Moses Chan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/moses-chan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 26 Oct 2024 23:44:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Moses Chan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/moses-chan/ 32 32 Line Walker (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/line-walker-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/line-walker-2016-sinhala-subtitles/#respond Sat, 26 Oct 2024 16:30:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13724 පට්ටම සටන් ජවනිකා වගේම, කොමඩි බලන්න කැමති අයටත් එලම ෆිල්ම් එකක් වේවි මේක. අනික මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන් යන්න පුළුවන් Thriller(ත්‍රාසජනක) ගණයටත් අයිති වෙනව. මේකෙ 18+ දර්ශන නැතත් භාෂාව නම් 18+ වලට තමා ගැලපෙන්නෙ. මන් කතා රසයට බාධා වෙන නිසා වචනවල සැර බාල කරෙත් නෑ ඉතිං. 14+ වලින් එහා වත් බලනවනම් හොඳයි […]

The post Line Walker (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
පට්ටම සටන් ජවනිකා වගේම, කොමඩි බලන්න කැමති අයටත් එලම ෆිල්ම් එකක් වේවි මේක. අනික මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන් යන්න පුළුවන් Thriller(ත්‍රාසජනක) ගණයටත් අයිති වෙනව. මේකෙ 18+ දර්ශන නැතත් භාෂාව නම් 18+ වලට තමා ගැලපෙන්නෙ. මන් කතා රසයට බාධා වෙන නිසා වචනවල සැර බාල කරෙත් නෑ ඉතිං. 14+ වලින් එහා වත් බලනවනම් හොඳයි කෝකටත්.

කතාවට හැරුණොත්, CIB(Criminal Intelligence Bureau) එකේ රහස් පොලිස් නියෝජිතයන් වගයක් කුඩු බිස්නස් අල්ලන්න රහස් මෙහෙයුමක් කරගෙන යනව. මේ අස්සෙ මෙයාලගෙ CIB ප්‍රධානියා මැරෙනව. හැබැයි මැරෙන්න කලින් රහස් මෙහෙයුමේ නියෝජිතයන්ගෙ අනන්‍යතා සහිත විස්තර පොලිස් පරිගණක ගබඩා වලින් මකනව මේ ප්‍රධානියා. මේ නිසා පොලීසියටවත් මේ රහස් නියෝජිතයන් කවුද කියල හරියට හොයා ගන්න බැරි වෙනව.

මේ රහස් නියෝජිතයිනුත් කුඩු ජාවාරමට සම්බන්ධ වෙලා ඉන්නෙ තොරතුරු රහසින් ගන්න ඕන නිසා. එයාලව පොලීසිය හරියට හොයා ගත්තොත් තමා කුඩු ජාවාරම් කාරයින්ව අල්ල ගන්න උදව් ගන්න පුලුවන් වෙන්නෙ. ඒත් පොලීසියට ඇත්ත රහස් නියෝජිතයො කවුද කියල තහවුරු කර ගන්න බැරුව එයාලව හොයන්න වෙනම මෙහෙයුමක් කරවා. මේ අස්සෙ බ්ලැක්ජැක් කියල එක රහස් නියෝජිතයෙක් පොලීසියට තමන් හඳුන්වා දෙනවා. ඒත් එයාටත් අනන්‍යතාව ඔප්පු කරන්න බැරුව එයා කියන දේවල් පොලීසිය එක පාරට විස්වාස කරන්නෙ නෑ.

බලන්නකෝ පොලීසිය රහස් නියෝජිතයින්ව හොයා ගනීවිද ? ඒ රහස් නියෝජිතයින් තාමත් පොලීසියටද වැඩ නැත්නම් සල්ලි නිසා එයාලත් කුඩු බිස්නස් එකටම බැහැල ද ? බ්ලැක්ජැක්ට මොකක් වේවිද ? කියල.

මේක මාර කුතුහලයක් ඇති වෙන ෆිල්ම් එකක්. අන්තිම වෙනකන්ම ෆිල්ම් එක බලන්න වෙනව සමහර කරුණු පැහැදිලි කර ගන්න නම්. ඇතිවෙන්න වෙඩි තබා ගැනීම්, ද්වන්ධ සටන්, විහිළු එහෙම ෆිල්ම් එක පුරාවටම දකින්න පුළුවන් වගේම අපිට හොඳ ආදර්ශ ටිකක් එහෙමත් ජීවිතේට එකතු කර ගන්න පුළුවන් මේක බලල.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Line Walker (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/line-walker-2016-sinhala-subtitles/feed/ 0