා…

මිහිමත වෙසෙනා අනෙකුත් සත්වයින් සියල්ලන්ටම වඩා භයානකම සත්වයා මිනිසාය!

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/iraivan-2023-sinhala-subtitles/feed/ 1
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/#comments Tue, 26 Sep 2023 15:11:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54895 Gandeevadhari Arjuna Sinhala Sub Gandeevadhari Arjuna Sinhala Subtitles Gandeevadhari Arjuna (2023) Sinhala Sub Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් හුග දවසකට පස්සෙ පහුගිය 24 වෙනිදා NETFLIX හරහා OTT රිලීස් උනු තෙලිගු සිනමාවේ වරුන් තේජ් රංගනයෙන් දායක වෙන Gandeevadhari Arjuna එහෙමත් නැත්නම් “ආරක්ෂක නිලධාරී අර්ජුන්” කියන තේමාව යටතේ ආපු මේ ෆිල්ම් එක […]

The post Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gandeevadhari Arjuna Sinhala Sub
Gandeevadhari Arjuna Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Sub
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් හුග දවසකට පස්සෙ පහුගිය 24 වෙනිදා NETFLIX හරහා OTT රිලීස් උනු තෙලිගු සිනමාවේ වරුන් තේජ් රංගනයෙන් දායක වෙන Gandeevadhari Arjuna එහෙමත් නැත්නම් “ආරක්ෂක නිලධාරී අර්ජුන්” කියන තේමාව යටතේ ආපු මේ ෆිල්ම් එක අරගෙන ආවා…

ප්‍රවීන් සත්ටෘ ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මේ ෆිල්ම් එක ඇක්ෂන් , ත්‍රිලර් ශානරයට අයිති එකක්. ඒවගේම මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 17කට ආසන්න කාලයක් දිවෙන අතරම මේ වෙද්දි IMDB – 7/10 තරම් ඉහළ අගයක රැදී තියෙන්නත් මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන පොයින්ට් එක කරගෙන තිබුනේ ලෝකයටම පිළිලයක් වෙලා තියෙන කසල ප්‍රශ්නය , ඒවගේම ඒ කසල වලිනුත් කීයක් හරි තමන්ගේ සාක්කුවට දාගන්න හදන සල්ලිකාර සමාගම් වල අදුරු පසුබිම පෙන්වීමට.. ඇත්තටම මේ ප්‍රශ්නය තියෙන්නෙ ඉන්දියාවට විතරමද ? ? නෑ.. නෑ.. මේ කතා කරන ප්‍රශ්නය ශ්‍රී ලංකාවෙ අපිටත් අදාළයි. ෆිල්ම් එක බලලා ඔයාලත් ජීවිතේට දෙයක් එකතු කර ගන්න

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Varun Tej – [අර්ජුන් වර්මා]
Sakshi Vaidya – [අයිරා]
Nassar – [ආධිත්‍යරාජ්]
Vinay Rai – [‍රන්වීර්]
Narain – [අජිත් චන්ද්‍ර]

 

C&G කියන්නේ ලෝකෙන්ම හොද නමක් දිනාගෙන තියෙන සමූහ ව්‍යාපාරයක්. ඒවගේම රන්වීර් කියන්නේ මේ සමාගමේ වර්තමාන සභාපතිවරයා වගේම මිනිහා සල්ලි වලට තමන්ගේ අම්මයි තාත්තවයි මරපු කෙනෙක්. එතකොට මේ C&G සමාගම කරන්නේ කුණූ එහෙමත් නැත්නම් කැලිකසල කලමණාකරනය කරන එක, මේ සමාගමේ ප්‍රබලත්වය කොච්චර ද කිව්වොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මෙයාලව ඉන්දියාවේ නිරීක්ෂක නියෝජිතයෝ විදියට පත් කරන තැනකයි හිටියේ..

කසල කලමණාකරනය , ඇත්තට හොද දෙයක් තමයි.. ඒක වෙනව නම්, හැබැයි අවාසනාවට එහෙම දෙයක් නොවෙන ගැන ඇතිවෙන්නෙ කලකිරීමක්.. මොකද C&G ව්‍යාපාර නාමය කොච්චර ඉහළ තැනක තිබුනත් මෙයාලා කරන්නේ නම් ලාභ ලැබීමේ අරමුණ ඇතුව නීති විරෝධී අයුරින් කසල අංගන වෙත කසල බැහැර කරන එක

ගෝලීය උෂ්ණත්වය කෙරෙහි කසල හේතුවක් වෙනවා කියන්න පර්යේෂණයක යෙදෙන විශ්වවිශ්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශෘතී සහ ඇයගේ පෙම්වතා රෝහන් එක්ක ඉන්දියාවට එනවා. මෙයාලා කරන මේ පර්යේශනය අතර මගදි මෙයාලට හොදින්ම ඔප්පු වෙනවා C&G ව්‍යාපාරය මිනිස්සුන්ට , පරිසරයට මොනවගේ විනාශයක් කරනවද කියලා.. මේ එක් එක් කසල අංගන වල වීඩියෝ රූපරාමු සහිත සාක්ෂි මොවුන් දෙදෙනා එකතු කර ගත්තා.

එතකොට හිතනවද C&G එකේ ලොක්කා ‘රන්වීර්’ මේවා දැනගෙන නිකන් ඉදීවි කියලා… කතාව කිව්වම මේක බලන්න තියෙන කෘතුහලේ නැති කරන්න මං කැමති නෑ ඔයාලම කතාව බලල ඉන්නකෝ… එහෙනම් ගිහින් එන්නම්, තවත් අළුත් ෆිල්ම් එකකින් ඉක්මණින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ කවිෂ්ක සංකල්ප සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/feed/ 7
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/2018-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/2018-2023-sinhala-subtitles/#respond Thu, 08 Jun 2023 04:25:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41625 2018 Sinhala Sub 2018 Sinhala Subtitles 2018 (2023) Sinhala Sub 2018 (2023) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා  අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , […]

The post 2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
2018 Sinhala Sub
2018 Sinhala Subtitles
2018 (2023) Sinhala Sub
2018 (2023) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා 

අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , ඔව් ඒ තමයි 2018 ෆිල්ම් එක 

2018 කියන්නෙ නිකන්ම නිකන් තවත් මලයාලම් කතාවක් නෙවෙයි , මේ තමයි කේරලේ 2018 වසරෙ සිදුවුණු දරුණු ගංවතුර ඇසුරින් හදපු ෆිල්ම් එක , මේ තමයි මලයාලියොන්ගෙම කතාව , ඒ වගේම අපෙත් කතාව , ලංකාවෙත් වසරකට ගංවතුර ආශ්‍රයෙන් කොතරම් ජීවිත හා දේපල හානි සිදුවෙනවද 

PS 2  වගේ ෆිල්ම් තියටර් වල දුවපු කාලෙ ආරම්භක දිනයේ ඉදන් ආදායම් අතින් හොදම තැනක රැදෙන්න මේ ෆිල්ම් එක සමත් උනා 

මීට කලින් මලයාලම් සිනමාවෙ කෝටි 100 ක් හොයපු ෆිල්ම් දෙකයි තිබුනෙ , 

ඒ PULIMURUGAN (2016)  LUCIFER (2019), අන්තිමට 2018 නැවතුණේ ඒ වාර්ථාත් කඩාගෙනම ගිහින් කෝටි 175 ක් පමණ හොයලා , ෆිල්ම් එක මුලදිම sony ලට ස්ට්‍රීම් කරන්න අත්සන් කරපු නිසා නොවෙන්න ( ෆිල්ම් එක මෙච්චර සාර්ථක වෙයි කියලා මුලින් හිතන්නැතුව ඇති ) තව මාසයක් උනත් සාර්ථකව සිනමාශාලා වල තිරගත කරන්න තිබුණ බව කියන්නත් ඕන , එහෙම උනානම් අනිවාරෙන් කෝටි 200 හොයනවා 

කතාව ගැන මුකුත්ම කියන්න යන්නෑ  , අධ්‍යක්ශණය JUDE ANTHANY JOSEPH , මිනිහා වැඩේ ලස්සනට ගොඩ දාලා 

TOVINO THOMAS , ASIF ALI , KUNCHACKO BOBAN , KALAIYARASAN , VINEETH SREENIVASAN , LAL , INDRANS , AJU VARGHESE , RENJI PANICKER , JOY MATHEW , APARNA BALAMURALI ,  TANVI RAM , ඇතුලු සුපිරිම නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන  IMDb 8.8/10 ක සුපිරි අගයක් ලබාගනිපු ,  SURVIVAL THRILLER කාණ්ඩයට අයත් මේ ෆිල්ම් පැය 2.15 ක් පුරා ත්‍රාසය භීතිය කුතුහලය සමගින් රසවිදින්න ආරාධනා කරමින් අදට සමුගන්නවා , තවත් උපසිරැසියකින් හමුවෙමු

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

ELLAVARUM NAYAKANMAAR AANU –  සෑම කෙනෙක්ම වීරයෙක් – EVERYONE IS A HERO

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයාගේ ලිපිය

The post 2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/2018-2023-sinhala-subtitles/feed/ 0
Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yugi-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yugi-2022-sinhala-subtitles/#respond Sat, 07 Jan 2023 13:07:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34836 Yugi Sinhala Sub Yugi Sinhala Subtitles Yugi (2022) Sinhala Sub Yugi (2022) Sinhala Subtitles

The post Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yugi Sinhala Sub
Yugi Sinhala Subtitles
Yugi (2022) Sinhala Sub
Yugi (2022) Sinhala Subtitles

The post Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yugi-2022-sinhala-subtitles/feed/ 0