Nani Archives - SinhalaSub https://sinhalasub.lk/cast/nani/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 14 May 2025 10:24:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nani Archives - SinhalaSub https://sinhalasub.lk/cast/nani/ 32 32 HIT: The Third Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hit-the-third-case-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hit-the-third-case-2025-sinhala-subtitles/#comments Wed, 14 May 2025 10:10:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101043 HIT: The Third Case Sinhala Sub HIT: The Third Case Sinhala Subtitles HIT: The Third Case 2025 Sinhala Sub HIT: The Third Case (2025) Sinhala Sub HIT: The Third Case (2025) Sinhala Subtitles ආයුබෝවන් සිනමා රසිකයිනි! ඔයාලා කවුරුත් වගේ මමත් පහුගිය කාලේ ඉඳන් ආසාවෙන් බලන් හිටපු ෆිල්ම් එකක් තමයි “H.I.T” සීරිස් එකේ අලුත්ම ෆිල්ම් එක. […]

The post HIT: The Third Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
HIT: The Third Case Sinhala Sub
HIT: The Third Case Sinhala Subtitles
HIT: The Third Case 2025 Sinhala Sub
HIT: The Third Case (2025) Sinhala Sub
HIT: The Third Case (2025) Sinhala Subtitles

ආයුබෝවන් සිනමා රසිකයිනි! ඔයාලා කවුරුත් වගේ මමත් පහුගිය කාලේ ඉඳන් ආසාවෙන් බලන් හිටපු ෆිල්ම් එකක් තමයි “H.I.T” සීරිස් එකේ අලුත්ම ෆිල්ම් එක. මතකනේ “H.I.T: The First Case” එකේ විශ්වක් සේන් කරපු Vikram Rudraraju ගේ වැඩ ටික? ඊටපස්සේ “H.I.T: The Second Case” එකේ අදිවි ස්ෂේ කරපු KD ගේ කේස් එකත් කොහොමද? ආන්න ඒ වගේම කුතුහලයෙන් පිරුණු, හිත ගැස්සෙන තවත් අපරාධ කතාවක් අරගෙන තමයි “H.I.T: The Third Case” 2025 දී අපි අතරට එන්නේ.

කතාව දෙසට හැරුණම,

“H.I.T” කිව්වම ඉතින් අපි දන්නවා ඒක “Homicide Intervention Team” කියන එක. ඒ කියන්නේ මිනීමැරුම් විමර්ශන කණ්ඩායමක්. මේ සැරෙත් අපිට බලාගන්න ලැබෙන්නේ හිතාගන්නවත් බැරි විදිහේ, සංකීර්ණ මිනීමැරුම් මාලාවක් ගැන. හැබැයි මේ “Third Case” එකේ විශේෂත්වයක් තියෙනවා. මේක කලින් කේස් දෙකටම වඩා අභියෝගාත්මකයි වගේම, අපේ ප්‍රධාන විමර්ශන නිලධාරියාගේ පෞද්ගලික ජීවිතේටත් ලොකුවට බලපෑම් කරන සිද්ධි දාමයක් එක්ක තමයි කතාව දිගහැරෙන්නේ. නිකන්ම නිකන් මිනීමැරුමක් හොයනවට වඩා, මේකේ පිටිපස්සේ ලොකු ජාලාවක් තියෙනවා. එකිනෙකට සම්බන්ධයක් නැහැ වගේ පේන සිද්ධි එකින් එක එකතු කරලා, අපරාධකාරයා කවුද කියලා හොයාගන්න දරන උත්සාහය තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නේ.

ප්‍රධාන චරිතය ගැන කථා කලොත්, අර්ජුන් සර්කාර් (Arjun Sarkaar): මේ තමයි අපේ කතා නායකයා, H.I.T. එකේ අලුත්ම, දක්ෂ විමර්ශන නිලධාරියා. මෙයා හරිම බුද්ධිමත්, ඕනම දෙයක් දිහා විවිධ පැතිවලින් බලන්න පුළුවන් කෙනෙක්. හැබැයි පොඩි අඳුරු පැත්තකුත් තියෙනවා.  කලින් වුණු දෙයක් නිසා හිතේ තුවාලයක් එක්ක ජීවත් වෙන, ඒත් තමන්ගේ රාජකාරියට උපරිමයෙන් කැපවෙන චරිතයක් විදිහට තමයි මෙයාව අපිට දකින්න ලැබෙන්නේ. නළුවා විදිහට  ජනප්‍රිය නළු නැචුරල් ස්ටාර් නානි (Nani) තමයි මේ චරිතයට පණ පොවන්නේ. ඉතින් සුපිරිම රංගනයක් බලාගන්න පුළුවන්.

“H.I.T” ෆ්‍රැන්චයිස් එකේ අධ්‍යක්ෂක සෛලේශ් කොලනු (Sailesh Kolanu) තමයි මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් එයාගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

පසුබිම් කතාව (ෆ්‍රැන්චයිස් එක ගැන):

“H.I.T” කියන්නේ එකම විශ්වයක දිගහැරෙන අපරාධ කතා මාලාවක්. හැම ෆිල්ම් එකකම ඉන්නේ H.I.T. (Homicide Intervention Team) එකේ වැඩ කරන දක්ෂ නිලධාරියෙක්. හැබැයි හැම ෆිල්ම් එකකම ප්‍රධාන නිලධාරියා සහ කේස් එක වෙනස්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. පළවෙනි ෆිල්ම් එකේ වික්‍රම් කියන ඔෆිසර් එයාගේ අතීතයේ හොල්මන් කරන සිදුවීම් එක්ක පොරබදින ගමන් තමයි කේස් එක විසඳුවේ. දෙවෙනි එකේ KD කියන ඔෆිසර් ඊට වඩා ටිකක් සැහැල්ලු, ඒත් හරිම තියුණු විදිහට වැඩ කරපු කෙනෙක්. මේ “Third Case” එකේදීත් අපිට අලුත්ම ඔෆිසර් කෙනෙක් එක්ක, අලුත්ම අභියෝගයකට මුහුණ දෙන්න ලැබෙයි. මේ හැම ෆිල්ම් එකක්ම එකිනෙකට සම්බන්ධ නැති වුණත්, H.I.T. කියන සංකල්පය සහ අපරාධ විමර්ශනයේ තියෙන කුතුහලය ඒ හැම එකකම පොදුවේ තියෙනවා.

“H.I.T: The Third Case” කියන්නේ අනිවාර්යයෙන්ම ත්‍රිලර්, ක්‍රයිම් ශාරණයන්ට කැමති අය බලන්නම ඕන ෆිල්ම් එකක්. නානි වගේ දක්ෂ නළුවෙක් එක්ක, සෛලේශ් කොලනුගේ අධ්‍යක්ෂණය එකතු වුණාම නියම අත්දැකීමක් ලැබෙන එක ෂුවර්.

ඉතිං මේ සුපිරි ෆිල්ම් එකට මම මගෙ 400 වෙනි උපසිරැසිකරණය මෙලෙස දිග හැර දක්වනවා. ඉතිං, කිසිදු ඉංග්‍රීසි උපසිරැසියක් නොමැතිව තමයි මේක කලේ. අඩුපාඩුවක් තිබුනොත් esub ආවම යාවත්කාලීන කරන්නම්. එතෙක් ලෝකෙටම අන්තර්ජාලයෙ පලවෙන පලවෙනි උපසිරැසිය තමයි මේක.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post HIT: The Third Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hit-the-third-case-2025-sinhala-subtitles/feed/ 1
Ninnu Kori (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ninnu-kori-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ninnu-kori-2017-sinhala-subtitles/#respond Sat, 28 Dec 2024 16:30:18 +0000 https://braszers.tk/?post_type=movies&p=16222 Ninnu Kori Sinhala Subtitles Ninnu Kori (2017) Sinhala Subtitles Pallavi invites Uma, her ex-boyfriend, to stay with her and her husband to convince him that she is happy in her marriage. Uma tries to create a rift between the couple, hoping to win Pallavi back.

The post Ninnu Kori (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ninnu Kori Sinhala Subtitles

Ninnu Kori (2017) Sinhala Subtitles

Pallavi invites Uma, her ex-boyfriend, to stay with her and her husband to convince him that she is happy in her marriage. Uma tries to create a rift between the couple, hoping to win Pallavi back.

The post Ninnu Kori (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ninnu-kori-2017-sinhala-subtitles/feed/ 0
Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/#respond Sat, 05 Oct 2024 09:50:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12633 Shyam Singha Roy  Sinhala Sub Shyam Singha Roy Sinhala Subtitles Shyam Singha Roy (2021) Sinhala Subtitles

The post Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shyam Singha Roy  Sinhala Sub

Shyam Singha Roy Sinhala Subtitles

Shyam Singha Roy (2021) Sinhala Subtitles

The post Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/feed/ 0
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/saripodhaa-sanivaaram-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/saripodhaa-sanivaaram-2024-sinhala-subtitles/#respond Wed, 02 Oct 2024 19:12:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76594 Saripodhaa Sanivaaram Sinhala Sub Saripodhaa Sanivaaram Sinhala Subtitles Saripodhaa Sanivaaram (2024) Sinhala Sub Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles

The post Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saripodhaa Sanivaaram Sinhala Sub
Saripodhaa Sanivaaram Sinhala Subtitles
Saripodhaa Sanivaaram (2024) Sinhala Sub
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles

The post Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/saripodhaa-sanivaaram-2024-sinhala-subtitles/feed/ 0
Hi Nanna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hi-nanna-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hi-nanna-2023-sinhala-subtitles/#respond Thu, 04 Jan 2024 09:08:12 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63942 Hi Nanna Sinhala Sub Hi Nanna Sinhala Subtitles Hi Nanna (2023) Sinhala Sub Hi Nanna (2023) Sinhala Subtitles

The post Hi Nanna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hi Nanna Sinhala Sub
Hi Nanna Sinhala Subtitles
Hi Nanna (2023) Sinhala Sub
Hi Nanna (2023) Sinhala Subtitles

The post Hi Nanna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hi-nanna-2023-sinhala-subtitles/feed/ 0
Jersey (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jersey-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jersey-2019-sinhala-subtitles/#respond Fri, 20 Oct 2023 09:22:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57723 Jersey Sinhala Sub Jersey Sinhala Subtitles Jersey (2019) Sinhala Sub Jersey (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ” ඔබේ සිහිනය හඹායන්න කෙතරම් කටුක වුවත්.. කෙතරම් බාධා මැද වුවත්.. සමහරුන් අවලාද නගාවි.. සමහරුන් ඔබව ප්‍රතික්ෂේප කරාවි.. ඒත් අත්නොහරින්න.. හඹායන්න ඔබේ සිහිනය ඔබ තවත් ප්‍රමාද නැත “ ක්‍රිකට්..අපි පුංචි කාලෙ ඉදම්ම මේ වෙනකම්ම අත්නොහැරපු ක්‍රීඩාවක්.මැච් බලන එකයි […]

The post Jersey (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jersey Sinhala Sub
Jersey Sinhala Subtitles
Jersey (2019) Sinhala Sub
Jersey (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

” ඔබේ සිහිනය හඹායන්න

කෙතරම් කටුක වුවත්..

කෙතරම් බාධා මැද වුවත්..

සමහරුන් අවලාද නගාවි..

සමහරුන් ඔබව ප්‍රතික්ෂේප කරාවි..

ඒත් අත්නොහරින්න..

හඹායන්න ඔබේ සිහිනය

ඔබ තවත් ප්‍රමාද නැත “

ක්‍රිකට්..අපි පුංචි කාලෙ ඉදම්ම මේ වෙනකම්ම අත්නොහැරපු ක්‍රීඩාවක්.මැච් බලන එකයි ක්‍රිකට් ගහන එකයි නොකරන කොල්ලෙක් හොයා ගන්න එකනම් අද කාලෙ දුර්ලභ දෙයක්.ඒ තරමටම ක්‍රිකට් අපේ ජීවිතේට ලං වෙලා.

සමහර අය ඉන්නව ක්‍රිකට් තමන්ගෙ ජීවිතේ අරමුණ කරගෙන.ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක , ඒ හරහා දිගුගමනක් ඇවිත් ජාතික කණ්ඩායම නියෝජනය කරන එක, මේ දේවල් ලේසි නෑ.. ලොකු කට්ටක් කන්න ඕනි වගේම දේශපාලන බලපෑම්, සල්ලි බලය වගේ දේවල් වල මැදිහත් වීම් එක්ක දක්ෂතාවයට තැනක් නැති වී තිබීමත් මහත් ව්‍යසනයක්.

හිතන්න..නොයෙකුත් අපහසුතා එක්ක,පවුලෙන් වෙන බලපෑම් එක්ක යම් අවස්ථාවක් ඒවි ක්‍රිකට් සිහිනය අතරමග නවතන්න වෙන..ඒත් ප්‍රකෘති මානසිකත්වයකින් ජීවත් විය හැකිද ?..

හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු… 2019 අවුරුද්දේ අප්‍රේල් 19 වෙනිදායින් තිරගත කිරීම ආරම්භ කල මේ තෙලිඟු සලරුව ඉතා සාර්ථක අන්දමින් ලොවපුරා තිරගත වුනා.ඒ වගේම Blockbuster වුනු ෆිල්ම් එකක් විදියට 2019 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට අතුරින් දකුණු ඉන්දියාවේ ඉහළම Box Office ආදායමක් ලබා ගත් චිත්‍රපට අතර 10 වන ස්ථානයේත් මේ වන විට පසු වෙනවා.

සාමාන්‍යයෙන් තෙලිඟු සිනමාපටයකට ලේසියෙන් නොලැබෙන විදියෙ 8.5/10 ක IMDB අගයකුත් මේ සඳහා හිමි වී තිබෙනවා.Drama / Sport වර්ගයට අයත් මේ චිත්‍රපටය Gowtam Tinnanuri ගේ අධ්‍යක්ෂණයක්..ඒ වගේම Anirudh Ravichanderගේ සංගීතයෙන්..Suresh Naga Vamshi ගේ නිශ්පාදනයෙන් නිම වී තිබෙනවා.

චිත්‍රපටයේ රංගනදායකත්වයන් ගැන කතා කලොත් ප්‍රධාන නලුවාගේ කාර්යභාරය ඉටු කරන්නේ තෙලිඟු සිනමාවේ Natural Star ⭐ ලෙසින් හඳුන්වන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම විශිෂ්ඨ ගනයේ රංගන කුසලතාවයකට හිමිකම් කියන Nani විසින්.ප්‍රධාන නිලිය ලෙසින් එක් වන්නේ තෙලිඟු සිනමාවට තවමත් කෝඩුකාර වගේම පලමු වතාවට ප්‍රධාන නිලියක් ලෙසින් තෙලිඟු සිනමාවට එක්වන හුරුබුහුටි හැඩකාරිය Shraddha Srinath විසින්..මීට අමතරව Sathyaraj,Sampath Raj වගේ අපට නිතර හමුවන නලු නිලියන් රැසක් මීට එක් වී තිබෙනවා..

ඉතින් නානිගෙ ලොකු රසිකයෙක් විදියට මම මෙහි නානිගෙ රංගනය ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි..මේ චිත්‍රපටය තිරගත වුනු දිනයේම ඔයාල දකින්න ඇති තෙලිඟු සිනමාවේ තවත් සුපිරි නලිවෙක් වෙන අල්ලු අර්ජුන් පවා සමාජ ජාල හරහා නානිගේ රංගනය පැසසුමට ලක් කරල තිබ්බා.විජේ දේවරකොන්ඩා වගේ නැගී එන නලුවො ඇතුලු ගොඩක් අය මේ ගැන සඳහන් කරල තිබ්බා..ඉතින් මාත් දකින විදියට නානිගෙ වෙනස්ම වගේම රංගනදිවියේ හොඳම රංගනය මේ චිත්‍රපටය හරහා ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි.

හරි මං පොඩ්ඩක් මතක් කරන්නම් කතාව ගැන..කතාව පටන් ගන්නකොටම තරුණයෙක් පොත් සාප්පුවකට ගිහින් ” jersey ” විදියට නම සඳහන් පොතක් ගන්නවා..එතකොට ඒ පොතම ගන්න එන ගෑනු ලමයෙක්ට ඒ පොත ගන්න බැරි වෙනවා..මොකද අර තරුණයා අරන් තිබ්බේ අවසාන කොපිය නිසා..ඒත් කොහොමහරි එයා ඒ ගෑනු ලමයට පොත දීල කියනවා ඒ පොතේ සඳහන් වෙන්නේ

තමන්ගෙ තාත්තා ගැන කියලා..එතනින් මේ කතාව අතීතයට දිව යනවා..

අර්ජුන්..රංජි කුසලාන ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය කලඹපු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක්..

මෙතැන් පටන් ඔහුගේ කතාව බලන්න ඔබට අවසරයි..

ඉතින් මං උඩදි කියපු කරුණු කොහොමද මේ කතාවට ගැලපෙන්නේ කියනවනම් අර්ජුන් හඹා යන ක්‍රිකට් සිහිනයත් මල් පලසකින් යන ගමනක් නෙමෙයි..ඒත් ජීවිතේ හීන හඹා යන්න ඔබට ඔහු කියාදෙවි.

එහෙනම් ආරාධනා කරනවා හැමෝටම අනිවාරෙන්ම නරඹන්න මේ තෙලිඟු සලරුවත් ඔබට එය බොහො පාඩම් කියාදේවි…

ගිහින් එන්නම් එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවනතුරු ඔබට ජය ✌

ප්‍රමාද නැත

හඹා යන්න ඔබේ සිහිනය

~ ජයගන්න ජීවිතය..ජයගන්න ලෝකය ~

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jersey (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jersey-2019-sinhala-subtitles/feed/ 0
Awe! (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/awe-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/awe-2018-sinhala-subtitles/#respond Wed, 02 Aug 2023 11:55:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48500 Awe! Sinhala Sub Awe! Sinhala Subtitles Awe! (2018) Sinhala Sub Awe! (2018) Sinhala Subtitles මාව අපයෝජනයට ලක්වුනේ අවුරුදු අටේදි. යොවුන් කාලයෙදිම මාව අපයෝජනය කලා. ඒ කාලෙදිම මගේ අම්මයි තාත්තයි අනතුරකින් නැති වුණා. මට කිසිම හිතේ නිදහසක් නැති වුණා. මගේ හිත අවුල් ජාලාවක් වුණා. මගේ හැම හැඟීමක්ම මම වෙන වෙනම වෙනස් පුද්ගලයින් බවට පරිවර්තනය වුණා. මගේ […]

The post Awe! (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Awe! Sinhala Sub
Awe! Sinhala Subtitles
Awe! (2018) Sinhala Sub
Awe! (2018) Sinhala Subtitles

මාව අපයෝජනයට ලක්වුනේ අවුරුදු අටේදි.
යොවුන් කාලයෙදිම මාව අපයෝජනය කලා.
ඒ කාලෙදිම මගේ අම්මයි තාත්තයි අනතුරකින් නැති වුණා.
මට කිසිම හිතේ නිදහසක් නැති වුණා.
මගේ හිත අවුල් ජාලාවක් වුණා.
මගේ හැම හැඟීමක්ම මම වෙන වෙනම වෙනස් පුද්ගලයින් බවට පරිවර්තනය වුණා.
මගේ ශරීරය පාලනයෙන් තොරවෙලා ගියා.
පිරිමි කෙරෙහි මං තුල තියෙන වෛරය මාව කාන්තාවන් කෙරෙහි ආකර්ශණය කිරීමක් කලා.
අම්මවයි තාත්තවයි ආපහු දකින්න මගේ හිත ආසාවෙන් හිටියෙ.
මං අතීතයට ගියොත් මරණය පරද්දන්න පුලුවන් කියලා මට තේරුම් ගියා.
මං මානසිකව අස්ථාවරයි කියලා කිසිම කෙනෙක් මට රස්සාවක් දුන්නෙ නැහැ.
හොඳ නරක දෙකම තියෙන්නෙ අපි ගාවමයි කියලා වතාවක් මගේ අම්මා මට කිව්වා මතකයි.
යහපත මාව ආරක්ශා කරන්න උත්සාහ කරද්දි,
නපුර විසින් මට වධ දෙන්න උත්සාහ කලා.
මගේ බලපොරොත්තු නැතිවෙලා ගිහිල්ලා මාව අවපීඩනයට ලක්වුණා.
මත්ද්‍රව්‍ය වලට පවා මං ඇබ්බැහි වුණා.
සල්ලි හොරකම් කලා.
මිනී මරන්න පවා උත්සහ කලා.
මේ මිනිස්සුන්ගෙන් එල්ලවෙන දරාගන්න බැරි වේදනාව නිසා,
ලඟදිම මං මගේ ආත්මය නිදහස් කරගන්නවා. මං ඉන්න ලෝකය සහ, මං තුල තියෙන ලෝකය
සහනය සොයාගනීවි.
අවිද්‍යාවෙන් මා සත්‍ය කරා මෙහෙයවනු මැනවි.
අන්ධකාරයෙන් මා ආලොකය කරා මෙහෙයවනූ මැනවි.
මරණයේ සිට අන්ධකාරය දක්වා මා මෙහෙයවනු මැනවි.

තමන්ගේ පෙම්වතා සිය දෙමවුපියන් හට හදුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණියක් සහ ඇයගේ දෙමවුපියන්… රැකියා කීපයකින් ප්‍රතික්ශේපවීම මැද කෝකිවරයෙකු ලෙස රැකියාව සොයා පැමිනි කිසිත් නොදන්නා රැකියා අපේක්ශිත තරුණයෙක්… තමා ශ්‍රේෂ්ඨතම මැජික් ශිල්පියා යැයි කියා ගන්නා මැජික් ශිල්පියෙක්… ආයෝජකයෙකුගෙන් මුදල් සොරකම් කිරීමට සැලසුම් කරන්නා වූ තරුණයෙක්… ඔහුට උදව් කරන්නා වූ මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අවන්හලක සේවය කරන්නාවූ සේවිකාවක්… කලකට ඉහතදී මියගිය තව දෙමවුපියන් නැවත සොයා අතීතයට යෑමට කාල යන්ත්‍රයක් නිශ්පාදනය සඳහා උත්සාහ දරන්නාවූ තරුණයෙක්… කාල යන්ත්‍රයේ ක්‍රියාවලිය නවතාලීම සඳහා අනාගතයේ සිට පැමිණෙන්නාවූ ඔහුගේම අනාගත චරිතය… ජිවිතය පිලිබඳව කළකිරීමට පත්ව, තුවක්කුවක් සන්තකයේ තබාගනිමින්, තනිවම සිය උපන්දිනය සමරන්නාවූ තරුණියක්… එකිනෙකට වෙනස් වන්නා වූ මෙම චරිත සියල්ලම එකම ස්ථානයකදි එකිනෙකා මූණට මූණ ඝට්ටනය වෙනවා. මොකකින් මොකක් වේවිද?

පෙබරවාරි 2016 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගතවීම ආරම්භ කෙරෙන්නෙ. ඉන්දීය සිනමා ක්ශේත්‍රයේ දැවැන්ත චරිත කීපයක්ම එකතු කරගෙන නිශ්පාදනය කෙරෙන මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Sci-Fi, Thriller, Fantasy කියන කාණ්ඩ වලට. රංගනයෙන් දායක වෙනව අපි කවුරුත් හොඳින් දන්න කියන සුරූපි Kajal Aggarwal, Nithya Menon වගේම හැඩකාර Regina Cassandra, Eesha Rebba සහ දමිල සහ හින්දි සිනමාව තුල කැපී පෙනෙන චරිතයක් වන Murli Sharma. ඒ වගේම තමයි චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ තෙලිඟු සිනමාවෙ තවත් තරුවක් වන Nani විසින්.

තෙලිඟු චිත්‍රපට නම් ඕනෙතරම් බලලා ඇති. හැබයි, වගකිමෙන් කියන්නම් මේ වගේ තෙලිඟු චිත්‍රපයක් නම් මීට කලින් බලලා තියෙනවද කියලා සැක සහිතයි. තෙලිඟු සිනමාවෙන් විතරක් නෙමෙයි, වෙන මොනයම් හෝ සිනමාවකින් මේ වගේ චිත්‍රපටයක් නරඹලා තියෙනවද කියලත් වෙලාවකට සැකයක් ඇතිවෙනවා. ඒ වගෙම කියන්න ඕනෙ, මේක සාම්ප්‍රදායික රටාවෙන් ගොඩක්ම වෙනස් චිත්‍රපටයක්. ඒ නිසා හැමෝටම ගැලපෙන එකක් නම් නැහැ. වෙනසක් හොයන, සාම්ප්‍රදායික සිනමා කලාවෙන් ඔබ්බට ගිහිං යමක් හොයන අය විතරක් අරගෙන බැලුවොත් හොඳයි. මොකද, මසාලා චිත්‍රපට හොයන සාම්ප්‍රදායික ඉන්දියානු ප්‍රේක්ශකයට නම් මේක කොහෙත්ම දිරවන එකක් නැහැ. හැබැයි, මං කලින් කිව්වා වගේ, වෙනසක් හොයන කෙනෙක් නම්, Imdb දර්ශකය 8ක් වෙනකම් කරකවන්න සමත්වෙච්ච මේ නිර්මාණය ඔබට නිසැකවම නැවුම් වූ අත්දැකීමක් ලබාදේවි.

එහෙනම් අරගෙන බලන්න. චිත්‍රපටිය බලනගමන් මොනවහරි හිතුණොත් වචනයක් දෙකක් හලාගෙනම යන්න. ගිහිං එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Awe! (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/awe-2018-sinhala-subtitles/feed/ 0
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dasara-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dasara-2023-sinhala-subtitles/#comments Thu, 27 Apr 2023 02:55:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39775 Dasara Sinhala Sub Dasara Sinhala Subtitles Dasara (2023) Sinhala Sub Dasara (2023) Sinhala Subtitles   හරි එහෙනම් මේ වසරේ ජයග්‍රාහී අති සාර්ථක තෙලිඟු චිත්‍රපටයක් තමා මේ Dasara කියන්නෙ.තිරගත වීම ආරම්භ කලේ පහුගිය මාර්තු 30 වෙනිදා.මාසයක් ගත වෙන්න ඔන්න මෙන්න තියල Netflix හරහා තමා ඩිජිටල් පිටපත් මේ විදියට අන්තර්ජාලයට මුදා හැරුනේ.චිත්‍රපටය ගැන කියනවනම් ඉන්දියානු රුපියල් කෝටි […]

The post Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dasara Sinhala Sub
Dasara Sinhala Subtitles
Dasara (2023) Sinhala Sub
Dasara (2023) Sinhala Subtitles

 

හරි එහෙනම් මේ වසරේ ජයග්‍රාහී අති සාර්ථක තෙලිඟු චිත්‍රපටයක් තමා මේ Dasara කියන්නෙ.තිරගත වීම ආරම්භ කලේ පහුගිය මාර්තු 30 වෙනිදා.මාසයක් ගත වෙන්න ඔන්න මෙන්න තියල Netflix හරහා තමා ඩිජිටල් පිටපත් මේ විදියට අන්තර්ජාලයට මුදා හැරුනේ.චිත්‍රපටය ගැන කියනවනම් ඉන්දියානු රුපියල් කෝටි 65ක් වගේ මුදලක් වි‍යදම් කරලා නිෂ්පාදන කොට බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 110 වගේ ඉහල ආදායමක් ලබාගන්න සමත් වුනා මෙය.ශ්‍රීකාන්ත් ඔඩෙලා ගේ කුලුදුල් සිනමා නිර්මාණය ලෙසින් නිකුත් වන මෙය SLV Cinema හරහා තමයි ප්‍රේක්ෂකයන් අතරට පත් වන්නෙ.
තෙලිඟු සිනමාවේ Natural Star ⭐  ලෙස නම් දරා සිටින නානි සමඟින් සම්මානනීය ජනප්‍රිය නිලි කීර්ති සුරේෂ් තමා චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ.ඉතින් නානිගෙ සිනමා ජීවිතය වෙනස්ම කඩඉමක් කරා ගමන් කරපු සිනමා නිර්මාණයක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්.මොකද කෝටි 100 ආදායම පසු කල ඔහුගේ පලවෙනි චිත්‍රපටය මෙය වන නිසා.ඒ වගේම කීර්ති සුරේෂ් චිත්‍රපට රැසක අසාර්ථකත්වය (වාණිජමය වශයෙන්) සමඟින්  සිටින මොහොතක තමා මෙහි ජයග්‍රාහී ගමන සිද්ද උනේ.ඉතින් ඔවුන් දෙදෙනාට අමතරව Dheekshith Shetty , Shine Tom Chacko , Samuthirakani වගේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඒ වගේම නානිගෙ මේ සිනමා පටය තෙලිඟු සිනමාවේ දෙවන මට්ටමේ ජනප්‍රිය නලුවෙක් පලමු දින ලබාගත් ඉහලම ආදායම වාර්තා කල චිත්‍රපටය ද වනවා.
ඉතින් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් සිංගරේනි ගල් අඟුරු පතල් ආශ්‍රිතව තමා මේ කතාවට පාදක ගම ඇතුලු පසුබිම අරගෙන තියෙන්නෙ.ගම තමා එතකොට වීරලපල්ලි.ගමේ ප්‍රධානම ස්ථානය තමා බාර් එක.බාර් එකේ අයිති කෙනාට ගොඩක් මිනිස්සු ගෞරව කරනවා.දරනී සහ එයාගෙ යාලුවො සෙට් එකත් ඉන්නෙ මේ ගමේ තමා.ඉතින් දේශපාලනිකව ගමේ වුනු වෙනසක් තමා මේ කතාව වෙනස්ම මානයකට ඇද දමන්නේ.
එහෙනම් හැමෝටම ආරාධනා කරනව මේ අපූරු තෙලිඟු චිත්‍රපටය නරඹන්න කියල.

The post Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dasara-2023-sinhala-subtitles/feed/ 1
Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tuck-jagadish-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tuck-jagadish-2021-sinhala-subtitles/#respond Thu, 23 Mar 2023 07:30:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8609 The post Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tuck-jagadish-2021-sinhala-subtitles/feed/ 0