මම අද ඔයාලට කාලෙකට පාරක් එන, හොඳ හිතට සැහැල්ලුවක් ගේන ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. “ටුවරිස්ට් ෆැමිලි” තමයි නම. මේක 2025 ආපු කොමඩි ඩ්‍රාමා එකක්. අභිෂාන් ජීවින්ත් කියලා කෙනෙක් තමයි මේක ලියලා ඩිරෙක්ට් කරලා තියෙන්නේ. මෑන්ගෙ පළවෙනි ෆිල්ම් එක මේ. මිලියන් ඩොලර් ස්ටූඩියෝස් එක්ක MRP එන්ටර්ටේන්මන්ට් තමයි ප්‍රොඩියුස් කරලා තියෙන්නේ.
කතාවේ ප්‍රධාන චරිත කරන්නේ අපි කවුරුත් දන්න ශශිකුමාර් එක්ක සිම්රන්. මතකනේ සිම්රන්ව? ඒ කාලේ ඉඳන්ම සුපිරි නිළියක්නේ. එයාලත් එක්ක තව ගොඩක් දෙනෙක් මේකෙ ඉන්නවා.
දැන් කතාව මොකක්ද කිව්වොත්, අපේ රටේ තිබ්බ ආර්ථික අවුලෙන් පස්සේ, යාපනේ දෙමළ පවුලක් – ඒ කියන්නේ තාත්තා (දාස්), අම්මා (වසන්ති) සහ එයාලගේ පුතාලා දෙන්නා (නිතූෂන්, මුල්ලි) – හොඳ අනාගතයක් හොයාගෙන ඉන්දියාවට යන හැටි තමයි පෙන්නන්නේ. එයාලා වල්ලිපුරම් හරහා රාමේෂ්වරම්වලට එන්නේ වසන්තිගේ අයියා (යෝගි බාබු), ප්‍රකාශ්ගේ උදව්වෙන්.
ඔන්න ඉතින් ඉන්දියාවට ගොඩ බැස්ස ගමන්ම පොලිස් කට්ටියක් අල්ලගන්නවා. කොහොම හරි පොලීසියෙන් ගැලවුනත් එතන ඉදල තමයි සැබෑම ජීවන අරගලය ඇරඹෙන්නෙ. ඒ මොකද කියනව නම් එයාලා නීති විරෝධීව සංක්‍රමණය වුනු ශ්‍රී ලාංකිකයින් නිසා. වෙනත් රටක්, වෙනස් සංස්කෘතියක්, එකම භාෂාව වුනත් වෙනස්ම ශෛලියක්. කොහෙ ගියත් කට නිසා මාට්ටු වීමේ අවධානම ඉහලම පරිසරයක්.
කොහොම හරි නිවසක කුලියට නැවතිලා ජොබ් එකක් හොයන් ජීවිතෙ ගෙවන්න තමයි මේ අයට ඕනේ. ඇත්තටම ලස්සන පවුලක් මෙයාලා. පොඩි කොලුවා තමයි මේකෙ හොඳටම කරන්නේ. හැමෝගෙන්ම මෙයාල ලාංකිකයින් බව හංඟගෙන ඉන්න පුළුවන් වෙයිද මේ අයට? මේ අතර බෝම්බ පිපිරීමකටත් පොළීසියෙන් පිරිසක්ව හොය හොය ඉන්න තත්වෙක තමයි මෙයාලත් මෙහෙම ජීවිතෙ ගෙවන්නේ.
ඔයාල මේක බලලම ඉන්නකො.
ඉතින් , “ටුවරිස්ට් ෆැමිලි” කියන්නේ නිකම්ම හිනාවෙන කතාවක් විතරක් නෙවෙයි. පවුලක තියෙන බැඳීම, අනුන් වෙනුවෙන් කරන උදව්, මනුස්සකම වගේ දේවල් ලස්සනට පෙන්නන ෆිල්ම් එකක්. අපේ රටේ ප්‍රශ්නත් එක්ක සම්බන්ධ නිසා අපිටත් ගොඩක් දැනෙන කතාවක් මේක. බලන්න චාන්ස් එකක් ලැබුණොත් අනිවා බලන්න.
මේ වෙනවිට කෝටි 100 හඹා යන මේ ෆිල්ම් එක මේ වෙනවිටත් ලීක් වෙලා තියෙන්නෙ HD කොපියක්ම. ඒ කොපියට තමයි මේ උපසිරැසිය කරල තියෙන්නේ. ඉතිං ඉංග්‍රීසි උපසිරැසියක් නොතිබුන නිසාත්, රටවල් දෙකක දෙමළ තියෙන නිසාත්, මමද දමිළ පුද්ගලයෙක් නොවන නිසාත්, අඩුපාඩු සහ වැරදීම් වෙල තියෙනව නම් ඉංග්‍රීසි උපසිරැසියක් ආවම බලලා හදල අප්ඩේට් කරන්නම්.
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ නස්රියා නසීම ෆහාද් ෆසිල් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් බැනරය යටතේ. ප්‍රේමාලු සම නිශ්පාදනය කරලා කෝටි 9 කින් කෝටි 136 ක් හොයපු ෆහාද් ෆසිල් මෙන්න එයාගෙ බිරිඳගේ නිශ්පාදනය යටතේ ආවේශම් වලින් කෝටි 30 කින් දැන් කෝටි 150ක් හොයල තියෙනවා. ආවේශම් ජීතු මාධවන්ගෙ දෙවන අධ්‍යක්ෂනය. එයා ගැන අහල නැත්තම් රෝමන්චාම් මතක් කර ගන්න.ඒක තමයි එයාගෙ පළවෙනි එක. ඉතින් මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ෆහාද් ෆසිල්ම තමයි. ෆෆා කියන්නෙ ඉන්දියන් සිනමාවෙ විවිධාකාර චරිත් රඟපාන්න පුළුවන් අංක එකේ නළුවෙක් නේ. මේකෙ එයා චංඩියෙක්. එයාගෙ බැරෑරුම් චංඩි චරිත අපි දැකල තියෙනවානේ. මේක ඒ සේරටම වෙනස්.ඇත්තටම කොමඩි එකක චංඩියෙක්. ඒ උනත් එයාගෙ රංගනය නම් ඉතා ඉහළයි. ඒ ඇරෙන්න සෙසු චරිත බොහොමයක් එතරම් සුප්‍රසිද්ධ නොවන හා නවක නළුවන් (කාන්තා චරිත ඉතා අඩුයි) රඟපාන්නෙ. ඒ වගේම මංජුමාල් බෝයිස් වගේම කුම්බලාංගි නයිට්ස්, රෝමන්චාම්, ආදී චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂක සුශින් ශ්‍යාම් මෙහි සංගීතය ඉතා කැපී පෙනෙන ලෙස කරල තියෙනවා.
බැංගලෝරයෙ උසස් අධ්‍යාපනයට යන මලයාලි සිසුන් තිදෙනෙක් ජේෂ්ඨ සිසුන්ගේ නවක වදයට දරුණු ලෙස ලක් වෙනවා. ඔවුන්ගෙන් පළි ගැනීම ඔවුන් බැංගලෝරයේ නම ගිය චණ්ඩියෙකුගෙ පිහිට පතන ආකාරය චිත්‍රපටයට පාදක වෙනවා. ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වේද? අවසානයේ ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද?
ඉතිං මේ ඇක්ෂන් කොමඩිය මේ වසරෙ අත් නොහැර බැලිය යුතු අමුතුම ගණයෙ චිත්‍රපටයක්. මේකෙ පාවිච්චි වෙන භාෂාව, මෙන්ම සමහර සීන්ස් සමහර අයට ගෝචර නොවෙන්න පුළුවන්. ටිකක් තීරණය කරන්න පරිවර්ථනයෙදි භාෂාව ගැන සැලකිලිමත් උනත් චිත්‍රපටයේ ගැම්මට හානියක් වෙන්න දෙන්න බැරි නිසා යම් යම් ආකාරයට වචන භාවිතා කරන්න සිදු උනා
එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න